ආරම්භය...! ආරම්භයේ කාලය යනු මිත්‍යාවක් පමණක් විය. නමුත් කාලය විසින් අප සැවොම ඉතාමත් සෙමින් ඉදිරියට රැගෙන යනු ඇත. අප මේ ජීවත් ව සිටින කාල රාමුවට සමාන්තරව තවත් කාල රමු බොහොමයක් පවති. යම් හෙයකින් එක් කාල රාමුවක් වෙනස් වුනොත් කුමක් වේවිද?
01
02
මගේ ජීවිතය උඩු යටිකුරු කරමින් මේ සියළු දේ ඇරඹුණේ මා ඇයව දුටු පළමු දිනය සිට වෙමි. එවකට මේ කාලයේ මම සාමන්‍ය පෙල සමත්ව උසස් පෙල සඳහා ගණිත අංශයෙන් විභාගයට මුහුණ දීමට සුදානමින් සිටියෙමි. පාසලට ඇතුලත් වීමට ප්‍රථම උපකාරක පංති සඳහා එහි ආරම්භක දිනයේ මා උදේම දැරණියගල නම් වූ කුඩා නගරයේ පැවති “විෂන්” නම් උපකාරක පංතියක් සඳහා ගියෙමි. එය තට්ටු දෙකකින් යුතු පංති ශාලාවක් වූ අතර උසස් පෙල ගණිතය සඳහා වූ උපකාරක පංති පැවැත් වුයේ උඩ තට්ටුවේ වූ අතර සාමාන්‍යපෙල පංති පැවැත් වූයේ පහල තට්ටුවේ විය. පංති ආරම්භයට ප්‍රථම උඩ තට්ටුවට වී පහල බලා සිටීමට අප පුරුදු වී සිටිමූ.
03
“මේඝ, වරෙන් පහල එන කෙල්ලො බලන්න. පට්ට කෑලී ටිකක O/L වලට බැහැලැ ඉන්නේ.” මගේ සෙල්ලක්කාර මිතුරා වූ වගීෂ මට කතා කළේ ය. “පොඩ්ඩක් ඉන්න. අපි දෙන්නට අන්තිම පේලීය අල්ලගෙන පොත් ටික තියලා එන්නම්.” මම වගීෂටත් මටත් ඉඳ ගැනීමට බංකුවක් අල්ලා ඒ මත අපගේ පොත් තබා මම වගීෂ වෙත ගියේ. එහි සිට පහල සිරි නැරඹීම අප දෙදෙනාගේ සිරිතක් වූහ. නමුත් ඇත්තටම කළේ ලස්සන ගෑණු ළමයි එන දිහා බලා සිටීම යී. වගීෂ යනු මට වඩා මිටි නමුත් ශක්තිමත් බාහු සහිත ජවසම්පණ්න තරුණයෙක් වූ අතර ඔහු ඉගෙනීමෙහි ද දක්‍ෂයෙක් වූහ. පාසලේ ගැහැණු ළමියින්ගේ සිත්
04
දිනා ගැනීමේ හැකියාව ඔහු තුල උපරීමයෙන් තිබුණා යැයි මට කිව හැක. ඔහු මගේ කුඩා කල සිටම සිටි මිත්‍රයෙකි. . මොන තරම් පිස්සු විකාර කලත් ඔහු කවදාවත් නරක යැයි කිව හැකි කිසිම දෙයක් කර නොමැත. හැබැයි තව පැත්තකින් හොඳ කපටියෙකුද වේ. පුරුදු පරිදි මාත් ඔහු සමඟ පහල සිරි නැරඹීමට ගියෙමී. “අඩෝ, අර බලපං ඩිල්මියාගේ ලස්සන. ඕකිව දාගෙන ඉන්නේ රමේෂ්. වූ මගේ ෆිට් එක බං. නැත්නම් ඕකිව මම දාගන්නවා.” වගීෂ මට පහල පංති වල සිටි ලස්සන ගැහැණු ළමයෙක් පෙන්වා පැවසීය. “මම ඉතිං ඕවා දන්නේ නෑනේ බං” මම පැවැසීය. “තෝව මකලවත් හඳන්න බෑ, බලාගෙන හිටපං තොට කෙල්ලෙක් හොයාගන්න වෙන්නේ ඉතිං අන්තර්
05
විශ්වීය ග්‍රහලෝකයකින් තමා.” ඇත්තටම මට ගැහැණු ළමයි ආශ්‍රයකර අත් දැකීම් නැත. මට ඒ පිළිඳව ඇත්තේද අඩු ආත්ම ශක්තියකි. ලස්සන ගැහැණු ළමයි දැක්කාම සිතින් විතරක් ඇගේ ලස්සන විඳ නිහඬව සිටීම මගේ ස්වභාවය වේ. එම නිසා බොහෝ දෙනෙක් සිතා සිටියේ මා ඉගෙනීමට දක්‍ෂ නිසාත්, A/L ඉහලින්ම සමත් වීමට ඉලක්ක කර සිටින නිසාත් අනවශ්‍ය ප්‍රේම සබඳතා වලට අකමැති අයෙකු ලෙසයි. ඒත් ඇත්ත එය නොවේ. මට තිබිණේ ගැහැණු ළමුන් හා සමඟ කාතා කිරීමට හෝ එවන් සම්බන්දයක් සඳහා පියවරක් තැබීමට ආත්ම විශ්වාසයක් නැති කමයි. හැබැයි බොහොමයක් ගැහැණු ළමුන් මට කැමති බව මා දනීමි. මාගේ විනෝදශිලි බවට ඔවුන් බොහොමයක් ඇළුම් කල බව මා දනිමි. කෙසේ වෙතත් මට හිතට
06
තදින් කා වැදුනු ගැහැණු ළමයෙකු සිටියේ ද නැත. හැරත් මගේ සිත වැඩි පුරම ගියේ පරිගණක හා ඉලෙක්ට්‍රෝණික උපාංග සඳහා වේ. “උඹට කවදා හරි කාසාද බඳින්න වෙන්නෙත් රොබෝ කෙල්ලෙක් තමා.” දවසක් තාත්තාත් මට ඇනුම් පද කීවේය. ඔහුට අවශ්‍ය වුනේ මා තුල වයසට ගැලපෙන ක්‍රීඩාශිලි, සෙල්ලක් කාර බවක් ඇති කිරීමට වේ. දවසක් ඔහු මාව මු(ආ)යි තායි හෙවත් තායි කික්බොක්සිං පංතියකටද ඇතුලත් කළේය. ඒත් පසුවදාම මම එම පංතිය ප්‍රතික්‍ෂේප කලේ ඉගෙනීමට එය බාධාවක් යැයි බොරු පවසමින්ය. ඉගෙනීම අතින් සහ බාහිර දැනීම අතින් පාසල තුල මට ඉහලින් කෙනෙකු නොමැති තරම් විය. සාමාන්‍ය පෙලත් A සාමාර් ත නවයක්ම ලබාගෙන සමත් වීමට මට හැකි විය. උසස් පෙල ගැනද කිසිදු බියක් මට නැත.
07
මට ආත්ම විශ්වාසයක් කියා තිබුනේ ඉගේනීමට පමණි. ආ ඒ විතරක් නෙවේ මම චෙස්ක්‍රිඩාවේද දක්‍ෂයෙක් අති දක්ෂයෙක් ය. “මචං, අන්න අළුත් කෙල්ලො set එකක් එනවා. අද අළුතින් O/L වලට ළමයි ගන්නවා කිව්වා.” මේඝ මට ඈත සිට පැමිණෙන ගැහැණු ළමයි පෙන්වා පැවසීය. නමුත් මට එය එතරම් අදාල නොවුනේ ඒ පිළිබදව මගේ හිතේ ආසාවක් නොමැති නිසා විය. නමුත් මගේ තිබු එම අලස ගතිය තිබුණේ සුළු මොහොතක් පමණි. පංතිය වෙත ලං වෙමින් සිටි එක්තරා ගැහැණු ළමයෙකු වෙත මගේ සිත යොමු විය. “මේ කවුද...?” මට ඉබේටම කියවුණි. ඇය උස තලළෙළු ලස්සන හිනාවක් සහිත ගැහැණු ළමයෙක් විය.
08
ඇගේ උස නිසා ඇයගේ යාළුවෝ අතරේ ඇයව කැපී පෙනෙන්ට විය. ඇගේ පෙනුම මා දැක ඇති අනිත් සෑම ගෑණු ළමයෙක්ටම වඩා පරිපුර්ණ වූහ. ඒත් එකම නෙවෙයි මගේ සිත ඇදී යාමට හේතු වූයේ. ඇය දකිනවාත් සමඟම ජිවිතේ කවදාවත් නොදැනූන අමුතුම සිතුවිලි එහෙම නැත්නම් රූපමය දරශණ දාමයකට මා ඇදී ගියේ ය. “වගීෂ, කවුද බං අර උස කෙල්ල.” “කොයිකද ? අර කළු එකද? ඇයි ඒකි උඹ දන්න කවුරු හරිද?” “කළු එකී තමා. මම දන්න රෙද්දක නෑ. ඒකයී උඹෙන් ඇහුවේ.” “දන්නෑ බං, මම දැකලා නෑ කලින්. අනික උඹ දන්නවනේ කළු කෙල්ලො මගේ ලිස්ට එකේ නෑ කියලා”
09
නමුත් ඇය ගැන මගේ හිතට එන රූපමය දරශණ හී අඩුවක් නොවීය. ඒත් ඒ සෑම මතකයක්ම අපහැදිලි බොඳ ඒවා විය. විටෙක ඇයත් මාත් මීට කලින් මුණ ගැහිලා තියෙන හැඟිමද.... තවත් වටෙක ඇය මගේ පෙම් වතියව සිටියා යන හැඟිමද ඇති විය. ඒ අතරේ මම විශාල පර්වතයකින් බිමට වැටෙනවා ද ඒ සමඟම උඩ ගිහින් බිම වැටුනා මෙන් පියවී සිහියට පැමිණිමද සිදු විය. “මේඝ, ඇයි බං මේ.... දාඩිය දාල උඹව වෙවුලන්නේ.” “මුකුත් නෑ බං. මට අසනීපයි. මට කිසිම දෙයක් තෙරෙන නෑ. හැමදේම කවලම් වෙලා ඔක්කොම වටේට කැරකෙනවා.”
10
එපමණයි මට කිව හැකි වුයේ මා උඩ තට්ටුවේ සිට පහලට අප හෙත්තු වී සිටි වැටෙට උඩින් පහලට ඇද වැටුනා මතක ය. මා ඇද වැටුණේ පෙර කී ගැහැණු ළමයාගේ අසලට විය. ඇය සමඟ සිටි අනිත් අය බයෙන් කෑ ගසමින් එතනින් ඉවත් වීමත් ඇය පමණක් මා දෙස විමතියෙන් බලාසිටීමත් මට ලාවට මතක ය. ඇත්තටම ඇය ලස්සණයි. මට එලෙස සිතුණේ ය.
11
“අඩෝ උඹ නැගිට්ටද? වැටිච්ච පාරට මම හිතුවේ උඹ ඉවරයි කියලා. වෙලාවට උඹට මුකුත් වෙලා නෑ” මට සිහිය එන විට මා අසල සිටියේ වගීෂ පමණයි. “මම හොස්පිටල් එකේද? කෝ අනිත් අය. ගෙදර අය ආවේ නැද්ද?” “ගෙදර අය මග එනවලු. උඹ දැන් ඉන්නේ අවිස්සාවේල්ල හොස්පිටල් එකේ. ඇත්තටම මොකද බං වුනේ. උඹ කාලා එහෙම නේද ආවේ.” “මාව අවිස්සාවේලල්ටම එක්ක ආවාද?” “හ්ම් .. ඕවු” “මට වුන දේ කිවුවට මාව විස්වාස කරන එකක් නෑ. ඒක අමුතු දෙයක්.” “කියපංකෝ විස්තරේ... අපි ඊට පස්සේ බලමු ඒ ගැන.” ඔහු මා සිටි ඇඳ මත පැත්තකින වාඩි විය.
12
මගේ කතාව ඇසීමට ඔහුට තිබුනේ මාර උනන්දුවක් බව මට තේරුම් ගියේ ය. “කළබල නොවී හිටපංකෝ, මම කියන්නම.” මම එලෙස පවසා ඇඳේ අන්දට හේත්තු වුනෙමි. “උබටඅර මම පෙන්නපු කෙල්ලව මතකද ?” මම අසුවේය. “ඔවු අර කළු උස කෑල්ලනේ” “ඔවු ඒකී තමා, මට ඒකීව දැක්කාම මහා අමුතු දෙයක් දැනුනා. කියන්න තේරෙන් නෑ,” “මොකක් තොට කෙල්ලෙක් දැක්කාම ඇඟේ සීනි සීරෝ වෙනවද... හු**” ඒකටනම් ඔහුට පොඩ්ඩක් කේන්ති ගියේ ය. “ඕකනේ රෙද්ද. උඹට විස්තරේ කියන්න කලින් මල පැනලා. අහං ඉන්න බැරිනම් පල යන්න මෙතනින්” මටද පොඩ්ඩක් කේන්ති ගියේ ය. “හරි හරි උඹ මට විස්තරේ කියපං”
13
“මේක කවුරුත් විස්වාස කරන එකක් නෑ. ඒත් මම උඹට විතරක් මේක කියන්නම්.” “හරී කියපං ඉතිම්” “මම ඒකීව දැක්ක ගමන් අමුතුම සිදු වීම් මාලවක මතකයන් මගේ ඔළුවට එන්න පටන් ගත්තා. හරියට මගේ ගිය ආත්මේ මතක් වෙනවා වගේ” “මැරුණට පස්සේ නැවත උපතක් නෑ කියලා උඹ දන්නව නේ.” “මම දන්නවා, එත් මේක දැනුනේ ඒ වගේ. අපි හිටියේ විශාල ගල් පර්වථයක් මැද තිබ්බ ඉදිරියට නෙරා ගිය වීශාල ගල් පොත්තක් වගේ එහෙක. ඒ තමයි අපගේ ගම්මාණය. කිසිදු ආක්‍රමණයක් කල නොහැකි අයුරින් ඒ ගල සැහැන්න වීශාලව තිබුණා. උස මට අනූමාණ කිරීමටත් අමාරුයී. ඒ තරම් ඒක උසයි. මේ ඔක්කොම මචං බොඳ වුන මතකයන්. කොයික ඇත්තද කොයික බොරුද කියන්න මට තෙරේන නෑ,”
14
“තෝ අර නානියා කියන චිත්‍රපටිය තුන් හතරපාරක් බැළුවා නේද...? ඒකයි ඔය” “රෙද්දක් කියවන් නැතුව හිටපං. ” මට කේන්ති ගියේ ය. “හරි හරි, ඉතිම්..” “අපේ ඇදුම් හරි වෙනස්. හම් පදම් කරලා හදපු ගල් යුගයේ ඇඳුම් වගේ. තව අර කෙල්ල මගේ ලඟින්ම හිටියා මට මතකයි. එකී ඇඳන් හිටියෙත් ඒ වගේ ඇඳුමක්. ඒත් උඩට මුකුත් ඇඳලා නෑ වගේ මතක. හැබැයි කොණ්ඩෙන් පපුව වැහිල තිබ්බේ. නැත්නම් තෝ අහයි ඒ ගැනත්.” “හප්පට, මම ඒ ගැන අහන්නමයි හිටියේ.” “තෝ ඉතිං අවලම් කුකුලනේ....” “හරි ඉතිං ඉතුරු ටික කියපං”
15
“මට කොහොම උබට කියන්නද තෙරෙන නෑ බං. මම අර කිව්ව ලොකු පර්වතය දිගේ උඩට නගින කොට ඒකී මගේ ලඟ හිටියා. මට දැනුනා ඒක ඇත්තටම. මම ගොඩාක් උඩට නැග්ගා ඒ වගේම උඩ ඉඳන් මාව වැටුනා. මට ඒකත් දැනුනා. මම ඒකීගේ දෙපා මුලටමයි වැටුනේ. මම දැක්කා බං ඒකි මගේ දිහා බලාගෙනම ඉන්නවා. යකෝ මම මැරුණා මට මම මැරෙණවා කියලා දැනුනා. ඒකයි මම කිව්වේ පෙර ආත්මයක් මට මතක් වුනේ කියලා.” මම කියාගෙන කියාගෙන ගියෙමි. හැබැයි ඒකටනම් වගීෂ කට ඇරන් අහගෙන හිටියා මට මතකය. “තෝ ඔය ඇත්තම නේද කියන්නේ...? අන්න අම්ම එහෙම ආවා ගෙදර ගිහින්ම මේ ගැන කතා කරමු.”
16
මගේ අම්මයි තාත්තයි පැමිණ වෛද්‍ය උපදෙස් මත මට වැඩි අමාරුවක් නොතීබූ නිසා ටිකට් කාපාගෙන ගෙදර යාමට හැකි විය. නමුත් පෙර කී මතකයන් ඔළුවේ හොල්මන් කිරීම මට නවත්ත ගන්න අමරු විය. ඇත්තටම මිනිසෙකුට පෙර ආත්මයක් තිබිය නොහැක. මේ සියළු දේ මොලයේ මරණය සමඟ අවසන් වේ. එය විද්‍යාත්මකවද සත්‍යයකි. එසේ නම් මම මොනවාද මේ දකින්නේ. සමහර විට විද්‍යාවට වැරදිලාවත් ඇති. එඳින මට නින්ද නොගියේය. එලි වන තුරු පෙර ආත්මයන් ගැනත් ඒ සම්බන්ධව තිබු විද්‍යාත්මක පරික්‍ෂණත් අන්තර්ජාලය හරහා කියවීමට පටන් ගත්හ. නමුත් මට සැහීමකට පත් විය හැකි පිලිතුරක් හමු නොවීය. නැවත ඇය දැකීමට මට තවත් සතියක් බලා සිටින්නට වෙනු ඇත. කොහොම හරි එදාට ඈ සමඟ කතා කරනවාමයි යන ස්තීර අදිටනින් මා ඇඳට ගියෙමි. එවිටත් පාන්දර 4 පසු වී අවසන්. ============
අඩෝ නැගීටපං, උඹ තාම නිදිද. උඹේ ආත්මීය බැඳිම මතක් වුනේ නැද්ද..?” වගීෂයා ගෙද පැමිණ මාව නැගිට්ටුවේ ය. “ආ උඹද, ඊයේ එලිවෙකම් නින්ද ගියේ නෑ බං. අර සිද්ධි ටික හොල්මන් කරා.” මම පැවසුවේය. ඇත්තටම පොඩි ඔළුව කැක්කුමක් ඇරුණකොට මට කිසි අමාරුවක් නැත. අඩුම ශරීරයේ සිරීමක්වත් නැත. ඒ නිසා එතරම් අපහසුවකින් තොරව නැගි සිට “ පොඩ්ඩක් හිටපන් මම වොෂ් රූම් ගිහින් එන්නම්.” යැයි පවසා මූණ සේදීමට පිටත් වුනෙමි. ඉන් පසු නැවත පැමිණ කතාවට වැටුණෙමි.
17
18
“මචං අපි ඒ ගැන කතා නොකර ඉමු. මම නිකං පිස්සෙක් වෙයි එකෙන් ඕක හැමෝම දැන ගත්තොත්” මම පැවැසී වේ වගීෂ මාව විහුළුවකට ගනු ඇතැයි සිතා වේ. “බ්‍රෝ.... මට උඹව විස්වාසයි. කතාව ඇහුවාම මටත් අමුතුම කුතුහලයක් ආවා ඒක ගැන හොයන්න.” ඔහු පැවසීය. “සිරාවටමද උඹ ඔය කියන්නේ” මම විශ්මයට පත්ව ඇසු වේ ය. “මේකනේ බං, උඹට මට බොරු කියන්න වුවමනාවක් නෑනේ. ඉතිං මම කොහොමත් උඹව විස්වාස කරනවා. ඒ හින්දාම මම ඒකි ගැන පොඩි තොරතුරු ටිකක් හොයා ගත්තා.” “ඒ මොනාද කියපංකො.. ඒකි කොහෙද ඉන්නේ? නම මොකක් ද? ඒකීට කොල්ලෙක් ඉන්නවාද? තව තව තව...” මම බොහෝ සේ ව්‍යාකූල වූහ. ඉවසුම් නැති විය.
19
“හු**.... පොඩ්ඩාක් හිටපංකෝ රෙද්ද කියනකම්. පුදුම අමාරුවක්නේ තොට තියෙන්නේ.” වගීෂට කේන්ති ගියේ ය. මම සද්ධ නොකර සිටියේ ඔහුට සියල්ලම කියන්න ඉඩ සලසා වෙමි. “ඒකි ගේ නම අමාරා. දහය වසරේ ඉන්නේ. නිවාඩුවකට මෙහේ ඇවිත් තියෙන්නේ. ගෙවල් තියෙන්නේ කොලඹ පැත්තේ. රාජගිරියෙද කොහෙද මංදා කිව්වා. කම්මැලිකමට එක්ක ඒකි ඉන්න ගෙදර නංගි එක්ක පංති ඇවිත්. ” “කාගේ ගෙදරද ඉන්නේ..??” “අනූෂිත් එක්ක.” “යකෝ අනූෂි කියන්නේ අර පිස්සු පොඩි කෙල්ල නේද.? හපෝයි.” අනූෂි යනු දහය වසරෙම ඉගෙනුම ලබන ගැහැණු ළමයෙක් වන අතර රණ්ඩු කෙක්කක් වශයෙන් පාසලේම ප්‍රසිද්ධියට පත්ව ඇත.
20
“ඒක නෙවේ ... මට අමාරා ව හම්බවෙන්න ක්‍රමයක් නැද්ද? ” මම වගීෂගෙන් ඇසුවේය. “උඹට ලබන සතියේ ඒකී පංති එනකම් ඉන්න වෙයි. ” ඔහු පවසන විට “හත්තිකේ මම එච්චර කල් ඉන්නේ කොහොම?” මට මං ගැනම දුක සිතුණේය. සතියක් යනු ඉවසා සිටීමට නොහැකී තරම් කාලයක් සේ මට හැඟුණි. මම කොහොමද මගේ ප්‍රශ්ණ වලට උත්තර හොයගන්නේ. එකීටත් මට දැනූන දේම දැනෙනවා ඇත්ද? මට මේ මුකුත් තේරෙන් නෑ. හැබැයි මේ හැම දේකම අග මුල සොයා යනු බවට මම මටම පොරොන්දු වන්නෙමී.
21
සතුටු දායක දේ යනු මට ඇයව දැක ගැනීමට සතියක්ම බලා සිටීමට සිදු නොවීමයි. ගෙදර ඉන්න තිබු කම්මැලි කමටත් අර සිද්ධියෙන් පසු ඇති වූ මලාණික බව මඟ හැර ගැනීමටත් සිතා මම බදදා දවසක පුස්තකාලය වෙත ගියේ ය. වෙනදට වගීෂට යන්න කතා කරන මම ඔහු නැතුව තනිවම පිටත් වුනේමි. දැරණියගල අප නිවසේ සිට ඉතාම පුංචි දුරකින් නගරය පිහිටයි. නගරයේ කෙළවරට වන්න පුස්තකාලය පිහිටා ඇත. එය විශාල පුස්තකාලයක් නොවන අතර කුඩා නගරයක් වූ දැරිණියගලට එය ඉතාම වටිනා සම්පතක් ලෙස මට සිතුණේ ය. පා පැදියකින් පුස්තාකලය වෙත ගිය මා පා පැදිය පසෙක රඳවා පුස්තකාලයට ඇතුල් විය. පුස්තකාලයටම සිටියේ මා පමණකි. මගේ බෑගයෙන් ලැප් ටොප් එක ගෙන මේසය මත තබා මගේ Headset එකද කණට දමාගෙන අන්තරජාලයේ නැවතත් පෙරභවය පිළිබඳව පිරික්සීමට පටන් ගත්තේමි. “මේ මගුල කොච්චර හෙවුවත් එන්නේ එකම ටිකනේ” යැයි මට සිතුණේය.
22
කොපමණ සමීක්‍ෂණ සෙව්වත් හැමදාම තිබු එකම පදනම් විරහිත පරීක්‍ෂණ පිළිබඳ විස්තර තිරය මත දිස් විය. පසුව ඒ පිළිබඳව සෙවීම පසෙක තබා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව සෙවීම ආරම්භ කළෙමි. සුප්‍රකට විද්‍යාඥයෙකු වන නීල් ඩී ග්‍රේස් ටයිසන් මහත්මයාගේ ලිපි සහ වැඩ සටහන් නැරඹිමෙන් මගේ සිත ඇති වූ පෙර කී ව්‍යාකූල බව මග හැරී ගියේ ය. “අනූෂී, අර ඉන්නේ එදා වැටිච්ච අයියා නේද?” කාගෙදො කට හඩක් මට ඇසුණේ ය. නමුත් මගේ හෙඩ්සෙට් එක නිසා මට එය කාගෙදැයි පැහැදිලි නොවුණි. “ඔවු බං අමාරා, ඒ අයියා තමා ඒ ඉන්නේ” එම වචන පේලීයේ අමාර යන නම මගේ කණට ලාවට මෙන් වැටීමත් සමඟම මම කළබල වී නැගිට්ටෙමී. අමාර නංඟිත්, අනූෂි නංඟිත් මා දැක එකපාර බිය වී පුස්තකාලෙන් ඉවත් වී එළියට ගියේ මගෙන් බැනුම අහංන වෙයි යන බියෙන් බව මට වැටහුනේය.
23
මාත් ඒත් සමඟම ඔවුන් පස්සෙන් ගොස් අමාරාගේ වැලමිටෙන් ඇද මා වෙත හරවා..... “එදා මාව ඔයා දැක්කා නේද?........... මට දැනුන දේම ඔයාටත් දැනුනා නේද?...... මම කිව්වේ අපේ ගිය ආත්මේ... ඒක ඔයා දැනුනා නේද?.. අර ... අර මම වැටුණ වෙලේ” මම වෙව්ලමින් සහ කලබලෙන් ඇගේ අත තදින් අල්ලා ගනිමින් ඇසුවේය. “මේ මොන විකාරයක්ද.... මගේ අත අත්හරින්න... මට යන්න දෙන්න.” ඇය බියටත් කළබලයටත් පත්ව මට පැවසුවේ ය.
24
“අයියේ මේ...... හොඳ ඉතිං අමාරට යන්න දෙනවා. දන්නවනේ මගේ කටේ හැටි.” අනූෂිත් මට සද්දේ දැම්මෙ ය. ඇත්තටම මට මං ගැන ලැජ්ජත් හිතුණේය. මීට පෙර මම කිසිම ගැහැණු ළමයෙකුගෙන් අතින් අල්ලවත් මූණ බලාගෙන කතා කරලවත් නෑ. පස්සේ මම ඔවුන් දෙදෙනාට යන්න දී කල්පණා කළේය. ඔවුන් දෙදෙනාම පුස්තකාලයට පැමිණ ඇත. නමුත් මම ඒ පිලිබඳව දැන ගත්තේ යන්න ඔන්න මෙන්න තියා ය. කට හඬ ඇසුණෙ නැත්නම අද මට ඇයව මඟ හැරෙණු ඇත. ඇත්තටම ඇයට එවන් අත් දැකීමක් ලැබී නැත්ද? මට බොරු කියනවා වත්ද? මෙවැනි ප්‍රශ්න රාශියක් හොල්මන් කරන්න වූහ. මගේ බඩු ටික එකතු කර ගත් මම මේ පිළිබඳව කියන්න වගීෂ සොයා ඔහු ගේ ගෙදරට බයිසිකලයෙන්ම ගියෙමී.
25
“එතකොට උඹ ඇත්තටම ඒකිගෙ අතින් ඇල්ලුවා. එහෙමද..?” වගීෂ පුදුමයෙන් මෙන් මගෙන් ඇසුවේය. “ඔවු බං, ඇල්ලුවා තමා. ඇල්ලුවේ අතින්. මෙන්න මේ හරිය වැලමිටට උඩින්. වෙන කොහෙවත් නෙවෙයි.” මම කේන්තියෙන් පැවසුවේ ය. “උඹ වගේ එකෙක් කෙල්ලෙක්ගේ අතින් අල්ලනවා කියන එකත් පුදුමයි. ඒකයි. හරි හරි අපි මෙහෙම කරමු. උඹ දැක්කා කිව්ව විශාල පර්වථයක් තියෙන තැන් හොයමු. ගණින්කේ ලැප් එක.” වගීෂ පිස්සු කෙලියාට ඇත්තටම මට වඩා බුද්ධිමත් කෙනෙක් බව මා දනීමි. එම නිසා සෑම විටම ඔහු හා සාකච්ඡා කොට තීරණ ගැනීම මගේ පුරුද්දක් වේ. අපි එදින සවස් වන තුරුම විවිධ වූ ප්‍රදේශ වල පර්වත සෙව්වෙමු. සමාජ මාධ්‍ය ඔස්සේ එවැන් තැනැක් පිළිබඳ තොරතුරු දන්නේ නම් කමෙන්ට කරන ලෙසද පවසා පෝස්ට් දැම්මේය.
26
“ඇතුල් වෙන්නයි පිටවෙන්නයි බැරි තැනක කොහෙන්ද ? මුංගේ විකාර” යනුවෙන් විවිධ වූ කමෙන්ට්ස් අපට ලැබුණේය. ඒත් පිළිගත හැකි කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි විය. මගේ විස්තරයට යාන්තම් හෝ ගැලපුනේ අමෙරිකාවේ ඇරිසෝනා වල ඇති ග්‍රෑන්ඩ් කැනියන් පමණි. නමුත් මා දුටවේ එය නොවේ “මචං මේ මගුල අත් හැරලා දාමු.” මම පැවසුවේය. “තොට පිස්සුද. මම නම් උත්තරයක් හොයාගෙන මිසක් නතර වෙනනේ නෑ.” “කොහෙන් කියලා හොයන්නද? සමහර විට මගේ හිතේ ඇති වුන් ඉලූෂන් එකක් වෙන්න ඇති.” “ඒක උඹේ හිතේ ඇති වුන මායවක් නෙවේ බං. එහෙම ඒවායේ තමං මැරෙණවා දැණෙන්නේ නෑ. හරි අපි තව මොනා හරි ගුප්ත දෙයක් වෙනකම් ඉමුකෝ. එතකම් හැමදේම අමතක කරමු.”
27
“එහෙම කරමු ඉතිම්. හැබැයි මට අරකිව නම් අමතක කරන්න බෑ. මගේ හිත ඒකීට ගියා.” “කවුද අර, වෙලීච්ච දර ගහද... හපෝයී. තොට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද?” වගීෂට කළු කෙල්ලන් පේන්න බැරී හේතුවනම් මම නොදනිමි. හැබැයි නල දත් තියෙන කෙල්ලනව ඔහුට හිතට අල්ලන බව මම හොඳාකාරව දනී. ඒත් අමාරාට හිත ගියේ ඇයි කියලනම් මම දන්නේ නෑ. මට ඕන වුනේ අමාරව මගේ පෙම් වතිය කරගන්න නොවේ. එයාව මගේ ලඟින්ම තියා ගන්න. එයා මගේ ලඟ ඉන්නවාන්ම් අර මම නඟිනවා දැක්කා කියපු විශාල පර්වතය පවා නැග යාම මට එතරම් දෙයක් නොවේ. කිසිදා නොදැනූන අමුතුම හැඟිම් සමුදායකුත් ආත්ම විශ්වාසයකුත්
28
ඇය නිසා මා තුල හට ගත් බව මා කිව යුතු වේ. නමුත් මෙවන් හැඟීමක් හෝ ශක්තියක් මා තුල මීට පෙර නොතිබූ බව මට හොඳටම විස්වාස ව කිව හැක. “එකී මොකී වුනත් දැන් කොහොම හරී ඒකීව මට යාළු කරගන්න ඕන.” මම පැවසුවෙමි. “එල කිරිනේ.... හරි මං සප් එක දෙන්නම්. උඹට මොකද මගෙන් වෙන්න ඕන කියපං කෝ.” “මුකුත්ම කරන්න එපා. මා එක්ක මේ වගේ හිටපංකො. උපදෙසක් හරි ගන්න ඉන්නේ උඹ විතරයිනේ.” “එල.... මම ඕන දේකට ඉන්නවා. තාම ඒකීට අවු:15 යී හොඳේ. උඹ හදිස්සි වෙලා එකීව අරන් යනවා එහෙම නෙවේ.” වගීෂයා මට පොඩි අනතුරු ඇඟවීමකුත් කළේ ය. “පිස්සුද යකෝ... මට ඔක්කෝටම කලින් කැම්පස් යන්න ඕන.”
29
“අපි මේ පාර පංති අවාම කතා කරලා බලමු ඒකී එක්ක. අර අනූෂි එක්ක තමා අවුල. ඕකී අමාරා ලඟින් හෙල්ලෙන් නෑ. හරියට ඒකීගේ බොඩිගාඩ් වගේ ඉන්නේ. අපි පංතියට එන පාර දිගේ මග හරියේ වගේ ඉමු.” “හරි එහෙම කරමු. හැබැයි ඒකී එක්ක කතා කරනකොට උඹ ඉන්න ඕන මගේ ලඟ.” “ඉන්නම් ඉන්නම්.....උඹ අහපං අහන්න ඕන ඒවා. මම ඉන්නම් පැත්තකින්. හැබැයි අර වගේ අතින් අල්ලලා ඒකීට රිද්දන යන්න එපා.” “හා ඉතිම්.. උඹ කියන විදියකට ඉන්නම්.” ===================
අද දවස තවත් ගුප්ත දිනයක් බව මට පැවසිය හැකිය. මොකද මම අද මගේ මරණයේ අවසන් කටයුතු කරණවාත් දැක්ක නිසා. ඒක හිතනවට වඩා බිය කරුය. කෙනෙකු තමංගේ මරණයේ අත් දැකීමත් එහි අවසන් කටයුතු වල අත්දැකීමත් පණ පිටින් ඉන්නැද්දිම ලබනවා කියන්නේ මොනතරම් භායණකද කියා ඔබට සිතා බලන්න පුළුවන්ද? පෙර මාත් වගීෂත් කතා කරගත් පරිදි ඇය එනතුරු මග රුඳි සිටියහ. හිතුව තරම් වෙලාවක් රැඳි සිටීමට අවශ්‍ය නොවූ අතර ඇය ඈත සිට අනූෂිත් සමඟ
30
31
එනවා මා දැක්කේය. ඇත්තටම අද තමා මා ඇයගේ සුන්දර වූ ශරීරය පැහැදිලවම දැක්කේ. ඇගේ ඇවිදීම, කතා කිරීම සහ සිනහව පවා මගේ සිත ආකාර්ශණය කිරීමට සමත් විය.ඇයලංවන තුරු පුදුම ඉවසීමකින් සිටිය යුතු බව ද කිව යුතු වේ. ඇය ලං වූ පසු මා ඇය වෙත ලංව. “නංඟි... පොඩ්ඩක් ඉන්නකෝ. ” මම ඇයගේ ඉදිරියට ගොස් පැවසූ වෙමි. “ඇයී..?” ලෙස ඇය ඇසුවද ඒත් සමඟම අනූෂී... “අයියා මේ, තවත් කෙල්ලන්ගේ අත් මිරිකන්ද ආවේ මෙතනට” යැයි පැවසූහ. මා එය නෑසුනා සේ අමාරා සමඟ කතා කළේය. “එදා ඔයගේ අතින් අල්ලලා රිද්දුවනම් මට සමාවෙන්න. මම හිතලා කරේ නෑ ඒක.”
32
“ආ හරි... එහෙනම් මම යන්නම් අයියේ.” “ඇත්තටම එදා ඔයාට මුකුත්ම දැනුනේ නැද්ද?” එම ප්‍රශ්ණයට ඇය හිස සැලුවා පමණයි. වෙනත් කිසිවක් නොකීයා යන්න ගියේ ය. “ඒ අයියා හොඳ කෙනෙක්. එදා වැටුනට පස්සේ මොනා හරි වෙලාද කොහෙද” යනුවෙන් අනූෂි අමාරා ට පවසනු මට ලාවට ඇසුණේ ය. “උඹ දුක් වෙන්න එපා. අපි කොහොම හරී ඒකීව දාගමු. මම උඹට සප් කරන්නම්. ඔහොම ප්‍රශ්ණ කරලා කෙල්ලො දාගන්න බෑ බං”
33
යනුවෙන් මා සමඟ එතෙක් සිටි වගීෂ මගේ උරහිසට අත තබමින් පැවසුවේ ය. මම ඇය යන දෙස බලා සිටියෙමි. ඇය දැන් හැරෙයි දැන් හැරෙයි යන මහත් බලාපොරොත්තුවෙන් බලා සිටියෙමි. අවසානයේ ඇය මා දෙස හැරි බැළුවා. එම බැල්ම නැවතත් මාව පෙර කී තත්‍වයමට පත් කලාය. නමුත් මෙවර මම නොවැටුන අතර පියවී සිහියේ සිටි බව කිව යුතු වේ. “මචං, අයිත් මට අර වගේ දේවල් ඔලුවට එනවා...” “මොකක්.... උඹට මොනවද පේන්නේ. කියපං. වරෙන් මෙහෙට. අපි පැත්කට වෙමු. පාර මැද ඉන්න බෑ මිනිස්සු යනවා” ඔහු මාව ඇදගෙන පැත්තකට වූහ. සෑම දර්ශණයක්ම පෙරට වාඩා පැහැදිලි විය. එම මුහුණු පවා මම හොඳින් දැක්කා. එපමණක් නොව මට ඔවුන්ව හොඳින් ඇසුණේ ය.
34
“මචං... අද මගේ අවසන් කටයුතු කරන දවස. මට ඒක පේනවා. එයාලා මාව පාරුවක් වගේ හදපු සෑයක තියලා තියෙන්නේ. මම සාමකාමීව සැතපිලා ඉන්නේ. වයසක ගෑණූ කෙනෙක් මොනවාදෝ කියවනවා. එයා ඇඳන් ඉන්නේ රතු ඉන්දියන් චිත්‍රපට වල ඉන්න වයසක ගෑණු කෙනෙක් වගේ. ඒ ගමේ නායකයා එතන ඉන්නවා. එයත් ඔළුවට මොකක් දෝ හිස් කබලක් දාගෙන් ඉන්නේ. මාව පහලට දානවා එතනින්. එත් ඒකට ගැටගහල තියෙන පැරෂූට් වගේ එවයින් මගේ සෑය පාවෙලා යනවා එහාට. ඊට පස්සේ දුණු ගත්ත කීප දෙනෙක්ම මගේ සෑයට ගිණි ගන්න ඊතල වලින් විදිනවා. මාව ගිණි ගණිමින් පාවෙවී යන්වා බං. ” මම බොහො සෙයින් බය වුන බව කිව යුතු වේ. ඒත් සමඟම මට ඇඬුණ බවත් මට මතකය. මේ සියළු රූප රාමු මධ්‍යයේ මට තවත් දෙයක් දකින්න ලැබුණේය. එය අන් සියල්ලන්ටම
35
වඩා ගුප්ත සහගත වූහ. පෙර කී මහළු කාන්තාව මා දෙස බලා සිටියා ය. මැරුණ මා දෙස නොවේ. මේ දැන් සිටින මා දෙස බලා සිටියේ ය. ඇය මගේ ඇස් දෙක දිහා සෘජුව බැල්ම හෙලා සිටිය හ. “අංගෝරා යේ ධ්රස් කීකේ තයියීබ්” ඇය පැවසු එම වාක්‍ය මගේ සිතේ හොඳින් පැල පදියම් විය. නමුත් එහි තේරුම මම එවලේ දැන සිටියේ නැත. “මචෝ උඹ හොඳින්ද.... අඬන එක නවත්තපන් මිනිස්සු බලනවා. වරෙන් යන්න කොහෙට හරි.” යැයි පැවසූ වගීෂ ත්‍රීරෝද රථයක් නවත්වා මාවත් නංවගෙන දැරණිගල නගරයෙන් එපිට තිබූ කුඩා ඇල පාරක් ලඟට ගෙන ආවේය. “හරී දැන් උඹ හොඳින් ද කියපං” ඔහු මගෙ ඇස් දෙස බලමින් ඇසුවේ ය.
36
“ඔවු... දැන් හරී වගේ. ඒ මගේ ගිය ආත්මේ නෙවෙයි බං.” මම ඔහු දෙස බලමින් පැවසුවා ය. “එහෙනම්...” “හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් එකේ හිටපු වයසක ගෑණු කෙනා මා දෙස බලා සිටියා. මට කතා කරා” “ඉතිං මොනවාද කිව්වේ” “අංගෝරා යේ ධ්රස් කීකේ තයියීබ්’ කියලා කිව්වා බං” ඒ කිව්වේ ... ඒකේ තෙරුම මම දන්නේ නෑ බං. මට ඒ කිව්ව ටික හොඳට මතකයී” “අපි මේ ගැන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමුද?”
37
මම එක්වරම ඔහු දෙස බලා “මට පිස්සු නෑ යකෝ” කෑ ගැසුවේය. ඇත්තටම දැන් තත්‍වය පෙරට වඩා වියාකූල වී ඇත. “මේ කෙල්ලෙක් ඇවිත් මට කල වින් නැහියක්” වෙලාවකට මට සිතුණේ ය. “ඇත්තටම මට පිස්සුද?” තවත් විටෙක මට නොසිතුණාම නොවේ. නමුත් මේ හැම දේකටම උත්තරත් ඉදිරියේ දී ලොකු විනාශයකුත් ඇති වන හැඟිමක් මා තුල හට ගන්න පටන් ගත්තේය. ----------------------------- එදා පංතියත් එලෙස මඟ හැරුණ විට මගේ අධ්‍යාපණ සිහිනය බොඳ වී යන්නාක් මෙන් මට දැනුනේ ය. මම කවදාවක් නොකරන්න සිතපු දේ ඉගෙනීමට අවශ්‍යදේවල් නවතාලීම වේ. නමුත් සති දෙහෙක පංති මම මඟ හැර ගියේ ය. මේ නිසා මට පහු ගිය පාඩම් ටිකේ සටහන් ලබා ගැනීමට මගේ හොඳම මිතුරියක වූ යොහානි සොයා ඈ සිටින නිවසට යෑමට තීරණය කළෙමි. ඇය
38
ඇත්තටම අමාරා ට වඩා ලස්සන තැනැත්තියක් වූ අතර මා මෙන්ම ඉගෙනීමෙහි දක්‍ෂ වූහ. ඇගේ සිනාහව තුල ඇති නල දත් නිසා ඈ තවත් සුන්දර වූ බව කිව යුතුම ය. හැබැයි ඇයට වගීෂව අරහන් වූහ. ඒ ඔහුගේ තිබු වලත්ත ගති නිසා වේ. “අඩෝ, උඹ මොකො මේ පැත්තේ? වරෙන් වරෙන් ඇතුලට” මා දුටු ගමන් යොහානී කෑ ගැසුවේ ය . “නිකං අවේ බං, නෝට් ටික ඉල්ල ගන්නත් එක්ක.” “ඔය බයිසිකලය පැත්තකින් තියලා වරෙන් කො ඇතුලට” ඈ මට කීවාය. ඇත්තටම ඈට සුන්දර සිනාවක් සහ උපැස් යුවල නිසා හිමි වූ බුද්ධිමත් පෙණුමක් ඇත. මොකක් දෝ හේතුවකට ඈ හැසිරෙන්නේපිරිමි ළමයෙකු සේ වෙයි. ඇය එම ගෙදර සිටින එකම ළමයා නිසා විය හැකි ය. මම බයිසිකලය පැත්තකින් තියලා ගෙට ඇතුල් විය. ඈ මාව ඇගේ කාමරය වෙත ගෙන ගියාය. ඇගේ -
39
කාමරය ඇත්තටම අවුල් ජාලයකි. ගැහැණු ළමයෙකුට උරුම වූ කාමරයක් දැයි මට සිතේ. මගේ කාමරයත් ඇත්තටම මීට වඩා පිලිවෙලට පවති. “උඹ කෙල්ලෙක්ව දැකලා සිහි නැතිවෙලා වැටුනාලු නේද?” ඈ එක් වරම පැවසූ දෙයින් මා අන්දුන් කුන්දුන් වූහ. “උඹට කවුද කිව්වේ?” මම ඇසුවේ ය. “ඔය චැට් ගෘප්ස් වල කතා වෙන්නේ.” “සිරාවටම” “හ්ම්, ඕවා ටික දවසකින් හැමෝටම අමතක වෙයි බං. ඇත්තට මොකද එදා වුනේ?” ඈ මගෙන් විමසුවේය. ඈ වගීෂ මෙන්ම හොඳ යාළුවෙක් වූ නිසා මම ඇයට සියළුම විසතරය මුල සිටම කියුවෙ ය. ඇය ඇයගේ පරිගණකය අසල ට වී සියළු දේ සාවදානව අසා සිටි අතර මුහුණේ යම් කිසි දීප්තිමත් බවක් ඇති වනු මම දුටුවේය. මගේ කතාවෙන් යම් කිසි රසාස්වාදයක් ඈ ලබණු බව මට පෙනි ගියේ ය.
40
“අංගෝරා කියන්නේ අන්කාරා කියන නගරයට කලින් කිව්ව නම. තුර්කියේ අගනූවර බං” එසේ පැවසු ඇය අන්තර්ජාලයෙන් තුර්කියේ විවිධ වූ ස්තාන පෙන්වූවත් ඒ එකක් වත් මා දුටු දර්ශණයට සමාන නොවේ. “මම මුලින් හිතුවේ පෙර ආත්මයක් කියලා නමුත් ඒක එහෙම නෙවෙයි.” “අර අන්තිමට කිව්ව දේ මොකක්ද?” “අංගෝරා යේ ධ්රස් කීකේ තයියීබ්’ කියලා කිව්වේ බං” “හ්ම් ඒක අමුතු භාෂාවක් වගේ. පොඩ්ඩක් හිටපං මම ගූගල් ට්‍රාන්ස්ලේටර් දාලා බලන්න.” යැයි පවසා ඇය ඇගේ දුරකථනය ගෙන ඇප් එක ඕපන් කර එම වාක්‍ය දුරකතනයට ලංව උස් හඬින් පැවසුවේ ය. නමුත් සාර්තක ප්‍රතිපලයක් අත් වූයේ නැත.
41
“වැඩක් නෑ බං අල්ලලා දාපං. මට පොත් ටික දෙන්න මම ඉක්මණින් කොපි කරලා ගෙනත් දෙන්නම්.” මම බලාපොරොත්තු සුන්ව පැවසුවේ ය. “දැන් උඹේ අර වලිගේ ඔය සීන් එක ගැන මොකෝ කියන්නේ?” ඈ ඇසුවේ ය. “වලිගේ කිව්වේ...?” මට තේරුම් ගත නොහැකි විය. “සොරි සොරි.... ඌ උඹේ වලිගේ නෙවෙයිනේ....... උඹනේ උගේ වලිගේ... අර වගීෂයා.” “ආාා.... උඹට ඌ ගැන හොයන් නැතුවත් බෑ නේද? යොහානී වගීෂට ලව් හා හා හා යොහානි වගීෂට ලව්” ඇයව කේනිති ගැස්සීමට අවස්තාවක් උදාවූ මම එලෙස පවසා සටහන් පොත් ටිකත් රුගෙන ගෙදරින් පිටතට දිව්වේ ය. “පල යන්න තෝ කාලකණ්නියා ආව මෙතන හැමිණෙන්න. ගෙනත් දීපං මගේ පොත් ටික.” මම දුවන කොට ඈ කෑ ගැසුවේ ය. “දවස් තුනකින් දෙන්නාම්” කියාගෙන මා එතනින් පිටත් විය.
42
එදින රත්‍රියේ සිටම මඟ හැරුණ පාඩම් පිටපත් කීරීමටත් ඒවා පාඩම් කිරීමටත් කාලය වැය කල අතර පෙර සිදු වීම් මගේ මනසින් තරමක් දුරට ඈත් වූ බවක් මම දනිමි. නමුත් ඒවා යටි සිත තුල හොල්මන කිරීම නතර නොවුනේ ය. ඒ කෙසේ වෙතත්වෙන දෙයක් වුනා වේ යැයි සිතා පාඩම් වැඩ සඳහා සිත යොමු කිරීමට මා ඉටා ගත්තේ ය. කෙසේ වෙතත් මගේ තාත්තාට මං ගැන ඉව වැටීදෝ කොහෙද මගේ කාමරයට විපරම් කර යනවා මම දැක්කෙමි. කිසිදු වෙනසක් බාහිරට නොපෙන්වා සිටිය යුතු බව මම තේරුම් ගත්තෙමි. හිටි හැටියේ දුරකතයට වට්ස්ඇප් පණිවිඩයක් ආවේය. “මේඝ, උඹ දකින්න ඇත්තේ සමාන්තර විශ්වයක වෙන සිදු වීමක් වෙන්න ඇති.” ඒ පණිවිඩය ආවේ යොහානි ගෙන් වූහ. ඇය ඇත්තටම මගේ කතාව හිතුවට වඩා සිරියස් අරගෙන බව මට තේරුණේ එවිට ය.“අර උස කෙල්ලයි උඹයි අතරේ මොකක් හරි බැඳිමක් ඇති. ඒකයි එ්කී ඉන්න තැනම ඕවා වෙන්නේ. අනික උඹත් හෙන ගෑණු ඩයල් එකනේ.” ඇය තව පණිවිඩයක් එව්වාය. ඇත්තටම මම ගෑණු ළමයෙක් වගේ බව බොහෝ දෙනා පවසන දෙයකී.
43
“පල යන්න, මම කෙල්ලෙක් වගේ නෙවී යකෝ” මම ද ඇයට උත්තර යැව්වේ ය. “දැක්කනේ..... උඹට මම එවපු දේට වඩා හිතට වැදුනේ මම උඹට දාපු පල් එක. ඉතිං උඹ කෙල්ලෙක් තමා..” ඈ එවපු මෙම උත්තරයෙන් පසු ඇයව අවුස්ස ගැණිම සුදුසු නොවන බව මට එවලේ තේරුම් ගියේ ය. “හරී දැන් ඉතිං එහෙමයි කියලා මම මොනා කරන්නද?” මම නැවත උත්තරයක් යැව්වේ ය. “හෙට රෑට පාඩම් කරන්න සෙට් වෙනවා කියලා උඹයි අර වලත්තය යි දෙන්නම වරෙන් අපේ ගෙදර. ගඳ ගහන හඩු ඇඳුම් නැතුව හොඳට ඇඳගෙන වරෙන්. මේ ගෙදර ඉන්නේ වැදගත් ලස්සන කෙල්ලෙක්.” ඇයගේ එම පිලිතුර මට තව පිලිතුරකින් සවුත්තු කර දැමිය හැකි වූ නමුත් මම එසේ නොකලේ ඇය යම් කිසි දෙයක් මත සිට
44
මගේ සිදුවීම් පෙල දෙස බලන බැවින් වේ. ඉතිං මම ඇයගේ ගෙදරට යාමට කැමැති විය. “හරි ... මම එන්නම්.” මම උත්තර යැව්වේ ය. “අර වලත්තයා උඹට බාරයි. ඌ අවාට මා එක්ක හැමිණෙන් ආවොත් මම ඕකාව මරණවා” ඒ ඇගේ පිලිතුර විය. “යකෝ තොට ඔය කට ලැබුණේ උඹේ අම්මා අප්පගෙන් වෙන්න බෑ සංවර වෙයන් ටිකක්” මගේ අවසන් පිලිතුරට ඇයගෙන් ප්‍රති පිලිතුරක් නොපැමිණි අතර මම එවලෙම යොහානිගේ ආරාධනාව පිලිබඳව වගීෂට වට්ස්ඇප් මඟින් දැන් වූහ. එයට ඔහු එක පයින් කැමති විය. නමුත් එහි ගියා කියලා අපි මොනා කරන්නද? ඒ ප්‍රශ්ණය මගේ ඔලුවෙන් රැව් දෙන්නට විය. ===============
45
පසුවදා ඇයගේ ගෙදරට යාමට අප සුදානම් වූහ. රැයක් කෙල්ලෙක් ගේ කාමරයට වෙලා ඉන්න වෙන නිසා අප දෙදෙනාම ඉතා හොඳ සැහැල්ලු ඇඳුමකින් සැරසී එහි ගියේ ය. ඇයත් පිරිමියෙක් මෙන් හැසිරුණු හෙයින් ගැහැණු ළමයෙක් යන හැඟිම අප තුල වුවත් තිබුණේ අල්ප වශයෙන් විය. හැරත් කුඩා කල සිට තිබු යාළුකම නිසා අප තුන් දෙනා අතර කිසි වෙනසක් ඇති නොවූ හ. “හරි දැන් ආවේ පාඩම් කරණ්නනේ.... කරණ එකයි ඇත්තේ.” ඇය එසේ පවසා පරිගණකය අසල වාඩි විය. “යකෝ... තෝ අපිට එන්න කිව්වේ පාඩම් කරන්න කියන්නද?” වගීෂයට කේන්ති ගියේ ය.
46
“එන්න කිව්ව පලියට ඇයි ඉතිම් ආවේ.” ඇය පැවසුවේ ය. “වරේනි මෙඝ, අපි යමු ගෙදර” “අනේ බං විහිළු නොකර ආපු කාරනේ කියපංකො...” මම බෑගැපත් විය. “උඹේ සිද්ධිය පට්ට ඉන්ටරෙස්ටින් බං. ඒක ගැන කතා කරන්න එන්න කිව්වේ.” ඇය පැවසුවේ ය. “ඉතිං උඹ මොනවද හොයා ගත්තේ?” වගීෂ ඇසුවේ ය. “අමාරාගේ ෆෝන නම්බර් එක. ඒකි ඒ නම්බර් එකෙන් තමයි වට්ස්ඇප් ඉන්නෙත්” “උඹ යකින්නියක්නේ..... කොහොමද ඒක හොයා ගත්තේ? ඒකිට කතා කරාද? එකි මොකද කිව්වේ.?” මම කලබලයේන කටට ආපු හැමදේම අහගෙන අහගෙන ගියෙමි.
47
“පොඩ්ඩක් ඉඳින්... ඒකී ෆේස්බුක් ඉන්නවා. ඉතිම් මම චැට් එකක් දාල එයාගෙන්ම ඉල්ල ගත්තා.” “උඹව ඉබින්න හිතෙනවා... අම්මපා” මම සතුටෙන් කීවේ ය. “මේ මේ මගේ ඇඟට අතක් තියන්න එපා” ඇය බොරු සද්දයක් දැම්මේය. “ඔව් ඉතං මේකී ලෙස්බි නේ” වගීෂයා ලාවට මුමුණා කීවත් එය ඇයට ඇසුනේ ය. “අඩෝ... වලත්තයා මම ඒ ජාතියේ කෙල්ලෙක් නෙවෙයි හොඳේ.” “දෙන්නම රණ්ඩු නොවී ඉඳපං. මාර වෛරයක්නේ තොපි දෙන්නගේ තියෙන්නේ” “හරී එහෙනම්..... කතාවට බහිමු අපි” වගීෂ පැවසුවේ තව දුරටත් ඈ සමඟ එකට එක කිරීමෙන් පලක් නොවන බව වටහගෙන ය. ඇය, ඇය සතුව තිබු තරමක් විශාල පොතක් රාක්කයෙන් එලියට ගත්තේ ය. එහි පිටු -
48
පෙරලමින් එක් පිටුවක් සොයා ගෙන එය හෙමිහිට කියවීමට පටන් ගත්තේ ය. “මේ පොතේ හැටියට සමාන්තර විශ්වයන් හෝ ඒ වගේ ලෝක පවතින්න පුළුවන් ලු. තව අපි හොල්මන් අවතාර කියලා හිටපු ගමන් දකින්නේ ඒ වගේ ලෝක වල ඉන්න ජීවින් වෙන්නත් පුළුවන්ලු. අපි වගේම අපිට සමාන ලෝක තියෙන්නත් පුලුවන් ලු. තව කාල තරණය, අවකාශීය තරණය වගේ දේවල් වෙන්නත් පුළුවන් කියලා තමා කියන්නේ.” ඇය පැවසුවේ ය. “ම් ම් ම් ඔයා කියන දේ හරී. ” වගීෂ කීවේ ය. “අමාරා මොකද කිව්වේ... එයාට විස්තරේ කිව්වද? එයටත් එහෙම වෙලාද? මට වුනා වගේ එයටත් එහෙම දැනිලද?” මම යොහානිගෙන් ඇසුවේ ය. “නෑ දැනිලා නෑ.... ඒකිට කොල්ලෙක් ඉන්නවලු. ලස්සන සුදු කොල්ලෙක්.” ඇය පැවසුවේ ය. ඒකටනම් මට ඇත්තටම වේදනාවක් ඇති විය. බලාපොරොත්තු සුන් වූ බවක් මට හැඟි ගියේ ය. දැන්නම් මේ මුකුත් වැඩක් නෑ. පෙර දුටුවා සේ කොහෙන් හරි වැටිලා මැරිලා ගියානම් යන සිතුවිල්ල මගේ හිතේ ඇති විය.
49
“රිලෑක්ස් බ්‍රෝ... මම බොරු කිව්වේ. එයා එක්ක එච්චර දේවල් කතා කරේ නෑ. O/L වලට මම උදව් කරන්නම කියලා කිව්වා එච්චරයි.” එය ඇසීමෙන් මගේ වේගවත්ව තිබූ හද ගැස්ම අඩු වන බවක් සහ මගේ මූණේ සීතල වෙන්න පටන් ගත් මාංශ පේශි අතරට උණුසුම් රුධිරය ගලා යන අයුරුත් මට දැනෙන්න පටන් ගත්තේ ය. ඉන් පසු බොහෝ වේලාවක් යන තුරු මම නිහඬව සිටියෙමි. ඇය පැවසු කිසිම දෙයක් මට ඇසුනේ නැත. මා කල්පණා ලෝකයක සිර වී සිටියෙමි. මා දුටු සිදු වීම් පෙල ගැන දැන ගැනීමට වඩා මට අවශ්‍ය වුනේ අමාරා සමඟ යාළු වීමට ඇති වුවමනාවයි. අනික් ඒ මගේ කුළුදුල් ආදරය. ඒ නිසා මට ඇයව ඕනිම වේ. එයා නැති ජීවිතයක් මට නැති තරම්ය. ඈ සමඟ එක පවුලක් වශයෙන් ජීවත් වන අයුරුත් අප දෙදෙනාට සිටිය යුතු දරුවෝ ගණනත් මම දැනටම තීරණය කර හමාරය. ඇත්තටම ඇය මාව, මම කිසිදා බලාපොරොත්තු නොවු තරම් පහලට ඇද දැම්මේය. මාව බොලඳ කළේ ය.
50
දැන් හොඳින් හෝ නරකින් ඈ මා සතු විය යුතුය. මෙවැනි සිතුවිලි දාමයකින් මගේ සිත වෙලි ගියේ ය. එදා රෑ යොහානි පැවසු දේවල් පිළිබඳ කිසිම අවබෝධයක් මට නැත. මට මතක මම ඉක්මණින් නිදා ගත්ත බව පමණක් වේ. ------------------------- “අඩෝ නැගිටපං..... ඊයේ කතා කරපු විදියට අපි යමු උඩහ තියෙන ඇලි පහබලන්න.” උදේම වගීෂයා මාව හැරෙව්වේ ය. “යොහානි උදේම නැගිට්ටා බං. උඹත් ඉක්මණින් වොෂ් එකක් දාගෙන වරෙන්. අන්න යොහානිගේ අම්මා කෑම හදලා බලාගෙන ඉන්නවා.” යොහානිගේ අම්මයි තාත්තයි ඉතාම කාරුණික අයවලුන් වූහ. තම එකම දියණිය බුද්ධිමත් මෙන්ම ආක්‍රමණශිලි පෞර්ශත්‍වයකින් හෙබි වූ නිසා ඔවුන් ඒ පිළිබඳව බොහෝ සේ සතුටු වන බවක් දකින්නට ලැබුණි. අපගේ දෙමාපියන්ද යොහානි කෙරේ දැක්වූයේ නොමද සෙනහසකී.
51
එදින අප උදේ ආහරයෙන් පසු දිය ඇල්ල වෙත ගියේ ය. ඇත්තටම අපට එය එතරම් ආගන්තුක ගමනක් වුයේ නැත. නිතරම යන එන තැනකි. අද වෙනසකට වුයේ අප පැමිණියේ අමාරා සොයා වීමයි. පෙර දින යොහානි සමග චැට් කල ඇය පවසා ඇත්තේ අද ඇය අනූෂි සමඟ දිය ඇල්ලට එන බවකි. නමුත් ඇය එන වෙලාවක් පවසා නැත. ඉතිං ඇයව මෙතනදී අල්ලා ගැනීම අපගේ සැලැස්ම විය. පෙර දින යොහානි විසින් පවසා ඇත්තේ එය යි. නමුත් මට ඒ පිළිබඳව මතකයක් නැත. අප බොහෝ වේලාවක් දිය ඇල්ලේ හෙවණක් තිබු ගලක් මතට වී බොහො වේලාවක් සිටියහ. දෙදෙනාගේම උසුළු විසුළු සහ නොක්කාඩු කම් මට දරා සිටින්නට සිදු විය. නමුත් මා යම් කිසි ගුප්ත හො හඳුනා නොගත් විපර්‍යසයකට බඳුන්ව ඇති බව ඔවුන් තෙරුම් ගෙන සිටින බව මට වැහුණේ ය. ඒ වගේම මේ සෑම දේකම රහස ඇත්තේ අමාර තුල බව ඔවුන්ගේ අදහස විය.
52
හවස 3 පමණ වන තුරු අප සිටියේ ය. දවල් අහාරය සඳහා ගෙදරින් ගෙනාපු බත් මුලක් කෑවේ ය. අපට තිබූ කුතුහලය නිසාම වේලාව යනවා දැනූනේ ද නැත. මේ අතර දිය ඇල්ල නැරඹීමට යම් කිසියම් ආගන්තුක පවුලක් පැමිණ සිටියේය. මව පියා හැරුණකොට කුඩා පිරිමි ළමයි දෙදෙනෙක් සහ වයසක කාන්තාවක් ඒ අතර වූවාය. මදක් ඈතින් සිටි නිසා මාහට ඔවුන් හරි හැටි පෙණුනේ නැත. නමුත් හැමවෙලේම සමාශීලි වූ වගීෂ ඔවුන් සමඟ කතා කිරීමට ගියේ ය. සුළු මොහොතකින් අප සිටි තැනට ඔවුන්ව වගීෂ රැගෙන ආවේ නෑමට සුදුසු තැනක් ඒ අසල තිබූ නිසාවෙන වේ. එම පවුල යමක් කමක් තියෙන පවුලක් වූ බවත් මේ පලාතට අළුත් අය බවත් මට තේරුම් ගියේ ය. මා බොහෝ වේලාවක් වතුරේ නටමින් සිටින කුඩා දරුවන් දෙස බලා සිටියහ. අපගේ කුඩා කාලයත් කොතරම් සුන්දරද’ යැයි මට සිතුණි. තවම නව යොවුන් වියේ පසු වන අප මේ දරුවන් මෙන් ජිවිතය සැබෑ ලෙස විඳින්න ප්‍රමාද නැති බව මට වැටහුණි. මේ දර්ශණයෙන් මට අමාරව පවා අමතක වූහ. නමුත් එක් වරම...
53
“මේඝ, අර බලපං අර ආච්චි උඹ දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.” යොහානි පැවසූවේය. මේ අතර වගීෂ දරුවන්ගේ තාත්තා සමඟ ලොකු කතාවකට වැටී සිටියේ ය. මම ඇය දෙස බැළුවේය. එ්ත් සමඟම මගේ ඇඟේ හිරි ගඩු පිපි දාහඩියෙන් මුළු ශරීරයම තෙත් විය. ඇයත් මා දෙසම විමතියෙන් බලා සිටියා ය. ඇත්තටම මේක මහා පුදුමයක්. “යොහානි.... අර ඉන්නේ මම දැක්ක වයසක ගෑණී.” මම වෙව්ලමින් බයෙන් පැවසුවේ ය. “ඇයි උඹ බය වෙලා. බය නැතුව ඉඳින් එයත් උඹ දිහා බයෙන් බලාගෙන ඉන්නේ” යොහානී පැවසුවේ ය. “අන්න එයා මං ගාවට එනවා. මාව මරණ්නද දන්නේ නෑ එන්නේ.” මම බය වූ තරම මට වචනයෙන් විස්තර කල නොහැක. මට එදා මරණ බිය තදින්ම දැණුනේ ය. ඇය හිමින් සැරේ මොනවදෝ මුමුණමින් -
54
මා වෙත පැමිණියෙ ය. ඇය ඇඳ සිටියේ අප රට තුල සාමාන්‍ය වයසක ගෑණු කෙනෙක් අඳිනු ලබන ඇඳුමකි. එදා මා දුටු පරිදි ඇය ඇඳ සිටියේ ද නැත. ඒත් මේ එන්නේ එදා මා දුටු කෙනාම බව මට හොඳටම විස්වාසය. යොහානි මගේ අත අල්ල ගත්තේ මා බියෙන් වෙව්ලන බව ඇයට පෙනුන නිසා ය. ඇය මා වෙත ලංව මා දෙස බලා ‘අංගෝරා යේ ධ්රස් කීකේ තයියීබ්’ යැයි කියමින් මතුරන්න විය. ඒත් සමඟම දරුවන්ගේ පියා අප වෙත පැමිණියෙ ය. “අනේ මුකුත් හිතන්න එපා. මේ ඉන්නේ මගේ අම්මා. සතියකට උඩදි පඩිපෙලින් වැටුනා. ඊට පස්සේ පෙරේදත් මොකටදෝ බය වුනා. ඊට පස්සේ ඔන්න ඔය අමුතු මන්තරේ කියව කියව ඉන්නවා...... අම්මේ එන්න අපි යමු.” ඔහු පැවසු දෙයින් අප දෙදෙනාම තැති ගත්තේ ය. යොහානි මගේ අත තදින් මිරකගෙන සිටිනවා මට දැනුනේ ය. ඔහු තම මව වෙනතකට ගෙන යාමට -
55
තැත් කරත් ඇය එය වලක්වා මා වෙත පැමිණ දැඩි ලෙස පෙර වාක්‍ය මට පැවසුවේ හරියට අණ දෙන්නාක් මෙනි. “ඩොක්ටර් ට පෙන්නුවම එයා කිව්වේ ගෙදරම හිරවෙලා ඉන්න නිසා මේ වගේ මනස් ගාත පේනවා කියලා. ඉතිං අපි අම්ම එක්ක ටිකක ඇවිදින්න ආව. අනේ මල්ලිලා මුකුත් හිතන්න එපා. ........ අම්මේ එන්න අම්මේ යන්න.” ඔහු මවගෙන් බැගැපත් විය. ඔහු තම මවට ආදරයෙන් සලකණ බව අපට මනාව පසක් විය. “අපි අම්මව මෙතන පොඩ්ඩක් වාඩි කරගමු” මම හිතේ ඇති වූ බිය පසෙකලා එලෙස යොජනා කළේ මෙම ගුප්ත බව විසඳිමට ඇයවත් අපට අවශ්‍ය වන බැවින් ය. “පුතා අංගෝරාවට ඔබව අවශ්‍ය වී ඇත” යැයි පවසමින් ඇය පසෙක වූ ගලක් උඩ වාඩී විය.
56
මේ අතර යොහානි මාව පැත්තකට ඇදගෙන ගොස් “අංගෝරා යේ ධ්රස් කීකේ තයියීබ්’ කියන එකේ තෙරුම මම දන්නවා.” යැයි පැවසූවේ ය. “ඒ මොක්ක ද?” “ඇයි යකෝ උඹට තේරුන් නැද්ද.? ඒ කිව්වේ ‘අංගෝරාවට ඔබව අවශ්‍ය වී ඇත’ කියලා කියන එකට” යැයි ඈ රහසින් පැවසුවේ ය. එය ඇසු මට මගේ බය තවත් වැඩි විය. ලොකු මුත්‍රා බරක් සහ ඔක්කාර ගතියක්ද මට ඇති වූ බව කිව යුතු ය. මා ඉඳගෙන සිටින ගෑණු කෙනා දෙස යලි හැරී බැලුවේ ය. ඇගේ පුතා ඇයව සනසමින් ඔළුව අතගාමින් සිටිනවා මා දුටුවේ ය. ඇය යාථා තත්‍වයට පැමිණ ඇති බවක් දක්ණට ලැබුණේ ය. මට ඇයගේ ළඟට ගොස් සෑම දෙයක්ම අසා දැන් ගැනීමට අවශ්‍ය වුවත් මෙය ඒ සඳහා සුදුසු අවස්තාව නොවන බව මා දනිමි. එම නිසා වේලාව එන තුරු බලා සිටිමට සිදු වන බව මම වටහා ගත්තෙමි.
57
“ආ යොහානි අක්කා. ඔයත් ඇවිත්. ගොඩක් වෙලාද ඇවිල්ලා” හොඳට හුරු පුරුදු කට හඬක් ඒ අමාරා ගේ කට හඬයි. මම කළබලෙන් වගේ ඒ දෙසට හැරුණ අතර වයසක ගැහැණු කෙනාද ඇය දෙස විමතියෙන් බලා සිටිනවා මා දුටු වෙමි. එවිට ඇයත් කිසිදා අත්නොදැකපු අන්දමින් බියෙන් වෙලි යනවා මා හොඳා කාරවම දුටුවේ ය. ඒ බය මගේ හිතට ද එලෙසම දැන්නේ ය. වෙනදා අප හට මෙම ගුප්ත සිදු වීමට මුහුණ දීමට සිදු වන විට එය අවට කිසිවක් සඳහා බලපෑවේ නැත. විශේෂයෙන් පාරීසරික ලක්‍ෂණ වලද කිසිම වෙනසක් සිදු නොවුන හ. නමුත් එදින එසේ නොවූවේ ය. පරිසරය පවා බොහොසේ වෙනස් වී ගියේ ය. ලොකු වැස්සක පෙර නිමිත්තක් සේ සම්පූර්ණයෙන්ම අවට අන්ධකාරයෙන් වෙලි ගියේ ය. ලොකු හුලඟක්ද අවට පරිසරයෙන් ගලා ගියේ ගස් අතු අඹරවමිණ් ය. මේ අවස්තාවේ අප සමඟ සිටි අනිත් අය ගැන කිසිම අවධානයක් මට යොමු කර සිටීමට තරම්වත් හැකියාවක් මට නොතිබුණේ ය.
58
“මාඝ, ධ්රස් සිලංගං ලුම්නා” වයසක කාන්තාව මා දෙස බලා ඉතා දැඩි ලෙස කෝපයෙන් සහ අණ කරන්නාක් මෙන් කෑ ගසා පැවසුවේ ය. මේ හැම දෙයක්ම නොනවත්වාම පස්සෙන් එන බවත් ගැලවීමක් නොමැති බවත් දැන් මට වැටහී හමාරය. සුලු මොහතකින් පරීසරය යතා තත්‍වයට පත් විය. වැටෙන්න ගිය මහළු කාන්තාව අගේ පුතා විසින් අල්ලා ගත්තේ ය. ඒත් සමඟම අමාරාත් වැටෙන්න ගිය බවක් මා දුටු අතර එය හරියාකාර දැක ගැනීමට ප්‍රතම මගේ මුළු ශරීරයම පන නැති වී ඇද වැටිණේ ය. සුළු මොහත්කින් ඇස් ඇර බලන විට අප සිටියේ දිය ඇල්ල අසලම තිබූ මංජු අයියා ගේ ගෙදරය. අප තිදෙනාව ඔහුගේ උදව් ඇතිව එහෙ ගෙනත් ඇති බව දැන ගන්නට ලැබූනි. එම අවස්තාවේ දැඩි සේ අකුණු ගසමින් වහින්න පටන් ගෙන තිබු අතර විදුලියද විසංඳි වී තිබුණේ ය.
59
“මල්ලි නැගිට්ටාද? කොහොමද දැන්? අකුණකට බයේ තුන් දෙනාම දිය ඇල්ලේ ලිස්සලා ගියා නේද?වෙලාවට මම හිටියේ. උදේ ඉඳන් කෙල්ලෙක් එක්ක දිය ඇල්ල ගාව ඉන්නකොට මම සෝදිසියෙන් හිටියේ. මම හිටියේ නැත්නම් කොහේ හරි ගලක ඔළුව හප්පගෙන. ආ මේක බොන ගමන් අර කමරේට යන්න. ආච්චි ඉන්නවා ඔයාට මොකක්ද කියන්න බලාගෙන.” මංජු අයියා මට උණු උණුවෙන්ම සුප කෝපපයක් දික් කරමින් පැවසුවේ ය. මංජු යන් නිතරම කියවන නමුත් හිත හොඳ පුද්ගලයෙකි. ඔහු දාඩිය මහන්සියෙන් යමක් කමක් හම්බකරගෙන හොඳින් දියුණු වූ අයෙක් වූහ. කොතරම් පොහොසත් වුවත් ඔහු තරම් නිහතමාණි කෙනෙකු මේ පාලාතෙවත් මා දැක නැත. “කවුද මම එනකම් ඉන්නේ..??” “අර වැටෙන්න ගිය ආච්චි අම්මයි එයාගේ ගෙදර අයයි. ඔයාගේ යාළුවො දෙන්නයි තව උස ගැහැණු ළමයෙකු යි එයාගේ යාළුවයි ඉන්නවා. යනනකෝ කට්ටියම් කයිය ගහමින් තමා ඉන්නේ.”
60
“ඒ කියන්නේ අමාරාත් තාම ඉන්නවා” යැයි සිතු මා සතුටින් ඉපිලෙමින් ඒ දෙසට ගියේ ය. ඒ ගිය ගමන මගේ ජීවිතය තවත් අවුල් ජාලයක් බවට පත් කළේ ය. මා එම ඔවුන් සිටි ස්තානයට ලඟා වෙත්ම සියළු දෙනා මා දෙස අමුතු විදියට බලා සිටියේ ය. මහළු කාන්තාව හාංසි විය හැකි පුටුවක සිටි අතර ඇය හොඳ සිහියෙන් සිටියේ ය. ඔහුලේ පවුලේ අයද එතැනට වී සිටියේ ය. යොහානි, අමාරා සහ අනූෂී ත් ඇය අසලම සිටි අතර වගීෂ සිටියේ ඔහුගේ ෆෝන්එක ඔබමින් පැත්තකට වෙලා ය. මා දුටු වයසක කානාත්ව මට ඇය අසලට එන ලෙස පැවසුවා ය. “පුතා, මට දැනුන දේවල් ඔයාටත් දැනුන ද?” “ඔවු ආච්චි අම්මේ. ඒත් එහෙම වුනේ ඇයි කියලනම් මම දන්නේ නෑ. ” මම පැවසුවේය.
61
“පුතා, අපි මේ ඉන්න විශ්වයට අමතරව තවත් විශ්වයන් අනන්ත සංඛ්‍යාවක් පවතිනවා. අපි ඒවා මානයක් කියල කියමුකෝ. ඒ හැම මානයක්ම බැලන්ස් වෙන්න අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේ කියන සෑම විශ්වයකම ඉන්න ඕන. එත් අපි මේ ඉන්න විශ්වයේ තියෙන්නේ මානයන් හයයි.” ඇය ඉතාම අවදාරණයෙන් මට පවසන්නට වූහ. “ක්වොන්ටම් මැකනිස්ම්” ඇයගේ කතාවට සවදානව අසා සිටි යොහානි මුමුණනු මට ලාවට ඇසුණේ ය. “ඉතිං පුතා මේ මානයන් හයේ සමබර තාවය රඳා පවතින්න ඔයා මම මේ හැමෝම විතරක් නෙවෙයි සතා සිව් පවා ඉන්න ඕන. මේ අන්තර විශ්වයේ හරි මැද තමයි අංගෝරාව තියෙන්නේ.” ඇය දිගටම කාතාව කියාගෙන ගියා ය. “අපි මේ ඉන්න ලෝකයේ මොන අඩු පාඩුව වුනත් ඒක සමබරවෙන්නේ අංගෝරාව නිසයි. නමුත් -
63
අංගෝරාවේ අඩුපාඩුව අපේ ලෝකයෙන් පියවන්න අමාරුයි. පුතා.......” ඇය සුසුමක් හෙලමින් “මේ සම්පූර්ණ ත්‍රිමාණ විශ්වයම දැන් ඔයාගේ අතේ තියෙන්නේ.” ඇය කියන කිසි දෙයක් මට හරි ආකාරව තේරුම් ගත නොහැකි විය. නමුත් මම පුලුවන් උපරිමයෙන් තේරුම් ගැනීමට උත්සාහ කළේ ය. “ඔයා දැකපු ඒ පර්වතය අසල මිටියාවතට ඔබ යා යුතුයි. ඊට පස්සේ වෙන්න ඕන හැමදේම ඇය කියා දේවි.” “එහෙමයි කියලා මම කොහොමද යන්නේ. එයාලගේ භාෂාව මම දන්නෙත් නෑ. පියඹලා යන්න මට බෑනේ.” මම පැවසුවේ ය. “කළවාන හරහා රක්වාන පැත්තට යනකොට ඔයාගේ දකුණු අත පැත්තෙන් ඉහල බලන්න. ඈතින් දිය ඇල්ලක් දකීවි. ඒක තමයි හඳපාන් ඇල්ල කියන්නේ. එතනට ගියාම ඔයාට හැමදේම තේරෙයි. ඔයා සුදානම් නම් එන ඉරිදා හවස 6 වෙද්දි එතනට යන්න. ”
64
මගේ හිත ඇතුලේ ප්‍රශ්ණ ගොඩාක් ඇත. නමුත් ඒ එකක් වත් අසා දැන ගැනීමට තරම් කල්පණාවක් මට නොවීය. දැන් හැමදේම සිහිනයක් වගේ. ඇය මට කී කතාව කාටවත් වැටහුණු බවක් නොපෙනින. නමුත් යොහානි කල්පනාකාරී වූ බවක් දක්ණට ලැබුණි. ඇත්තටම ඒකි නම් පට්ට මොල කාරීයක්. ===========
65
අද සෙනසුරාදා දිනකි. පංති යාම සඳහා උදේම පිටත් වූ මම, පෙර සිදු වූ සියළු සිදුවීම් අමතක කර දමා ඕන දෙයක් වුනාවේ සිතා වැඩ කිරීමට තිරණය කළෙමි. වයසක කාන්තාව ගෙන් අසා දැන ගැනීමට ගොඩක් දේ තිබුණත් මට ඒ වෙලාවේ ඒවා අසා දැන ගැනීමට තරම් කල්පනාවක් වූයේ නැත. හිතට වද දුන් ලොකුම ගැටළුව අමාරා ගෙයි මගෙයි තියෙන සම්බන්දේ මොකක්ද කියන ප්‍රශ්නෙට පිලිතුරක් ලබා ගැනිමට නොහැකි වීමයි. “ඕන මගුලක්, අද මම අමාරාට මගේ හිතේ තියෙන හැඟිම කියනවා. ඒකි එච්චර ලස්සනකුත් නැති එකේ මට අකමැති වෙන එකක් නෑ. අනික මට මොන අඩු පාඩුවක් ද? මම පාසලේම පට්ට බ්‍රයිට් කේස් -
66
එකක්. උසයි, ලස්සනයි. හොඳ ෆැමිලි බැක්ග්‍රව්න්ඩ් එකක් තියෙනවා. ඉතිං මට එයාගෙන් අහන්න විතරයි තියෙන්නේ.” යැයි සිතා මම ගෙදරින් පිටත් වුනෙමි. පංති ඉවර වන තුරු මම සිටියේ ය. මගේ පංති හවස 1.30 පමණ වන විට ඉවර වූ අතර අමාරා පංති ඉවර වී පැමිණෙන තුරු මට සිටින්න ට සිදු විය. තමං ආදරය කරන කෙල්ල එනකම් කොල්ලෝ මොන තරම් දුක් විඳිනවාද? මම අද උදේට නොකා දවල්ට ත් නොකා ඇය එන තුරු පාරේ රස්තියාදු වෙමින් සිටියෙමි. බඩගින්නේ හිටියොත් යම් කිසි කැපකිරීමක් කරොත් ඇයව මට ලැබෙනවා යන අදහස එවලෙහි තදින් සිතට කා වැදි තිබුණ අදහසක් වුනා. එම නිසා ඉවසීමෙන් ඇය එන තුරු බලා සිටියෙ ය. 4.30 ට ඇයගේ පංති නිමාවී බොහෝ ළමයි යන්නට විය. නමුත් ඇය පැමිණියේ නැත. මම බොහෝ වෙලාවක් බලා සිටියෙමි. “සමහර විට පංතියේ සර් ගෙන් මොනා හරි අහා ගන්නවා ඇති.” මට එලෙස ද සිතුණේ ය.
67
මේ අතර තුර ඇය අනූෂි ත් සමඟ හිමින් සැරේ එනවා දැක මගේ සිත අමුතු බයකින් හා කියා ගත නොහැකි හැඟිම් සමුදායකින් වෙලි ගියේ ය. “අපෝ මුන් දෙන්නට මේ පොඩ්ඩ එන්න යන වෙලා.” මට එලෙසද සිතුණි. “අමාරා නංඟි පොඩ්ඩක් කතා කරමුකෝ...” මම හිතට ධෛර්‍ය අරන් ඇසුවේ ය. “කෝ අද ඔයාගේ අර නැට්ට වගේ ඉන්න යාළුවා.” අනූෂි මැදින් පැන ඇසුවේ ය. “අමාරා, දෙයක් කියන්න තියෙනවා පොඩ්ඩක් අහංනකෝ.” මම ඇගේ මූණ බලාගෙන ලයාන්විතව ඇසුවේ ය. “ඔවු කියන්න අයියා.” ඇය යන්තම් මගේ මූණ බැළුවේ ය. “ඇත්තටම මම මීට කලින් කවදාවත්කෙල්ලෙක් ගැන මෙහෙම හිතලා නෑ.
68
ඒත් එදා ඔයාව දැක්කාම මට මොකක් දෝ වුනා. ඔයයි මායි අතරේ යම් කිසි බැඳිමක් තියෙනවා වගේ මට දැනෙන්න ගත්තා. එදා ඉඳන් හරි නින්දකුත් නෑ. ඉතිං මම මේ ආවේ මම ඔයාට කැමති කියලා කියන්න.” “ඕ...... තැන්ක් යූ අයියා..” ඇය පැවසුවේ ය. “ඉතිං එච්චරද....?” මම පොඩි කේන්තියක් හිතේ දරාගෙන ඇයගෙන් ඇසුවේ ය. “ඔවු අනේ... එච්චරයි ඉතිම්. ඔහොම ගොඩක් අය මගේ පස්සෙන් එනවා. ඉතිම් මට ඕක අමුත්තක් නෙවෙයි.” ඇය එලෙස පැවසු විට මම තරමක් දුරට නොසංසුන් වූ බව මට මතක ඇත. ඒ සමඟ අනූෂි පල් හිනාවක් දාගෙන බිම බලා ගන්නවාද මට මතක ඇත. “මම එහෙම ඔයාව රවට්ටන්න කියනවා නෙවෙයි. මම කියන්නේ ඇත්ත. බලන්න මගේ ඇස් දෙක දිහා.”
69
“අයියා මේ අහන්න.... මට ඔයා කැමති වෙන්න බෑ. මම කැමති ඔයා වගේ අයට නෙවෙයි.” “ඒ කිව්වේ......” “බලන්නකො ඔයාගේ හැටි විතරක්. මෙලො රහක් නෑනේ. කිසිම කොලු කමක් නෑ. කිසිම ශක්තිමත් බවක් නෑ. ඔයා ගැහැණු ළමයෙක් වගේ කියල මට නම් හිතෙන්නේ. බලන්නකෝ කොන්ඩේ. කිසිම ස්ටයිල් එකක් නෑ. පොත්තේ සුද විතරයි. අයියා කෙල්ලො කැමති දඟකාර කොල්ලන්ට. ඔයා වගේ සිරියස් ලුක් එකක් තියෙන අයට නෙවෙයි.” “දඟකාර වෙලා කන්නද නංඟි” මම ඇත්තටම හිටියේ පුදුම හිත් වේදනාවකින් වේ. දරා ගන්න බැරි පරාජිත හැඟිමක් හිතේ දරාගෙන මම පැවසුවේ ය. “ඉගෙන ගත්තා කියලා වැඩක් තියේද අයියේ ගෙදර ෆියුස් එකක් ගියාම දාගන්න බැරිනම්. මම ලෙඩ වෙලා වැටුනොත් උස්සන්න තරම්මවත් හයියක් නැත්නම්.-
70
ගෙදරට හොරු පැන්නොත් තමන්ගේ පවුලේ අය ආරක්‍ෂා කර ගන්න බැරිනම්. ප්ලීස් අයියා වැරදියට හිතන්න එපා. මම ඔයාගේ යෝජනාව ගෞරවයෙන් ප්‍රතික්‍ෂප කරනවා. ඇත්තටම අයියා ඔයා ගොඩක් හොඳ කෙනෙක්. මම යනවා....” යැයි කියමින් ඇය පිටත්ව ගියා ය. අවු: 17 ක කෙල්ලෙක් මාව ඒ තරම් බාල්දු කර අහක දමාවි යැයි මා කිසිලෙසකත් සිතුවේ නැත. ජිවිතේ ප්‍රථම වරට මා ප්‍රථික්‍ෂේප වීමේ වේදනාව අත් වින්දේය. එය කෙතරම් දරා ගැනීමට අපහසුද යත්, මගේ හදවතේ ශබ්ධය මටම ඇහෙන්නට විය. මූහුණ සම්පූර්ණයෙන්ම හිරි වැටුනාක් මෙන් දැනෙන්ට විය. කෑ ගසා අඬන්න සිත් වුනත් ඇස් වල කඳුළු නැත. මට අවශ්‍ය වුනේ එක දෙයයි. ඒ ජිවිතේ නැති කර ගැනීමයි. මේ සිතුවිලි සයුරේ මගේ ජිවිතේ නැති කර ගැනීමට අවශ්‍ය එක් එක් සැලසුම් හැදුවේ ය. “එක්කො මොකටද මැරෙන්නේ. ඕකි වේලිච්ච දර ගහක් වගේ. ඇති රෙද්දක් නෑ.” විටෙක මට සිතේ. “ඕකි දැන් ගිහින් හැමෝටම කියයි. ඊට පස්සේ මට මූණ දෙන්නවත් බෑ.” තවත් විටෙක සිතේ.
71
“මේඝ අයියා, ඔයාගේ උරුමක්කාරි මම නෙවෙයි. එයාව හොයාගෙන යන්න. ” අමාරා දුර සිට හැරී මා දෙස බලා කෑ ගැසුවාය. මම අත ඔසවා ඇයට මා හොඳින් යැයි පෙන්වා එතනින් ඉවත් විය. නැවත හැරි ගෙදර යනවද නැත්නම් බෙල්ලේ වැල දාගන්නවද? එහෙම නැත්නම් පිහියක් අරන් බෙල්ල කපා ගන්නවද? මෙවන් දරා ගත නොහැකි වෙදනාත්මක් සිතුවිලි බොහොමයක් මා සිත තුල විය. එදින මා ගෙදර නොයා පාලමක් යටට වී කල්පණා කරන්නට විය. ඇත්තටම මට මැරෙන්න අවශ්‍යද? මට ඇති එකම ප්‍රශ්ණය එයයි. ඒත් සමඟම සිතට ධෛර්‍යය ගෙන දෙන සිතුවිල්ලක් පහල විය. “ඔවු.... මැරෙන්න හිත හදාගන්න තරම් මගේ හිත හයිය නම්. ඇයි මට ජීවත් වෙන්න හිත ශක්තිමත් කර ගන්න බැරි”. එම සිතුවිල්ලෙන් මගේ ජිවිතේ නැති කර ගන්න තිබු සම්පූර්ණ අදහස නැති වී ගියේ ය. දැන් මට අවශ්‍ය මම සිටින නොංජල් ජීවිතෙන් මිදි වීරයෙක් වීමට යි. “ඔවු මම වීරයෙක් වෙන එක වෙනවා.” එවන් දැඩි අධිෂ්ඨාණයක් පිට මම එතැනින් නැගිට්ටේය.
72
“හෙට ඉරිදා නේද? මට හඳපාන් ඇල්ලට යන්න කිව්ව දවස. මම ගියොත් මුළු විශ්වයම බේරෙනවා කිව්වා නේද?” පෙර දිනක වයසක කාන්තාව කියු දේ මට සිහිපත් විය. මෙය මට වීරයෙක් වීමට ඇති මහඟු අවස්ථාවක් බව මට එවලේ වැටහුණේය. ගෙදරට අකීකරු නොවු මම එදින අකීකරු වීමට තීරණය කළෙමි. ගෙදරට නොකියාම හඳපාන් ඇල්ලට යාම සඳහා මම පිටත්වුනේමි. සවස 5.45 ට තිබු අවිස්සාවේල්ල බස් එකට නැග අවිස්සාවේල්ලට පැමිණ මගේ ATM කාඩ් පතෙන් ගමණට අවශ්‍ය වියදම්ද රැගෙන රත්නපුර බලා පිටත් විය. රාත්‍රියේම කළවානට යෑමට මට හැකි විය. ඒ වන විට මගේ දුරකතනයේ බැටරි බැහැලැ තිබු නිසා වෙලාව හරියටම කිව නොහැක. මගේ අතේ ඔරලොසුවක් ද නොවීය. එදින රාත්‍රිය මුදල් ගෙවා ලැගුම් හලක ගත කිරීමට මට සිදු විය. උදේම අවදි වූ මා මුලින්ම කළේ පහල කඩේකට ගොස් දත් බුරුසුවක් සහ ටූත් පේස්ට් ගෙන පැමිණ හොඳින් දත් මැද සුදානම් වීමයි.-
73
කළවාන දැරිණියගලට වඩා තරමක් විශාල නගරයක් විය. සියළුම අත්‍යාවශ්‍ය දෑ එහි විකිණිමට ඇති බව මට වැටහුණේ ය. නගරයේ කඩ සාප්පු අරිනකම් සිටි මා කොටි කලිසම් දෙකක්, ටී ශර්ට් එකක්, අන්තර්ජාල පහසුකම් සහිත සිම් එකක් සහ ඔරලෝසුවක් මිලදි ගත්තේ ය. ගමනට ඉතා හොඳ පෙර සුදානමක් ඇතුව දිය ඇල්ලට යාමට ගමන් ඇරඹුවෙමි. දිය ඇල්ල ඇති ප්‍රදේශය අසල බසයෙන් බැහැ ගත් මම දිය ඇල්ල ඇති දිසාව බලා කන්ද දිගේ උඩහට බඩා ගා ගියේ ය. ඇත්තටම එය ඉතාම වෙහෙසකර ගමනක් විය. කොහොම හරි අමාරුවෙන් මා දිය ඇල්ල අසලටම නැග ගත්තේ ය. හවස් වීගෙන එන විට වට පිටාව අන්ධකාරය ටික ටික රජ කරන්නට පටන් ගත්තේ ය. සවස 6.10 වන තුරුත් බලාගෙන සිටියේ ය. ඒත් කිසිදු වෙනසක් සිදු නොවීය. “අර නාකිච්චි මට බොරු කිව්වා වත්ද?” මට එලසද සිතුණේය. ඕන දෙයක් වුනාවේ සිතා මා 6.30 වන තුරු සිටිමට තිරණය කළේය. සතුන්ගේ විවිධ වූ ශබ්ධයන් සහ මදුරුවන්ගේ කරදරය ඉවසාගත නොහැකි විය. අවසානයේ නැවත පහලට බැසීමට මා තිරණය කලෙමි. පහලට බසින විට දැඩි අන්ධකාරය නිසා ආලෝකයක් අවශ්‍යම විය. හැමදේම සුදානම්
74
කරගත් මට විදුලි පන්දමක් ගෙන ඒමට අමතක විය. එය කෙතරම් මෝඩ කමක්ද? නරින්ගේ හූ හඬ මැද්දේ දුරකථනයේ ආලොකයෙන් මම පහලට බහින්න පටන් ගත්තේ ය. පහලට එන්න පටන් ගත්තට පාර නිසායාකරව සොයා ගැනීමට මට අපහසු විය. එයට හේතුව දුරකථනයේ ආලෝකය මදි වූ නිසා වේ. මේ කළුවරේ උදව් ඉල්ලා කතා කිරීමටද කෙනෙකු නැත. මම සිටින්නේ මගේ නිවසින් ගව් ගානක් දුරින් වේ. කිසි කෙනෙකුට නොකියා ආ ගමනක් නිසා මා මළත් කවුරුත් දැන ගන්නට හැකියාවක් නැතැයි මට සිතුණි. මා කිසිදා නොලබපු බයකින් වෙලී ගියේ ය. ඇත්තටම බයටම එදා මට ඇඬුණේ ය. “අනේ අම්මේ .... මට සමාවෙන්න. මම අයිත් කියන්නැතුව මේ වගේ ගමන් යන්නෑ.” මම අඬමින් පහලට බැස්සේ ය. මට මතක මම ගලකට අඩිය තියන්න ගොස් ලිස්සා වැටෙනවා පමණකි.
75
"මාඝා, අංගෝරා යේ දමස්කස් ” (අංගෝරාවට ඔබව සාදරයෙන් පිළිගනිමි.) යම් කිසි පුරුදු කට හඩක් සමඟ මම පියවි සිහියට පැමිණියේ ය. මා ඉදිරි පිට සිටියේ පෙර සිදු වීම් තුල මා දුටු කාන්තාව වූහ. ඇය ප්‍රසන්න හිනාවකින් මා දෙස බලා සිටියා ය. මම අන්දුන් කුන්දුන් වී වට පිට බැලු වේය. මා සිටියේ යම් කිසි සත්‍ව සමකින් නිර්මාණය කරන ලද කූඩාරමක් තුල විය. ඇය හැරුණු කොට වෙනත් කිසිවෙක් නොවීය. පෙර සිදුවීම වල පෙන්නුම් කල අංගෝරාවට මා පැමිණ ඇති බව වැටහුණේය. ඒ සමඟම යම් අමුතුම සතුටුදායක හැඟිමකින් මා වෙලා ගත්තේ ය.
76
“මම අංගෝරාවේ....කොහොමද මම ආවේ.?” මම ඇයගෙන් ඇසුවේය. “සීදා මෙන්රෝ ඩා ධ්රස්කි” (අපි ඔබව හොයා ගත්තා) ඇය එලෙස පැවසුවද මට ඒ කිසිදෙයක් තෙරුම් ගත හැකි නොවීය. එම ආගන්තුක භාෂාව මම මීට පෙර අසා නොමැත. “සමාවෙන්න..... ආච්චි අම්මා. මට ඔයා කියන දේ තේරෙන් නෑනේ.” මම පැවසුවේ ය. “මට ආන්‍යා කියන්න. දැන් ඔයා ටිකක් විවේක ගන්න.” හරි පුදුමයි ඒ පාර ඇය තේරෙන සිංහලෙන් පැවසුවාය. “ඔයාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්නේ.” මම ඇසුවේ ය. “ඔවු පුතා මට ගොඩාක් භාෂාවන් කතා කරන්න පුළුවන්.” ඇය එතනින් හැරි කූඩාරමෙන් එලියට ගියා ය. ඒත් සමඟම මා ද කූඩාරමෙන් එලියට ආවෙමි. නමුත් ඇය එ වෙනකොටත් අතුරු දහන් වී ඇත.
77
මා සිටියේ පෙර දුටු දර්ශණයන් හී සිටි විශාල පර්වතයක බෑවුමක පිහිටි ගල් තලාවක් මත වූ ගම්මානයක වූහ. මා සිටි ගම්මානට පිටු පසින් වූ එම පර්වතය කෙතරම් විශාලදැයි කිව නොහැක. උඩ බැලු කල දිස් වන්නේ වළාකුළු තුලින් නොපෙනි යන පර්වත මුදුන වේ. “මේ පර්වතය නගින්න ගිහින්ද මම මැරුණේ. අම්මෝ මම නම් නගින්නෑ මේ ගල් කන්ද” මම මටම කියා ගත්තේ ය. කිසිවෙකුට මා කෙරෙහි අවධානය යොමුව ඇතැයි දක්ණට නොලැඹුණ නිසා ඉදිරියට ගොස් ගල් තලාවේ බෑවුම බැලීමට සිතා ගත්තේය. ගම්මාණය පිහිටි ගල් තලාව එතරම්ම විශාල එකක් නොවීය. ඒ වගේම විශාල නොවුවාද නොවේ. එහි පවුල් 30 කට වැඩිය ජිවත් වන බව මම පසුව දැන ගන ගත්තේ ය. ගල් තලාවේ ඉදිරි කෙලවර විශාල හෙලකි. පහල බැළු කල පතුල නොපෙනේ. දක්නට ඇත්තේවලකුළු පමණකි. මෙය තුන් පැත්තකින් විශාල පර්වතයකිනුත් එක් පැත්තකින් විශාල හෙලයකිනුත් වට වූ ගම්මාණයක් විය. මෙහි ජිවත් වන ජනයා ඉතාම සරල ජිවිතයක් ගත කරන බවක් පෙනෙන්ට වූහ.
78
“මාඝ, තාම කාටවත් ඔයා ගැන නිච්චියක් නෑ. එන්න අපි යමු. මොනා හරි කාලා ඉමු.” අර වයසක කාන්තාව මගේ පිටු පසින් සිට කතා කළේ ය. “මගේ නම මේඝ...” මම පැවසුවේ ය. නමුත් ඇය එය නෑසුණා සේ හැරී යන්න ගියා ය. මාත් ඈ සමඟම පිටු පසින් ගියේ ය. ඇත්තෙන්ම මම සිටියේ විශාල බඩගින්නක නිසා මොනවා හෝ දෙන දෙයක් කෑමට සිත හදාගෙන ඈ පිටු පසින් ගියේ ය. පෙර සිටි කූඩාරම තුලට පිවිසුණ මට ඇය විසින් හිඳ ගැණිමට පොඩි ලී බංකුවක් පිළිගැන්විය. ඒ මත හිඳ ගත් මා ඇය දුන් පුච්චපු මස් කැබැල්ල හෙමින් සැරේ කෑලි කඩමින් කන්නට විය. එම මස් කුමණ සතෙකුගේ මස් දැයි මම නොදණිමි නමුත් ඒවා ඉතාම ප්‍රණීත ලෙස සකසා තිබුණි
79
ගම්මිරිස් කුඩු මිශ්‍ර කර ලුණු සහ දෙහි මිශ්‍රිතව එය සකසා ඇති බව මට වැටහුණේ ය. “ඒත් මේ පර්වතය මුදුණට ලුණි කොහින්ද? හ්ම් පස්සේ හොයාගන්න බැරියෑ.” මට සිතුණේ ය. මස් කැබැල්ල යන්තම් කර වෙන්න පුළුස්සා තිබු අතර එහි ඇතලුත හොඳින් තැම්බි තිබෙණු මට දක්ණට ලැබුණි. තාම උදේ වරුව බවත් වෙලාව කීයට විතර ඇත්ද යන්න පිළිබඳව මට ගැටළුවක් මතු විය. කෑම කා අවසන් වූ විගසින් මා වටපිට බැළුවේ මගේ බෑගය සහ අනිත් අඩුම කුඩුම සොයා ගැනීමටයි. ඒ පිළිබඳ ලකුණක් ද දැක ගැනීමට මට නොහැකි විය. “ආන්‍යා, මගේ බෑග් එක කොහෙද?” මම බැරිම තැන ඇයගෙන් ඇසුවේය. “සීදා කොරොස් ධ්රස් ලුම්නා හෙනා.”
80
ඇය ඇයගේ භාෂාවෙන් පැවසුවේ ය. ඇත්තටම මට එය තේරුම් ගැනීමට අපහසු විය. එම නිසා මම “අනේ මට කිව්ව දේ තෙරුනේ නෑනේ.” ඇයගෙන් කාරුණිකව ඇසුවේ ය. ඇය කිසිත් නොකියා කූඩාරමේ ඇතුලේ හම් කඩකින් වෙන් කර තිබු තව කාමරයකට ගොස් මට ඇඳ ගැනීමට රෙදී කඩක් ගෙන ආවාය. “බර්රා ලුක් ෆෙබ්රෝ, නයිටා ලුක් ෆෙබ්රෝ.” ඇය මා ඇඳන් සිටි ඇඳුමද ඇය ගෙන ආ රෙදි කඩද පෙන්වා පැවසුවාය. එ් කිව්වේ මම දැන් හැඳ සිටින ඇදුම් ගලවා මේ රෙදි කඩ ඇඳ ගන්න යනුවෙන් බව මට වැටහුණේ ය. කෝකටත් විශ්වය බේර ගෙන අමාරා ව සෙට් කරන් මෙතනින් චුත වෙනකම් මෙහේ විදියට ඉමුකෝ කියලා හිත හදාගෙන මම එම රෙදි කඩ ඇන්දේය. නැවත වරක් මම ඇයගෙන් මගේ බෑගය ගැන ඇසු පසු ඇය සුසුමක් හෙලා, “අපිට හම්බවුනේ ඔයා විතරයි” යැයි පැවසුවා ය. “එතකොට විශ්වය බෙරගන්න යන්නේ කවද්ද? මට මොකක්ද කරන්න තියෙන්නේ?” මම ඇයගෙන් ඇසුවේ ය.
81
“නිකේ පක්මා හෙයියා” යැයි පවසා ඇය මහා හඬින් හිනා වන්නට වුවා ය. ඒ කියන්නේ මෝඩ කොල්ලා යනුවෙන් බව මම පසු කාළේක දි ඉගෙන ගත්තේ ය. “මාඝ...ඔයාට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. විශ්වය බේරගන්න කලින් ඔයා මේ මිටියාවතේ නොමැරි ඉන්න ඉගෙන ගන්න ඕන.” ඇය මට තෙරෙන ලෙස පැවසුවාය. “ඉතිං මම කොහොමද එහෙම කරන්නේ. මට ඔයාගේ භාෂාව තේරෙන්නේත් නෑනේ.” “You will learn eventually” (යු විල් ලර්න් ඉවෙන්චුවලි - ඔබ අවසානයේ ඒකත් ඉගෙන ගනීවී) යැයි පැවසුවා ය. “ඔයාට ඉංග්‍රිසිත් පුළුවන් ඉතිම් ඇයි මට මගේ භාෂාවෙන් කතා කරන්න බැරි” “යේ කිම්, ඔයා මෙහේ ඉන්නවනම්. මෙහේ භාෂාව ඉගෙනගෙන. මෙහෙ කෙනෙක් වගේ ජිවත් වෙන්න ඕන. ඔයාට යන්නම ඕන්නම් යන්න. අර හෙල තියෙන්නේ ගිහින් පනින්න.”
82
“කොච්චර කල් මට මෙහේ ඉන්න වෙයිද?” මම ඇසුවේ ය. “මම කොහොමද ඒක දන්නේ. මට ඒක හරියටම කියන්න බෑ. ඔක්කෝටම කලින් උඹව අපේ වරිගේ එකෙක් කොරලා ඉන්න ඕන.” වෙන්න යන්නේ මොනවදැයි කිසිවක් සිතා ගත නොහැකිව මම තුෂ්ණිම් භූත විය. “අඩුම තරමේ මම මෙහේට ආවේ කොහොමද කියලවත් කියන්න.” මම එලෙස ඇසුවේ මා මෙහි පැමිණිම ගැන කිසිදු මතකයක් මා තුල නොමැති වූ නිසා වේ. “සීදා මුඒ හූරා දඩයමේ ගිහින් එනකොට ඔබ අහසින් වැටිලා තියෙනවා. ඔහු තමා ඔබව මෙහි ගෙනා වේ. හ්ම්... දැන් කතා ඇති. හවස් ජාමේ මුඒ හූරා එයි ඔබව බලන්න. එතකන් මෙහේ හිටපං. මාත් යනවා.” යැයි පවසා ඇය කූඩාරමෙන් එලියට ගියා ය.
83
“හයියෝ මං කර ගත්ත ගොන් කමක්. කෙල්ලෙක් ගේ ආදරේ දිනා ගන්න කොල්ලෙක් කරණ මහා ගොන්ම ගොන් මෝඩ වැඩේ මම කරේ.” මට එලෙස සිතුණේ ය. දැන් මට ගෙදරත් නෑ. යන්න තැනකුත් නෑ ඉන්න තැනකුත් නෑ. අඩුම මගේ දුරකථනයවත් නැත. මට මගේ අනන්‍යතාවයද අහිමි වි ඇත. දෙවියනි ඇයි මාව මේ වගේ දේකට පටලව ගත්තේ. වෙන කෙනෙක් හිටියෙම නැද්ද? මට ගෙදර යන්නෝන. අනේ ප්ලීස් මාව ගෙදර ගෙනියන්න. මම අඬමින් දෙවියන් යැද්දාය. ජීවිතේ මම අසරණ වූ පළමු වතාව මෙය වේ. කාත් කවුරුත් නැති, නොදන්න භාෂාවක් කතා කරන, අඳින්නවත් හරි හමන් ඇඳුමක් නැති වෙනම විශවයක මා තනි කරේ ඇයි. මේ පොඩි මම කොහොමද විශ්වයක් බේරගන්නේ. “විශාල නිධානයක් ගන්න බිලි පූජාවකට මව ගෙනාවා වෙන්න බැරිද” මට එලෙසද සිතුණේ ය. -----------------
84
“අංගෝරාවට සාදරයෙන් පිලිගන්නවා ” නුහුරු ගැඹුරු කට හඬකින් කවුදෝ කතා කරණු මට ඇසුණේ ය. ඔහු මා ඉදිරි පිට සිටි අතර මා දෙස තියුණු බැල්මක් හෙලා බලාගෙනම සිටියේ ය. “ආන්‍යා, කෙං රෝකිම් ලුම්නා” ඔහු ආන්‍යාගෙන් යම්ක් ඇසු බව මට වැටහුණේ ය. ආන්‍යා ඔහුගේ පිටුපසින් මතු වී. “රෝකිම්, බුරා කොසි” යැයි පැවසුවා ය. “හ්ම්.. ” ලෙස පවසා ඔහු ආන්‍යා ව පැත්තකට රැගෙන ගොස් මොනවාදෝ මං ගැන කියන බවක් ඇසුනේ ය. පසුව ආන්‍යා මා වෙත පැමිණ “ඔබව අප ගෝත්‍රයට බඳවා ගන්න තව ටික දොහක් යයි. ඒකට ඊලඟ පුරහඳ එනකම් ඉන්න වෙයි.” පැවසුවා ය. “එතකං මම මොකද කරන්නේ? මට ගෙදර යන්න වෙන්නේ නැද්ද?” මම බලාපොරොත්තු කඩ වීමෙන් ඇයගෙන් ඇසුවේ ය. “යන්න.... මිනිස්සු අතරට ගහින් බලන්න. එයලාව අඳුර ගන්න. එයාලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න.” යනුවෙන් ඇය පැවසුවාය.
85
“කෝකටත් ආව එකේ මෙහේ ඉන්නවා. ගෙදර ගිහින් කොහෙවත් යන කෙල්ලෙක් ගෙන් සවුත්තු වෙනවට වඩා මෙහෙ ඉඳලා මැරිලා යන එක සැප යි.” යැයි සිතූ මා එම ගම්මානයේ ඇවිද යාමට තිරණය කලේ ය. බොහොමයක් දෙනා මා දැක මොනවදෝ මුමුණනු ඇසුණේ ය. ඔවුන් මව ඇමතුවේ “රෝකිම්” යනුවෙන් ය. එහි තේරුම අනාගතයෙන් පැමිණි දරුවා යන්න බව පසුව ආන්‍යා මට පැහැදිලි කර දුන්නේ ය. ගම්මානය තුල කම්මල්, කුඹල් කර්මාන්ත සහ තවත් බොහෝ නිෂ්පදන ඇති බව මට දැක ගන්නට ඇති බවක් මා දුටු වේය. නොදියුණු භාෂාවක් කතා කරන මෙවන් ගෝත්‍රකයන් මෙතරම් දියුණු වූයේ කෙසේ දැයි මට සිතා ගත නොහැකි විය. ඇවිද යන විට මා පසු පසින් පැමිණි මට වඩා බාල පෙනුමක් ගත් තරුණයෙකු මට කතා කර යමක් දික් කළේ ය. “හොජා ලුක්, ම් ම් ම්” ඔහු පැවසුවේ ගන්න මේක හරි රසයි යන්න බව ඔහුගේ ඉඟියෙන් මට වැටහුණේ ය.
86
මම එය ගෙන ඔහුට හිස නමා ව්‍යංගයෙන් ස්තුති යැයි ඇඟ වුවේ ය. ඇත්තටම එය පුච්චපු අලයකි. එම අල මොනවාදැයි මම නොදනීමි නමුත් එහි පිටි ගතිය හොඳින් තිබුණේ ය. මම එම අලයක් කටක් කනකම් බලා සිට ඔහු සිනා වී ආපහු දිව ගියේ ය. තව දුරටත් එම මිටියාවතේ ඇවිද ගිය මට ලස්සන ගැහැණු ළමයෙකු මුණ ගැසුනේ ය. තරුණ ගැහැණු ළමයෙක් වූ ඇය මා දෙස බලා අමුතු ශුංගාරාත්මක සිනාවක් පෑවේ ය. ඇය සිටියේ යම් කිසි දෙයක් වේලමින් බව මම දුටුවේය. ලඟට ගිය මට දැක ගැනීමට ලැබුනේ අප මෙහි ඉණට ඇඳ සිටින දුඹුරු පාට හම් වැනි දේ වේලන බවයි. ඇත්තටම එය සත්‍ව හමක් නොවන් බවත් යම් ශාකයකින් ගත් පොත්තක් බවත් එය වේලීමෙන් හම් මෙන් පදම් වන බවත් මට අවබෝද විය. මා දැක ඇය තරමක් ලැජ්ජා විය. මේ මිටියා වතේ සිටින්නන හට තිබුණේ දුඹුරු පාට සමකි. මෙම පර්වතය මත තිබු පස් පවා යම් දුඹුරු පාට බවක් තිබුණේය. ඒ හා සමාන පාටකින් මේ ජනයාගේ සමේ වර්ණයද හැඩගැන්වි තිබුණේ පරිසරයේ ඇති ස්වභාවික සතුරන් ගෙන් ආරාක්‍ෂා වීමට විය හැක.
87
ආන්‍යා ගේ හැර අන් සෑම දෙනාගෙම දත් කළු පැහැ ගැන් වී තිබෙන බවද මා දුටුලක්‍ෂණයක් වේ. මා ඇයට ලං වී “ඉතිම් කොහොමද?” යැයි ඇසුවේ ය. ඇය එක වරම බිය වී එතැණින් නැගිට ඇයගේ කූඩාරම තුලට දිව ගියා ය. මටත් එම සිදු වීම නිසා හිතේ ඇති චකිතයට වහාම එතැණින ඉවත් ව ගියේ ය. මා වැටි මැරෙණ තැන බලා ගැනීමට මට බොහෝ සේ අසාවක් ඇති විය. එම නිසා. එම පෙදෙස සොයා මා ඇවිද ගියෙ මි. එය පිහිටියේ මා සිටි කුඩාරමට මදක් එහායින් පිටු පසට වන්නට විය. ඒත් එතැණින් ලිස්සා වැටෙන්ට තරම් හේතුවක් මට මතක නැත. එදින සවස තැනිතලා පුදේශයකට රැස් වූ තරුණ පිරිමි ළමයි. පාම් වර්ගයට අයත් ගසකින් ගත් පට්ටා වලින් සාදා ගත් බෝලයකට පහර දෙන්න පටන් ගත්තේ ය. එය ඇත්තටම ෆුට්බෝලයකට පහර දෙනවා හා සමාන වූ අතර ගෝලයක් හෝ යම් කිසි ලකුණක් ලබා ගැනීමේ ක්‍රියා වලයක් ඒ තුල තිබෙණු දක්ණට නොලැබුණේ ය.
88
එකිනෙකා එදින සවස තැනිතලා පුදේශයකට රැස් වූ තරුණ පිරිමි ළමයි. පාම් වර්ගයට අයත් ගසකින් ගත් පට්ටා වලින් සාදා ගත් බෝලයකට පහර දෙන්න පටන් ගත්තේ ය. එය ඇත්තටම ෆුට්බෝලයකට පහර දෙනවා හා සමාන වූ අතර ගෝලයක් හෝ යම් කිසි ලකුණක් ලබා ගැනීමේ ක්‍රියා වලයක් ඒ තුල තිබෙණු දක්ණට නොලැබුණේ ය. එකිනෙකා හරහා පාදයෙන් බෝලය පාස් කරන අයුරු මා බලා සිටියේ ය. ඔවුන් එම ක්‍රිඩාවේ දක්‍ෂයෝ වුවේ ය. මා ක්‍රිඩාවට ආගන්තුකයෙක් බව මා මීට පෙර සඳහන් කලා ඔබට මතක ඇති. ගැහැණු ළමයෙකු මෙන් තැන්පත්ව සිටි මට වෙනස්ම චරිතයක් බවට පත් වන්නට සිදු වන බව මා දැන සිටියේ ය. කෙසේ හෝ මොවුන්ගෙම කෙනෙකු සේ හැඩ ගැසි ජිවත් වීමට මා තිරණය කළෙමි. ================
89
කොහොම හරි මට මාසයක් පමණ මෙම මිටියාවතේ මෙලෙස සිටින්නට සිදු විය. ඒ අතර තුරේ මට මුල් දවසේ පුච්චපු අලයක් ගෙනත් දුන් පිරිමි ළමයා දැන් මා හට හිතවත්ම යාලුවා වුවේ ය. ඔහුගේ මාර්ගයෙන් භාෂාව ඉක්මණින් අල්ලා ගැනීමට මට හැකි විය. පෙර කී පාපන්දු ක්‍රිඩාවට සමාන ක්‍රිඩාවට මා බෙහෙවින් ඇළුම් කල හෙයින් මගේ අලුත් මිත්‍රයා සමඟ ඒවා පුහුණු වීමට මටද හැකියාව ලැබුණේ ය. භාෂාවක් හෝ වෙනයම් ඕනෑම විෂය කරුණක් තෙරුම් ගැනීමට මට සහජ හැකියාව තිබුණත් කායිකව සිදු කරන බොහෝ දෑ පුහුණු වීමට මට බොහෝ කාලයක් ගත විම සාමාන්‍ය දෙයකි.
90
“හෙට ඔබ දෙදෙනාව අපේ ගෝත්‍රයට බඳව ගන්න දවස. සුදානමින් ඉන්න.” මිටයාවතේ ඇවිදමින් සිටි අප දෙදෙනා අතරට පැමිණි මුඒ හූරා (එනම් නායක තුමා) පැවසුවේ ය. මට දැන් භාෂාව තෙරෙන නිසා තව දුරටත් ඔවුනගේ භාෂාවෙන් මේ සිදු වීම් පෙල ඔබ වෙත ගෙන ඒමෙන් ඔබ තුල නිරස බවක් ඇති වනු ඇතැයි මට සිතේ. එම නිසා මා මාගේ භාෂාව වූ සිංහල භාෂාවෙන්ම ඔබට සියලු විස්තර ගෙන එන්නම්. “ටොංටෝ.... ඔබ එදාට වැඩි හිටියෙක් ලෙස ගොත්‍රයට එක් වන දවස.” යැයි පවසමින් ඔහු එතනින් යන්න ගියේ ය. ටොංටෝ යනු මුල් දවසේ මට පුච්චපු අල දුන් පුද්ගලයා වේ. ඇත්තටම ඔහු ගේ වයස කොපමනක් දැයි මම නොදනිමි. මගේ උප කල්පණයට අනුව ඔහු අව:13ක පිරිමි ළමයෙක් බව කිව හැක. ගොත්‍රයට බඳවා ගැනීම සඳහා යම් යම් චාරිත්‍ර කීපයක් ඇති බව මා ටොංටෝ ගෙන් අසා දැන ගත්තේ ය.
91
වරිගේ ශක්තිමත් ම කෙනා සමඟ සටන් වැදීම, පර්වතයේ වැඩිම උසක් නැගීම, වේදනාව දරා ගැනීම, තනි තනිවම කරණ දඩයම වැනි වගේ දෑ ඇති බව ඔහු මට පැවසුවේ ය. මේ එකක් වත් මට කල හැකි ඒවා නොවේ. ඉතිං මේවා කර ගත නොහැකිව ගෝත්‍රයෙන් නෙරාපා හැර මාව ආන්‍යා විසින් කෙසේ හෝ ගෙදර යවනු ඇතැ යි ද මට සිතුණේ ය. මෙච්චර කාලයක් ඉඳලත් මා දුටු අමාරා මෙහි සිටිනවා දැක්කේ නැත. ආන්‍යාද හිටපු ගමන් මතුව මා සමඟ මොනා හරි කතා කොට අතුරු දහන්ව යයි. ඇයව හඳුන්වන්නේ “සොලා නමාඒ”(සුදු ආත්මය) යනුවෙන් වේ. මෙහි සිටින නායකයා හා සමාන පිලිගැනීමක් ඇයට ඇත. කොහොමින් හෝ මෙහි ජිවිතයට මා හුරු වී ඇත. නමුත් මෙහි වාසය කරන පුද්ගලයන් මෙන් කය වෙහෙසා වැඩ කිරීම මට බොහෝ අපහසු විය. අන්තරජාලයෙන් සහ අනාගතය ගැන තිබු කටුක බියෙකින් ජිවත් වූ මා වැනි කෙනෙක්ට මෙම ජිවිතයට හුරු වූ විට විශාල බරක් ඔළුවෙන් අඩු වුනා වගේ හැඟිමක් දැණෙන්ට පටන් ගනී. නමුත් ගෙදර යෑමට වූ ආශාව යටි හිතේ හැම වෙලේම තිබුණේය. මගේ දෙමාපියෝ පමණක් නොවේ යොහානිව සහ වගීෂවත් මතක් වන වාර අනන්තය.
92
පසු දා උදෑසනම අපව මුඒ හූරා ගේ කූඩාරම අසලට කැඳෙව්වේය. අප ගෝත්‍රයෙන් පිරිමි ළමුන් හතරක් සහ වෙතත් ගෝත්‍රයකින් ගැහැණු ළමයි පහක් මෙම චාරිත්‍රය සඳහා සහභාගි වන බව ඔහු පැවසුවේ ය. අපට අමතරව තවත් ගෝත්‍ර පවතින බව දැන ගත්තේ එදායි. මායි ටොංටෝයි ඇතුළුව තව දෙදෙනෙක් සිටියේ ය. අපව රැගෙන ඔවුන් ගල් තලාවේ කෙලවරකට ගියේ ය. මා එතනට ගිය පළමු වතාව එය වේ. එතනින් ගල්තාලව ඇතුට ගිය උමං මාර්ගයක් වූ අතර ඒ තුලින් අපව කැඳවාගෙන වටේට පර්වතයෙන් වට වූ විශාල මිටියාවතකට රැගෙන ආවේය. ඇත්තටම එය ඈතින් විශාල වනාන්තරයක් බව අපට දැක ගත හැකි විය. නමුත් අපට ඒ තරම් දුරක් යාම තහණම් වූ අතර පෙන්වා දුන් වපසරියක පමණක් දඩයම් කිරීමට පැවසූ වේය. දඩයම් ඇරඹීමට ප්‍රථම පෙර කී ගොත්‍රයෙන් පැමිණෙනවා යැයි පැවසු ගැහැණු ළමයි පස් දෙනා එනකම් සිටීමට සිදු විය. සුළු මොහොතකින් එම ගෝත්‍රයේ නායක් තුමා සමඟ එම ගැහැණු ළමයි පැමිණියේ ය. අපට ඒ ගැහැණු ළමයි දෙස බැලීම තහනම් වූ අතර දඩයම ආරම්භ වූ පසු ඔවුන්ව දඩයම තුලදි මුණ ගැසීමට
93
හැකි බවත් කෙසේ හෝ දඩයමක් කරගෙන පැමිණිම පමණක් ප්‍රමාණවත් බව අප නායක තුමා පැවසුවේ ය. දඩයම සඳහා කුඩා හෙල්ලක් පමණක් ලබා දී අපට කලින් ගැහැණු ළමුන්ට යෑමට ඉඩ හැරියේ ය. ඊට මද වේලාවකට පසු අපට යන්න ඉඩ හැරියේ ය. පොඩි සතෙක්ට වඩා තරමක් විශාල සත්‍වයෙක් අල්ලා ගත්තොත් ඔහුට ගෝත්‍රයේ යම් සැලැකිල්ලක් ලැබෙන බව ටොංටෝ මට පවසා ඇත. නමුත් මගේ ඉලක්කය දඩයම් නොකර ගොත්‍රයෙන වෙන් වී ඈත් වී සිටීම බැවින් කැලය තුලට දිව ගිය පසු දහවල් වන තුරු සැඟවී සිටීමට මම සැළසුම් කළෙමි. අපට කණ්ඩායම් ගැසී යාමට තහණම් වූ අතර මුලින්ම දඩයම කරගෙන ආපු කෙනා හට අර හිටපු ගැහැණු ළමයින් ගෙන් කෙනෙකු ලබා ගත හැකි බවද පැවසුවා ය. නමුත් මට අවශ්‍ය වුනේ ඉක්මණින් මෙහෙන් පිටව මගේ ලෝකය වෙත යාමටයි. අප සැවොම දඩයම සඳහා වෙන් වී කැලය ඇතුලට ගියේ ය. එහි මම ජීවිතේ ට නොදැකපු උරගොයෝ සහ පක්‍ෂීන් සිටියේ ය. ටොංටෝ ගේ ඉලක්කය -
94
පොඩි මුවෙක් ට එ් දෙස බලා සිටි මා දුටුවේ අර ගැහැණු ළමයින් ගෙන් එක් අයෙක් ඒ පැත්තට යන අයුරුයි. ඇයගේ ඇවිදීම සහ ශරීර හැඩය මට හොඳින් හුරුපුරුදු වූ බැවින් මා ඒ දෙසම බලා සිටියේ ය. එම ගෝත්‍රයේ තරුණියන් උඩු කය නිරුවත් වූ අතර කොණ්ඩයෙන් පපුව වසාගෙන සිටියා ය. මාත් මා සිටි ගලෙන් බිමට බැස ඈ සිටි දෙසට මගේ අත ඇති හෙල්ලයද සමඟින් ඒ දෙසට ගියේ ය. හිතුවට වඩා ඉක්මණට මට ඈ සිටි තැනට ලංවීමට හැකියාව ලැබුණේ ය. ඇය සිටියේ කුමකට හෝ කුරුමාණම් අල්ලමින් බව මා දුටුවේ ය. ඈ තහණම් කරපු සීමාවට ඉතා ලංව සිටියා ය. ඇය කුරුමාණම් ගෙන සිටියේ ටොංටෝ කී ජාතියේ කුඩා සතේකුට බව මා පසුව දැක්කේය. ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ ඇය අර කුඩා සතාව දඩයම් කර ගත්තේ ය. නමුත් බලාපොරොත්තු නොවු දෙයක් එතන සිදු විය. ඇයට ඉදිරියෙන් තරමක් විශාල කොටියෙක් මතු වී ඇය ඉදිරියට ආවේ ය. ඇත්තෙන්ම ඇයත් කොටියාත් යන දෙදෙනාම මාන බලා තිබුණේ එකම ගොදුරකට බව වැටසුණේය. තම ගොදුර ඩැහැ ගත් කේන්තියෙන් එම කොටියා ඇය දෙස බලා සිටියේ ය.
95
ඌ සමාන්‍යෙන් මා දැක ඇති කොටියට වඩා මදක් විශාල වූ රදනක දත් දිග් වූ සතෙක් වුවේ ය. තව සුළු මොහොතකින් ඈ වෙතට පැන ඌ ඇයව කීතු කීතු කරනවා මට හොඳට විස්වාසය. එම නිසා ඇයව බේරා ගැනීම මගේ වගකීම බව මට හැගුණේය. කෙතරම් අලසයෙක් වුනත් වීරයෙක් වීමේ සිහිනය අන් පිිරිමින්ට මෙන් මා සිතේ ද තිබුණේ ය. ඈ සිටියේ මට ඉදිරියේ ය. මා ඇයට ලං වීමට ශබ්ධ නොකර ඈ වෙතට ගමන් කලාය. සිතේ ඇති වූ ත්‍රාශය නිසා මගේ පැමිණිම ඇයට ඇසුණේ වත් ගොදුර ඩැහැ ගැනීමේ කේන්තිය නිසා මා පිළිබඳව ඉව සතාට ඇති වුනේ නැති බවත් මාගේ හැඟිමයි. ඇගේ පිටු පසට වී රැක සිටි මා කොටියාගේ පිම්ම එනතුරු බලා සිටියේ ය. “පොඩ්ඩක් වත් හෙල්ලෙන්න එපා. මම ඔයාගේ පිටි පස්සේ ඉන්නවා.” මම ඇයට පැවසුවාය. මා කිව් දේ තේරුන බව හැඟ වීමට ඇය බියෙන් මදක් හිස සැලිය. කොටියාත් ඇයත් අතර තිබ්බේ අඩි 10 ක පමණ පරතරයක් බවත් කොටියාට ක්‍රියාත්මක වීමට එම
96
ඉඩ හොඳටම ප්‍රමාණවත් බවත් මට වැටහී ගියේ ය. මා සිතන අයුරි ඌ පහර දීමට අවොත් මට සතාව මගේ කුඩා -හෙල්ලයෙන් ඇන මරා දැමිය හැකි බව මා උපකල්පණය කළේ ය. නමුත් මගේ පහර මිස් වුනොත් අප දෙදෙනාටම මරණය බව මා දැන සිටියේ ය. නමුත් මොකක් දෝ හේතුවකට මට මේ සටන දිනන් පුළුවන් යන විශ්වාසය තදින් හිතට කා වැදි තිබුණේ ය. කොටියා ක්‍රියාත්මක විය. ඌ මාන බලා ඇයගේ උගුර දණ්ඩ වෙතම පැන්නේ ය. මටද අවශ්‍ය වූවේ ඌ ගේ එම පිම්ම වේ.ඌගේ පැනීමත් සමඟම පිටුපසින් සිට බලාසිටි මා එත් සමඟම තදින් හෙල්ල ගෙන ඇයව තල්ලු කරමින් මගේ හෙල්ල කොටියාගේ උගුර දණ්ඩ පසාරු කරගෙන යන අයුරින් පහර දුන්නේ ය. මරණීය තුවල ලැබු කොටියා පැත්තකට වී පන අදින්නට විය. මේ සෑම දෙයක්ම තත්පරයකට ත් අඩු කාලයක් තුල සිදු විය. මා ඇය දෙස හැරී බැලුවාය. ඇය මගේ තල්ලුව නිසා මුණින් අතට වැටි ඇති බව මා දුටු වේ ය.
97
“ඔයා හොඳින් ද?” මම ඇයගෙන් ඇසුවේ ය. “ඔයාද රෝකිම්?” ඇය ඇසුවේ ය. නැගිට පාත් වී තමා දඩයම් කල පුංචි සත්‍වයා අතට ගන්නා ගමන් ඇසුවා ය. “එහෙම තමයි ගොඩක් අය කියන්නෙ.” මම ඇයට පැවසුවේ ය. ඒත් සමඟ ඇයගේ මූණ මට දැක ගත හැකි විය. “දෙයියනේ මේ අර මම දැකපු අමාරා නේද?”. ඇය ඇත්තටම අමාරා වගේම වුවාය. නමුත් ඇයගේ ශරීරය අමාරා ට වඩා පරිපූර්ණ සහ හැඩ වුවාය. මා පුදුමයෙන් මෙන් ඇය දෙස බලා සිටියේ ය. ඇයද මා වෙත බලා දඟකාර හිනාවක් පා “මීට කලින් කෙල්ලො දැකලා නැද්ද?” ඈ අසුවා ය. “හරි අපි යමු.... තව මෙතන හිටියොත් මොන වගේ සත්තු එයිද දන්නේ නෑ”මම ඇයට පැවසු වෙමි. “යමු එහෙනම්... එතකොට ඔයාගේ දඩයම ගෙනි යන් නැද්ද?”
98
“මට තාම දඩයමක් අල්ලගන්න බැරි වුනා. මොනා කරන්නද?” “නිකේ පක්මා හෙයියා, ඔයා දැන් මරපු සතාව අරන් එනවා.” ඇත්තමයි ඇය කියන තුරු එම සාතාව මගේ දඩයම හැටියට ගන්න පුළුවන් බව අමතක වී ගියේ ය. ඇය දුටු නිසා මෙතනින් යාමට තිබු අදහස නැති වී ගියේ ය. එම නිසා විශාල සත‍්වයෙක් දඩයම් කිරීම මා ලද භාග්‍යාක් වූවේ ය. නමුත් මේ සතාව ගෙන යන්නේ කොහොමද? සැතපුම් එකහාමාරක් පමණ දුර රාත්තල් 200 ක පමණ බරැති සතෙක් කෙසේනම් ගෙන යන්න ද? මම නැවතත් ඔළුව කසමින් කල්පණා කරන්නට වූවේ ය. “නිකේ පක්මා හෙයියා, සතාවම උස්සන් යන්න ඕන නෑ. උගේ ඔළු විතරක් කපාගෙන අරන් යන්න.” ඇය පැවසුවාය. නිකේ පක්මා හෙයියා යනු “මෝඩ කොල්ලා” යන තේරුම ගෙන දේ. එහි සැබෑ තේරුම වන්නේ ‘ඔළුවක්/මොලයක් නැති කොල්ලා’ යනුවෙන් වේ.
99
මා විගසින් හෙල්ලයේ තුඩ ගලවා එමඟින් එම සතාගේ බෙල්ල කපා වෙන් කළේ ය. ඒ සඳහා යම් කිසි කාලයක් ගිය අතර ඇය මා ලඟට වී කතා කර කර සිටියෙ ය. අනාගතයේ යම් දවසක රණ ශුරයෙකු බිහි වන බවත් ඔහු විසින් ඉහල අකාශයේ ඇති සඳ තරු ග්‍රහ වස්තු යක්‍ෂයින්ගෙන් ආරක්‍ෂා කරන බවත් ගැමියන් තුල විශ්වාසයක් පවතින බව ඈ මට පැවසුවාය. තවද අප සිටින මිටියාවත වගේ මේ පර්වතය දිගට ගම්මාන හයක් තිබෙන බවත් ඇය පැවසුවා ය. ඇය සමඟ ගත කල එම කාලය තුල මගේ හිතේ ඇය ගැන ආදරයක් ඇති වුවාය. මා සිටි පෘථිවියේ සිටි අමාරාට මෙන් මේ අමාරාටද මම ආදරය කළෙමි. කොටියාගේ කඳින් වෙන් කෙරු හිසත් සමඟ මා ඇය සමඟ කතා කරමින් පෙර සිටි ස්ථානය කරා පැමිණියේ ය. අප යන විටත් අනිත් අය දඩයම් අවසන් කර පැමිණ තිබුණේ ය. ටොංටෝ වගේම අනෙක් සෑම දෙනාම දඩයම් කර තිබුණේ කුඩා මුවෙක් වන් සතෙකු බව මට පෙණි ගියේ ය. මා දඩයම් කර පැමිණියේ කොටියෙකු බව දැන ගත් අන් සැවොම ඉතාම පුදුම වුවාය. එය මින් පෙර
100
කිසි කෙනෙක් ආරම්භයේ නොකරපු දෙයක් බව මගේ ගෝත්‍රයේ නායකයා පැවසුවේය. අද දවසේ කළ යුතු එක් කාර්‍යයක් එළෙස නිමා වුවත් දඩයම නිම කල පළවෙනියා හට කැමැති ගැහැණු ළමයෙකු තොරා ගැනීමට අවශ්‍ය අවකාශය එම ගෝත්‍රයේ නායක තුමා විසින් පළමු දඩයම් කරුට දුන්නේ ය. අවාසනාවට පළමු දඩයම් කරු වූයේ අප හතර දෙනා අතර සිටි හැඩි දැඩිම තරුණයා වීම මට තවත් කරදරයක ආරම්භයක් වූවාය. ඒ ඔහු තොරා ගත්තේ මා සමඟ කතා කරමින් පැමිණි අමාරාට සමාන රුව ඇති තැනැත්තිය වීම යි. එය මට ඇත්තටම දරා ගත නොහැකි වූ බව කිව යුතුමය. “කවුරුත් මේ යෝජනාවට විරුද්ධ ද? රැංගෝ ට ඇය හිමි කර දෙන්නම්” යැයි එම ගෝත්‍රයේ නායක තුමා පවසනවාත් සමඟම “ඔවු මම විරුද්ධයි” යැයි උස් හඬින් මා පැවසුවේ ය. මගේ විරුද්ධත්වය නිසා ඇය සතුටු වූ බවක් නම් මා දුටුවේ ය. එමඟින් මා තවත් ශක්තිමත්ව කතා කළේ ය.
101
“කොටියා මරා ඇයගේ ජිවිතය බේරා ගත්තේ මමයි. එම නිසා ඇයව අයිති මට” යැයි මා කෑ ගසා පැවසුවා ය. එයට සවන් දුන් අප ගොත්‍රයේ නායක තුමා ඔහුගේ හඬ අවදි කළේ ය. “ඔබ ඇයව රෝකිම් ට දෙන්න කැමතිද” යී රැංගෝ ගෙන් ඇසුවාය. “නෑ....... මමයි දඩයමේ ජයග්‍රහකයා. ඇයව අයති මටයි.”යි ඔහු පැවසුවේ ය. “එහෙනම් මෙය සටනකින්ම විසඳා ගත යුතුයි. ඔබ දෙදෙනාම එයට කැමති විය යුතුයි. එම සටන දින කීපයකින් පවත්වමු. දිනන කෙනා හට ඇයව ජීවිත කාලයටම අයත් වෙයි. නැවත සටන් කර හෝ ඇයව ලබා ගත නොහැකි බව මම තරයේ කියා සිටිණවා” යැයි ඔහු පැවසා සිටියේ ය. රැංගෝ යනු සටනෙහි දක්‍ෂයෙක් බව ටොංටෝ මට පැවසුවේ ය. ඔහු පවසන ආකාරයට අමාරා ව රැංගෝට දීම නුවනට හුරු බවයි. නමුත් මා එය පිළිගැනීමට සුදානම් නැත. ඒ වගේම හොඳින් හෝ නරකින් හරි අමාරාව මා වෙත ලබා ගන්න බව මම තරයේ ඉටා ගත්තෙ මී.
102
අපට ඊලඟට යෙදි තිබු පරික්‍ෂණය වුයේ වේදනාව දරා ගැනීම යි. ඒ සඳහා අප එකිනෙකා කැඳවා අප්‍රිකාණු මිලිටරි ඈන්ට් නම් කුහුඹු විශේෂයට සමාන පෙනුමක් ඇති කුහුඹුවෙක් ලවා අතට දෂ්ඨ කරවීම යි. එම අප්‍රිකාණූ කුහුඹුවා විස සහිත නොවුනත් දෂ්ඨණය සිදු කල කුහුඹුවා විෂ සහිත විය. මාරාණ්තික විස නොවුනත්. ඒ වේදනාව දරාගත නොහැක. දෂ්ඨ කල සැණකින් රත් කල ඇණයක් අත පසාරු කරගෙන යන්නාක් මෙන් දැනේ. දැඩි වේදනාව නිසාම මා බිම ඇද වැටෙණු පමණක් මට මතක ය. ගැහැණු ළමයි ගේ දරා ගැනීම සඳහාත් මේ පරික්‍ෂණයම කරණු ලැබේ. ඇය කෙළෙස මෙම වේදනාව විඳගන්නවා ඇත්ද? මට සිහි නැති වීමට ඔන්න මෙන්න සිතුණේ එපමණකි. තොලේ ඇති වූ කර්කශ රසයක් සමග මා අවදි විය. ආන‍්‍යා පැමිණ යමක් මගේ තොල ගා ඇති බවත් එමඟින් මගේ වේදනාව අඩු වී සිහිය ආ බවත් මට අවබෝධ විය. මා මුලින්ම කලේ වට පිට බැලීමයි. මා හැර අන සියළු දෙනා එම වේදනාව දරා ගත් බව මට තේරුම් ගියේ ය. අමාරා ත් මා දෙස බලා සිටි බැවින් මට මහත් ලැජ්ජාවක් ඇති විය.
103
ඊලඟට අපට තිබුණේ පර්වතය උඩට වැඩි දුරක් නැග යාම විය. ඒ සඳහා අපව කැඳවාගෙන ගියේ මා වැටෙනවා දුටු ස්තානයට විය. “එහෙනම් මේකයි විශ්වය බෙර ගන්නවා කියන්නේ. මේකෙන වැටිලා මම මැරෙන එකට තමයි එහෙම කියන්නේ.” මට සිතුනේ ය. එහෙනම් මේ මම මැරෙණ දවසයි. මට ඒ අමාරාත් නැත මේ අමාරාත් නැත. “ඔවු කොලුවෝ උඹ මැරෙණවා තමයි” ආන්‍යා පිටු පසින් ලඟට පැමිණ මගේ කණට කල කිවේ ය. මම ඇය දෙස බිය මුසු මුහුණෙන් යුතුව බලා සිටියේ ය. එවිට ඇය සිනා සී “උඹ ත් මැරෙනවා මාත් මැරෙනවා. අපි හැමෝම මැරෙණවා. නමුත් අද නෙවෙයි. බය නැතුව කන්ඳ නැගපං.” ඇය පැවසූවේ ය. එයින් මගේ සිතේ බිය පහව ගිය අතර කලින් වෙච්ච ලැජ්ජාව අඩු කර ගැනීමටත් එක්ක මේ පරික්‍ෂණයට හොඳින් මුහුණ දෙනවා යැයි සිතා ගත්තේ ය.
104
අපට ලබා දුන් සීමිත කාලයක් තුල ඉහලටම ලඟා වීම තමා කළ යුත්තේ. අපගේ මුඒ හූරා විසින් පෙන්වා ඇති සීමාව ඉක්මවා අප කන්ද නැග ඇත්නම් ජයග්‍රහය අයිති වේ. කාලය මනින්නේ ආන්‍යා විසින් වේ. මෙහි කිසි කෙනෙකු හට කාලය පිළිබඳව ඇත්තේ අල්ප හැඟීමක් බව මා දන්නා කරුණකි. පරික්‍ෂණය ආරම්භ කෙරිණි. මා මට හැකි අයුරින් කන්ද ඉහලටම නැගගෙන ගියේ ය. පහලවත් ඉහලවත් බැළුවේ නැත. මගේ දෙපැත්තෙන් මට වඩා වේගයෙන් ගැහණු ළමයෙකු ද නගිනවා දැක්කෙමි. අවසානයේ කාලය අවසන් වීමේ විසිල් නාදය ඇසි අප ගමන නැවැත්තු වෙමු. මම පහල බැළුවේය. මා හිතා ගත නොහැකි තරම් දුරක් නැග සිටින බව පෙණුනේය. නමුත් මම අන්තිමයා බවද මට වැටහුණාය. ජයග්‍රහණයේ සීමාව මට පහලින් නොවු නිසා මම කණස්සල්ලට පත්ව ඉහල බැළුවේය. ඉහලද සීමාව දක්ණට නොලැබුනේය. මදක් කල්පණාවෙන් බැළු මට පෙනි ගියේ මගේ දෙපා මුල සීමාව ඇති බවයි. කෙසේ හෝ යන්තම් සීමාව පසුකර තිබු නිසා මා ජයග්‍රාහකයෙක් වූ අතර අන් සියළු දෙනාම බොහෝ ඉහලට නැග ගොස් තිබුණේ ය.
105
නැවත පහලට බැසීම අසීරුම කාර්‍යය බව මට පැහැදිලිව පෙනුනේ ය.රැංගො සහ අනිත් පිරිමි ළමයාත් පහල බහින්න පටන් ගත් අතර මටත් ගැහැණු ළමයින්ටත් පහලට බැසීම යනු මරණය ගෙන දෙන දෙයක් බව වැටහී ගියේ ය. මා අල්ලා සිටි තැන අපහසු තැනක් නොවූ නිසා වට පිට බලා මදක් කල්පණා කළේ ය. අමාරුවෙන් මා බැස ගත්තත් බහින්න බැරුව අතරමන් වී සිටින ගැහැණු ළමුන්ට මොකද කරන්නේ යන ගැටළුව මට ඇති වුනේ ය. ඒ අතරේ ටොංටෝත්, අමාරාත් පහලට බහින්න උත්සහ කරන අයුරු මා දුටුවේය. ඔවුන් බැස ගියත් අනිත් ගැහැණු ළමයි දෙදෙනාටනම් බැස යා නොහැකි බව මා තේරුම් ගත්තේ ය. “ටොංටෝ.., බහින් එපා. එහා පැත්තේ ඉන්න කෙල්ලටයි අනිත් කෙල්ලෝ දෙන්නටයි කියන්න. අමාරා......, ගැහැණු ළමයි කාටවත් බහින්න දෙන්න එපා. ” මම කෑ ගසා පැවසුවේ ය.
106
එදා සිදු වීම් පෙල දකිද්දී මම මීට වඩා ඉහලට නැග සිටී බවත් මට ඉහලින් පටු ගල්තලවක් තිබු බවත් මා දැක්කා. එම නිසා එම ගල් තලාවට ගොස් පහලට එන මාර්ගයක් සොයා ගැනීම නුවණට හුරු බව යැයි මට වැටහුණේ ය. “රොකිම් නිකේ පක්මා (රෝකිම් මෝඩයේ) , මට මේකෙන් බහින්න පුළුවන්. මම බහිනවා.” යැයි අමාරා කෑ ගසා පැවසුවා ය. “එපා බහින්න. මේක අනතුරු දායකයි. ඔයා නැතත් අර ඉන්න ළමයෙක් හරි වැටිලා මැරෙන්න පුළුවන්.” මම කෑ ගසා පිළිතුරු දුන්නේ ය. “හරි කියන්න.... මම මොකක්ද කරන්න ඕන.” ඇය කෑ ගසා ඇසුවා ය. “ටොංටෝ.........අමාරා..... දෙන්නම තව ටිකක් උඩට නිගින්න. පටු ගල්තලාවක් ඇති එතනට වෙලා ඉන්න. මම එන්නම්. අනිත් අයත් එක්ක යන්න.” මා කෑ ගසා පැවසුවේ ය. අමාරා බේරගෙන මා කළ වීර ක්‍රියාව හේතුවෙන් ඔවුන් තුල යම් -
107
විස්වාසයක්ඇතිව තිබෙන්නට ඇත. එම නිසා මට අවනත වී උඩටම ගියේ ය. මද වේලාවකින් මටද ඔවුන් සිටි තැනට ලඟා වීමට හැකියාවක් ලැබුණු අතර මහන්සිය නිසා මදක් හාංසි වී හති ඇරියේ ය. “රෝකිම්... දැන් අපි මොකද කරන්නෝන.” ටොංටෝ මගෙන් ඇසුවේ ය. “පොඩ්ඩක් ඉන්න...” යැයි පවසමින් නැගිට ගත් මා වට පිට බැළුවේ ය. අප සිටි තැනට පහල ගම්මාණයට එහා ඇති මහා හෙළයත් ඊට බොහෝ පහලින් කොල පාටින් වනාන්තරත් සහ විශාල ජලාශද දැක ගන්නට ලැබුණේ ය. එහි මෙවන් ජනාවාස පවතිනු ඇතැයි මම නිගමණය කළෙමි. හොඳින් අවට නිරික්‍ෂණය කල මා හට මෙම ස්තානය බොහෝ කලකට පෙර පාවිච්චි කරපු තැනක් බව තේරුම් ගත හැකි විය. ඔවුන් එසේ මෙය භාවිත කළේ නම් මෙතනට නැග ඒමටත් බැස යාමටත් මර්ගයක් තිබිය යුතු වේ. මම ඒ බව මා සමඟ සිටි පිරිසට
108
පැවසුවේය. ඔවුන් දෙපැත්තට ගොස් මර්ගයක් සොයන්නට විය. ඒ අතරේ මහන්සි වැඩි කමට මා බිම වැතිර ගත්තේ ය. ඒ අතරේ අමාරා වැනි ඇය මා අසලට පැමිණියේ ය. “ඇයි ඔයා මාව ගන්න රැංගෝ වගේ කෙනෙක් සමඟ සටන් කරන්නේ.” ඇය මගෙන් ඇසුවේ ය. මගේ කතාව ඇයට පැහැදිලි කර දීමට ඔවුන්ගේ භාෂාවත් බුද්ධි මට්ටමත් මදි බව තෙරුම් ගති මා එය මග හැරියේ ය. “ඒ ඔයා ලස්සන නිසා” යැයි පවසා සිටියේ ය. එම පිළිතුරෙන් ඈ තරමක් ලැජ්ජා වූ බවක් පෙනි ගියේ ය. “ඔයාගේ නම මොකක්ද?” මම ඇසුවේ ය. මෙපමණ කලක් ඇයව මා අමාරා ලෙස හැඳින්වුවද ඇගේ ඇත්ත නම මා දැන සිටියේ නැත. “මට කවුරුත් කියන්නේ අමෝරා අම්හාරා කියලයි.” ඇත්තටම පුදුමයි. ඒ නමත් අමාරා කියන නමටම සමාන වීම.
109
“මෙතන් මොකක්ද තියෙනවා?” එක් ගැහැණු ළමයෙක් එක් කෙලවරක සිට කෑ ගැසුවේය. එම නිසා අනිත් පසට ගිය අයටත් අපහු එන්න යැයි පවසා කෑ ගසපු ගැහැණු ළමයා ඉන්න තැනට අප ගියේ ය. එතැණ තිබුනේ ඉතාම පටුලෙස සකාසා තිබු ද්වාරයකි. එය අවිධිමත් පඩි සහිතව සකාසා ඇති බවක් මා දුටු වේය. නමුත් මෙතැනින් බැස්සොත් කොහෙන් හෝ අප මතු වෙතැයි විශ්වාසයක් මා හට තිබුණේ ය. “ටොංටෝ මම මුලින්ම බැහැලා පාර කියන්නම්. ඔයා මේ ළමයි ඔක්කොම බැස්සට පස්සේ බහින්න ”යැයි පවැසු අතර එයට ටොංටෝ එකඟ බව පෙන්වීමට හිස සැළුවේ ය. මුලින් මාද මට පසුව අමෝරාද බැස අවේ ය. වැඩි දුරක් යාමට මත්තෙන් දැඩි අන්ධකාරයෙන් කිසිදෙයක් නොපෙනි ගියේ ය. නමුත් මම බිම අතගාමින් පාර කියමින් පහලට බැස්සේ ය. එම පඩි සෘජුවම බිමට නොතිබු අතර සර්පිලාකාර ගමන් මාර්ගයක තනා තිබුණි බැවින් පහල බැසීම පරිස්සමින් කල යුතු විය. දැඩි සීතලක් ඇතුලතින් දැනෙන්ට වූහ. වාතාශ්‍රය පවා සීතල වූවාය. කොහොමින් හෝ අපට පැයකට වඩා කාලයක් පහලට ඒමට ගත විය.
110
දැඩි අන්ධ කාරයත් අපිවෙලට තිබු පඩිත් එයට හේතු විය. යම් අවිනිශ්චිත තැනක් දැනුන කල එම ස්තානය මා විස්න අම්හාරට පෙන්වා දුන් අතර ඇය ඊට පිටු පසින් සිටින අයට පෙන්වා දුන්නේ ය. ඔවුන් මගේ අණ මැනවින් පිළිපැදපු නිසා මට ඔවුන් සියළු දෙනාම නිරුපද්‍රිතව පහලට ගෙන ආ හැකි විය. පහල තිබු බඩා ගා යා හැකි ප්‍රමාණයේ උමං දොරටුවකින් අප පිටතට පැමිණියේ ය. එම ස්තානය පදුරු ජාලයකින් වැසි ගිය ස්තානයක් වීම නිසා කිසි කෙනෙකුට එය සොයාගත නොහැකි වේ. “නියමයි මාඝ, ඔබ හොඳින් එය කලා” ආන්‍යා මා වෙත පැමිණ පැවසුවාය. “සෑම වාරයකම කන්ද තරණයකොට බැස ඒමේදී එක්කෙනෙක් හෝ දෙන්නෙක් වැටි මිය යයි. නමුත් මේ පාර කිසිම කෙනෙක් මිය ගියේ නෑ. පහලට බහිනකොට ඇති වූ ලිස්සා යාමෙන් රැංගෝ ගේ අත කැඩිම හැරුණුකොට වෙන කිසිම අනතුරක් සිදු වුනේ නෑ. මට නුඹ ගැන ආඩම්බරයි රෝකිම්. උඹයි අපේ අනාගතය” යැයි පැවසුවේ ය. මේ සිදු වීමෙන් මා අප ගොත්‍රයෙත් ඇයගේ ගෝත්‍රයෙත් ප්‍රසිද්ධියට පත් වූවා යැයි කිව හැක.
111
වාතාශ්‍රය පවා සීතල වූවාය. කොහොමින් හෝ අපට පැයකට වඩා කාලයක් පහලට ඒමට ගත විය. දැඩි අන්ධ කාරයත් අපිවෙලට තිබු පඩිත් එයට හේතු විය. යම් අවිනිශ්චිත තැනක් දැනුන කල එම ස්තානය මා විස්න අම්හාරට පෙන්වා දුන් අතර ඇය ඊට පිටු පසින් සිටින අයට පෙන්වා දුන්නේ ය. ඔවුන් මගේ අණ මැනවින් පිළිපැදපු නිසා මට ඔවුන් සියළු දෙනාම නිරුපද්‍රිතව පහලට ගෙන ආ හැකි විය. පහල තිබු බඩා ගා යා හැකි ප්‍රමාණයේ උමං දොරටුවකින් අප පිටතට පැමිණියේ ය. එම ස්තානය පදුරු ජාලයකින් වැසි ගිය ස්තානයක් වීම නිසා කිසි කෙනෙකුට එය සොයාගත නොහැකි වේ. “නියමයි මාඝ, ඔබ හොඳින් එය කලා” ආන්‍යා මා වෙත පැමිණ පැවසුවාය. “සෑම වාරයකම කන්ද තරණයකොට බැස ඒමේදී එක්කෙනෙක් හෝ දෙන්නෙක් වැටි මිය යයි. නමුත් මේ පාර කිසිම කෙනෙක් මිය ගියේ නෑ. පහලට බහිනකොට ඇති වූ ලිස්සා යාමෙන් රැංගෝ ගේ අත කැඩිම හැරුණුකොට වෙන කිසිම අනතුරක් සිදු වුනේ නෑ. මට නුඹ ගැන ආඩම්බරයි රෝකිම්. උඹයි අපේ අනාගතය” යැයි පැවසුවේ ය.
112
මේ සිදු වීමෙන් මා අප ගොත්‍රයෙත් ඇයගේ ගෝත්‍රයෙත් ප්‍රසිද්ධියට පත් වූවා යැයි කිව හැක. එදින හවස් ජාමයේ ශක්තිමත්ම පුද්ගලයා සමඟ සටන් කර පෙන්නීමේ ඉසව්ව ක්‍රියාත්මක විය. ශක්තිමත්ම පුද්ගලයා සමඟ සටන් කර මින් පෙර කවුරුත්ම ජයග්‍රහණය කර නොමැති බව මා දැන ගත්තේ ටොංටො ගෙන් ය. එදින ශක්තිමත්ම පුද්ගලයා ලෙස පැමිණියේ වෙනත් ගොත්‍රයක සිටි යෝධයෙකි. ඔහු අඩි 8 ක් පමණ උස වූ අතර ඉතාම විශාල ශරීරයක් ඇති අයෙක් වූහ. ශරීරය තරමක් තරබාරු ස්වාභාවයක් ගත් අතර ඔහු ගේ බාහු විශාලව පැවතියේ ය. දෙපා මහත් වූ නමුත් ඔහුගේ ශරීරය දරා ගැනීමට ඒවා වාරු නැති බව මට වැටහී ගියේ ය. සටන පැවතියේ ගෝත්‍රයේ සාමජිකයන් සටන් පුහුණු වන වළල්ලක් තුල විය. එම වලල්ල විශාල වපසරියක පැතිර තිබු අතර එය පස්කපා ලොකුවට හදපු වළලක් බව පැවසිය හැක. පස් ගොඩ කර වටේටම ප්‍රේක්‍ෂකයින්ට බලා සිටින සේ සකසා තිබුණේ ය. මෙම ඉසව්වේ විශේෂත්‍වය වුයේ එය නැරඹීමට ගෝත්‍ර දෙකේම සමාජිකයින් පැමිණ තිබීම වේ.
113
අප සියළු දෙනා ම වල තුලට බැස ගත්තේ පැත්තකින් තිබු ලණුවක ආධාරයෙන් වේ. රැංගෝ ගේ අත කැඩි ගිය නිසා මෙම ඉසව්වට ඔහු නොපැමිණියේ ය. නමුත් ගැහැණු ළමන් පස් දෙනාත් මාත් ටොංටොත් සහ අනිත් පිරිමි ළමයාත් සහභාගි විය. සටන ආරම්භ විය. ශක්ති වන්තයා අපව අල්ලා ගොඩින් තැබීම සිදු කරණ අතර අප කල යුත්තේ ඔහුව බිම දා ගෙන නැගිට ගත නොහැකි වන සේ මොහොතක් තබා ගැනීම වේ. නමුත් එය ලේසි පහසු කාර්‍යයක් නොවන බව මා තේරුම් ගත්තේ ය. අප සමඟ සිටි අනිත් පිරිමි ළමයා රැංගෝ මෙන් නාහෙට නාහෙන තරුණයෙකු වූ නිසා ඔහු සෑම විටම කලබල ඇති කළේය. ඔහු ශක්තිවන්තයා ලඟට ගොස් අවුස්සා මා ලඟට දිව ආ නිසා ශක්ති වන්තයාට අහු නොවි අනූ නවයෙන් බේරී ගියේ ය. අප සැම කළේ ඔහුගේ බේරි පලා යෑමට තැත් කිරීමක් මිස ඔහුව බිම දැමීමට උත්සාහ කිරීම නොවේ. නමුත් ඔහුගේ විශාල ශරීරය දරා ගැනීමට දෙපා ඒතරම්ම ප්‍රමාණවත් නොවන බව මා තේරුම් ගත් දෙයක් වූ නිසා වෙන් ඔහුව බිම දැමීමට හොඳ සැලැස්මක් මා සිත තුල පහල වූවේය.
114
“ටොංටො, අමෝරා...... මට අදහසක් තියෙනවා මෙයාව වට්ටන්න.” මම කෑ ගසා පැවසුවේ ය. “බල බල ඉන්නේ නැතුව කියනවා ඉක්මණට. දුවලම මහන්සි.” අමෝරා පිලිතුරු දුන්නේ ය. “ටොංටො ඔයා එයාගේ (ශක්තිවන්තයා ගේ) දෙපා මුලට පනින්න. අමෝරා ඔයා යි ඔයාගේ යාළුවෙකුයි ඒත් එක්කම පැනලා කකුල් අල්ල ගන්න. හදීද් (රැංගෝගේ යාළුවා) ඔයාත් මම කිව්ව ගමන් උදව්වට එන්න.” මම පවැසුවේ ය. (හදීද් යනු යාළුවා යනුවෙන් වේ.) එලෙස උපදෙස් දුන් මා ශක්තිවන්තයාගේ මුහුණට මුහුණ ඉදිරියටම ගියේ ය. ඔහු මගේ දෙස මහා නෝනජල් බැල්මක් බලාගෙන සිටින බව මා දුටු වේය. “අඩෝ තඩියා, වරෙන් ඩෝ මාව අල්ලන්න.” මම ඒ ටිකනම් මගේ භාෂාවෙන්
115
ඔහුට කෑ ගසා කීවේ ය. නොතේරෙන භාෂාවකින් කියු දේ තේරුම් ගත් ඔහු මා ඇල්ලීමට ඉදිරියට පැන්නේ ය. මා එතනින් ඉවත් වී දුවන්න හදනවාත් සමඟම ටොංටෝ මා කියන්නත් ප්‍රථම ඔහුගේ දෙපා මුලට පැන්නේ ය. ඒත් සමඟම ශක්තිවන්තයා ඉදිරියට විසි වී බිම වැටුණ අතර ඔහුගේ ඔළුව මගේ බඩේ වැදි මාවද විසි වී ගියේ ය. මගේ බඩ කොරවී ගිය අතර ඔක්කාරයටද පැමිණියේ ය. මගේ සැලැස්ම අනුව ඔහුව බිම දැම්මාට එතනින් එහාට කළ යුතු දේ කිරීමට මා හට හැකියාවක් නොමැති වූවෙන් මා බඩ අල්ලා බිම හිඳ අමාරුවෙන් නැගිටීමට උත්සහ දරණ ශක්තිවන්තයා දෙස බලා සිටියේ ය. ටොංටෝත් පපුවේ පැත්තක් අල්ලාගෙන බිම පෙරලෙනු මා දුටුවේ ය. ශක්තිවන්තයාගේ පාදයේ ගැටීම හේතුවෙන් ඔහුගේ ඉල ඇට කැඩෙන්න ඇතැ යි මා අනුමාන කළේය. ශක්තිවන්තයාට ඔළුව ඔසවා නැගිටීමට හැකියාවක් නොමැති විය. කොහේදෝ සිට පැමිණි අමෝරා ඔහුගේ බෙල්ල වටා අත යවා තදින් ග්‍රහණය කර ගත්තේ ය
116
. ඇයගේ උදව්වට අනිත් ගැහැණු ළමුන් ටිකද පැමිණ ශක්තිවන්තයාට නැගිට ගැනීමට නොහැකි වන අයුරින් අල්ලා ගත්තේ ය. එම ඉසව්වෙන් ඇය ගෝත්‍ර දෙකම අතර ජනප්‍රිය චරිතයක් විය. ඇගේ එම ක්‍රියාව නිසා ඇයව රැංගෝ ගේ බාර කාරීත්‍වයෙන් ඉවත කල අතර ඇයට තම කැමැත්තට තීරණ ගැනීමේ හැකියාව එම ගෝත්‍රයේ නායකයා විසින් ලබා දුන්නේ ය. එම නිසා මාත් රැංගෝත් අතර සටනක් සිදු නොවනු ඇතැයි මා සිතුවෙමි. ------------------------
117
එදින රාත්‍රියේ අපව ගෝත්‍රය සඳහා බඳවා ගැනීමේ උත්සවය පැවැත් වූවේ ය. එය උත්සවාකාරයෙන් පැවැත් වූ අතර මල් වෙඩි සංදර්ශණයක් ද අනිත් ගෝත්‍රය මඟින් පැවැත් වූවේ ය. ඒ සඳහා ඔවුන් උණ ගස් වර්ගයක් යොදා ගත් අතර වෙඩි බෙහෙත් සාදා ගත්තේ කෙළෙසදැයි මා නොදනිමි. අප ගෝත්‍රයේ සාමාජිකයන් වීමට නම් ගෝත්‍රයේ ලකුණ අතේ කෙටිය යුතු වේ. එය ඉතාම කුඩා ඊතලයක් වූ අතර වම් අතේ මාපටඟිල්ලට පහලින් පහලට බරව පිහියක් මර්ගයෙන් කොටනු ලැබේ. මගේ අතේ එම ඊතලය පිහියකින් කපනවිට මා එම වේදනාව අමාරුවෙන් විඳ දරා ගත්තේ ය. එදා විවිධ වර්ගයේ මස් වර්ග සහ අල වර්ග පුළුස්සා තිබුණු අතර ඒවා ප්‍රණිත ආහාර වූවේ ය. සංගීතය ද වෙනස්ම ආරක් ගත්තේ ය. මුල් වරට අපට එදා මත් පැන් තොල ගෑමට හැකියා ව ලැබුණේ ය. මා මත් පැන් ලොලියෙකු නොවු අතර අමෝරා ඇතුළු අනිත් ගැහැණු ළමයින් එදා පදමට වෙරි වෙන්න බී ගත්තේ ය.
118
“නිකේ පක්මා හෙයියා (මෝඩ කොල්ලො..!), ඔයා මගේ ජිවිතෙ ත් බේරුවා. මං නිසා රැංගෝ එක්ක සටන් කරන්නත් ගියා. උඩ ඉඳන් පහලට අපිව එක්කන් ආවා. ඒ ඔක්කොටම මෙන්න මගෙන් තැග්ගක්.” යැයි කියමින් අම්හාර මා වැළඳ ගත්තේ ය. ජීවිතේ ප්‍රතම වරට තරුණියක් මා වැළඳ ගත් අවස්ථාව එය වුවාය. අමුතු ලැජ්ජාවකිනුත් මුළු ගත පුරා හිරි වැටුනාක් මෙන් දැවි යන්නා වූ සතුටකිනුත් මා ඉපිල ගියේ ය. “ඇත්තටම ඇය මගේම වෙනවා නම්.!” මට එලෙස සිතුණේ ය. නැවත ගෙදර යාමේ අදහසට වඩා මෙහේ දිගට සිටීමට මා දැන් බොහො සෙයින් කැමතිය. දවසක ඇගේ ගෝත්‍රයේ ගම්මානයට ගොස් ඇය හා සමඟ හුරතල් වීමට ඇත්නම් යැයි මට සිතේ.
119
ගොත්‍රයට බඳාවා ගැනීමේ උත්සවයෙන් දින දෙකකට පසු අපව අපගේ මුඒ හූරා විසින් කැඳවූවේ ය. ඔහුට අවශ්‍ය වූයේ අප සඳහා, ගෝත්‍රයෙත් අප සිටින මිටියාවතෙත් අප නොදන්නා දේ කියා දීමට යි. මා ඇතුළු අප ගෝත්‍රයේ හතර දෙනාම එදා සවස් යාමයේ නායක තුමා ගේ කූඩාරමට පිවිසියේ ය. එදින රැංගෝ මා දෙස නුරුස්සනා බැල්මක් හෙළු අතර කට කොණින් පල් හිනාවක්ද දැම්මේය. මා ඔහුව ගණන් නොගෙන සිටියේ ය. අපට බිම එලා තිබු ව්‍යාග්‍ර හම මත වාඩි වන ලෙස නායක තුමා පැවසු පසු අප වාඩි වී ඔහුගේ කතාවය ඇහුංකන් දුන්නේ ය. “මේ ගල් පරයේ ඉන්නේ අපි විතරක් නෙවෙයි. තව ගෝත්‍ර ගම්මාන නවයක් තියෙනවා. එම ගම්මාන නවයම අප සිටින අයුරින් මේ පර්වතයේ ගල් තලා
120
මත තැනින් තැන පවතිනවා. මේ ගල් පරය මුදුනට ගිය එකෙක් තාම නෑ. යන්නත් බෑ. ඒ තමා දෙයියන් ගේ අඩවිය. අපට දෙයියො වෙන්න බෑ. උඔලට එදා නැගපු සීමාවෙන් උඩට යන්න තහනම්. තේරුණාද....?” ඔහු ගැඹුරු කට හඬින් අප හට අවවාද කල සිටියේ ය. අප එය අසා ඔහු සමඟ එකඟ බව හිස වනා පෙන්විය. “මේ පහල ලෝකාන්තයේ ඉන්නේ කzසුමි ටබාටා (මිනිස් වෙස් ගත් යක්කු) වරුයි. උන් ඉතාම භයානක ජාතියක්. උන්ව මරන්න අමාරුයි. අපේ ගෝත්‍ර නවයේ එකම හතුරා වන්නේ උන් තමායි. මම මගේ මේ අත් දෙකෙන් කොටලා පුර හඳවල් ගණනාවකට පෙර එවුන් පස් දෙනෙක් මැරුවා. මේ තියෙන්නේ මම උන්ව මරපු කඩුව.” ඔහු අප ඉදිරයේ දිග සහ ඔහුගේ ප්‍රමාණය අනුව ඔහුගේ පාදයේ දිගට සමාන කඩුවක් තැබුවේ ය. “මේ කඩුව කොහෙන් ද? කවුද මේවා හදන්නේ?” මම ඔහුගෙන් ඇසුවේ ය. නමුත් එම ප්‍රශ්ණ කිරීමට ඔහු අකමැති බවක් මූණෙන් පෙන් විය. “ඒ ගැන මම පස්සේ කියන්නම මුලින් කියා දෙන දේ අහගන්නවා....” යැයි ඔහු මට පැවසුවේ ය.
121
“එදා ඉඳන් අද වනතුරු කzසුමි ටබාටා වරු අවේ නෑ පහර දෙන්න. නමුත් අප සුදානම්ව සිටිය යුතුයි. අපේ ගමේ යුද්ධ කරන්න හොඳ කොල්ලො නැහැ දැන්. ඉන්න ටික දෙනාගෙන් හරි අපේ ගෝත්‍රය ආරක්‍ෂා කර ගන්න ඕන. උඹලා හටන් කොරන්න ඉගෙන ගන්න ඕන. ඒ පුහුණුවට මම උඹලව වෙනත් ගෝත්‍රයකට යවනවා. කzසුමි ටබාටා වරුන්ට පහර දී විනාස කරන්න බැරි වුනේ වුන්ගේ ගෝත්‍රය විතරයි. උඹලා දැකලා තියෙනවානේ දුනු කඩු ඊතල් අරන් ඇවිදින“එදා ඉඳන් අද වනතුරු කzසුමි ටබාටා වරු අවේ නෑ පහර දෙන්න. නමුත් අප සුදානම්ව සිටිය යුතුයි. අපේ ගමේ යුද්ධ කරන්න හොඳ කොල්ලො නැහැ දැන්. ඉන්න ටික දෙනාගෙන් හරි අපේ ගෝත්‍රය ආරක්‍ෂා කර ගන්න ඕන. උඹලා හටන් කොරන්න ඉගෙන ගන්න ඕන. ඒ පුහුණුවට මම උඹලව වෙනත් ගෝත්‍රයකට යවනවා. කzසුමි ටබාටා වරුන්ට පහර දී විනාස කරන්න බැරි වුනේ වුන්ගේ ගෝත්‍රය විතරයි. උඹලා දැකලා තියෙනවානේ දුනු කඩු ඊතල් අරන් ඇවිදින නව දෙනා. උන් තමා අපේ ආරකෂකයෝ.
122
තොපි හතර දෙනාත් ඒ වගේ පුහුණු වෙන්න ඕන.” නායක තුමා හදන්නේ අපිට හොඳ යුධ පුහුණුවක් ලබා දී දිවා රාත්‍රි නොබලා වැඩ කරණ සොල්දාදුවන් පිරිසක් කිරීමට බව මට හොඳින් වැටහුණේය. නමුත් ඒ සඳහා මා තුල කැමැත්තක් නැත. මට අවශ්‍ය ව ඇත්තේ පොතේ පතේ වැඩක් කරගෙන සිටීමයි. නමුත් මේ ප්‍රාථමික යුගය පසු කරමින් සිටින මෙවන් ගෝත්‍රයක කොහින්ද එවන් වැඩ. මා සඳහා සුදුසු වෘත්තියක් නොමැති බව මට හොඳින් තේරුම් ගියේ ය. නමුත් මොනවා කරන්නද? අමෝරා වත් අරන් නැවත ගෙදර යන්න ඇත්නම් යැයි මට සිතුණේ ය. කොහෙවත් යන කෙල්ලෙක් තරුණ හදවතකට ආවාම ඒ කොල්ලගේ සිතුවිලි හාත් පසින්ම වෙනස් වේ. මුළු ලෝකයම ඇය යැයි සිතේ. ඒ වෙනුවෙන් ජිවිතය හෝ පුදා සටන් කරන්නට සුදානම් වේ. එම ආදරය නැති වී ගිය කල මුළු ලෝකයම අඳුරු වී ගියාක් මෙන් දැනේ. ජීවිතය නව මානයක් කරා ගෙන යාමට අවශ්‍ය වේ. එහි නරක පැත්ත සිය දිවි හානි කර ගැනීමයි. හොඳ
123
පැත්ත ජීවිතය අභියෝගයක් ලෙස ගෙන එය ජය ගැනීමට සටන් කරීමයි. එතකොට මා අයිති මින් කිනම් කොටසට දැයි මා තවම නොදනීමි. නායක තුමා මොනවා කියනවාද මට තේරුනේ නැත. මා සිතුවිලි සයුරක ගිලෙමින් සිටියේ ය. “සටන් පුහුණු වීම් සඳහා තව දවස් තුනකින් යන්න ලැස්තිවෙන්න.” ඔහු අවසානයේ අප හට පැවසුවේ ය. එම සටන් පුහුණු වීමට අප ගිය ගමන ඉතාම කටුක සහ එපාම කරපු ගමනක් විය. මම හිතන හැටියට අප මාස ගණනිවක් එහි පුහුණුව ලැබුවේය. කීප වරක්ම කළන්තේ හැදි මා ඔසවාගෙන ගිය අවස්ථාද, බොරු මවා පෑම් කර පුහුණු වීම් මඟ හැරපු අවස්තාද වූවේ ය. සටන් පුහුණු වන තැනට ගෝත්‍ර නවයේම පිරිස් පැමිණ සිටියහ. ඔවුන් කණ්ඩායම් නවය බැගින් වෙන් වී සිටිය හ. අමෝරා සහ ඇයගේ යහළුවන්ද පැමිණ සිටියහ. පුහුණු වීම් පිළිබඳව වැඩි දුර සඳහන් කර මගේ මේ කතාව තවත් නිරස කිරීමට අවශ්‍ය නොවන නිසා මා ඔබට එය ඉතාම කෙටියෙන් සඳහන් කරන්නෙමි.
124
මෙම සෑම ගෝත්‍රයක්ම ගණන් කිරීමට දන්නේ නවයට පමණක් බව මා දැන ගත්තේ ය. යම් දෙයක් නවයට වඩා ඇත්නම් එය වෙනම කණ්ඩායමක් වශයෙන් වෙන් කරණු ලබයි. පුර්ණ චන්ද්‍රයා නව පාරක් පෑවූ පසු අළුත් අවුරුදු උදාව සිදු වන බවද මම මෙම පුහුණු වීම් අතර තුරේදී තෙරුම් ගත්තේ ය. අපට මූලික වශයෙන් අවි සහිත සටන් පුහුණු කළේය. කඩු සහ පිහි ඔවුන් සතු විය. ගෝත්‍ර නවයෙන් එක් ගෝත්‍රයක් යපස් සුළං බලයෙන් උණු කර ලෝහ නිපදවන්නන් බවද මා දැන ගත්තේ ය. තවත් ගෝත්‍රයක් පාෂාණ නිදි තුල ඇති ඛණිජ ලවන වර්ගයකින් වෙඩි බෙහෙත් සාඳන බව ද මා දැන ගත්තේ ය. කඩුව, කුඩා පලිහ, පිහිය සහ දුන්නය ඊතලයි අපගේ මූලීක පුහුණු විම් වුවේ ය. එම දුන්නු වක්‍ර සහ සැහැල්ලු දුනු වූවේ ය. නමුත් රාත්තල 60ක පමණ පසුපසට ඇදීමක් සහ ශරීරය පසාරු කරගෙන යන ආකාරයේ ඊතලයක් වීදීමට එයට හැකියාව ඇත. නිරායුධ සටන් සඳහා පුහුණු කරේ මඩ ගොඩකට දමා පොර කෑමට සැලැස් වීම වේ. එම පුහුණු වේදී නිතරම වාගේ ගුටි කෑමට මට සිදු විය. යම් යම් අවස්තාවන් වල මම සිහිසුන් වී ඇත.
125
පුහුණුව පිළිබඳව වැඩි දුර කතා කිරිම ඔබව නිරස කරණු ඇතැයි මා සිතමි. එම නිසා කෙටියෙන් කියනවානම් ඉතාම අපහසුවෙන් එම පුහුණු කාළය අවසානයේ නිමා විය. මගේ ශරීරයද මගේ සිතුවිලිද වෙනස් වූ බව මා කිව යුතුය. එම පුහුණුව මාව වෙනස්ම පුද්ගලයෙක් බවට පත් කළේ ය. සටනෙහි දක්‍ෂයෙක් නොවුනත් යම් යම් අවස්තා වල ඔවුන්ගේ දුර්වල පහර දීම් අස්සෙන් රිංගා ඔවුන්ව බිම දාපු අවස්තාද නැතුවාම නොවේ. ටික කාලයක් ගත වීමත් සමඟ මගේ සටන් හැකියාවන් ද වර්ධනය විය. විශේෂයෙන් කෙටි කඩුව සහ නිරායුධ සටන් වලදි කාලය නිසියාකාරාව තෙරුම් ගනිමින් සහ උපක්‍රමශීලිව සතුරා බිම දමන හැටි මා විසින්ම ඉගෙන් ගත්තේ ය. එය අපගේ පුහුණුකරැවන් තුල පවා විශ්මයට දැනවීමට සමත් විය. මගේ ලඳ බොලඳ ශරීරය ඉතා ඉක්මණින්ම වෙනස් වූ අතර ලාවට බඩේ මාංශ පේශින් පවා වර්ධනය වී තිබුණේ ය. කෙසේ වෙතත් පුහුණු ව තුල මට අමෝරා සමඟ වැඩිය කතා කිරීමට අවස්තාවක් ලබා ගැනීමට නොහැකි විය. එය මගේ හිතේ ලොකු කලකිරීමක් ඇති කළේය.
126
මෙම නිහඬතාවය වැඩි තවත් වැඩි කාලයක් නොපැවතින. පැහැදිලි කල නොහැකි සිදු වීමක් පුහුණුව අවසන් වී නැවත ගම්මාණය වෙත ආ අප හට දැක ගන්නට ලැබුණේ ය. සියළු දේ අවසන් වූ පසු අප සැමට දුනු ඊතල සහ හොඳට කැපෙන කෙටි කඩුවක් තෑගි ලැබුණේ ය. ඒවාත් රැගෙන අප අපසු අපගේ ගම් බිම් බලා පිටත් වූවේ ය. ගමට ගිය පසු අමෝරාගේ ගමට ද ගොස් ඇයව සහයට ගැණිමට එම ගෝත්‍රයේ නායකයාගෙන් අවසර ලබා ගන්නා අදහසින් මම සිටියෙමි. ===============
127
ගම්මානයට ඇතුල් වත්ම ගම්මානයේ බොහෝ දෙනෙක් එය අත හැර ගොස් ඇති ආකාරයක් දිස් විය. ගම්මාණයට ඇතුල් වූ අප හතර දෙනා පමණක් එහි වූවේ ය. “අපි ආවා..... කෝ කවුරුත් නැද්දෝ..?” යනුවෙන් රැංගෝ සහ ටොංටෝ කෑ ගැසුවේ ය. නමුත් හොඳ ප්‍රතිචාරයක් අප වෙත ආවේ නැත. ගම්මානයම නිහඬය. අඩුම තරමින් මුඒ හූරා වත් පෙනෙන්ට සිටියේ නැත. කර කියා ගත දෙයක් නොමැතිව ගම්මාණය පුරා ඔවුන් සොයා ඇවිද්දේ ය. කූඩාරමක් කූඩරමක් පසා ඔවුන් සොයා ගියේ ය. නමුත් කිසිවෙක් සිටියේ නැත.
128
“රෝකිම්, මෙන්න මොකක්ද මෙතනට වැටිලා....” ටොංටෝ ගිරිය යටින් කෑ ගැසුවේ ය. මම ඉතාම වේගයෙන් ඒ දෙසට දිව ගිය අතර දුටු දෙයින් විශ්මයට පත්විය. එහි තිබුණේ මා පැමිණි ලෝකයේ භාවිත කරණ මඟී ගුවන් යානයක පසුපස කොටස විය. තවත් කැඩි බිඳි ගිය තටුවක කොටස් සහ සුන් බුන් හැමතැනම විසිර පැවතියා ය. එය වැටී වැඩි වේලාවක් නොවන බව යම් යම් තැන් වලින් පිට වන දුම් වලින් මම තේරුම් ගත්තේ ය. “බය වෙන්න එපා ටොංටෝ.... මම ඇතුල බලන්නම්. ඔහොම පොඩ්ඩ්ක් ඉන්න.” යැයි කියමින් මා ගුවන් යානයේ කැඩී ගිය කොටස වෙත මා පිය මැන්නේ ය. ඒ දුටු දෙයින් මා තවත් කම්පණයට පත් විය. බොහෝ සෙයින් විකෘති වී ගිය මල සිරුරු එතුල විය. සමහර ශරීර දිය වී ගොස් තිබුණි. තවත් ඒවා ප්ලාස්ටික් මෙන් ඇඹරී තිබුණ අතර ඒ මුහුණු තුල වේදනාව හා ත්‍රාසය ඉතාම හොඳින් පෙනෙන්ට වූවාය.
129
“ඕ රාම්(අහෝ දෙවියනි), මේ මොක්කුද මේ?” මගේ පිටු පසින් ඇතුල් වූ රැංගෝ මහත් සේ භීතියට පත් නී කෑ ගැසුවාය. ඒත් සමඟ අනිත් දෙදෙනාද ඇතුලට පැමිණි අතර දුටු දෙයින් ඔවුන් මහත් සේ කම්පණයට පත් වූ බව මා දුටු වේ ය. සමහර ශරීර එකට ඇලි තිබුණ අතර තවත් ශරීරයක් දෙකක් මුළුමණින්ම දියවී ගොස් ඇඳුම් පමණක් ඉතිරිව ඇති අයුරු දක්ණට ලැබුණේ ය. හරියට එය ඇසිඩ් වලට වැටුන මල සිරුරක් මෙන් වූවේ ය. “හැමෝම යන්න එලියට, පුළුවන් තරම් ඈතට දුවන්න. දැන්ම....” මම කෑ ගසා එලියට පැන්නේ ය. මගේ ලෝකයට අයත් වහණයක් මේ ලෝකයට ආපු එක ඇත්තටම කෙසේ වුනාදැයි කිව හැකි ක්‍රමයක් නැත. නමුත් එතන තිබූ මළ මිණි වලට සිදු ව ඇති දේ විකීරණ ශීලිත්‍වය නිසා ඇති වූ දෙයක් විය හැකි බැවින් මා අන් අයද රැගෙන එතනින් නැවත ගම්මානය දෙසට දිව ගියා ය.
130
“මම මෙහෙට ආවා කෙල්ලෙක් නිසා... විශ්වය බේර ගන්න එකලු මට තියේන්නේ... දැන් වෙන්නේ මටත් විකිරණ නිසා මැරෙණ්න.” එම බියකරු දසුන් මගේ හිත ඇතුලටම වැදි තිබුණේ ය. එබැවින් හදවතේ ගැස්මද බොහෝ සේ වැඩි වී තිබුණේ ය. ඒත් මේ ගම්මායේ හිටපු අයට මොකද වුනේ. තවත් ගැටළුවක් එතැන ඇත. “කzසුමි ටබාටා....... උන් තමා මේක කරන්න් ඇත්තේ. ගම්මානේ හැමෝවම උන් කාලා දාන්න ඇති.” යැයි කියමින් ටොංටෝ අඬන්න පටන් ගත්තේ ය. “අපි ඕකුන් හොයාගෙන ගිහින් මරලා දාමු...” රැංගෝ ද ගිරිය යටින් වේදනාවෙන් සහ කෙන්තියෙන් කෑ ගැසුවේ ය. නමුත් ඇත්තටම වුනේ මොකක්ද යන්න අප කවුරුත් නොදන්නා නමුත් මම එක දෙයක් දැන ගත්තේය. මෙවැනි ක්‍රියාවක් නොදියුණු දඩයම් යුගයක අවසානය පසු කරමින් සිටින ගෝත්‍රයකට කල නොහැකි බවයි.
131
“අපි යමු අර ගැහැණු ළමයි ඉන්න ගම්මානයට. සමහර විට එයාලා එහේ ඇති.” මම එලෙස යෝජනා කළේ අමෝරා හොඳින් ඇත්දැයි දැන ගැනීමට මා තුල අවශ්‍ය තාවයක් වූ බැවින් ය. “වෙන්නත් පුළුවන්, හාඩි.... වරෙන් යන්න ඒ ගමට.” රැංගෝ ඔහුගේ යාළුවාට අඬ ගැසුවේ ය. “පොඩ්ඩක් ඉන්න... ඔයාලා දෙන්නා විතරක් යන්න එපා. වුනේ මොකක්ද කියලා අපි දන්නෙ නෑනේ. යනවනම් අපි ඔක්කොම යමු.” මම යෝජනා කළේ ය. “යනවනම් ආයුධ කීපයක්, වැඩි පුර ඊතල එහෙම අරගෙන ලෑස්ති වෙමු. දැන් අපි විසිරිලා ගිහින් ඒවා හොයා ගමු.” යැයි පවසා අප විසිරි ගියේ ය. මා ගියේ මුඒ හූරා සිටි කූඩාරම වෙතටයි. යම් පහර දීමක් නම් යම් කිසි හෝඩුවාවක් ඔහුගේ කූඩාරමේ තිබෙනු ඇතැයි මට සිතුණේ ය.
132
කූඩාරම තුලට ගිය මට විශේෂ හෝඩුවාවක් හමු නොවු අතර ඔහුගේ කඩු පසෙක එල්ලා තිබෙනු මා දුටුවේ ය. මම එය අතට ගෙන පරික්‍ෂා කරමින් සිටියේ ය. “මාඝ...” ඒ ආන්‍යාගේ කට හඬ විය. මා විමතියෙන් ඒ දෙස හැරි බැළුවේ ය. “ආන්‍යා.. ඔයා, මොකද වුනේ. කෝ මෙහි හැමෝ ම. කොහොමද මගේ ලෝකේ තිබෙන ගුවන් යානයක් මේ ලෝකෙට ආවේ.” මම කඩුව පැත්තකින තබා ඇයගේ උරහිස් දෙකෙන් අල්ලා ඇසුවේ ය. “දැන් ඔබට විශ්වය බේරා ගැනීමට කාලය පැමිණිලා තියෙන්නේ. ඒකට සුදානම් වෙන්න.” “ඒත් කෝ මේ අපේ ගෝත්‍රයේ කට්ටිය. එයාලට මොකද වුනේ.” “එයාලව බේරගන්න වෙන්නෙත් ඔයාටම තමා.” “ඒ කිව්වේ.....?”
133
ඇය කවදාවත් නැතුව මට කෑ ගැසුවේ ය. ඒත් සමඟම කවුදො පිරිසක් කෑ ගසමින් මේ පැත්තට එන හඬ මට ඇසුණේ ය. “රෝකිම්.....රෝකිම්...... ඔයා කොහෙද අපිට කරදරයක්..... රෝකිම්....” ඒ අමෝරාගේ කට හඬයි. මා විගසින් කූඩාරමෙන් එළිට පැමිණි විට දුටුවේ අමෝරා සහ ඇයගේ යාළුවන් අපගේ ගම්මාණයට පැමිණ අපව හොයන ආකාරය යි. “අමෝරා මම මෙහේ” යැයි මා කෑ ගසා සිටියේ ය. ඒත් සමඟම මා වෙත දුව ආ අමෝරා මාව බදාගෙන ඇඬුවේ ය. ඈ මාව තදින් වැළඳ ගත්තාය. මාත් ඇයව මා වෙත තද කරගත්තේ ය. “අපි තනි වෙලා අපේ ගමේ කවුරුත්ම නෑ. යක්කු අපිවත් මරාගෙන කයි.” ඇය අඬමින් පැවසුවේ ය. ඒත් සමඟම රැංගෝ පැමිණි අතර ඔහු සහ අනිත් අය හැකි පමණින් ආයුධ එකතු කරගත් බව පැවසූවේ ය.
134
“කවුරුත් දුක් වෙන්න එපා මම හොයා ගත්තා හැමොටම වුන දේ. එයාලව බේරගන්න අපිට ලොකු ගමනක් යන්න වෙනවා.” මම හැමදෙනාටම පැවසුවේ ය. “ගමනක්...?” “ඔව් .... උඩටම යන්න ඕන ගමනක්....” “උඩට යන්නේ කොහෝමද?” අමෝරා සමඟ සිටි එක් ගෑණූ ළමයෙක් ඇසුවේ ය. “මම පාර දන්නවා. ඒත් ඒක ගොඩාක් දුෂ්කරයි. ” “දුෂ්කර වුනත් කමක් නෑ අපි යමු. මේ වෙන හැම දේකම සුල මුල මටත් දැන ගන්න ඕන.” රැංගෝ තරමක් කේන්තියෙන් ගුගුලේ ය. ඇත්තටම මා දන්න පාරක් නැත. නමුත් කෙසේ හෝ උඩට යාමට විදියක් ඇති බව මාගේ විස්වාසය විය. කෙසේ හො උඩට ගියත් කල යුත්තේ කුමක් දැයි යන්න පිලිබඳව කිසිදු හෝඩුවාවක් මා තුල නොමැත. ආන්‍යා ද පෙනෙන්ට නැත. ඇය කොහෙන් මතු වී කොහෙන් අතුරුඳහන් වෙනවාදැයි මා නොදනිමි.
135
“මට ටිකක් කල්පනා කරන්න දෙන්න. අපි ඉක්මණින් උඩට යන්න පිටත් වෙමු.” යැයි පවසා මා අප ගෝත්‍රයේ මහා හූරා ගේ කූඩාරමට රිංගා ගත්තේ මොනා හෝ දෙයක් සොයා ගැනීමේ අරමුණින් වේ. මා මුලින්ම කලේ එල්ලා තිබු කඩුව ගැනීමයි. ඉන් පසු එහි ඇති සෑම දෙයක්ම ඇද බැළුවේ කිසියම් හෝ අපට අවශ්‍ය දෙයක් මෙහි ඇතැයි යන විශ්වාසයෙන් වේ. විනාඩි කීපයක්ම එලෙස හෙව් අතර කිසි දෙයක් සොයා ගැනීමට හැකි විය. පසුව මා මහා හූරාගේ ඇතුල කාමරයක්ද පරික්‍ෂාවට ලක් කලේය. එහි ටික වෙලාවක් සොයා බලන විට ඔහුගේ ඇඳට යටින් යම් කුටිරයක් ඇති බව වැටහී ගියේ ය. ඉක්මණින් ඇඳ ඉවත් කර එම කුටිරය විවෘත කර බැලුවේය. එහි හම් වලින් සඳා නිම කල රෝල් කර තිබු යම් යම් ලිපි ගොනු වාගයක් හමු විය. එම අක්‍ෂර මට කියවා ගැනීමට නොහැකි වුවත් එහි ඇත්තේ පෙර සඳහන් කල කසුමි ටබාටා වරුන් ගැන බව එහි ඇති පිංතුර වලින් තේරුම් ගියේ ය. ඒ අතර යම් සිතියමක්ද ඇති බව මා දුටුවේ ය. ඒ වෙත කුතුහලයකින් සිත ගිය මා හට දැක ගන්න ලැබුනේ අප සිටින තැන සිට ඉහල සහ පහල ඇති ජනාවාස සඳහා යා හැකි මාර්ග සටහන් වේ. නමුත් එය තේරුම් ගැනීමට මට යම් වෙලාවක් ගත විය.
136
අප සිටින ගල්තලාවේ සිට ඉහලට යා හැකි මාර්ගයක් පෙන්වා දී ඇති අතර එය යෙදි ඇත්තේ පෙර අපව ගොත්‍රයට බඳවා ගැනීමේ චාරිත්‍රයක් සිදු කලා වූ මිටියාවත හරහා යි. එදා අපට යාමට තහණම් කල සීමාවෙන් බොහෝ ඈතට එම මාර්ගය යෙදී තිබෙන බවත් ගල් ගුහාවක් තුලින් ඉහලට නැග යා යුතු බවත් මට අවබෝධ විය. ගමන් කල යුතු මාර්ගය එතරම්ම ආරක්‍ෂිත නොවන බව මා දන්නා නිසා, මේ ගමන අත හැර දමා වෙනත් විකල්පයකට යාමට මා කල්පණා කළේය. “නමුත් ආන්‍යා පැවසු පරිදි අප ඉහලට යා යාතුම වේ. යායුත්තේ ඊසාන දිගට බවද ඇය පැවසුවේ ය. දැනට මෙහි ඉතිරිව සිටින අයව ආරක්‍ෂිතව ඉහලට ගෙන යාමට අපහසු වේ. ඔවුන්ට නායකත්‍වය දීම ඊට වඩා අපහසු වේ. නමුත් කිසිවක් නොකර සිටීමෙන් සිදු වන්නේ පැහැදිලි කළ නොහැකි අති භායනක සංසිද්ධිියක් බව මට වැටහුණේය. එසේ නම් කළ යුත්තේ අවධානමක් ගැනීම පමණක් වේ.” යැයි මට සිතුණේ ය. හොඳ හුස්මක්ගෙන පාත දැමු මම ඕනෑම අභියෝගයකට මූණ දීමට සිතා කූඩාරමෙන් එලියම ආවේ ය.
137
“ඔයා මොනා හරි හොයා ගත්තා ද?” මම එලියට එනවාත් සමඟම අමෝරා මා වෙත දිව ඇවිත් ඇසුවේ ය. ඇයගේ මුහුණ සහ ඇස් දෙස එක හෙලා බැළු මට මගේ ලෝකයේ මා සිතින් ආදරය කළ අමාරා මතක් විය. ඇය දුටු දවසේ සිදු වූ සිදු වීම්, එදා සිට මේ දක්වා මට සිදු වූ සෑම ගුපත ක්‍රියාවලියක්ම මට මතක් වූවේ ය. මේ සෑම දේම සිදු වන්නේ යම් හේතූවක් ඇතුව බව මට සිතුණේය. ඇයගේ පෙනුම සහ සියළුම දෑ සම්පූර්ණයෙන්ම අමාරා ට සමාණ වූ නමුත් අමෝරා අමාරාට වැඩිය ශක්තිමත් බවක් පෙනුමෙන් දිස විය. ඇය නිසා නැවතත් කිව නොහැකි තරම් වූ අභිපේරණයක් මා වෙත ලැබුණේ ය. “ඒක නෙවෙයි. මම පාර දන්නවා. අපි යමු හෙට උදෙන්ම. ආරක්‍ෂාවට දඩයමට සහ කදූ නැඟිමට අවශ්‍ය හැමදේම ලෑස්ති කරගෙන උදෙන්ම අපි පිටත් වෙමු.” යැයි පැවසූ මා කවදාවත් නොදැනුනු ආත්ම විශ්වාසයකින් ඔවුන්ව ඇමතීය. ============
138
උදෑසනම අවදී වූ අප පෙර දීන සූදානම් කරගත් ආම්පණ්නද කරේ එල්ලාගෙන ගමනට පිටත් විය. පෙර රාත්‍රියේ දඩයම් කර ඉතිරි වූ පුළුස්සපු මස් යන අතර මග අහාරයට ගත්තේ ය. පෙර කී වන මිටියාවතට ඇතුළු වූ අප ඉතාමත් පරික්‍ෂාකාරී ලෙස ගමන් කිරීමට සිදු පටන් ගත්තේ ය. “රැංගෝ... මේ කැලය අප කාටත් වඩා ඔයාට හොඳින් හුරු පුරුදුයි නේද ? ඔයා නායකත්‍වය ගෙන අර පේන කඳු පාමුලට අපිව එක්ක යන්න. අද රෑ අපි එතන නවතින්න තැනක් හදාගමු. ” කිසි කාතාවක් නැතිවම ඉදිරියට ආ රැංගෝ කණ්ඩායමේ ආරාක්‍ෂාව තහවරු කර ගැනීම පළමුකොට ඔහු වට පිටාව ඉතාමත්ම විමසිල්ලෙන් බැළුවේ ය.
139
ඉහල පහල මෙන්ම වාතයේ තෙතමණයද ඉව කර බලනු මා දුටුවේ ය. “යමල්ලා.....” යැයි අවසානයේ ඔහු අපට විධානය දුන්නේ ය. මෙලෙස යම් දුරක් පැමිණි පසු අපිට නවතින ලෙස සංඥා කෙරු ඔහු පියවර කීපයක් ඉදිරියට ගොස් තම අතැති පිහියෙන් අප ඉදිරියෙන් ඇති ගසක් සිට අප වෙත කුරුමාණම් ලමින් සිටි විශාල සර්පයෙක් අල්ලා ඌගේ ගෙල කපා වෙන කළේ ය. “මීට කලින් මේ සීමාවට මාරාන්තික සත්තු ඇතුල් වුනේ නෑ. ඒකයි අපිව බය නැතුව මෙහෙට එව්වේ. නමුත් දැන් මොකක් දෝ වෙනසක් වෙලා තියෙනවා. ” රැංගෝ පැවසුවේ ය. මෙතනට පැමිණි පළමු දවසෙම මට විශාල මුර්ගයෙකු සමඟ සටන් කරන්න සිදු වීමත් මේ ගුප්ත ක්‍රියාවලීයේ ම කොටසක් වෙන්න ඇතැයි මට එවිට සිතුණේ ය.
140
“කෝකටත් අපි ප්‍රවේසමෙන් යමූ... අමාරා, ඔයා ගෑණූ ළමයි ගැන බලාගන්න. මේ ගමන සුන්දර ගමනක් නෙවෙයී.” මම පැවසුවේ ය. හෙමින් සැරේ පරික්‍ෂාකාරීව ගමන් කරන අප, කෑම සඳහා නැවතුනේ නැත. මගදී හමුවන කෘමීන්, පලඟැටි වැනි සතුන් පන පිටින්ම කටේ දාගනෙ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගත්තේ ය. ඝණ වනාන්තරයක් තුල හෝ වෙන ඕනෑම තැනක නොමැරී සිටීමටනම් මෙවැනි දෑ කළ යතු බව මා දනීමි. එම නිසා හිත හදාගෙන මාත් එලෙසම කුසගින්න නිවා ගත්තේය. යම් දුරක් ගිය පසු රැංගෝ ගේ ඉල්ලීම පිට අප අපගේ ශරීරය කැළෑවට සරිලන පරිදි වෙස් ගන්නවා ගත්තේය. ශරීරයෙන් පිට වන දහඩිය සුවඳට සත්තුන්ගේ ඉව වැටෙන නිසා අප යම් ශාකයක ඉස්ම ශරීරයේ ගා ගත්තේ ය. කෙසේ හෝ පොඩි පොඩි කරදර මැද යම්තාක් දුරක් අප පැමිණියේ ය. මා ඇතුළු සියලු දෙනා විඩාවට පත් වී සිටින අයුරු මා දුටුවේ ය. නමුත් රැංගෝ තුල එම විඩාබර පෙනුම දක්ණට නැත. ඇත්තෙන්ම ඔහු ශක්තිමත් තරුණයෙක් විය.
141
“අපි පොඩ්ඩක් නැවතිලා යමුද...?” අමාරා සමඟ පැමිණි එක් ගැහැණු ළමයෙකු පැවසුවේ ය. “බෑ... අර පේන පර්වතය පාමූලට ඉර බැස යාමට පෙර යන්න ඕන. දැනටමත් අපි පරක්කුයි.” රැංගෝ කෑ ගැසුවේ ය. රැංගෝ යනු එකතරා විදියකින් නායකත්‍වයට සුදුසු පුද්ගයෙකු යැයි මට සිතුණේ ය. ඔහු යම් අරමුණකට තම පිරිස ගෙන යන තුරු විවේක ගැනීමට පවා අකමැති කෙනෙකු විය. එය එක්තරා විදියක දුර්වල කමක් ලෙස සිතුණත් මෙවන් අනාරක්‍ෂිත වට පිටාවක මදකට හෝ නැවතී සිටීම අනතුරුදායක වේ. එය ඔහු හොඳින් දැන සිටි කාරණයක් වේ. “අපි පොඩ්ඩක් නැවතිලා යමුද...?” අමාරා සමඟ පැමිණි එක් ගැහැණු ළමයෙකු පැවසුවේ ය. “බෑ... අර පේන පර්වතය පාමූලට ඉර බැස යාමට පෙර යන්න ඕන. දැනටමත් අපි පරක්කුයි.” රැංගෝ කෑ ගැසුවේ ය.
142
“තව පලම් දෙකක් දුරින් තැනක් තියෙනවා. එතන නවතිමු.” රැංගෝ පැවසුවේ ය. පලමක් යනු සැතපුමකට වඩා අඩු දුරකි. එය මොවුන් දුර ප්‍රකාෂ කිරීමට නිතර යොදා ගත් වචනයක් වේ. පලම ක් සඳහා නිෂ්චිත දුරක් හරියටම ප්‍රකාෂ කළ නොහැකි වේ. කොහොම හරී ඉතාම ආරක්‍ෂාකාරී ලෙස ඔහු මා ඇතුළු සියළු දෙනා ඉලක්ක ස්තානය වෙත කැටුව ගියේ ය. අපට නෑසෙන පුංචී ශබ්ධ පවා ඔහුට ඇසූනේ ය. වරක් අපට එලෙස නවතින ලෙස අතින් සංඤ්ඤා කර සුළු මොහොතකින් නැවත ගමන ආරම්භ කළේ ය. නමුත් ඔහු එලෙස ඔහු අපව නැවැත්වූයේ ඇයි දැයී අප දැන ගත්තේ පියවර කීපයක් ඉදිරියට ගිය විට ය. අපට ඉදිරියෙන් යම් සත්‍වයෙක් ගමන් කර ඇති බවත් ඔහුව මග හැරීමට අපව නැවැත් වූ බවත් ඉතිරිව තිබූ මඟ සලකුණු වලින් මට පැහැදිලි වූවේ ය. පොඩි වතුර පාරක් සහිත ස්තානයකට අපව කැඳවාගෙන ආ රැංගෝ විවේක ගැනීමට එම ස්තානය යෝජනා කළේ ය. එම ස්තානය යම් ඉඩකඩක් ඇති ඉතාම ලස්සන ස්තානයක් වූවේ ය. ඈතින් පියාඹන විශාල පක්‍ෂීන් පැහැදිලිව දැක ගත හැකි වීය.
143
“අර යන්නේ මිනී කන සත්තූ.” ඈත පියාඹණ කුරුල්ලෝ වර්ගයක් දිහා බලාගෙන සිටි මා වෙත ලං වූ අමෝරා පැවසූවේ ය. “එයාලා මාර ලස්සනයි..” මම පැවසුවේ ය. “ඒක ඇත්ත... හරියට ඔයා වගේ.” යැයි පැවසූ ඇය මා වෙත ශුංගාරාත්මක බැල්මක් හෙලා ගියේ ය. දැන් හවස් වීමට කලින් කොහොම හරී නවතින්න සුදුසු තැනකට යා යතු වේ. නැත්නම් අප මේ කැළයේ නන්නත්තාර වනු ඇත. එම නිසා ඉක්මණින් නැවත ගමන ආරම්භ කල අප නැවතීමට යොදා ගත් ස්තානය බලා පිටත් විය. අප දැන් ගමන් ගන්නේ භායානක සහ විස කුරු සත්තු සිටින අඩවියක් හරහා බැවින් සියළු දෙනා කැපෙන ආයුධ අතැතිව ගමන් කළේ ය. මට හමු වූ සිතියෙමේ තිබු ගල් ගුහාව තුල රාත්‍රිය ගත කිරීම මාගේ සැලසුුම වූවේ ය.
144
අප මෙලෙස පරික්‍ෂාකාරීව බොහෝ දුරක් ගමන් කළ පසූ පෙර මෙන් රැංගෝ අපට නැවතීමට අණ කළේ ය. අප ඉදිරියෙන් අලංකාර මල් පිරුණ හොඳින් උසට වැඩුණ සහ හරක් අනක් සේ අතු විහිදුණ පඳුරක් පමණක් තිබුණේ ය. රැංගෝ සිටියේ ඉතාම බැරෑරුම් මුහුණු වරක බව මට පෙනි ගියේ ය. “කවුරුත් හෙල්ලෙන්නවත් එපා.” රැංගෝ පැවසුවේ ය. ඔහුට එලෙස කියා කට ගැනීමට හැකියාවක් වූයේ නැත අප ඉදිරියෙන් තිබූ පඳුර සෙලවෙන්න පටන් ගත්තේ ය. “දුවන්න...” යැයි කෑ ගසා රැංගෝ දිව්වේ ය. ඒත් සමඟම හැමෝම ඒ මේ අත දිව ගියේ ය. තිබුන කුතුහලය නිසාම මම නිතර වී සිටියේ ය. මා ඉදිරියේ සිටියේ අති විශාල ගෝරිල්ලෙකුට සමාන සත්වයෙකු. හොඳින් අතු විහිදී ගිය අං තට්ටුවක් ඌ සතු වූයේ ය. අතිශයින්ම භයන්කාර පෙනුමක් තිබූ ඌ මා දෙස රවා බලාගෙන සිටියේ ය. මට පණ බේරාගෙන් දුවනවා වෙනුවට මම මේ අපූරූ සත්වයා දෙස බලාගෙනම සිටියෙමි. ඒ ආසාව නිසාදෝ නැතිනම් තිබුණ බය නිසාදො මම නොදනීමි.
145
“නිකේ පක්මා, මෙහෙට වර දුවපාං” යැයි කියමින් අමෝරා මගේ අතින් අදින විට මම පියවී ලෝකයට පැමීණියේ ය. ඒත් සමඟම සත්‍වයා අපට පහර දීමට සූදානම්ව අප වෙත පැන්නේ ය. සැණකින් ක්‍රියාත්මක වූ මා එම සත්වයාගෙන් ඈතට දුවනවා වෙනුවට ඌ ගේ කකුල් දෙක ඇතුලින් අම්හාරවත් ඇදෙන ගියේ ය. එම අවස්තාවෙන් බේරීමට කළ හැකී බුද්ධිමත්ම දේ අවධානමක් ගෙන උගේ ඇඟ ඇතුලටම දිව යාම විය. එසේ දිව ගිය අප දෙදෙනා පසු පස එම යෝධ සත්‍වයා පන්නා පැමීණීමට පටන් ගත්තේ ය. “අං තියෙන් ගොරිල්ලෝ” මම දුවන ගමන් අමෝරාගෙන් ඇසුවේ ය. “ගෝරිල්ලා කියන්නේ කවුද?” “ඇත්තනේ මේ ලෝකයේ ගෝරිල්ලෝ ඉන්වා යෑ. නෑ මම ඇහුවේ මේ සතා මොකාද? ” මම දුවන ගමන් ඇසුවේ ය.
146
“ඔයාට ඕක දැන්ම දැන ගන්න ඕනද? අපි මුලින් පණ බේරගෙන ඉමු නේද? ” ඇය දුවන ගමන් පැවසූවේ ය. ඌගෙන් බේරීමට සුදුසුම විදිය පඳුරු අස්සටම ගොස් සැඟවී සිටීම බව තේරුම් ගත් මා විශාල පඳුරු ගාලක් අස්සට ඇයවත් ඇදගෙන රිංග ගත්තේ ය. නමුත් වූ පඳුරු ඉරමින් අපව සොයන්න ගත්තේ ය. මා ඇයත් සමඟ බිම බඩ ගාමින් වේගයෙන් වේගයෙන් තව තවත් ඇතුලටම රිංගුවේ ය. “අමාරා” “ඇයි..?” “හදිස්සියේ හරි මූ අපිව මැරුවොත්.... ඒක නෙවෙයි, මම ඔයාට ආදරෙයි.” මම ඇයට පැවසූ වේ තිබූණ මර බිය නිසා වෙන් සහ මැරෙන්න පෙර හෝ කෙල්ලෙගේ ආදරය දිනාගැනීමට සිතාගෙන විය. නමුත්....
147
“පිස්සුද මිනිහෝ මේ වෙලාවේ.... ” ඇයට කේන්ති ගොස් මට බැන වැදුනේ ය. මැරෙණ මොහොතෙත් ගැහැණු ළමයෙකුගෙන් ප්‍රතික්‍ෂේප වුන කෙනෙක් ඉන්නවනම් ඒ මම වෙන්න ඕන යැයි මට සිතුණේ ය. පඳුරු තුලට කේන්තියෙන් පැමිණි ඌ ශක්තිමත් වැල් ගාලක පැටලෙන්නට ගත්තේ ය. එම වැල් ඌට ගලවා ගැනීමට නොහැකි බව තේරුම් ගත් ඌ පැටලී තිබුණ වැල් අමාරුවෙන් ගලවාගෙන අපව සොයන වැඩේ අත් හැර හැරී ගියේ ය. බොහෝ වේලාවක් නිහඬව උගේ අපසු ගමනේ අඩි ශබ්ධය අසා සිටි අප දෙදෙනා අනතුරක් නැති බව වටහාගෙන පඳුරෙන් එලියට ආවේ ය. “දැන් අපි අනිත් අයව සොයා ගන්නේ කොහොම ද?” “ඒක මටත් හිතාගන්න බෑ” මම පැවසූවේ ය. “රැංගෝ .......” අමෝරා කෑ ගැසිවේ ය.
148
“කෑ ගහන්න එපා යෝධියේ .... අර යක්‍ෂයාට ඇහෙයි.” මම ඉක්මණින්ම ඇගේ කට වැසුවේ ය. “ඉතිං අපි දැන් කොහොමද අර කට්ටියව අල්ල ගන්නේ. එයාලව මග හැරෙයි නේ. ” “අපිට කරන්න තියෙන්නෙ එක දෙයයි. අපි යන්න හිතාගෙන ආපු ගල් පර්වතය පාමුලට යමූ. එතන එයාලා ඇති. ” මම කීවේ ය. “කළුවර වැටෙන්න කලින් යන්න පුළුවන් වෙයි ද?” “උත්සාහ කරමූ..” යැයි පැවසූ මම ඇයවත් ඇදගෙන අප යායතු ගමන් මඟ දෙසට ඇදුණේ ය. ගමන බොහෝ දුෂ්කර විය. වෙලාවට සිතියම මා අත තිබුණ නිසා මට අපගේ ගමන් මර්ගය සොයා ගත හැකි විය. නමුත් රැංගෝ ඇතුළු කණ්ඩායම ගමන් ගත් බවක් දක්ණට ලැබුණේ නැත. එම නිසා ඔවුන්ට මාර්ගය හඳුනා ගැනීමට මම මග සලකුණු දමමින් පැමීණියේ ය. කෙසේ හෝ හෝරා කීපයක් අප කිසිදු උපද්‍රවයකින් තොරව ගමන් ගත්තේ ය.
149
“රොකිම්.... මොකක්ද ඒ සද්දේ...??” ඇය එක් වරම නැවති ඇසූවේ ය. මාත් නතර වී හොඳින් ඇහුංකම් දීගෙන සිටියේ ය. “ඒ අර සතා... අපි ඉක්මණ් කරමූ. ඌ මේ පැත්තට එනවා වගේ.” මම ගමන තවත් ඉක්මණ් කළේ ය. කළුවර වැටෙනවාත් සමඟ අපට අප බලාපොරොත්තු වූ ස්තානය වෙත ලඟාවීමට හැකි විය. නමුත් අපට රාත්‍රිය ගත කිරීමට සුදුසු ස්තානයක් තිබුණේ ගොඩක් ඉහලින් වූ නිසා අපට යම් දුරක් උඩට නිගන්න සිදු වේ. “උඩ නගින දේවල් ඔක්කොම තිබුණේ ටැංගෝ ගාව. අපිට අමාරුවෙන් හරි උඩට බඩගාන්න වෙනවා.” යැයි පැවසූ මා ඇයවත් කැටුව අමාරුවෙන් උඩට නැග ආවේ ය. අපට ලණුවක්වත් නැතුව එදා නැග්ගා වගේ උඩට නගින්න සිදු විය. නමුත් එය ඒ තරම්ම අපහසු කටයුත්තක් වූවේ නැත. “අහෝ වාසනාවන්.....!” උඩට ආපු සැණින් මා දුටු දෙයින් ඉමහත් සතුතට පත් වූයේ ය.
150
එ් එහි තිබූ ස්වභාවික් ජල තටාකය නිසා වෙනි. විනිවිද පෙනෙන් ඉතා පිරිසිඳු ජලය එහි තිබූණේ ය. වැඩි ගැඹුරක් නොමැති අතර සාමාන්‍යෙන් අඩි 5ක් පමණ ගැඹුර ඇතැයි කිව හැක. “ඇති යාන්තම් අපිට නාගන්න පුළුවන්. මේ ඇඟේ ගා ගත්ත ඒවා නිසා ගස් ගඳේ ඉන්න බැරුව හිටියේ” ඇය පැවසූ වේ ය. “තාම රැංගෝ එහෙම ඇවිත් නෑ වගේ. එයාලගේ කිසිම සළකුණක් නෑ. එයාලට කරදරයක්වත් ද?” ම ඇසුවේ ය. “රැංගෝ එක්ක ඉන්නවා කියන්නේ හැමෝම ආරක්‍ෂිතයි කියින එක. එයාට කැළේ ගැන හොඳ ඉවක් තියෙනවා.” ඇය පැවසූවේ ය. කොහොම හරි එදින රාත්‍රිය එම ස්තානයේ ගත කිරීමට අපට සිදු විය. ================
151
කළුවර වැටෙත්ම වට පිටාවේ බිය කරු බව තව තවත් වැඩි වුවේ ය. විවිධ වූ වර්ගයේ සත්තුනගේ ශබ්ධ සෑම දෙසින් ඇසුණේ ය. නමුත් අප සිටි ස්ථානය ගොඩක් ආරක්‍ෂිත බව මට අවබෝධ විය. වාසනාවකට වගේ අප සිටි ගල් තලාව අහසේ ඇති තාරකා නිසා ආලෝකමත් විය. “අහක බලාගන්න....” යැයි පැවැසූ මා. මාගේ ඉණට ඇඳ තිබූ පදම් කල පට්ටි කැබැල්ල ගලවා වතුරට පැන්නේ ය. වතුර බොහෝ සීතල විය. නමුත් තිබණ මහන්සියත් සමඟ එම වතුර ටික දිව්‍ය ලෝකයක් බඳු විය. බොහෝ වේලාවක් එලෙස වතුරේ ඇස් පියගෙන සිටියේ ය.
152
“මේඝ.....” යන මගේ නම කවුදෝ කතාකරනවා මට හීනේ න් මෙන් ඇසුණේ ය. ඒත් සමඟම මම වගීෂ සමග මා සිටි පෘථීවියේ හිනා වෙවි කාතා කර කර සිටිනූ දුටුවේ ය. එය ඇත්තටම ප්‍රබල ලෙස සිතට දැණුනේ මා දැන් සිටින්නේ වෙනම ලෝකයක තනිවී නිසා වේ. ජබොක්..........!’ එක් වරම කවුදෝ වතුරට පැන්නේ ය. එම ශබ්ධයත් සමඟ මම නැවත පියවී ලෝකයටම පැමිණියේ ය. ඒ අමෝරාත් වතුරට පැනපූ ශබ්ධය විය. ඇයත් මාත් වතුර තාටාකය තුල සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියේ ය. “ඔයා ලොකු කල්පණාවක් වගේ” ඇය මට ලං වෙමින් ඇසුවේ ය. “හ්ම්..!” ඇය ලංවත්ම ඇගේ නිරුවත් ශරීරය රත්‍රී ආලොකය ජලයට වැටීමෙන් අලංකාරවත් ලෙසම මා දුටුවේ ය. එයින් මගේ හිතේ අමුතුම හැඟිම් සමුදායක් ගලාගෙන ගිය අතර මගේ ශරීරය හිරි -
153
වැටුණේ ය. එය ඇයගෙන් සඟවා ගැනීමට මා උත්සහ කළේ ය. “මම මේ කල්පණා කරේ වෙනම ලෝකයක ඉඳන් මෙහෙට පාත් වෙලා මට වෙච්ච දෙයක් ගැන.” “මාත් අහලා තියෙනවා ඔයා අහසින් වැටුන කෙනෙකුලූ නේද? ඔයාගේ ලෝකේ කොයි වගේ ද?” “ඔයා දැක්කද අමුතු දෙයක් වැටිලා තියෙනවා. දිගට තිබ්බේ. ආන්න ඒකට කියන්නේ ගුවන් යානාව කියලා. අපි අහසින් යන්නේ ඒවයින්.” “බොරු කියන්න එපා....” “නෑ ඇත්ත.... අපේ ලෝකේ මීට වඩා ගොඩක් දියුණු යි. කිසිම සත්‍වයෙක් නෑ මිනිස්සුන්ට ඉහලින්. අපි වැඩ කරන්නේ අකුණු බලයෙන්. ඒකට කියන්නේ විද්‍යුතය කියලා. අපි අපිටම ගැලපෙන විදියට විද්‍යුතය නිපදවා ගන්නවා
154
අපිට පුළුවන් ගොඩක් ඈත ඉන්න කෙනෙක්ට යම් කිසි උපකරණයෙකින් කතා කරන්න.” “දුර ඉන්න අයට අපිත් කතා කරනවා මංතර ජප කරලා.” “නෑ .. මේක ඊට වෙනස්. ඒකට අපි කියන්නෙ තාක්‍ෂණය කියලා.” “එහෙනම් ඔයා කොහොමද මෙහෙට ආවේ.” “ඔයා වගේම, ඔයාගෙම පෙනුම තියෙන කෙල්ලෙක්ව මම දැක්කා එහෙදී. ඉතිං තේරුම් ගන්න බැරී ගොඩක් දේවල් වුනා. ඒ කෙල්ලව හොයාගෙන ගිහින් තමා මම මෙහෙට වැටුනේ...... ඒකයී මම ඔයාට කැමති..” අන්තිම ටික අමාරුවෙන් ලැජ්ජාවෙන් මම ඇයට පැවසුවේ ය. කොහොම හරි ගොඩක් වෙලා අපි කතා කර කර හිටියේ ය. නොදැනුවත්වම දෙදෙනාට දෙදෙනා ආකර්ෂණය වන බවක් තේරුනේ ය.
155
“එතකොට ඔයා කියන්නේ ලෝකය බොලයක් වගේ....?” ඇය ඇසුවේ ය. “ඔවූ.. මේ ලෝකේ ඉර වටා කැරෙකෙනවා. ඒ වගේම මේකත් වටේට කැරකෙනවා. ඒහෙමයි රෑ දවල් ඇති වෙන්නේ.” මම ඇයට පැහැදිලි කර දුන්නේ ය. “මෝඩයා..... මේක බෝලයක් වගේ නම් අපි වැටෙනවානේ...හා හා හා අපි කැරකෙන නෑ ඉර තමා කැරකෙන්නේ. මෝඩයා... හා හා හා” ඇය මහා හයියෙන් හිනා වුනේ ය. එම හිනාව තුලින් ඇඟේ සුන්දරත්‍වය මනාව දුටුවේ ය. ඇයව සිප ගැනීමේ මහත් ආශාවක් කොහේදෝ සිට පැමිණියේ ය. යටි බඩේ සිට පපුව දක්වා රත් වී පැමිණි එම සුන්දර අශාව මට මෙවර මැඩ ගත් නොහැකි විය. එක් වරම ඇය ලඟට ලං වූ මා ඇගේ ඉන වටා අත යවා ඇයගේ සුන්දර වූ හැඩකාර සිරුර මගේ ශරීරය තුරුලට ඇදලා තද කර ගත්තේ ය.
156
එවිට ඇය එක හෙලාම මා දෙස බලා සිටියේ ය. මට ඇගේ කාල වර්ණ වූ රමණීය දෙතොල් සිප ගැනීමට සිතුණත් මම ඇයව බදාගෙන බෙල්ල සිප ගත්තේ ය. ඇගේ බෙල්ල පිටු පස කැරළි ගැසුණු කෙස් කළඹ තුලින් මාගේ ඇඟිලි තුඩු යැවූ මම එම කෙස් කළඹ පිරි මදිමින් ඇගේ බෙල්ල සිපගෙන සිපගෙන ගියේ ය. ඇගේ හුස්ම සහ හදවතේ රිද්මයද වෙනස් වන බවක් මට දැනුනේ ය. “ම් ම් ම් ම්......... මොනවද ඔයා මේ මට කරන්නේ.” සියුම් කෙදිරිලි හඬකින් ඇය ඇසුවේ ය. “මට ඔයාව ඕන අමාරා..... ඉතිං මම ඔයාව මගේම කරගන්නවා.” යැයි කියමින් මම හෙමින් සැරේ බෙල්ල සිප ගනිමින් දෙතොල් වලට ලං වුනෙමි. ඇගේ දෙතොල් සිප ගන්නා විට ඇයගේ ඇස් පියවෙනු මා දුටුවෙමි. මෙතෙක් පහලට වැටී තිබූ ඇගේ අත් ක්‍රමක් ක්‍රමයෙන් මා වටා එතෙන බව මට දැනූනේ ය.
157
එක් වරම මම ඇගේ නිරුවත් වූ සුන්දර ශරීරය ඇගේ තට්ටම් මතින් අල්ලා ඔසවා ගත්තේ ය. එවිට ඇය ඇයගේ දෙපයින්ම මා වෙලාගෙන තද කරගත් අතර මාව තදින්ම බදාගත්තේ ය. මෙලෙස කෙතරම් වේලාවක් අප දෙතොල් සිප ගත්තා දැයි නොදනී. නැවත ඇගේ ගෙල සිප ගන්නා අතරේ මම සියුම්ව ඇගේ පියයුරු පිරිමැද්දේ ය. ඇගේ උස අනුව ඒවා ඉතා කුඩා නමුත් ආකර්ෂණිය වූවා ය. රාත්‍රි අහසේ ආලොකයෙන් අප දෙදෙනාම නැහැවී සිටියේ ය. ජලයේ සීතලද අපගේ රමණයට මහත් වූ දායක්තවයක් දැක්වූ බව කිව යුතුමය. මේ මළවී කරළිය කෙතරම් වේලාවක් වූනා දැයි මම නොදනීමි. අවසානයේ ඈත් මාත් එක් අයෙක් බවට පත් වුවේ ය. දෙදෙනාගෙම ප්‍රථම එක් වීම උපරිම සතුටක් ආදරයක් සමඟ සියුම් වේදනාවකින් යුක්ත වූ බව කිව යුතුම ය. ඈ එම වේදනාවේ කෙදීරියත් සමඟම මාගේ පිට ඇගේ අත් වල නිය පහරින් තදින් පහලට හූරා දැම්මේ ය. එම වේදනවත් එම මොහොතේ මට මහත් සතුටක් වූ බව කිව යුතුමය. අවසානයේ ඇය මගේ පපුව මත නිදාගත් අතර මටද නින්ද ගියේ ය.
158
“තෝ අවලම් පරට්ටි.....” යන හඬින් එක් වරම මා අවධි වූවේ ය. කවුදෝ අමෝරාව ඇගේ කෙස් වැටියෙන් ඇද පැත්තකට තල්ලු කරනු මට දැනූනේ ය. මම විගසින් නැගිසිටි අතර ඇයත් මාත් සිටීයේ නිරුවතින් බව කිව යුතු වේ. “තොපි අපිට කලින් මේතනට රූට ගත්තේ පෙම් කෙළින්නද බොලව්.. තෝ දැන ගනීන් ඒකී මගේ එකී.” ඒ රැංගෝ වේ. උදේම ඔවුන් අපව සොයාගෙන් ඇත. දෙදෙනාම පෙම් සුව විඳපු බව පැමිණි හැමෝටම නොරහසක් විය. අමෝරාගේ යෙහෙලියක් ඇයට ඇගේ වස්ත්‍ර ලබා දෙනු මා දුටු වේය. ඒත් සමඟ මම මගේ වස්ත්‍ර ඇති තැනුත් සොයා බැළුවේ ය. ඒවා මට පිටු පසින් වැටී තිබුණේ ය. ඒ දෙස යමට ප්‍රථම, එක පාර කඩා වැදුණු රැංගෝ මට තද පා පහරක් එල්ල කළේය. එය වැදි මා විසිවී වැටුනේ ය. අමාරුවෙන් නැගිට ගත් මා. එතනම තිබූ ඉණ වටා අඳින් ඇඳුම ඇඳගෙන් ගැට ගසා ගත්තේ ය. තාමත් රැංගෝ මටත් ඇයටත් බැණ වදිමින් සිටින්නේ ය. එම වැදුනු පහරට වඩා එම වදන් නිසා මම බොහොමයක් කේන්ති ගත් බව කිව යුතුමය.
159
“ඒයි......කට වහපං ගොබිලා. තෝ තව එක වචනයක් හරී ඒකීට කිව්වොත් එක පාරින් මරණව තෝව.” මාත් දැඩි කේන්තියෙන්ම කෑ ගැසුවේ ය. ඒත් සමඟ කුලප්පූ ඔහු මට පහර දීම සඳහා අත උළුක් කරගෙන මා වෙත කඩා පැන්නේ ය. ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ මා දකුණු කකුල අංශක 45ක් පමණ ඉදිරියෙන් තබා ඔහුගේ නිකට හරහා වෑරෙන් පහරක් මිටමොලවා ගත් දකුණු අතින් එල්ල කළේ ය. එම පහරින් සමබරතාවය ගිලි ගිය ඔහු වතුරට ඇද වැටුනේ ය. “මතකතියා ගනින්. උඹ නායකයා උනේ මෙතනට එනකම් විතරයි. මෙතනින් එහාට මමයි නායකයා.” මාත් වතුරට වැටි සිටි රැංගෝ දෙස බලා කෑ ගැසුවේය. සියල්ලෝම නිහඬව සිටියේ ය. අමෝරාගේ යාළුවො ඇය සමඟ පැත්තකට වී මොනවාදෝ කතා කරනූ මට ඇසුනේ ය. මේ අතර මා ලඟට ආ ටොංටෝ...
160
“අපි මොනා හරි කාලා අයිත් ගමන පිටත් වෙමු නේද?” යී ඇසුවේ ය. “හරි... එහෙම කරමු. මේ ඇහුංකම් දෙන්න....කෑම කාලා ඉක්මණින් පිටත් වෙමු. දවස් තුනකින් වත් අපි උඩට නැගගන්න උත්සහ කරන්න ඕන.” මම කෑ ගැසූවේ ය. රැගෙන ආ දඩයමක් එතන පුළුස්සා කා. නැවත ගමන සඳහා අප සුදානම් වුනෙමූ. අපට විවේක ගැනීමට සුදුසු ස්ථානක් හමු වෙන තුරු ඉහලට නැගීමට අපට සිදුවෙන බව මා දනීමි. නමුත් මෙතනින් එහාට යා යුතු මර්ගයක් පිළිබඳව කිසිදු හෝඩූවාවක් සොයා ගැනීමට ඇත්තේ ද නැත. නමුත් මම මගේ සිතට එන අදහස් පරිදි යාමට ඉටා ගත්තේ ය. “අපිට දැන් විවේක ගන්න තැනක් හමුවෙන තුරු ඉහලටම නගින්න වෙනවා. කොයිතරම් දුරක් නගින්න වෙයිද කියන එකනම් මට කියනන් බෑ. ඒ හින්දා හිතට ධෛර්‍යය අරන් නගිමූ.” මම පැවසූවේ ය.
161
කොහොම හරි අපි එක පේළියකට කඳු නැගීමට පටන් ගත්තේ ය. මගේ නියමය පිට රැංගෝ ඉදිරියෙනුත් ටොංටෝ දෙවැනියටත් ගැහැණු ළමයි ඊට පසුත් රැංගෝගේ යාළුවා මට ඉදිරියෙනුත් මම අන්තිමටත් ගමන් කළේ ය. කෙසේ හෝ අප බොහෝ දුරක් උඩට නැගපූ බව පහල බලපූ මට පෙනී ගියේ ය. “කෝ තාම අපිට විවේක ගන්න තැනක් ලැබුනේ නෑනේ....??” රැංගෝ කෑ ගැදූවේ ය. ඇත්තටම එහෙම තැනක් හම්බවෙයිද නැද්ද පවා මම දන්නේ නැත. මගේ හිතට ආ පලියට සහා මගේ ඉව අනුව මා ගමන් සැළැසුම කලා පමණි... “තව උඩට යන්න ඕන. ඔහොමම යමු.” කෑ ගැසූවේ ය. ‘ආන්‍යා වත් හිටියනම්....’ මට වරෙක සිතුණේ ය. “අනේ රෝකිම්, තව නම් උඩට නගින්න බෑ. මහන්සී.” අමෝරා කෑ ගැසුවේ ය.“කොහොමත් උඩට නෙවෙයි නගින්න වෙන්නේ.... අන්න අරුන්ට ගොදුරක් වෙන්න.” යැයි පැවසූ රැංගෝග ඈතින් එන ටෙරොඩැක්ටිල් නම් පියාඹණ -
162
ඩයිනොසරයන්ට සමාන සත්වයින් රංචුවක් අප සිටින පැත්තට පියාඹා එනු පෙන් වූවේ ය. “මල හුට්ටප්පරය යී...” මට කියවුනේ ය. “මේ අහන්න. ඔය ගල් අස්සෙන් පහලට වැටෙන ශක්තිමත් වැල් හයියෙන් අල්ල ගන්න. කිසිම විදියකින් වත් අත අතෑර ගන්න එපා. අපි දැන් කිට්ටුවටම ඇවිත් ඉන්නේ. උන්ගේ කූඩු ඇත්තේ උඩ. ඒ හින්දා ටිකක් ඉක්මණ් කරලා යමු. පේන විදියට උන්ට මෙතනට එන්න තව පොඩ්ඩ වෙලාවක් යනවා. ඒ වෙලාව ඇති අපිට උඩටම යන්න.” මම පැවසූවේ ඉතාම විශ්වාසයකින් වේ. එවැනි විශාල පියාඹන සත්වයෙකුට බිත්තර දැමීමට මෙවැනි කඳු මත අපට සිටිය හැකි තරම් වූ ස්තානයක් තිබිය යුතුම වේ. “මට පේනවා.... තව චුට්ටයි. අපටි ඉන්න පුළුවන් වගේ තැනික් තියෙනවා.” රැංගෝ සතුටින් කෑ ගැසුවේය.
163
ඔහුගේ එම කීමත් සමඟම අප ඉතා ඉක්මණින් ඉහලට නැග්ගේය. ඒත් සමඟම අර සත්තුත් වේගයෙන් අප කරා පැමිණියේ ය. සමාන්‍යෙන් අඩි 30 ක පමණ විශ්කම්භයක් සහිත තටු යුගලක් ඌ සතු විය. පහර දීමට පහත් වන්නා සේ ඔවුන් පැමිණියේ අපව ඉලක්ක කරගෙන බව මට තේරුම් ගියේ ය. ඒ වන වටත් රැංගෝ ඇතුළු බොහෝ පිරිසක් උඩට නැග අවසන්. අවසානයේ ඉතිරි වූයේ මා පමණික් වේ. ඉහලට නැගීමේ එතරම් දක්‍ෂයෙක් නොවූ මා හට වේගයෙන් ඉහලට බඩ ගෑම කළ හැක්කක් ද නොවේ. අවසානයේ මා පමණක් කඳු හෙළ මත ඉතිරි විය. “රොකිම්... ඉක්මණට උඩට එන්න. උන් එන්නේ ඔයාව කන්න.” අමෝරා සහ අනෙකුත් පිරිස උඩ ඉඳලා කෑ ගසනු මට ඇසුනේ ය. නමුත් එතරම් ඉක්මණට ඉහලට යාමට තරම් හැකියාවක් මට නැත. ඒත් මෙච්චර දුරක් ආපූ මම මුංටනම් බිලිවෙන්නේ නැතැයී ඉටා ගත්තේමී. ඉදිරියෙන් පැමිණි වීශාල සත්‍වයෙක් මාව ඩැහැගැනීමට ලං වනු මා දුටුවේ ය. ඇත්තෙන්ම වූ අලංකාර සත්‍වයෙකී. රතු සහ කහ වර්ණයන්ගෙන් සමන් වීත වූ එම සතවයාගේ කෑ ගැසීම නම් බිය ජනනය කිරීමට සමත් විය. වේගයෙන් පැමිණි එම සත්‍වයා මා -
164
ඩැහැගැනීමට ලං වෙනවාත් සමඟම එතනම තිබුණු ගල් දෙබොක්කාවක් අස්සට රිංගා ගත්තේ ය. මාව ඩැහැ ගැනීමට නොහැකී වී ඌ හැරී යනවාත් සමඟ ඌ අනුගමනය කරමින් පැමිණි අනිත් සත්තුද මාව ඩැහෑ ගැනිමට එලෙසම පැමිණ නැවත හැරී ගියේ ය. එම අවස්තාවෙන් ප්‍රයොජනය ගත් මා එතනින් එළියට පැමිණ නැවත උඩට නැගීමට පටන් ගත්තේ ය. “අන්න උං අයිත් එනවා.....” ඉහලින් කෑ ගසනු මට ඇසුනේ ය. මේ පාර මුන් එන්නේ ගොඩක්ම පාතින් යම් කිසි සැලැස්මකට මාව ඩැහැ ගැනීමට බව තේරුම් ගත් මම ඉහලට නැගීමට ඉක්මණ් කළේය. මට ගොඩ වීමට ආසන්නව තිබියදී මුලින්ම පැමිණි සත්‍වයා මට ලංවනු මා දුටුවේ ය. “ඔයාලා පස්සට යන්න” කියලා කෑ ගසමින් මම අල්ලා සිටි කඳු ගැටය අත් හැරීයේ ය. එමඟින් මුලින් පැමිණි සත්‍වයාගෙන් මට ගැලවී යාමට හැකී වූ නමුත් වේගයෙන් මාව පහලට ඇද වැටූණේ ය. පහල තිබූ වැල් ගාලක් අල්ලා ගෙන පහලට වැටීම වලක්වා ගත්තෙමී. නමුත් මට නැවත ඉහලට නැග ගැනීමට තව බොහෝ දුරක් ඉතිරි කරමින් මම ගොඩක්ම පහලට වැටී ඇත. නමුත් මෙවරනම් සතුන්ට බිලි වෙන්න -
165
කිසිම අදහසක් මා තුල නැත. කෙසේ හෝ මේ සතුන්ගෙන් ගැලවී ඉහලට යාමට ඉටා ගත්තේමී. පෙර මෙන් ගොදුර වැරදුන සත්‍වයින් ඈතට ගොස් පාත් වී එන අයූරු මා දුටුවෙමී. හිතට ධෛර්‍යය ගත් මා වෙර අරන් පහලට පාත් වන මුලින්ම එන සත්‍වයාගේ පිටට පැන්නෙමි. පැනපු ගමන් ඌගේ ගෙල සිරකොට මම අල්ලා ගත්තේ විසි නොවී සිටීමට වෙමී. මාව ගස්සා විසී කිරීමට බොහෝ සෙයින් වෙහෙසුන එම සත්‍වයා ඉක්මණින්ම වෙහෙසට පත් විය. මම උගේ ගෙල තදින් අල්ලාගෙන සිටීම නිසා ඌ මහන්සි වූවා විය හැක. දැඟිලිල් අඩු කරගත් එම සත්වයා මාවත් රැගෙන ඉහලටම පියාඹණ්න පටන් ගත්තේ ය. ඉහලට යන මා, පහල කඳු මත කරකියා ගත නොහැකිව සිටින මගේ පිරිස මම හොඳින් දුටුවේ ය. “බය වෙන්න එපා..... මම ඉන්නේ මේ සතාගේ පිට උඩ.” මම කෑ ගසා ඔවුන්ට පැවසූවෙමි. මාව දැක්ක ඔවුන් ඉතාම සතුටු වෙනවා මම දැක්කෙමි. නමුත් දැන් මේ සත්‍වයා ගෙන් ගැලවී ඔවුන් සිටින තැනට යාමට ඉතාම අපහසු කාර්‍යයක් බව මම දන්නෙමි.
166
සත්‍වයා ඔවුන් සිටි මට්ටම පසු කරමින් තවත් ඉහලටම ගියේ ය. ඉහලට යන විට සෑම පැත්තක්ම ඉතාම පැහැදිලිව පෙනුනේ ය. අති විශලා ගස් වැල් වලින් සෑදුන වානාන්තරය, පහලට රූටා වැටෙන දිය ඇලි සහ අහසේ පියඹණ විවිධ වර්ගයේ පක්‍ෂීන් මම දුටුවෙමි. අමාරා ඇතුළු පිරිස නැවති සිටින මට්ටමේ සිට තව බොහෝ දුරක් ඉහලට නැගීමට ඇත. ඒ සඳහා තව දවස් දෙකක් වත් යනු ඇත. දැන් මා ඉඳ තබා සිටින සත්‍වයාගේ කලබලකාරී බව අඩු වී ඇත. නමුත් ඌ ඉහලට ගොස් එක තැන ට වී සිටිති. මේ අතරේ උගේ අනිත් සත්‍වයනි ඌව වට කරමින් පියාඹමින් සිටියේ ය. මේ රැලේ නායකයා මා සිටින මේ සත්‍වයා බව මට තේරුම් ගත හැකි විය. ඒ වගේම ඔවුනොවුන් යම් යම් ශබ්ධ මඟින් සංනිවේදනය කර ගන්නා බවද මට තේරුම් ගියේ ය. එවැනි යම් බුද්ධි මට්ටමක් තිබෙන සතුන් හීලෑ කර ගැනීමට හැකි බව මා දනිමි. එම නිසා මේ සත්‍වයාද හීලෑ කරගැනීමට හැකි වේදැ යි බැලීමට මට සිතුණේ ය. නැතින්ම මේ සත්‍වයාගෙන් ගැලවී යාමට මට මූව මරණ්නට සිදු වනු ඇත.
167
මේ අතරේ මෙම සත්‍වයින්ගේ සංනිවේදනය වෙනස් විය. එකා දෙන්නා මා සිටින සත්‍වයා අත් හැර යාමට පටන් ගත්තේ ය. එය හරියට කරදරයකදී තම නායකයා අත් හැර යන වාසියට විතරක් සිටින ද්‍රෝහීන් වැනි අය පමණක් වූයේ ය. මම ඉතා සෙමින් උගේ ගෙල බුරුල් කළේ ය. උගේ හිසට හෙමින් සැරේ ලංව මම උගේ හිස අත ගෑවෙමි. මගෙන් ඌට අනතුරක් නැති බව දැනෙන ලෙස මම එය කළෙමි. ඌ මා කෙරේ තිබූ බිය තුරන් වූ බව මට තේරුම් ගියේ ය. ඒ වන විට ඌගේ රෑනේ බොහෝ පිරිසක් පමණ ඌව හැර ගොස් සිටි අතර තව අතළොස්සක් ඌ සමඟම සිටියේ ය. අප සිටියේ ඉහල ආකාශයේ එක තැන පියාඹමිනි. මට අවශ්‍ය තැනට මෙම සත්‍වයා ගෙන යාමට උත්සහ දැරිය යුතු වේ. එම නිසා එම විධානය නිසියාකාරව මේ සත්‍වයාට තේරුම් කර දීමට ක්‍රමයක් සොයා ගත යුතු විය. මම උගේ දත් ඇති හොටට අතින් ඇන යායතු පැත්ත පෙන්නූවේය, පහලට යා යාතු බව චනයෙන්ද පැවසූවේ ය නමුත් ඒ කිසිවක් පලක් වූයේ නැත. මටද බොහෝ මහනසි ඇති විය. කන්දෙන් පහලට රූටා ඇවිත් වුන තුවාල එහෙන් කැක්කුම ගෙන -
168
දුන්නේ ය. මහන්සි වැඩි කමට මම බෙල්ල බදාගෙනම ඌ මත වැතිරුනෙමි. එක් වරම ඌත් ඌ සමඟ ඉතිරිව සිටි අනිත් සත්‍වයින්ද පහලට පියාඹන්න වූයේ ය. බදාගෙනම ඌ මත වැතිරුනෙමි. එක් වරම ඌත් ඌ සමඟ ඉතිරිව සිටි අනිත් සත්‍වයින්ද පහලට පියාඹන්න වූයේ ය. පහලට වේගයෙන් පැමිණ, මා සමඟ පැමිණි අනිත් අය සිටින මට්ටමට ආ පසු මම බදා සිටි උගේ බෙල්ල අත් හැරියේ ය. ඒත් සමඟය ඌ නතර වී එක තැන පියාඹමින් සිටීමට පටන් ගත්තේ ය. “රෝකිම්... උඹව මරන්න අමාරු මිනිහෙක්.....” රැංගෝ කෑ ගැසිවේ ය. “මම නම් හිතුවේ ඔයා මැරුණම තමා කියලා.” ටොංටෝ. “රෝකිම්..... කොහොම හරී එන්න. ලඟට සතාව ගෙනත් මෙතනට පනින්න.” අමෝරා ද බෙරිහන් දුන්නේ ය. “ඉතිරි කර ගත් මස් නැද්ද...??” මම කෑ ගැසුවේ ය. “ඒ මොකටද?” රැංගෝ කෑ ඇසුවේ ය. “මූට කන්න දෙන්න.. ”
169
මගේ වචනයට පිටින් යාමට තිබූ අකමැත්ත නිසාම රැංගෝ තම බෑගයේ තිබූ ලොකු මස් කැබැල්ලක් මා වෙත විසි කළේ ය. එය අමාරුවෙන් අල්ලා ගත් මා මස් කැබැල්ලම සත්‍වයාගේ හොටට ලං කළේ ය. ක්‍ෂණයකින් මස් කැබැල්ල උදුරා ගත් ඌ එම කැබැල්ල ඌ සමඟ සිටි අන් අය වෙත විසි කළේ ය. ඇත්තටම මේනම් නියම නායකයෙක් යැයි මට සිතුණේ ය. හිටි හැටියේ ඌ කන්ද ලඟට කිට්ටු වී මට පැන ගැනීමට හැකි වන අයුරීන් පාත් වූයේ ය. මම ඉක්මණින් එතනට පැන ගත්තේ ය. අප නැවති සිටින පටු ගල් තලාව උස අඩු තැනක් වේ. අපට ඉහලින් කන්ද ඉදිරියට නෙරා ඇත. යාන්තම් හිටගෙන සිටිය හැකි වන අයුරින් තිබුන එය ඇත්තෙන්ම කාණුවකට සමාන වූවේය. වැඩි ඉඩ කඩක් නැතත් අපිට නැවතීමට මෙය ප්‍රමාණවත් විය. “එන්න... ඉක්මණට.. මෙතනින් වැතිරෙන්න. ඔයාව ගොඩන් හීරීලා.” යැයි පවසමිින් අමෝරා බිම රෙදි කැබැල්ලක් එලා මව වැතිරෙව්වේ ය.
170
සිරීම් තුවාල වලින් ලේ බොහෝ සේ ඇවිත් තිබුණි. ඇය වතුර වලින් ඒවා පිස දැම්මේ ය. වතුර ගෑවෙන පාරක් ගානේ තුවාල වල වේදනාව අධික විය. වැඩියෙන්ම වේදනා ගෙන දුන්නේ අත් දෙකේ අල්ල ලෙලි ගොස් ඇති වූ වේදනාවයි. වේදනාව කෙතරම්ද කියනවනම් මගේ ඇස් වලින් කඳුලූ - ආවේ ය. ටොංටෝ ගිණි මැලයක් ගැසු අතර ඔහුගේ බෑගයේ තිබූ මස් කැබැල්ල පුළුස්සා එවලේ අපේ බඩගින්න නිවා ගත හැකි විය. ඒ මස් කැබැල්ල අප හැමෝටම රාත්‍රිය ගත කිරීමට ප්‍රමාණවත් වූවේ ය. ===============
171
උදෑසන අවදි වූ අප ඉහලට යාමට ක්‍රමයක් කල්පණා කළේ ය. ඇත්තෙන්ම මට නින්ද ගිය මොහොතේ තුවාල තව දුරටත් පිරිසිඳු කර අඹරා ගත් බෙහෙත් පැලැටී විශේෂයක් අමෝරා විසින් ගල්වා ඇත. එමඟින් කියා ගත් නොහැකි වූ සනීපයක් මා වෙත ලැබුණේ ය. නමුත් ශරීරයේ කියාගත නොහැකී වේදනාවක්ද නොතිබුණාම නොවේ. නමුත් අපට දැන් තිබුණ ප්‍රශ්ණය අහාර නොමැති කමයි. තිබ්බ මස් ටිකත් කොහෙවත් යන පියාඹණ සතෙක්ගෙන බේරෙන්න පුදන්න වීම ඇත්තටම කණාගාටුවකී. රැංගෝ නිතරම ඒ පිළිබඳව නෝක්කාඩු කියවන්න පටන් ගෙන සිටියේ ය. නමුත් යම් හොඳ දෙයක් සිදු වන බවට මගේ හිතේ විස්වාසයක් තිබුණේ ය.
172
මේ අතර තුරේ ටොංටො සහ රැංගෝගේ යාළුවා එකතු කොහෙදෝ තිබු තුඹසකින් බෝල පණුවෝ වගයක් ගෙන අවේය. “රෝකිම්, අපිට මුංව උදේට කන්න පුළුවන්. කිරි රසයි.” “ම් ම් ම් .... මුං නම් ගොඩක් රස පාටයි” යැයි පවසමින් අමෝරා එතැනට පැමිණ පණුවෙක් ගෙන කටේ දා ගත්තේ ය. එය අපට අප්‍රසන්න දෙයක් වුවත් මට මෙහේ සිටි කාළයේ ලබපු අත් දැකීම් තුලින් එවැනි දෑ අමුත්තක් වූයේ නැත. එතැනට පැමිණ අනිත් අයත් මාත් එම පණුවෝ අමුවෙන්ම කා යාන්තම් බඩගින්න අඩු කර ගත්තේ ය. නමුත් අපට ඉහලට නැගීමට එම ශක්තිය ප්‍රමාණවත් නොවේ. අනික එක දිගට එතරම් දුරක් අපිට නැගිය නොහැක. තව අපිට විවේක ගැනීමට තැනක්ද නැත. කොයි මොහොතේ මොකාට අප ගොදුරු වෙයි දැයි අප නොදනී. මෙලෙස ගැඹුරු කල්පණාවකට මා වැටුණේ ය. හැමෝම මා කුමණ හෝ විසදුමක් ගෙන ඒවී යැයි බලාපොරොත්තු තබාගෙන සිටි බව මම තේරුම් ගත්තෙ මී.
173
“ක්‍රර්ර් ර් ඈස් ර් ර් ර්” ඒ අර පියාඹණ ටෙරොඩැක්ටිල් සත්‍වයාට සමාන සහ මාව ගොදුරු කර ගන්න තැත් කල විශාල සත්‍වයාගේ ශබ්ධය විය. “අන්න අරු අපිව කන්න අයිත් එනවා.” අමෝරාගේ යාළුවෙක් කෑ ගැසුවේ ය. කඩිණමින් නැගිට මා ඇය පෙන්නු දෙස බැළුවේය. ඌ සහ උගේ පිරිසේ ඉතිරිව සිටින අයත් ඉතාම වේගයෙන් අප සිටින දෙසට පියාඹමින් සිටියේ ය. “ඉක්මණ කරන්න..... බිත්තිය අයිනටම හේත්තු වෙන්න. උං මේ පාර එන්නේ අපිව කන්නමද කොහෙද.....” මම කෑ ගැසුවේ ය. හැමෝම බිත්තියට හේත්තු විය. බොහො විට උගේ දත් ඇති හොට අප සිටින කාණුව තුලටම දිග නැතුව ඇතැයි මම උපකල්පණය කළෙමි. මේ අතර රැංගෝ ඌ සමඟ සටන් කරන්න සූදානමින් ඉදිරියටම ගොස් සිටියේ ය. “රැංගෝ මෝඩයෙක් නොවී වරෙක් මෙහෙට.....” මම තර්ජණාත්මකව ඔහුට අණ කළේය. ඔහු මට කිකරුව පස්සට අවේ ය. ඇත්තටම මගෙත් අන් අයගෙත් වෙනස දැන් පැහැදිලි විය. මට ඉතා කෙටි
174
කලක් තුල නිවැරදි තිරණ ගැනීමේ හැකියාව තිබූ අතර අන් අයට එය එසේ නොවීය. අනතුරකදී හෝ සටනකදී ප්‍රායෝගික උපායන් සොයන මා බැරිම වුනොත් ඕනෑම අවධානමක් ගැනීමට සුදානම්ව සිටියේ ය. ඉදිරියෙන්ම පැමිණියේ මා සමඟ පොරබැඳි සතාම විය. උගේ එක් පාදයක් යම් දෙයක් තිබේනු මම දුටුවේ ය. අප සිටින තැන ලං වත්ම ඌ වේගය අඩු කරගත් අතර අප සිටි තැනට ලං වී අතේ සිටි යමක් අප වෙත විසි කර ඉහලට පියාඹා ගියේ ය. මට හිතා ගැනීමට තරම් පුදුම ය. ඊයේ අපි උට කන්න දීපූ ඒවට කළ ගුණ සැළැකීමට ඌ පැමිණ තිබුණේ ය. ඌ අප වෙත විසි කර ඇත්තේ දඩයම් කරගත් මුවෙකුට සමාන කුඩා සත්‍වයෙක් විය. එම දඩයම අප සැමගේ වේල් කීපයක්ම බඩ කර පිරිවීමට සමත් වේ. රැංගෝ ඇතුළු හැමෝම ඉක්මණ් වී එම දඩයම ඉක්මණින්ම මස් කර ගත්තේ ය. කීප දෙනෙකු එකතු වී ගිණි මැලයක් ගසා මස් පුළුස්සන්න පටන් ගත් අතර තව කීප දෙනෙක් ගෙන යාමට මස් සකස් කළේය. “දැන් අපි මෙතනින් උඩට යන්නේ කොහොමද?” අමෝරා මට ලං වී ඇසුවේ ය.
175
“ඒකනම් මාත් තාම කල්පණා කරනවා. බලමු මට හොඳටම විස්වාසයි අපිට ඉකමණින් යන්න පුළුවන් ක්‍රමයක් ලැබෙයි.” මම ඉතා විස්වාසයෙන් ඇයට පැවසුවේ ය. “අමෝරා මට දුන්නයි ඊතලයකුයි ගේන්න.... තව ශක්තිමත් ලණු වකුත් ගේන්න.” මම ඇයගෙන් ඉල්ලුවේ ය. මා කුමක් කරණ්න යන්නේ දැයි අදහසක් ඇයට නැතත් ඇය මට මම ඉල්ලපු දේවල ගෙනත් දුන්නේ ය. ඊතලයේ තුඩ අසල ලණුව හොඳින් ගැය ගැසූවෙේ ය. ඉන් පසු දුන්නත් එම ඊතලයත් රැගෙන් ඉදිරියටම පැමිණි මම ඊතලය දුන්නට හොබවා ඉදිරියත් ඉහලත් හොඳින් නිරික්‍ෂණය කළේය. හොඳින් සුලඟ එන දිශාව තේරැම් ගත් මා මට ඉහලින් කොතැන හෝ තැනක ඊතලය රැඳෙන සේ විද්දේමි. ඊතලය අල්ලා සිටින කෝණය වෙනස් කර දුන්න ඇල කර ඉදිරියට විදිමෙන්, ඉදිරියට ගමන් ගන්නා ඊතලය මග දුරක් ගොස් හැරී ආපස්සට එන බව මම පුහුණවේ දී ඉගෙන ගත්තෙමී. එලෙස මා සිටි ස්තානයට බොහෝ ඉහලින් ඊතලය රැඳෙන් සේ විදීමට මට හැකි විය. “ඔයා මොකක්ද කරන්න යන්නේ” ඇය ඇසුවේ ය.
176
“මම මේ ලණුව දිගේ නැගලා අපිට යන්න මාර්ගයක් බලාගෙන් එන්නම්” යැයි මා පවසා දුවගෙන ඇවිත් පහලට එල්ලා වැටෙන ඊතලයේ ගැට ගැසූ ලණුව අල්ලා ගත්තේ ය. “උඹට පිස්සුද මිනිහෝ.... තාම තුවල හොඳ නෑ. මෙන්න මෙහෙට වර” මේ පාර අමෝරා කේන්ති ගොස් මට කෑ ගැසුවේ ය. නමුත් මම ඇයගේ වචන ගණනකට නොගෙන ඉහලට ලණුව අල්ලන් බිත්තිය දිගේ නැගුණේ ය. මම හිතුවටත් වඩා ඉහලට මම යැව් ඊතලය වැදී තිබුණේ ය. කෙසේ නමුත් මට අමෝරා කියූ වචන අහන්න තිබුණේ. මගේ අල්ලේ තියෙන තුවාල තාම සුව වී නොමැති නිසා මට මහත් විශාල වේදනාවක් ගෙන දෙන්නට විය. හිටි හැටියේ මගේ අත් බුරුල් වන අයූරු මට දැනූනේ ය. තව දුරටත් ලණුව අල්ලාගෙන සිටීමට නොහැකී බව මා දැන ගත්තේ ය. නැවත වරක් මරණ බය මට දැනෙන් පටන් ගත්තේ ය. එක් වරම මා ඇද වැටූණේය. වැටෙන මොහොතේ මරණ බිය නැත්තටම නැති වී. නිරායාසයෙන් මරණයට මූණ දීමට මාගේ හිත සුදානම් වූයේ ය. මගේ ඇස් පියවුණේ ඉබේමය. මා සුළු මොහොතකට සිතුවිලි වලින් තොර සැහැල්ලුවක් සහ සැනසීමක් අත් දැක්කේ ය. එම සුළු -
177
මොහොත සෑහෙන තරම් වූ වෙලාවක් ලෙස මට දැනූණේ ය. අඩුම තරමේ අමෝරා හරි දැන් මගේ වූ නිසා මා පරාජිතයෙකු නොවේ යන සිතුවිල්ලෙන් මට අවසන් ගමන ගිය හැක. එක් වරම ‘දොග්’ ගාමීන් කුමක්දො මතට මා වැටූණේ ය. ඒ සමඟ අර සත්වයාගේ කෑ ගැසිල්ලා මට ඇසුනේ ය. මම මගේ ඇස් ඇර බැළුවෙමි. මම ජිවතුන් අතර සිටියි. මම වැටී ඇත්තේ අර පියඹණ සත්‍වයාගේ පිට මතයි නැතින්ම වූ ඇවිත් මාව අල්ලගත්තා විය හැකී. ඌ මව රැගෙන ඉහලට පියඹා ගියේ ය. අප සිටි මට්ටමට පැමිණ ඌ නැවතුණේ ය. “මම බොට කිව්වා යන්න එපා කියලා.... තොට මැරෙණ්න ඕනම නම් මුලින් අපිව ගමට පිටත් කරලා හිටපන්....” අමෝරා එක දිගට බනින්න ගත්තේ ය. “රෝකිම් .... අපි හිතුවේ නම් ඔයා ඉවරයි කියලා.... මම ඇස් දෙකෙන් දැක්කා ඒ වැටෙන වැටිල්ල..” ටොංටෝ කීවේ ය. “මම කිව්වේ ඕකාව මරණ්න බෑ කියලා” රැංගෝ පැවසූවේ ය. “පොඩ්ඩක් කෑ ගහන් නැතුව ඉන්න.. මේ සතා කලබල වෙනවා.” බැරිම තැන මම ඔවුනට කෑ ගැසුවේ ය.
178
ඒත් ඔවුන් නිහඬ වන පාටක් නැත. අමෝරා පමණක් නොව ඇයගේ යාළුවන්ද මට දෝෂාරෝපණය කරන්නට විය. ඔවුන්ගේ කංදොස් කිරියාව මටත් සත්‍වයාටත් දරාගත නොහැකි විය. මම ඌගේ බෙල්ල බදාගෙන හොට ඉහලට තද කළේ ය. ඇත්තටම මට අවශ්‍ය වුනේ උඩට පියඹන්න. ඌ එය තේරුම් ගත් අතර මාව පිට තියාගෙන උඩට පියඹා ගියේ ය. තරමක් උඩට පියාඹා යන විට ම ඌගේ හොටට දෙපාරක් තට්ටු කළේ ය. ඒ සමඟම ඌ නතර වුනේ ය. මෙලෙස මා ඌ සමඟ කෙතරම් වෙලාවක් සිටියා දැයි නොදනීමි. එදින හවස් වන තුරු මම ඌ සමඟ එහේ මෙහේ ගියේ ය. මට අවශ්‍ය වුනේ එම සත්‍වයා තෙරුම් ගැනීමටත් වූ සමඟ හොඳින් අදහස් හුවමාරු කර ගැනීමත් ය. වැඩි වෙහෙසක් නැතුවම මට ඌවත් උගේ රැහේ අන් අයත් පාලනය කළ යුතු අයුරු අවබෝධ විය. මම උංට විසිල් ශබ්ධ මඟින් සහ මුවෙන් පිට කරන විවිධ ශබ්ධ සඳහා ප්‍රථිචාර දැක්වීමට පුරදු කළෙ මි. හවස් වෙනවාත් සමඟම මම අප සිටි නවාතැනට ගියේ ය. අමෝරාගේ අඳොනාව එලෙසම තිබුණේ ය. ඒ අස්සේ පිරිසව ඉහලටවත් පහලටවත් යා නොහැකි ලෙස එතැන සිරිවී සිටීමට සැලැස්වීම ගැන රැංගෝ දෝෂාරෝපණය කරමින් සිටියේ ය.
179
කෙසේ හො එදිනත් රාත්‍රියත් එතැනම ගත කිරීමට අපට සිදු විය. රාත්‍රී ආහාරය ප්‍රශ්ණයක් වුනේ නැතත් මගේ අල්ලේ තිබුණ තුවාල ඇඳුම් දුන්නේ ය. එම වේදනාවෙන් ඇඹරි ඇඹරි සිටිනවා අමෝරා දුටුවේ ය. “ඇයි ඔයා දඟලන්නේ.... කෝ දෙන්න අත බලන්න.” ඇය ලඟට පැමිණ මගේ අත ගෙන බැළුවා ය. මේ වන විට අන් සියළු දෙනාම නිදාගෙන සිටි අතර මාත් ඇයත් පමණක් ඇහැරගෙන සිටියේ ය. “ඇයි ඔයා නිදා ගන්නේ නැද්ද?” මම ඇසුවේ ය. “නින්ද යන්නේ නෑ තාම... ඇස් පියවෙන්නේ නෑ. මට ඔයාව මතක් වෙනවා.” ඇය පැවසූවේ ය. “මගේ අත් ඇඳුම් කනවා... හරීම අමාරුයි.” මම ඇයට මගේ අල්ලේ ඔතා තිබූ පටි ලෙහා පෙන්නූවේ ය. “ඔයාගේ අත හොඳටම පැසවලා. කහ පාට වෙලා.... වේලාවට මට නින්ද නොගීයේ.”
180
“අප්පටසිරි..... හෙටත් අපිට මෙතනම ඉන්න වෙයි මේක වැඩි වුනොත්...” මම දුක් වුනේ ය. “දුක් වෙන්න එපා කොල්ලො...ඔයාට මම ඉන්නවා දැන්. ඉන්න පොඩ්ඩක්” යැයි පවසා ඇය මොනවදෝ ගේන්න ගියේ ය. ඇගේ බෑගය ඇද මොනවද අතට ගත් ඇය වතුර භාජනයක්ද රැගෙන මා සිටි තැනට ආවේ ය. “ආ මේක කටේ ඔබා ගන්න.” ඇය රෙදි පාංකඩයක් මගේ කටේ එබුවේ ය. “දැන් පොඩ්ඩක් රිදෙයි ඉවසගෙන ඉන්න. මේක රතු පාට වෙනකම් සුද්ද කරන්න ඕන.” යැයි පැවසූ ඇය මගේ එක අතක් ගෙන එයට වතුර දමා සුද්ද කරන්න පටන් ගත්තේ ය. ‘අම්මෝ !’ ඒ වේදනාව. ඇස් වලින් කඳුළු පමණක් නොව නහයෙන් හොටු පවා පැන්ණේ ය. කටේ පාංකඩය නොතිබෙන්න පාලතම ගිගුරුම් දෙන්න මගේ අඳෝනාව ඇසෙණු ඇත. “ආ... දැන් හරි.. ඔය තියෙන්නෙ අත ලස්සනට රතු වෙලා.” “දැන් ඉවරද...?” මම ඇසුවේ ය.
181
“ආ..... ඇයි අනිත් අත. කො දෙන්න ඒක මෙහාට.” “තව අතකුත් තියේයිද.... අනේ ඒක එපා. ඔය අත නැති වුනාට කමක් නෑ. ඒක සුද්ධ කරන්න එපා.” මම බැගෑ පත්ව ඇඬුවේ ය. “මෙන්න මෙහාට දෙනවා...” ඇය බලෙන්ම මගේ අනිත් අත ඇද එයත් පෙර මෙන් සුද්ද කිරීමට පටන් ගත්තේ ය. ඇය නැවත පාංකඩය මගේ කටේ හිර කොට සිටි නිසා කෑ ගැසීමටද නොහැකි විය. මෙවර මට වේදනාව වැඩි කමට බිත්තියට හේත්තු වී ඇඬුවේ ය. මුළු ඇඟම දාඩියෙන් තෙත් වී ඇත. මට ගෙදර මතක් වුනේ ය. නැවත ගෙදර යන්න. මගේ ඇඳට වී සැපසේ නිදා ගන්න විදිය, ෆෑන් එකේ හුලඟ වදින් කොට දැනෙන සනීපය මේ හැමදේම මට එවලේ මතක් වූනේ ය. “අනේ මට ගෙදර යන්න ඕන...” මට ඉබේටම කියවුණේ ය. “හ්ම... දැන් හරී. ඔහොම ටිකක් ඉන්නවා බෙහෙත් ටිකක් කොටගෙන එනකම්” යැයි පවසා ඇය ගියේ ය.
182
ඇය එන්න කෙතරම් වෙලා ගියා දැයි මම නොදනිමි. නමුත් ඒ අතර කාලය මම සිටියේ පියවි සිහියෙන් නොවේ ය. ඇය නැවත පැමිණ යම් කිසි ශාඛයකින් කොටා ගත් බෙහෙතක් අත් දෙකේම ගල්වා වෙළුම් පටි වලින් බැන්ඳේය. ඇත්තටම මම ඒවා ශාඛයකින් කොටා ගත් ඒවා බව දැන ගත්තේ පහුවදා උදෑසන වේ. “දැන් ඔක්කොම හරි.....” ඇය පැවසූවේ ය. මම කෙඳිරි ගාමින් සිටියේ ය. ඇය මගේ කටේ තිබුණ පාංකඩය ඉවත් කර මාගේ ශරීරය වතුර පෙඟවූ රෙදි කඩකින් පිහදැම්මේ ය. මූණ සහ බෙල්ල හොඳින් ඇය පිරිසිඳු කළේ ය. ඉන් පසු ඇය ඇගේ පපුවට මාව තුරුල් කරගෙන නිදි කෙරෙව්වේ ය. මාත් ඇයට තුරුල් වී නිදා ගත්තේ ය. කෙතරම් ලොකු වේදනාවන් ඉවසා සිටියත් එක පුංචී තුවාලයක් ඇති අසරණ කරන්න. =================
183
මට කෙතරම් සනීපෙට නින්ද ගියාද කියනවනම් අමෝරා විසින් මාව ඇහැරවන තුරු මම එළිවෙලාද කියලවත් දන්නේ නැත. සියළුම දෙනා අවදී වී ආහාර පිළියෙල කර ගත් පසු ඇය මාව අවදි කර ඇති බව මට පෙනී ගියේ ය. “ඇයි මාව ඉක්මණින් නැගිට්ටුවේ නැත්තේ?” මම ඇයගෙන් ඇසුවේ ය. “ඔයාගේ අත දැන් අඩුයි ද?” ඇය මගේ ප්‍රශ්ණය ගණන් නොගෙන මගෙන් ඇසුවේ ය. “ඔවූ .... අඩුයි වගේ. ” “එහෙනම් කාල ඉමූ.” ඇය මා ලඟටම පැමිණ උදේ ආහාරය කැව්වේ ය.
183
අමෝරාත් මාත් අතර ඇති සම්බන්ධය නොරහසකි. කිසිවෙක් ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නේද නැත. ඒත් රැංගෝ නම් සිටියේ තරහකින් සහ කේන්තියකින් බව මා දනිමි. කෑමෙන් පසු ඇඟට යම් පනක් ආවේ ය. අතේ වෙළුම් පටි අමෝරා විසින් ගලවා බැළුවේය. ඇත්තටම හිතාගත නොහැකි තරම් දුරට එය වේලී ගොස් ඇත. හෙට වන විට මගේ අත සම්පූර්ණ සුවයක් අත් වනු ඇත. “අද අපි මොකද කරන්නේ රෝකිම්” ඇය ඇසුවේ ය. “අර පියාඹණ සත්තුන්ට කියන නම මොකක්ද?” මම ඇසුවේ ය. “ඒකනම් මම දන්නේ නෑ. දැක්කෙත් අදමයි.” ඇය පැවසූවේ ය. “උංට එක එක නම් කියනවා. අපේ රැහේ අය උංට කියන්නේ ‘ඌරුවම්බා’ කියලා. මාත් දැකලා නෑ මීට කලින්.” අපේ කතාව අසාගෙන සිටි රැංගෝ උත්තර දුන්නේ ය. “මොනවද රැංගෝ උං ගැන තියෙන කතාන්දර එහෙම.” මම ඔහුගෙන් ඇසුවේ ය.
184
“මොනවද රැංගෝ උං ගැන තියෙන කතාන්දර එහෙම.” මම ඔහුගෙන් ඇසුවේ ය. “මගේ අප්පච්චි දවසක් මට කිව්වා... මේ සත්තු ජීවත් වෙන්නේ කණ්ඩයමක් විදියටලු. හරිම බුද්ධිමත්ලූ. මිනිස්සු පේන්න බෑළු. හැබෑයී උං මිනිස්සු ඉන්න තැන් වලට එන්නේ නෑ. දවසක් වෙන රැහේක ඉන්න එකේක මුංගේ බිත්තරයක් අරන් ඇවිත්, එලිවන ජාමේ වෙනකොට උංගේ මුළු ගම්මානයම ඌරුවම්බා සත්තු විසින් වට කළාලූ. වට කලා විතරක් නෙවෙයි උං ප්‍රාණ ඇපයට උදේම එලියට ආපූ මිනිසුන්ව ගත්තාලූ. උංගෙන් සොරා ගත්ත බිත්තරය ගෙනත් දෙනකම් උං කෑ ගහා ගහා අල්ල ගත්ත මිනිස්සු එකා එකා කෑවළු. ආයුධ අරන් පහර දෙන්න ආපූ මිනිස්සුන්ට වුනෙත් මැරුම් කන්නලූ. උං පහර දුන්නෙත් සැලැස්මකට අනුවලූ. පස්සේ රැහේ බුද්ධිමත් කාන්තාවක්ට වැඩේ තේරීලා බිත්තරය ගෙනත් තිබ්බලූ. ඊට පස්සේ උං අල්ලන හිටපූ මිනිසුසුන්ව අත හැරලා යන්න ගියාළු බිත්තරයත් අරන්. ” “ඒකනම් රසවත් සහ පුදුම කතාවක්...නමුත් මම හිතනවා ඒක ඇත්ත කියලා.” මම පැවසූවේ ය. “අම්මෝ මටනම් බය හිතුණා.”
185
“අපි අද දවසත් මෙතන ඉඳලා ද යන්නේ?” රැංගෝ ඇසූවේ ය. “කාලය කියනේනේ වටින දෙයක්. දැන් මට ගොඩක් හොඳයි. අපි අද උඩට යමු.” මම පැවසූවේ ය. “ඔයාට පිස්සුද රෝකිම්... ආයිත් වැටෙන්නද හදන්නේ. ඔයා මෙතන ඉන්න අපි උඩට ගිහින් තැනක් හම්බුණ ගමන් ඇවිත් උඩට ගන්නම්.” අමෝරාට නැවත කේනිති ගියේ ය. “අයිත් අපිට නැවතිලා විවේක ගන්න තැනක් උඩ නෑ. සම්පූර්ණයෙන්ම උඩට යන්න වෙනවා. බිත්ති දිගේ බඩගා ගෙන ගියොත් දවස් ගාණක් යයී. ඒ තරම් උසකට අපි නිගින්නේ.” මම පැවසූවේ ය. “මොකක්... එතකොට අපි මෙතන මැරෙන්නද වෙන්නේ.” ඇය ඇසූවේ ය. “ඉන්න... මම තනියම ගිහින් තැනක් හොයාගන්නම්.” රැංගෝ පැවසූවේ ය. “එපා රැංගෝ.... මම ඇස් දෙකෙන්ම දැක්කා. අපිට බඩ ගාගෙන උඩට යන්න බෑ.”
186
“මොන මඟුලක්ද රෝකීම් කරන්නේ. මම මැරුණට කමක් නෑ. ඒත් මගේ යාළුවෝ පවූ.. අපි මොකද දැන් කරන්නේ. අපි ආපහූ යන්න ක්‍රමයක් බලමූ.” ඇය ඉකිගසමින් පැවසූවේ ය. “අඬලා වැඩක් නෑ බං. උඹ මට නොලැබුන එකට මම රෝකීම්ට වෛර කරාට මම දන්නවා ඌ මොකක් හරී ක්‍රමයකින් අපිව උඩට ගෙනියනවා කියලා උඹ නාඩා හිටපං.” යැයී රැංගෝ අමෝරාට පවසා එතනින් ගියේ ය. කොච්චර හිතේ තරහා තිබුණත් රැංගෝ හිත හටින් මට බිය මුසු ගෞරවයක් දක්වන බව එවිට මා දැන ගත්තේය. “දැක්කනේ කිව්ව දේ.... මම කවදාවත් ඔයාලව තනි කරන්නේ නෑ.” මම පැවසූවේ ය. “මේ අහන්න... අපි අද උඩටම යනවා.... ඒකට ලෑස්ති වෙන්න.” මම අන් අයට කෑ ගැසූවේ ය. “බොරු නෙවෙයි නේ..” ඇය සැක මුසුව මගෙන් ඇසුවේ ය. “මම මීට කලින් බොරු කියලා තියෙනවාද?”
187
ඇය මා දෙස අමුතුම බැල්මක් හෙලා යන්නට ගියේ ය. කෙසේ හෝ මා මෙතනින් ඉහලටම යා යුතු වේ. හැමෝම මා කෙරෙහි විස්වාසය තබා තිබීමත් මට ලොකු හයියක් වේ. මගේ ශරීරයේ වේදනාවන් සහා තුවාල අඩු වී ඇති නමුත් හිටි හැටියේ ශරීර අභ්‍යන්තරයෙන් වේදනාවන් ගෙන ආවේ ය. “රොකිම් ඔයා ලෑස්තිද? අපේ ඔක්කොම ලෑස්ති.” අම්හාර පැවසූවේ ය. “ඔවූ. මම හරී. ” මම මගේ මල්ලද රැගෙන ඉදිරියට ආවේය. “කඳු බිත්ති දිගේ යන්න බෑ කිව්වා නේද? දැන් කොහොමද අපි යන්නේ?” ඇය ඇසූවේ ය. “මොනවා අපිට බිත්තිය දිගේ නෙවෙයිද යන්න තියෙන්නේ.” ටොංටෝ ඇසූවේ ය. මේ අස්සේ කට්ටිය එකිනෙකාට මොනවාදෝ කියවන්න පටන් ගත්තේ ය. “රැංගෝ...අර සතතුන්ගේ නම මොකක් ද?” “ඌරුවමබා....”
188
“උන් බුද්ධිමත් නේද? ” “ඔවූ” “උංට නායකයෙක් ඉන්නවාද?” “ඉන්නවා... එදා ඔයාව කරේ තියාගෙන ගියේ ඒ උංගේ නායනයා තමා.” ඒත් එක්කම ම මගේ කටින් අමුතු සද්ධයක් දැම්මේ ය. සුළු වෙලාවකින් මගේ හිතවත් ඌරුවම්බා වටේම දෙදෙරන්න කෑ ගසන හඬ ඇසූණේය. ඒත් සමඟ පස්සටම ආ මම, දුවගෙන ගොස් කන්දෙන් පහලට පැන්නේ ය. වැඩි දුරක් පහලට වැටෙන්න නොදී මගේ හිතවත් ඌරුවම්බා මාව උගේ පිටට අල්ලා ගත්තේ ය. ඉන්පසු මම ඌත් සමඟ අපේ කට්ටිය ඉන්න තැනට පියාඹා ඇවිත් නතර වූනේ උජාරුවෙන් වෙමි. “රැංගෝ.... උඹ වැරදී පුතා. මුංගේ නායකයා මම. මමයී බොල මහා ඌරුවම්බා.” යැයි කියමින් මහා හයියෙන් හිනාවෙමින් කෑ ගැසූවේ ය. කට්ටිය පුදුම වී සිටිනවා මා දුටුවේ ය. ටොංටෝ ගේ
189
අතේ තිබුණ මල්ලද බිම වැටූනේ ය. තව අමෝරාගේ යාළුවන්ගේ කට ඇරෙනූ මා දුටුවේ ය“මම කිව්වේ....මම කිව්වේ..... මම කිව්වා නේද උඹ මොකක් හරී ක්‍රමයකින් අපිව උඩට ගෙනි යයි කියලා” යැයි රැංගෝ කෑ ගැසූවේ ය. මම කඳු බිත්තිය වෙත ලංවී “එන්න අමෝරා, අපි යමු උඩට.” යැයි පැවසූවේ ය. “එතකොට අනිත් අය.” “බය වෙන්න එපා, එයාලත් අපි එක්ක එනවා.” “ඉතිම් මාව කොහොමද නග්ග ගන්නේ. ඌට ලංවෙන්න බෑ තටු ගහන පාරට හුලඟට අපිව විසි වෙනවා.” ඇය පැවසූවේ ය. “පහලට පනින්න. මම අල්ල ගන්නම්.” “මාව මරණ්නද හදන්නේ....” “බය නැතුව පනිනවා......” “මට බෑ... මම බයයි.” “මම ඉන්නවානේ... පනින්න.”
190
මම පහලටම ගොස් ඇයව මා සිටි සත්‍වයාගේ පිට මතට අල්ල ගත්තේ ය. සතාගේ විශාලත්‍වය අනුව ඇත්තටම දෙන්නෙකුට නොව තවත් දෙදෙනුකට වුවද උගේ පිටි මත සිටිය හැක. “ඔයා මාව එහෙනම් අල්ල ගත්තා....” “හ්ම්..... හැමදාම ආදරෙන්. වැටෙන්න නම් දෙන්නේ නෑ මම මැරුණත්” “ඒකටනම් ගොඩක් ආදරේ හිතුණා.” යැයි පවසමින් ඇය මගේ දෙතොල් සිප ගෙන සිප ගෙන ගියේ ය. මාත් ඇයගේ ඉණ වටා එක් අතක් යවමින් අනික් අත බෙල්ල වටා යවමින් සිප ගත්තේ ය. “දැන් ඔය ඉඹ ගත්තා ඇති නේද? අපි මෙතන කියලා අමතක කරන්න එපෝ....” ටොංටෝ කෑ ගැසූවේ ය. “අමෝරා... අපි මෙහේ, අපිවත් ගන්න.” ඇගේ යාළුවොත් කෑ ගැසුවේ ය. “හරි.. ඉතිම්, ඔහොම ඉන්න රෝකිම් ඔයාලා ඔක්කොවම උඩට ගෙනියයී.” යැයි ඇය කෑ ගැසුවේ ය.
191
දැන් තියෙන අභියෝගය උඩ ඉන්න අයව ඌර්වම්බා අනිත් සතුනගේ පිටට අපේ කට්ටිය නග්ග ගන්න එකයි. එම සතුන්ට අපි සිටින තැනට ලං වීමට නොහැක. උංගේ පියාපත් වලින් ඇතිවන සුලඟ නිසා කොහොමත් ලං වීමට නොහැක. කළ හැක්කේ ඔවුන් පහලට පනින විට ඇල්ලීම පමණි. “රෝකිම් මට උඹව විස්වසයි.” යැයි පවසමින් මුලින්ම පැන්නේ රැංගෝ ය. වහාම ක්‍රියාත්මක වූ මම එතන පියාඹමින් සිටි එක සත්‍වයෙකුට ඔහුව අල්ලා ගැනීමට අණ කළේ ය. එම සත්‍වයා හිතුවට වඩා වේගයෙන් ගොස් රැංගෝව කර තියන් උඩට ආවේ ය. “රෝකීම්... උඹ ඇත්තටම පුදුමාකාරයි. උඹෙයි මගෙයි තරහා මෙතනින් ඉවරයි. මගේ නායකයා උඹයි.” යනුවෙන් පැවසූ රැංගෝ මට ඌරුවම්බා පිට මත නැගී සිට පපුවට අත තබා හිස නවා ආචාර කළේ ය. මාත් හිස නවා එම අචාරය පිළි ගත්තේ ය. මේ අවස්තාවේ මට දැනූන හැඟිම් මා ඔබට විස්තර කළ යුතුම ය. මට ඇත්තටම දැනූනේ කියාගන්න බැරී නිහතමාණි ආඩම්භරයකි. නියම නායකයෙකුට දැනෙන එම හැඟිම කියා නිම කල -
192
නොහැක. හරීයට වෘක රැලක සිටින නායකයා ඉන්න කොහොමද අන්න එවැනි හැඟිමක් මා තුල දැන් ඇත. මගේ කොණ්ඩය පිරිමදිමින් යන සුලඟත් ඌරූවම්බා සතුන්ගේ පියාපත් වල ශබ්ධයත් මට හරියටම දැනූනේ ඒ මා වෙනුවෙන්ම නංවන ශබ්ධ සහ හමන සුලඟ ලෙසින් වේ. මා සිටි සත්‍වයාගේ පිට උඩ දෙපයින් නැගි සිටි මා “පනින්න හැමෝම, මමයි තොපේ රැහේ මහා එකා.” යැයි කෑ මොර දුන්නේ ය. මගේ කට හඬින් වටේම දෙදෙරා ගියේ ය. මගේ හඬ කඳු පංති මත රැව් පිලිරැව් දුන්නේ ය. මගේ හඬට බය වූ ටොංටෝ ඇතුළු සියළු දෙනා පහලට පැන්නේ ය. ඔවුන්ව අල්ලා ගැනීමට අනිත් ඌරැවම්බා සතුන්ටත් කටින් ශබ්ධ නගා අණ කළේ ය. ඔවුන්වත් එම සතුන් විසින් නිරුපද්‍රතව අල්ලා ගත්තේ ය. “යෙල්ලා හෝඕඕඕ.......” මම සතුන්ට සියළු දෙනාම උඩට ගෙන යාමට අණ කළේ. “ක්ර්ර්රෑස්......” මා සිටි සත්‍වයා එලෙස මහා හඬින් හඬ නගා ඉහලට පියාඹා ගියේ ය. ================
193
ඌරුවම්බා සතුන් සමඟ අපි නිරුපද්‍රතව ඉහලටම අවේ ය. ඒ එන අතර තුර දැකපු අලංකාර වටපිටාව නිසා සියල්ලෝම සිටියේ විශ්මයට පත්වයි. මේ තරම් විශාල හෙළක් මා කවදාවත් අසා නැත. ඉහල අහසේ සැරිසැරීමෙන් ඔක්සිජං අඩු වීම නිසා හෝ අධික සීතල නිසා යම් දෙයක් මේ අයට වේ යැයි බයෙන් මම ඉක්මණින්ම කට්ටියව ඉහලට රැගෙන යන ලෙස අණ කරේය. අවශ්‍ය වෙලාවට ගෙන්වා ගන්න අවශ්‍ය නිසා මම ඔවුන්ට අප අසලම සිටින ලෙසට ද අණ කළේ ය. “හත්දෙයියනේ......., මේ මොකක්ද මේ ?” ටොංටෝ කෑ ගැසූවේ ය. මාත් එවිටම හැරී ඉදිරිය බැළුවේ ය. අප සිටියේ කඳු මුඳුණ උස තෘණ වලින් වැසී තිබුණේ ය. කෙතරම්
194
උසට වැවී තිබූණේ ද යත් ඒවා අපටත් වඩා උසට වැවී තිබුණේ ය. එම තෘණ ගාල තුලින් ඇතුලට ගෝස් එහා පැත්තෙන් එලියට එද්දිම දැකපු දෙයින් මාත් බොහෝ සෙයින් තුස්ණිම්භූත වූ බව කිව යුතුය. “ඒක මහා නැවක්.... ඒවා මගේ ලෝකේ තිබෙන යාත්‍රාවක්.... විශාල යාත්‍රවක්.” මම කෑ ගැසුවේ ය. ඒක අති විශාල නෞකාවක් විය. කෙතරම් විශාලද කියනවනම් අපව ඒක සමඟ සැසැඳුවොත් එතැන කුහුඹුවන් මෙන් වේ. “ඔයගේ ලෝකේ.....?” ඇය ඇසුවේ ය. “ඔවූ මගේ ලෝකයේ.... ” “මම ජීවිතේටම දැක්කමයි මේ තරම් විශාල දෙයක්.” රැංගෝ පැවසූවේ ය. “මම ඇත්තටම ආපූ ලෝකේ ගැන විස්තර පස්සේ කියා දෙන්නම. දැන් අපි යමු මේක බලන්න. ඊට පස්සේ ආන්‍යා කියපූ ගල් කුළුණු හොයාගෙන යන්න ඕන.” යි මම පැවසූ වේ ය.
195
නෞකාව තුලට ගොඩ වීමට මටද මහත් අසාවක් තිබුණේ ය. මොකද මම කිසිදාක මෙතරම් කිසිම නෞකාවක් මෙතරම් ලඟට දැක නැත. ඒ විතරක් නොවේ නෞකාවක් ඇතුලාන්තය කෙළෙස දැයි වත් මා දැක නැත. එම නිසා අප නැව දෙසට ඇදුනේ ය. මෙම නෞකව පෙර මුණ ගැසූණු ගුවන් යානයට වඩා බොහෝ පැරණි වේ. මගේ අනුගමනයට අනුවනම් අන්තර් විශ්වීය පාරවිලනයක ප්‍රතිපලක් නිසා ඇති වූවක් විය හැක. අපේ ලෝකයේ ගුවන් යානයක් මා දැන් මේ සිටින පෘථිවියට පැමිණීමත් මා සිටින පෘථීවියේම නෞකවකුත් පැමිණ තිබීමත් එතරම් සුබදායක නොවන බව මට තේරුම් ගියේ ය. මේ පිළිබඳව දැන ගැනීමට ආන්‍යා වත් සිටින්නේ නම් මට සිතුණේය. ක්වොන්ටම් යාන්ත්‍රණයෙන් පමණක් මේ සඳහා දළ අදහසක් ලබා ගත හැකි බව මා දනීමි නමුත් මම ක්වොන්ටම් යාන්ත්‍රණය පිළිබඳ එතරම් ඇල්ලමක් නොදැක්වූ බව මගේ කිවයුතුය. එය දැන ගැනීම සඳහා හොඳම කෙනා යොහානි බව මා දනිමි. කෙසේ හෝ මේ අන්තර් විශ්වීය පාරවිලනය නැවැත්වීමට මට කුමණහෝ දෙයක් සිදු කිරිමට ඇත. නමුත් ඒ කුමක්දැයි මා නොදනිමි. හොඳම දේ දෛවයට ඉඩ දී බලා සීටීම යි.
196
නෞකවට ලංවත්ම කුමක්දෝ නපුරක ඉව මට දැනුණේය. අප යන ගමන එතරම් සුදුසු ගමනක් නොවන බව මගේ සිත කීවේ ය. නමුත් නෞකාව තුලටම යාමට මට අවශ්‍ය විය. අප නෞකාව ලඟට ලං වුනත් එය උඩට යෑමට ක්‍රමයක් සොයා ගැනීමට අවශ්‍ය වේ. “දැන් කොහොමද අපි මේක උඩට යන්නේ... ?” ටොංටෝ ඇසුවේ ය. නැව ලඟට ලං වූ අප ඒ දෙස විශ්මයෙන් බලා සිටියේ ය. ඇත්තටම මටත් එය විශ්මය දනවන දසුනක් විය. නැවට ගොඩ වීමට මාර්ගයක් නොතිබූනේ ය. “එන්න අපි මේක වටේටම ගිහින් බලමූ....” මම සියළු දෙනා සමඟ නෑවේ අනිත් පැත්තට ගමන් කළේ ය. මම හිතපු විදියටම නැංගුරුමක් දංවැල සමඟ පහලට දමා තිබූණේ ය. “අන්න අරක දිගේ අපි උඩට යන්න බලමූ...” යැයි පවසමින් මම සියළු දෙනා සමඟ ඒ දෙසට දිව ගියේ ය. මට වැඩි දුරක් දුවන්න වුනේ නෑ. කොහෙන්දො පැමිණි ඊතලයක් මගේ දකුණු උරහස් කුහරය පසාරූ කරගෙන අනිත් පැත්තෙන මතු වූනේ ය. එ්ත් සමඟම මගේ අතේ තිබූ කඩුව
197
බිම වැටුණු අතර මාව පියවර කීපයක් පස්සට විසී වී ගියේ ය. ඒ සෙණකයකින් ක්‍රියාත්මක වූ රැංගෝ ඔහුගේ දුන්නේ නැව මත සිටි කෙනෙකුට විද්දේ ය. එය ඔහුට වැදුනු අතර ඔහු නැවෙන් පහලට වැටූනේ ය. පහල තිබෙණ තණ ගාලකට වැටුණු නිසා ඔහු මැරුණේ නැති බව මම තේරුම් ගත්තේ ය. “උඹ .. කවුද? කියපං ඊතල් වරුසාවක් එවන්න කලින්.” මම කෑ ගැසූවේ ය. ඊතල් පහර නිසා මගේ දකුණු අත වැඩ නොකරණ අතර ඒ පැත්තම හිරි වැටී තිබූණේ ය. කේන්තිය නිසාම මට ඊතල් වර්ෂාවක් යවන්නම සිතුණේ ය. “Hau Ab, Kannibale ” ‘හඅවූ ආබ්. කැනිබලේ’ යැයි ඔහු කෑ ගැසූවේ ය. ඒම වචන සහ කතා විලාශය මට බොහෝ හුරු පුරුදු විය. ඔහු පැවසුවේ ‘මකබෑවියන් මිනි මස් කන මිලේඡ්ඡයා’ යනුවෙන් බව මම පසුව දැන ගතිමි. “හූ ආ යූ..? ඩු යු ස්පීක් ඉංග්ලිෂ්” ‘ඔයා කවුද? ඉංග්‍රිසි කතාකරනවද ඔයා?’ යනුවෙන් මම ඉංග්‍රිසි භාෂාවෙන්ම ඇසුවේ ය. “හූ ආ යූ...??? හවු ඩු යු ස්පීක්ඉංග්ලිෂ් ?”
198
(‘උඹ කවුද? කොහොමද ඉංග්‍රිසි කතා කරන්නේ’) යැයි ඔහු ඇසුවේ ය. “අයි ඈම් නොට් අරවුන්ඩ් හියර්..... මයි නේම් ඉස් මේඝ. අයි ඈම් ෆ්‍රෝම් යුවර් අර්ත්. අයි සපෝස්” (‘මමම මෙහේ කෙනෙක් නෙවෙයි, මගේ නම මේඝ. මම හිතන්නේ මාත් ඔයාගේ පෘථිවියෙන් ආපු කෙනෙක්’) මම පැවසූවේ ය. “අයි යෑම් ෆ්‍රෝම් ජර්මන්, සෝ යු ආ නොට් ගොයින් ටු ඊට් මී...?” (‘මම ජර්මනියෙ, ඒ් කියන්නේ ඔයා මාව කන්නේ නැද්ද?’) “හෙල් නෝ.... අයිම් නොට් අ කැනිබල්” (‘අපොයි නෑ...මම මිලේඡ්ඡයෙක් නෙවෙයි.’) මම පැවසුවේ ය. නමුත් ඔහුගේ හිතේ සැකේ අරින්න ගොඩක් වෙලා ගියේ ය. හී පාර නිසා මම බිම දිගා වී සිටි අතර අමෝරා මාව තුරුල් කරන් සිටියේ ය. ඒ අතර අනිත් අය ඕනෑම සටනකට මූහූණ දීමට සුදානමින් සිටියේ ය. ඔහුත් මාත් අතර ඇති වන දෙබස් මම මෙතැන් පටන් තේරෙන භාෂාවෙන්ම සටහන් කරන්නෙමි. ඒ එය ඔබට පහසුවක් වන නිසාය. “එහෙනම් සමාවෙන්න මම ඔයාට විද්දට....”
199
“අපිත් ඔයාට විද්දා. කොහොමද ඔයාට? හොඳින්ද ඔබ ඉන්නෙ” “උරහිස නම් වැඩ කරන්නේ නෑ මගේ.” “මගේත්... හරි ඔයා එලියට එන්න අපි කතා කරමු. ඔයා කොාහොමද මෙහෙට ආවේ.” “ඇවිල්ලා වැඩි කාලක් නෑ. ආවේ කොහොමද කියන්න දන්නේ නෑ.” “තව තී දෙනෙක් ඔයත් එක්ක ඉන්නවද?” “දෙතුන් සීයක් වැනි පිරිසක් ආවා. අපිට ඕන වුනේ රුසියාවට පහර දෙන්න. නමුත් ඊට කලින් හැමදේම උඩු යිටකුරු වුනා. ලොකු කතාවක් මම ඒක පස්සේ කියන්නම්. ඔක්කෝටම කලින් බෙහෙත් දාගෙන ඉමූ.” “හරී එහෙනම් එන්න එලියට” මම පැවසූවේ ය. ඔහු මදක් එබී බලා නැවත සැඟවූනේ ය. “උඹ ඉංග්‍රිසි කතා කරාට උඹේ හම සුදු නෑනේ...... මොකෙක්ද උඹ? යුදෙව්වෙක්ද?” ඔහු මෙවර ආවේගශීලීව කෑ ගැසුවේ ය.
200
“මම ශ්‍රී ලාංකිකයෙක්.... ” “මොකෙක්....?” “මම ආවේ ශ්‍රී ලංකාව කියන රටෙන්.” “බොරු කියන්න එපා..... නාවිකයෙන් වුන මම සිතියමේ තියෙන බොහෝ රටවල් ගැන දන්නවා. එහෙම රටක් ගැන මම අහලා නෑ.” “ඉන්දියාව කියලා රටක් අහලා තියේද? අන්න ඊට පහලින් තියෙන්නේ මගේ රට.” “බොරු කියන්න එපා. ඒ රටේ නම සෙලොන්. ඇත්ත කියපං උඹ යුදෙව්වෙක් නේද?” ඔහු ඒ කිවූ දෙයින් මා තවත් පුදුමයට පත් විය. “ඔයා මෙහේ ආවේ කොයි අවුරුද්දෙද? අද දවස ගැන දන්නවද?” යැයි මම ඇසුවේ ය. “ඔවූ.., මම ආපූ දවසේ ඉඳන් අද වෙනකම් කිසිම දිනයක් මඟ හැරියයේ නෑ. අද මැයි 26, 1944. මම ඇවිත් අදට හරියටම මාස 5යි.” ඔහු එසේ පවසත්ම මට බොහෝ දේ අවබෝධ විය.
201
“එන්න එළියට, අපි ඔයාව කන්නේ නෑ. අපිට කතා කරන්න බොහෝ දේ තියේනවා. අනික ඉක්මණින් මේවට බෙහෙත් නොදැම්මොත් ආසාදණය වෙන්න පුළුවන්.” “හරී.... මම එන්නම්, ප්ලීස් මාව මරන්න එපා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.” “කිව්වනේ ... අපි මිණි මස් කන අය නෙවෙයි. ඔතනට ඇවිත් කුදලගෙන එන්න කලින් එනවා. මේ මගේ අන්තිම ඉල්ලීමයි” එවර මම ටිකක් සැරෙන් කතා කළේ ය. ඇත්තෙන්ම ඊතලය තවම මගේ ඇඟ තුල ඇඳුම් කමින් පවති. “හරී මම එන්නම්. මට තනියම නැගිටින්න අමාරුයි. එහින්දා පොඩ්ඩක් ඉන්න.” “ඉන්න ඔයාට උදව් කරන්න මම දෙදෙනෙක් එවන්නම්. කළබල වෙන්න එපා.” යැයි පවසා මම ටොංටො සහ රැංගෝ ගේ යාළුවාව එතනට පිටත් කළේ ය. මේ ආගන්තුකයා හොඳ උසකින් සහ එයටම සරිලන ශරීරයකින් යුතු කඩවසම් තරුණයෙකු විය. “ඔයා හරි වෙනස්... ඉන්දියානුවෙක් වගේ.” ඔහු මා දෙස බලා පැවසූවේය.
202
“ඒක නෙවෙයි... අපි නැවට යමු. ” මම ඔහුට කීවේ ය. නැවට නැගීමට අවශ්‍ය පඩිපෙල ඇත්තේ නැව මත බවත් එයට කවුරුන් හෝ නැග පහලට දැමිය යතු බවත් පවසා සිටියේ ය. රැංගේ ඇතුළු සියළු දෙනා නැංගුරුම ආධාරයෙන් ඉහලට නැග පහලට පඩිපෙල පහලට දැම්මේ ය. එය ලණු පඩිපෙලක් විය. මාවත් ජර්මාණුවාත් උඩට ගැනීම සඳහා වෙනම ඇඳක් පහලට එවන්නට ඔවුනට සිදු විය. ජර්මාණවාගේ මග පෙන්වීම මත නැවේ කාමර අප පිළියෙල කර ගත්තේ ය. මේ නැව දෙවන ලෝක යුධ සමයේ අතුරඳන් වූ Scharnhorst නම් නෟකාව බව මම පසුව දැන ගත්තේමි අමෝරා මා සමඟ මට සාත්තු කිරීමට නතර වූවේ ය. “මේ වගේ දේවල් මම හීනෙකින්වත් හිතුවේ නැහැ ඇති කියලා. මොනතරම් විශාලද? මෙතන අපි නිදා ගන්න තැනටත් වඩා ගොඩක් වෙනස්නේ. ” “මේ වගේ ඒවට අපි කියන්නේ කැබින් කියලා. නමුත් අපේ ගෙවල් මීට ගොඩක් වෙනස් අමාරා.” “හරී පුදුමයි..... ” ඇය වට පිට අත පත ගාගා ඇවිද ගියේ ය.
203
“දැන් ඉතිං ඇවිද ඇවිද හිටියා ඇති. මගේ අත ඇඳුම් දෙනවා. ඊතල කැබැල්ල අයින් කරලා බෙහෙත් දාන්න කෝ.” යැයි මා පැවසුවේ ය. ඇය මගේ උරහිසේ තිබූ ඊතලය අතින් ඇද ගැලෙව්වේ ය. එවලේ වුන වේදනාවට මට කෑ ගැස්සුනේ ය. ඉන් පසු ඇය තුවලාය වතුරෙන් පිරිසිඳු කර යම් ශාක වලින් අඹරාගත් දෙයක් දෙපැත්තෙම තුවාල වල තැවරුවේ ය. ඉන් පසු ඇය ගිණි පෙනෙල්ලක් පත්තු කර එම බෙහෙත් මත තැබූවේ ය. මම ගිරිය යටින් කෑ ගැසූවේ ය. එම බෙහෙත වෙඩි බෙහෙත් මෙන් ඇවිලි ගිය අතර අති විශාල වේදනාවක් ගෙන දුන්නේ ය. එදා දවසේ මට මතක එපමණකි. =================
204
මම නැවත අවදිවූවේ පසුවදා උදෑසන බව මට තේරුම් ගියේ ය. මගේ තුවාලයේ වේදනාව අඩූ වී තිබුණු අතර ශරීරයට යම් ප්‍රබෝධමත් බවක්ද දැනූනේ ය. අවට කිසිවෙකු සිටින බවක් දක්ණට නොලැබුණ නිසා නැවේ ඉහල මාලයට යාමට තීරණය කළේ ය. මා ඉහලට යන විට සියළු දෙනා නෑවේ ඩෙක් එක මත අහාර පිළියෙල කර තිබූණේ ය. “ආ.... රෝකිම් කොහොමද ඔයාාට....? දැන් ගොඩක් සනීපයී වගේ” අමාරා ඇසුවේයි. “දැන් නම් අමාරුවක් නෑ මට, ඇයි හැමෝම මෙතනට වෙලා” මම ඇසුවේ ය. “අර බලන්න... අර කන්ද උඩ මොකක්ද තියෙනවා. අපි ආවේ ඒක බලන්න.”
205
“අර බලන්න... අර කන්ද උඩ මොකක්ද තියෙනවා. අපි ආවේ ඒක බලන්න.” ඇය කන්දක් දෙසට අත දික් කර පෙන්නුවේ ය. එය හොඳින් බලා ගැනීම සඳහා නැවේ තිබු දුරදක්ණයක් මාර්ගයෙන් මම ඒය හොඳින් නිරික්‍ෂණය කළේය. ඇත්ත නේන්නම්. කන්දක් මුදුනේ විශාල ආරාමයක්. නමුත් එය අපේ ලෝකයේ ආරාම වලට වඩා ගොඩක් වෙනස්. නමුත් අපේ ලෝකයේ ආරාම, කෝවීල් හා පල්ලි වල වගේ තිබුන බොහෝමයක් ලක්‍ෂණ එකේත් තිබෙනවා මම දුටුවෙමි. තවත් ඉතාම හොඳින් නිරික්‍ෂණය කරිමෙන් මට පෙනිගියේ ආන‍්‍යා කියු ගල් කුළුණු වලින් එම ආරාමය වට වී ඇති බවයි. ඉතිම් මේ තමා මගේ ගමණාන්තය විය යුත්තේ. “එහෙනම් අපි එතනට යා යුතුයි... ඒක වෙන්න ඕන අපේ හැම ප්‍රශ්ණයකට ම උත්තරය.” මම පැවසුවේ ය. “රෝකිම්, අපි දැන් මොකද කරන්න ඕන?” ටොංටෝ ඇසුවේ ය. නමුත් එක්ට උත්තර දෙන්න පෙර, “යන මගුලක මාවත් එක්ක යනවා. මේක අස්සේ ඉඳලා ඇති වෙලා.” පිටුපසින් පැමිණි නාවිකයා හයියෙන් පැවසූවේය.
206
“ඒක අනතුරුදායකයි.” මම ඔහුට පැවසුවේ ය. “ඒකට කමක් නෑ. හිටියා කියලා ඇති සෙතකුත් නෑ. කොහොමත් මට ජීවිතේ නැති කරගන්න හිතිලා තියෙන්නේ...” ඔහු ඒ පැවසු වචන තදින් මගේ හිතට වැදුනේය. “හරි... දැන්වත් මට ඔයාගේ නම දැනගන්න පුළුවන්ද?” “මට බෙන් කියලා කතා කරන්න.” “ටොංටෝ, රෝකීම්, අමෝරා හැමෝම අහගන්න අපි හෙට උදෙන්ම අර පේන තැනට යන්න පටන් ගන්නවා.” මම මගේ අය දෙසට හැරි පැවසීවේ ය. කොහොම හරී එදින රාත්‍රිය අපි නැවේම ගත කිරීමට තිරීණය කළේය. ඒ අමාරා සමඟ සුන්දර රාත්‍රියක් නැව තුල ගත කීරීමට මට අවශ්‍ය වූ නිසා ය. මගේ උපදෙස් පරිදි ගමනට අවශ්‍ය දෑ සුදානම් කර ගත් අතර බෙන් විසින් නැව තුල තිබූ රයිෆලයක් සහ උණ්ඩ කීපයක් සුදානම් කර ගත්තේය. මගේ උප දෙස් අනුව කැපෙන ආයුධ සඳහා වැඩිපුර අවධානය යොමු විය.
207
සියළු දෙනා නින්දට ගිය පසු මම අමෝරා සමඟ උඩට ආවේ ය. ඇයව තුරුළුකොට ගෙන විකාර කතා කියමින් මම අහස දෙසා බලා සිටියේ ය. “අපි අපේ මිනිස්සු ටික හොයා ගත්තට පස්සේ මොනවා වෙයිද?” ඇය මට තුරුල් වී සිටින අතරේ ඇසුවේ ය. “පස්සේ වෙන දේ නෙවයි, ඊට කලින් මොනවා වෙයිද කියලායි අපි හිතන්න ඕන.” “ඇයි එහෙම කියන්නේ?” “මගේ හිත කියන්නෙම දැන් මේ ගමනින් මගේ හැම දේම ඉවරයක් වෙනවා කියලා. මට ඒ්ක කියන්න තේරෙන්නේ නෑ.” “ ඔයා මොනවා කියනවද කියලා මටනම් තේරෙන්නේ නෑ,” “තේරුම් ගන්න උත්සාහ කරන්න එපා.” මම ඇයට පැවසුවේය. කොහොම නමුත් මට කියන්න ඕන උනේ මේ ගමන සාර්ථක වුනත් නැතත් මම මිය යා හැකි බවයි. ඒත්, මට මගේ මිතුරන් සහ දෙමාපියන් නොදැක ගුප්ත ලෝකයක මිය යන්න වෙයිදෝ කියන එක -
208
ගැන හිත ඇතුලෙන් මා ඉන්නේ පුදුම ව්‍යාකූලතවයකින් ය. එම ව්‍යාකූලත්‍වය, එම පීඩනය මත නොමැරී ජීවත් වීමට අමෝරා උදව්වක් වන බව මම දනිමි එදින අප දෙදෙනාම ඉතාම රසවත් ලෙස ශුංගාරයෙන් බැඳුනේ ය. අහසේ තරු වලින් සහ කණා මැදිරියන් ගේ එලියෙන් මම ඇයගේ හැඩකාර ශරීරියේ ලස්සන දුටුවෙමී. අගේ පියයුරු මනා සේ පිරි තිබෙන බව මා දුටුවෙමි. එදින ඉතාම ආදරයෙන් අප දෙදෙනා බැඳුනෙමූ. රාත්‍රියේ පවතින බියකුරූ බව තුලින් අප දෙදෙනා උපරිම සතුටක් ලැබුවද, මෙය මම ඇයත් සමඟ ගත කරන අවසන් රතිකෙළිය බව මගේ යටි සිත මට කිවේ ය. මෙතරම් අඩු වයසකින් මේ තරම් අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුවේ යයි මා කිසිදා සිතුවේ නැත. විශේෂයෙන් ලිංගක අත්දැකීම්. කුඩා කල සිටම කිසිදු ක්‍රිඩාමය දේවල් වලට සහභාගි නොවූ මට අද යම් පිරිසකට නායකත‍්වය දීමට පවා සිදු වී ඇත. මරණය පෙනි පෙනි බේරුන අවස්තා එමට ය. යම් දිනක මට මගේ ගෙදර සහ මගේ යාළුවෝ අතරට යාමට වාසනාව පැමිණියහොත් -
209
මම කොහොමද ඔවුන්ට මේ හැමදේම විස්තර කරන්නේ යන ප්‍රශ්ණයද කීපවරක්ම මට ඇති විය. යොහානි සහ මේඝ මේ වෙලාවේ මොනවා කරනවා ඇතිද? “රෝකීම්....” ඇය මගේ පපුව මත තුරුල් වී සිටින අතරේ ඇසුවේ ය. “අහන්න...” “ඇත්තටම මොනාද මේ වෙන්නේ?” “ඒකට හරියටම උත්තරයක් දෙන්න මම දන්නේ නෑ. නමුත් මේ හැමදෙයක්ම වෙන්නේ කාගේ හරි සැලැස්මකට අනුව කියලනම් හිතෙනවා.” “ඔයා කියන ගොඩක් දේවල් මට තේරෙන් නෑ. ඒත් අපි හැමෝටම දැන් ඔයා ගැන ලොකු විස්වාසයක් තියාගෙන ඉන්නේ. අපේ අයව කොහොම හරි බේරගන්න.....” ඇය බැගැපත් ස්වරූපයකින් පැවසුවේ ය. මොනා වුනත් මේ ගමනෙන් පසු ගොඩක් දෙවාල් වෙනස් වෙයි කියලා මට සිතුණත් එ් මොන වගේ වෙනසක් දැයි මම දන්නේ නැත. මම මේ අමාරා සමඟ සිටින අවසන් දින කීපය නේදැයි මට -
210
නිතරම සිතුණේය. ගෙවල් දොරවල් මතක් වන විට ඇති වන වේදනාව ඊටත් එහා ගිය වේදනාවක්ම වුවා ය. නමුත් මේ හැමදෙයක්ම ඉක්මණින්ම ඉවරයක් වන වානම් යැයි මට සිතුන වාර අන්නත වේ. මේ වෙලාවේ මගේ සිතුවිලි සහ මැසවිලි මගේ සිතීමේ ශක්තිය විනාශ කරන බව මට එක් වරම මතක් වුනා ය. හොඳම දේ වෙන ඕන දෙයක් වුනාවේ කියා එම මොහොත පමණක් විඳින එක බව මට තේරුම් ගියේ ය. “අමෝරා......” “ඇයි රෝකිම්.....” “අපි තව වටයක් යමු....” “මොන වටයක් ද...??” “ඉන්න මම පෙන්වන්නම්” කියා මම ඇයව පැත්තකින් තබා ඇගේ මූණට බර වී පිස්සෙක් වගේ සිඹගෙන සිඹගෙන ගියේ ය. මෙවර අපගේ රමණය ප්‍රේමණිය වුවාට වඩා එහා ගිය එකක් වූවා ය. ඇය කිසිදා නොසිතු ඉරියව් වලින් මා ඇයව -
211
පාලනය කළේ ය. අවසානයේ අප දෙදෙනාම එක වර සුරාන්තයට පත් වී නැවත බිම දිගා වී හති ඇරින්න පටන් ගත්තේ ය. “ඒක නම් මරු.....” මම පැවසුවේ ය. මේ සියල්ල අතරේ හිරු උදාවද අරම්භවී ඇත්තේ අපට නොදැනිය. “ඔය වැඩේ අහවරයිනම් අපි උදේම යන්න ලැස්තිවෙමු නේද? ” ඒ ටොංටෝ ය. හාස්‍ය මුසු මුහුණුකින් ඔහු අප දෙදෙනා වෙත බලා සිටිනු මා දුටුවේ ය. එම බැල්ම නිසා මාත් අමෝරාත් බොහො සේ ලැජ්ජාවට පත් වුනේ ය. ඔහු පමණක් නොවේ සියළුදෙනාම අප අසලට පැමණි සිටියේ ය. මගේ ජීවිතේට එහෙම ලැජජාවක් මා විඳ නැත “උඹලට හොඳටම විස්වාසද මෙයා උඹලගේ නායකයා කියලා..” ජර්මානුවා ඉංග්‍රිසි භාෂාවෙන් අන් අයගේන උපහසාත්මකව ඇසුවේ ය. හොඳ වෙලාවට ඔවුන් එම භාෂාව නොදන්නේ. ඒ අවස්තාවේ කිව්වේ කුමක්දැයි නොතේරුනත් ඒ කිව්වේ හාස්‍යට බව ඔවුන්ට තේරැනේ ය. දැන් ඉතිම් මොනා කරන්නද? ඉක්මණින් නැගිට, අප බිම තිබුණ ඇඳුම් අහුලා විලි වසා ගත්තේය. ===============
212
ඉක්මණින්ම සුදානම් වු මාත් අමෝරාත් අවශ්‍ය සියළු දෑ එකතු කරන් ගමන සඳහා පිටත් විය. මාත් අමෝාරත් අතර ඇති වූ දෑ නිසා රෑංගෝ සිටින්නේ මා සමඟ අමනාපයෙන් බව මා හොඳාකරවම තේරුම් ගත්තේ ය. මේ සිදු වීම නිසා අමාරගේ යාළුවො පවා සිටින්නේ අප ගැන පිලිකුලෙන් බව මට වැටහුණේ ය. මෙහෙම ගියොත් මොවුන් මගේ පාලනයෙන් ගිලිහී යනු ඇත. නායකයෙකු නැතුව නන්නත්තාර වෙනු ඇත. කෙසේ හෝ අප නැවෙන් බැස ඈතින් දුටු පංසල වෙත යාමට පටන් ගත්තෙමු. මෙම ගමනත් එතරම් ආරක්‍ෂිත ගමනක් නොවන බව මම තේරුම් ගත්තේ කැලෑව තුලට යන විට තිබුණු අන්ධකාරය නිසාවෙනි. ඉතාම අපහසුවෙන් කැලැව කපාගෙන් අප ඉදිරියට ඇදුනෙමු. විටින් විට ඊතලය වැදි සිදුවූ තුවාලය ඇදුම් දුන්නේ ය. එම වේදනාව නිසා මම ගමනේ මූලිකත්‍වය රැංගෝට දුන්නේය. රැංගෝ සමඟ ඔහුගේ යාළුවාත් ඉන් පසු අමෝරාගේ
213
යාළුවෝ තිදෙනාත් ඉන්පසු අමෝරාත්, ටොංටෝත්, ජරමානුවත් මාත් ගමන් ගත්තේ ය. ජර්මානුවත් විටින් විට ඊතලය නිසා ඇති වූ ඔහුගේ උරහිසේ තුවාලය පිරිමදිනවා මම දුටුවෙමි. “වැස්සොත් මොකද කරන්නේ? මේක වැසි වනාන්තරයක ලක්‍ෂණ තියෙන කැලයක්.” ජර්මානුවා පැවසූවේ ය. “අපිට තෙමීගෙන හරි යන්න වෙනවා... නවතින්න බෑ.” මම පැවසුවේ ය. “ඔයා හිතන්නේ මේ අපි කොහෙද ඉන්නේ කියලද? ” ඔහු මගෙන් ඇසුවේ ය. “ආන්‍යා කිව්ව විදියටනම් මේ අපි ඉන්නේ අංගෝරාවේ” “හෑ... මොකක්... ” ඔහු පුදුමයෙන් ඇසුවේ ය. “ඔවු.. මම මෙහෙට ඇවිත් වැඩි කල් නෑ. මම ආවෙත් ඔයා ආවා වගේම තමා.” “හරි .. මට තෙරුම් ගන්නත් එක්ක ඔයාගේ කතාව කියන්න.”
214
“මෙහෙමයි... ඒක දිග කතාවක්. ජිවිතේ එපා වෙලා ඉන්න වෙලාවක් දිය ඇල්ලක් නගින්න ගිහින් වැටිලා ඇහැරෙනකොට තමා මම මෙතනට ආවේ. මම එනකොට මම හිටපු ලෝකයේ අවුරුද්ද වුනේ 2018. 2018 මැයි මාසේ වගේ මම මෙහෙට කඩා පාත් වුනේ. මාත් මෙහෙට ඇවිත් මාස කීපයක් වෙනවා.” “මොකක්.... මම ඇවිත් මාස හයයි.. කොහොමද එච්චර ඉක්මණට කාලය ගියේ.” “මේ ලෝක දෙකේ කාලය හැසිරෙන්නෙ දෙවිදියකට වෙන්න ඕන.” මම පැවසුවේ ය. “මටනම් ඉක්මණින්ම මගේ ගෙදරට යන්න ඕන.. එච්චරයි.” “අපි හැමෝටම ඕන ඒක. අපි ගෝත්‍ර අතර තිබුණ පුහුණු චාරිත්‍ර වගයකට ගිහින් එනවිට අපේ ගම් වල කවුරුත්ම හිටියේ නෑ. ඒ විතරක් නෙවෙයි අපේ ලෝකයේ තිබුණ ගුවන් යානායකුත් කඩා වැටිලා තිබුනා. හැමදේම ගුප්තයි.” “දැන් අපි ඇයි අර පංසලට යන්නේ..?? කවුද ඒකට යන්න කිව්වේ. ?”
215
“අන්‍යා තමා අපිව මෙහෙට එව්වේ. එයා අමුතුයි. නමුත් ගුප්තයි... මම වත් තාම එයා කවුද කියලා හරියටම දන්නේ නෑ. නමුත් එයා කියපු කිසිම දෙයක් වැරදුනේ නෑ. අනික එයා බුද්ධිමත් වයසක ගෑණු කෙනෙක්. එයා කිව්ව විදියට අපිට ගොඩක් ප්‍රශ්න වලට උත්තර මෙතන හම්බවෙනවා.” “මට නම් මේ මුකුත් තේරෙන් නෑ” “ඉක්මණින්ම තේරුම් යයි..” කතාවෙන් කතාව අපි ගොඩක් දුර පැමිණියෙමු. ජර්මාණුවාගේ නිමක් නැති ප්‍රශ්ණ කිසි කෙනෙකුගේ සිත් ගත්තේ නැත. භූගෝලීය සාධක නිසා ඇති වූ බාධක මිස වෙනත් කිසිම බාධාවක් අපට ඇති වුයේ නැත. දහවල් වූ නිසා අහාර සඳහා අප වීශාල ගසක් යට අප මදකට නැවතුනෙමු. හැමෝම ජර්මාණුවාගේ නිමක් නැති ප්‍රශ්ණ කිරිල්ල නිසා එපා වී වෙහෙසට පත්ව සිටි බව මට හොඳින්ම තේරුම් ගියේ ය. “දැන්වත් පොඩ්ඩක් කට පියාගෙන ඉන්න කියනවද මේ යකාට...” රෑංගෝ කෑ ගැසුවේ ය. ඔහුගේ භාෂාව නොතේරුණත් ඒ කිව්වේ තමාට කට පියාගන්න බව ජර්මාණුවාට වැටහුණේ ය. ඔහු ඉක්මණින්ම ප්‍රශ්ණ ඇසිල්ල නැවැත්තුවේ ය.
216
ඉන් පසු අපි බිම වාඩි වී ගිමන් අර්න්නට පටන් ගත් අතර ගැහැණු ළමයි ආහාර සුදානම කරන්න පටන් ගත්තේ ය. මේ අතරේ මම ගැඹුරු කල්පනාවක් සිටි බැවින් මට එතන කතා වූ කිසි දෙයක් මතක නැත. මේ හැමදේකට පස්සේ කුමක් සිදුවෙයිද? මට නැවත මගේ ගෙදර යන්න ලැබෙයි ද? එතකොට මගේ යාළුවන්ට මාව මතක තියේවිද? වැනි ප්‍රශ්ණ ගොඩකින් මා වෙලි සිටියේ ය. එතන අපි පැයකට වඩා වැඩි කාලයක් සිටි බව මට කිව හැක. අවසානයේ අපගේ ගමණාන්තය සඳහා වූ කඳුසිකිර තරණය කිරීමට ඇත. “ළමායී..... ගමන පටන් ගමු.. අපිට උඩටම යන්න වෙනවා. අදම අපි උපරිම දුරක් නැග්ගොත් හෙට සම්පූර්ණ කන්දම නැගගන්න පුළුවන් වෙනවා.” මම කෑ ගැසුවේ ය. “ඔය සුදු හම තියෙන එකාට කියන්න කට පියාගෙන එන්න කියලා...ල නැත්නම් මම ඕකාව කීතු කරලා මරණවා.” රැංගේ මට කෑ ගැසුවේ ය. ඇත්තටම රැංගෝ ගේ සිහින කුමරිය මා සමඟ පෙමින් වෙලි සිටීමේ තරහත් ඔහු ගේ හිතේ තදින්ම තිබුණේ ය. ඔහු එම කේන්තිය ජර්මාණුවාගේ පිටින් යවා පෙන්නුවේ එම කේන්තිය යි.
217
කොහොමින් කොහොම හරි අපි කරදරයක් නැතිව ඉදිරියට ඇදුනේය. ජරමාණුවා මෙපාර නිහඬව සිටියේ ය. ඉක්මණින්ම කන්ද පාමුලට පැමිණි අපි මදක් නැවති, අනවශ්‍ය දෑ ඉවත් කර කඳු තරණයට සුදානම් වුනේ ය. හිරු බැස යාමට ප්‍රථම නැවතීමට තැනක් සොයා ගත යුතු බැවින් අපි ඉක්මනින්ම ඉහලට නගින්න පටන් ගත්තෙමු. ඉර බැස යනවාත් සමඟම අපට නැවතීම සඳහා සුදුසු ගල් කුහරයක් හමුවූයේ අපේ වාසනාවට වේ. අපි සියළු දෙනා එහි රාත්‍රිය ගත කිරීම සඳහා සුදානම් විය. ගිනි මැලයක් ගසා එහි විවේක ගන්න පටන් ගත්තේ ය. රාත්‍රි ආහාරය සඳහා අල වර්ගයක් අමෝරා සුදානම් කර තිබුනේ ය. අද දවස බොහෝදුරක් යම් කිසි වේගයකින් පැමිණි නිසා කකුල් වේදනා දුන්නේ ය. නමුත් මම එය කාටවත් පෙන්නුවේ නැත. “හරි...... ඔයාලා නිදා ගන්න. මම ඇහැරදල ඉන්නම්.” මම පැවසුවේ ය. “නෑ නෑ ඕන නෑ... මම ඉන්නම.” රැංගෝ පැවසුවේ කේන්තියෙන් බව මට තේරුනේ ය. නමුත් ඔහු රෑ මුර කිරීමට බාරගත්ත එක නම් මට සතුටට කාරණාවක් වුනේ, මම ගොඩක් මහන්සියෙන් සිටි
218
නිසාවෙන් වේ. කොහොම හරි මට එදා ඉක්මණින නින්ද ගියේ ය. නින්දත් සමඟ ලැබුණ සහනය කියා නිමකල නොහැකි වේ. මොකද මම ඒ තරම්ම මහන්සියෙන් හිටියේ. නමුත් මට එතරම් වෙලාවක් නිදා ගැනීමට සිදු වුයේ නැත. එක් වරම කවුදෝ කෑ ගසන හඬකුත්, මගේ නම කියා මට කතා කරන හඬකුත් මට ඇසී නැගිට්ටුනේ ය. “නැගිටපං සහෝදරයා..... අන්න යක්කු ඇවිල්ලා.” ජර්මාණුවා මා අවදිකරවූ බව මට මොහොතින් අවබෝධ විය. කලබලයත් සමඟ වට පිට බැළු මට පෙනි ගියේ මිනී ඔළු හිස් කබලකින් මුහුණ ආවරණය කරගත් කළු ඇඳුමින් සම්පූර්ණ ආවරණය වූ උස ජවසම්පණ්න ගෝත්‍රික මනුෂ්‍යයින් කොට්ටාසයක් අප හා සටන් කරන බවයි. හයදෙනෙකු අපට පහර දෙමින් සිටි යේ කැපෙන ආයුධ වලින් ය. ඒවා තරමක් විශාල බර කඩු විශේෂයක් විය. එම මනුෂ්‍ය කොට්ටාසය සාමානයෙන් අඩි හයකට වඩා නම් උස විය. ඒ සමාන ශරීරයකින්ද ඔවුන් හෙබි විය. අපගේ සියළු දෙනාම ඔවුන් සමඟ සටන් කරනු මම දැක්කේ ය. ඔවුන් ඇඳ සිටි ඇඳුම බොහෝ ඝණ ද්‍රව්‍යකින් නිර්මාණය කර තිබු ඇඳුමක් බැවින් අපගේ සටන්
219
කරුවන්ට එය පසාරු කර පහර දීමට නොහැකි බව මට අවබෝධ විය. ඒ සමඟම මගේ ලඟම හිතවතා ටොංටෝ බරපතල ලෙස තුවාල ලබා බිම වැටි සිටින අයුරු මා දුටුවේය. එමඟින් යක්සාවේස වූ මා, පසෙක තිබු ඊතලයක් අතට ගෙන ඉදිරියට දිව ගෙන ගොස් රැංගෝ සමඟ එතන සටන් කරමින් සිටි සහ එහි සිටි ශක්තිමත්ම කෙනා වෙත, රැංගෝ ගේ උරහිසට අත තබා හැකි උපරිම උඩ පැන එම යක්ෂයාගේ බෙල්ල හිල් වෙන්නම ඊතලයෙන් ඇන්නේ ය. ඔවුන් ගේ යුධ ඇඳුමේ පහර දිය හැකි තැනකට තිබුණේ බෙල්ල පමණ යි. මගෙන් පහර කෑ එම යකෂයා මර විලාප දී බිම ඇද වැටුනේ ය. ඒත සමඟම මම... “ ඇනපං බෙල්ලටම... මුංව මරණ්න පුළුවන් එතනට ඇනලා විතරයි.” මම කෑ ගැසූවේ ය. ශක්තිමත් ම යක්ෂායා බිම වැටෙනවාත් සමඟ අනිත් උං බොහෝ සේ මානසිකව වැටුන බව මට පෙනි ගියේ ය. ඒය තේරුම් ගත් මා අපේ අය දිරි ගැන්වීම සඳහා කෑ ගැසුවේ ය. “මුං මොක්කු ද බං... මරපං හැම එකාවම. එකේක ඉතුරු කරන්න එපා. කපපං බෙල්ලම..” වැනි ඉතාම දරුණු වදන් වලින් මා කෑ ගැසු බව කිව යුතු වේ.
220
එමඟින් පිබිඳිනු රැංගෝ මා කිසි දිනක දැක නැති දස්කම් පෙන්වා ඉතාම සැහැසිලෙස හතර දෙනෙකුගේම ගෙල ඔහුගේ පිහියෙන් හිල් කර මරා දැම්මේ ය. තව එකෙකුව රැංගෝ ගේ යාළුවා විසින් මරා දැම්මේ ය. මා නිදා සිටි අතරේ එක් වරම පැමිණි මෙම කණ්ඩායමට මුහුණ දීමට රැංගෝ සහ ඔහුගේ යාළුවා දැඩි උත්සහයක නියැළි ඇත. ඔවුනගේ ඇඳුම නිසා ඔවුන් විනාශ කිරීමට හැකි වී නැත. ජර්මාණුවත්, ටොංටෝ ත්, අමෝරා ත් ඇතුළු ගැහැණු ළමුන් ටිකත් සටනට අවතීර්ණය වී ඇත. එම සටනේ දී ඉතාම නිර්භීත ලෙස පහර දී ඇති ටොංටෝ පිටු පසින් පැමිණි කඩුපහරක් බඩ පසාරු කර පැමිණිමෙන් බිම වැටි ඇත. “ටොංටෝ.... කතා කරන්න .. කතා කරන්න.., ඉක්මණින් මෙයාට බෙහෙත් කරන්න. උඹට මම මැරෙන්න දෙන්නෑ කොල්ලෝ... අමෝරා, රැංගෝ ගේන්න මොනා හරි.” අමාරුවෙන් හුස්ම ගණිමින් සිටි ටොංටෝ ලඟට ගොස් මම කඳුළු සලමින් කෑ මොර දුන්නේ ය. ඔහු මා දෙස බලා.. අමාරුවෙන් සිනා සී දෑස් පියා ගත්තේ ය.
221
හිතවතෙක් සදහටම ඈත් වීම මේ තරම් වේදනාවක් බව මම කවදාවත් දැන සිටියේ නැත. ආරම්භයේ පටන් මට සිටි හොඳම යාළුවා ඔහු වේ. ඔහුගෙන් මම භාෂාව ඉගෙන ගත්තෙමි. මම කියන හැමදේම මගේ භාෂාව නොතේරුනා වුනත් ඔහු හොඳින් තේරුම් ගත්තේ ය. හැමවෙලාවෙම මා ගැන ඔහු විශ්වාසය තැබුවේ ය. නමුත් අවසානයේ ඔහු විරුවෙකු මිය ගියේ ය. “ඒ තරම් නිර්භිත කමක් මම කවදාවත් දැකලා නෑ.” රැංගෝ පැවසුවේ ය. “ඇඳුම නිසා තමා අපිට උංව මරණ්න බැරි වුනේ. නැත්නම් මෙයාට මෙහෙම මැරෙණ්න වෙන්නේ නෑ.” ජර්මාණුවත් පැවසුවේ ය. එම දුක්බර මොහොත අපිට කිසිවක් කරකියාගත නොහැකිව කඳුළු සලමින් සිටියේ ය. ටොංටෝ ගේ නිසල සිරුර මා විසින් බිම දිගහැර ඇස් පියවා අත් පා සුදුසු ලෙස හරි ගස්සා ඒ දෙස බලා සිටියේ ය. “මෙතන තව දුරටත් ආරාක්‍ෂිත නෑ. අපිට ඉක්මණින්ම යන්න වෙනවා.” රැංගෝ පැවසුවේ ය. “රැංගෝ කියන දේ ඇත්ත. අපට ඉක්මණින්ම යන්න වෙනවා.
222
ලේ සුවඳට වෙනත් මාංශ භක්ෂක සත්තුත් ඇදෙන්න පුළුවන්.” අමෝරා පැවසුවේ ය. මේ වෙලාවේ මම ගත යුතු තීරණය කුමක්දැයි මට සිතා ගත නොහැකි විය. ඒ තරමටම මම කල්පණා විරහිතව සිටි බව කිව යුතු වේ. “මම මේච්චර කල් උඹ එක්ක කේන්තියෙන් හිටියේ උඹ මගෙන් අමාරා උදුර ගත් නිසා. නමුත් මම අද දැනගත්තේ ඇයි හැමෝම උඹ ගැන විස්වාසය තියන්නේ කියලා. උඹ තමා රෝකිම්; අනාගතයෙන් ආපු ජී පක්මා” රැංගෝ පැවසුවේ ය. ජී පක්මා යනු මහ මොලකරු යන්න යි. “උඹ දැන් තමා ශක්තිමත් ව ඉන්න ඕන, බලපං උඹ ඇහැරුනේ නැත්නම්, උඹ බෙල්ලට අනින්න කිව්වේ නැත්නම් අද අපි ඔක්කොම අර යක්කු විසින් මරලා. රෝකීම්.. නැගිටපං... අපිට තියෙනවා ටොංටෝ මරපු පලිය ගන්න.” මාව නැගිටුවා මගේ උර දෙකෙන් සොලවමින් රැංගෝ මට කෑ ගැසුවේ ය. ඇත්තටම එම වචන වලින් මා පන්නරයක් ලැබු බව කිව යුතුමය. ඇස් වල කඳුළු පිහාදා ගත් මම. අවසානයේ..
223
“අවශ්‍ය හැමදේම සුදානම් කර ගන්න... අපි දැන්ම පිටත් වෙනවා. අපේ එකෙක් මැරුණා. ඌගෙ ආත්මයට සැනසීම දෙන්න අපිට යුද්ධ කරන්න යන්න වෙනවා. මතක තියා ගනිල්ලා... මොකා අපේ ඉදිරියට ආවත් බෙල්ලම හිල් කරන් යන්න ඇනපං.” මම කෑ ගැසුවේ ය. ඒත් සමඟම “රාාාාවෝ......” ලෙස කෑමොර දෙන ශබ්ධයක් ඈතින් ඇසුනේ ය. “අපි පරක්කුයි වගේ.... අන්න උං එනවා.” රැංගෝ ගේ යාළුවා පැවසූවේ ය. “බ්‍රදර්.... මම මේක බාරගන්නම්.. ඔයාල යන්න.” ජර්මාණුවා පැවසුවේ ය. “මට තව එකෙක් නැති කර ගන්න බෑ. එහින්දා මට ඒකට ඉඩ දෙන්න බෑ.” “ඕ... නෝ නෝ... මම අද මැරෙන්නේ නෑ. මාව විස්වාස කරලා දැන්ම යන්න. මම ඔයාලව අල්ල ගන්නම්. මට හැමදේම විස්තර කර කර ඉන්න වෙලා නෑ. ඔයාලා දැන්ම යන්න. මගේ බෑග් එක විතරක් තියලා යන්න.”
224
ඒත් සමඟම නැවතත් අර හූ ශබ්ධය ඇසුනේ ය. “කියන දේ අහලා දැන්ම පලයං. උං දැන් මේ ලඟමයි ඇත්තේ.” ඔහුගේ කීමට ඇහුංකම් දීලා, ටොංටෝ ගේ නිසල සිරුර කරට ගත් මම, පිරිසත් සමඟම තිත්ත කරුවලේම ඉහලට නගින්න පටන් -ගත්තේ ය. සතුරන් පැමිණෙන්නේ පහලින් බැවින් අපට යාමට තිබුණේ උඩට පමණයි. එය ඉතාම දුෂ්කර ගමණක් බව කිව යුතු ය. ඉතාම අපහසුවෙන් මම 63Kg පමණ බර දේහයත් අරගෙන ඉහලටම පුළුවන් උපරිම වේගයෙන් ගියේ ය. අපි මිනිත්තු 20ක් පමණ එක දිගට වේගයෙන් ඇදුනේ ය. ඒ අතරේ අර ශබ්ධය කීප වරක්ම ඇසුනේ ය. ඒ ඔවුන් ඔවුන්ගෙන් මඟ ඇරුණු සහ අප අතින් මරුමුවට පත් වූ අය සොයා කෑ ගසන ශබ්ධයක් බව මට අවබෝධ විය. “දැන්නම් උං අපි හිටපු තැන ලඟටම ඇවිල්ලා වෙන්න ඕන. ටිකෙන් උං උංගේ අයගේ මළ සිරුරු හොයා ගනී. අන්න ඊට පස්සේ උං අපේ සුවඳ පස්සේ එන්න පටන් ගනී. අපි යුද්ධයකට සුදානම් වෙන්න ඕන.” රැංගෝ මට පැවසූවේ ය.
225
ඔහු කියන දේ නිවැරදි බැවින්, මට ඉතා ඉක්මණින්ම ආරාක්‍ෂිත ස්තානයක් සොයාගත යුතුව තිබුණේ ය. නමුත් එවැනි තැනක් නොලැබුනොත් මොකද කරන්නේ ? අනිවාර්යෙන් අපි ඉන්න තැන යුද්ධයකට සුදානම් කරගත යුතු වේ. ඔවුන් ගේ හූ හඬ අතර ඇති කාල පරතරයෙන් ඔවුන්ගේ ගමනේ වේගය තේරුම් ගෙන සිටි මා තව මිනිත්තු හයකින් අප නැවතී සිටි තැනට පැමිණෙන බව මා දැන ගත්තේ ය. ඉන් පසු මළ සිරුරු දකින උං මරු විකල්ලෙන් අප හඹා එන බව මා දන්නා කරුණකී. නමුත් මේ මොහොතේ අපි සටන් කරෝත් නිකම්ම මැරුම්කන එක බවද මා දැන සිටියේ ය. මේ වෙලාවේ ජර්මාණුවාගේ සැලැස්ම මොකක් වුනත් ඒක වැඩ කරොත් ලොකු දෙයක් බව මා හිතින් ප්‍රාර්ථනා කළෙමි. “රෝකිම්, අපි දැන් මොකද කරන්නේ...?” අමෝරා මගෙන් ඇසුවේ ය. “දැන් ටොංටෝ මැරිලා ඉවරයිනේ... ඕක පැත්තකින් තියලා අපි ඉක්මණින්ම යමු.” රැංගෝ එසේ පවසන විට මට ඔහු එක්ක පුදුම කේන්තියක් ආවේ ය. ඒත් සමඟම ඔහුට උත්තර දෙන්න හැරි බලනවාත් සමඟ “රැංගෝ කියන දේ ඇත්ත. අපි ටොංගෝ ව තියලා යමු.” අමෝරා පැවසුවේ ය. ඔවුන් කියන දේ ඇත්ත බව මා තේරුම් ගත්තේ ය.
226
වාසනාවකට මෙන් මට ටොංගෝ නිසළ මළ සිරුර අසල තිබු ගස් බෙනයක් තුල තැබිමට හැකියාවක් ලැබීම යම් සැනසීමක් හිතට ගෙන දුන්නේ ය. නිකම්ම මළ සිරුර දාලා යනවට වඩා පිළිවෙලකට බෙනයක් තුල බැහැලීමට හැකි වීමත් ලොකු දෙයක් වේ. ඉන් පසු තවත් වේගයෙන් ඉදිරියට ඇදුනේ ය. එක් වරම අර යක්ශයින් ගේ කෑ ගැසිල්ල ඉතාම ප්‍රචණ්ඩ අයුරින් කලබලයෙන් සහ කේන්තියෙන් කෑ ගසන අයුරු ඇසුණේ ය. “අන්න අරුන් උංගේ උංව හොයාගෙන...” මම පැවසුවේ ය. එසේ පවසා මම “තව දුරටත් අප පලා යන එකෙන් වැඩක් නෑ. උං අපට වඩා වේගවත් ශක්තිමත්. අප උඩ පංසලට යන්න කලින් උං අපිව අල්ලගන්නවා. හොඳම දේ ඉන්න තැන සටනට සුදානම් වෙන එක. උං එන්නේ පහලින්. අපි ඒකේ වාසිය ගමු. කණා මැදිරි එලියෙන් පහල සිදු වෙන දේවල් බලාගෙන් අපි දුර තියා පහරදෙමු.” යෝජනා කළෙමි. ඉන් පසු අපි සැඟවී සිට පහර දීමට ඊතල සහ දුනු සුදානම් කර ගත්තෙ මි.
227
නමුත් එක් වරම අති විශාල ශබ්ධයක් නංවමින් ලොකු පිපුරුමක් පහලින් ඇසුනේ ය. ඒ අප සිටි ගුහාව දෙසින් බවත් ඒ පුපුරා ගියේ අප සිටි ගුහාව බවත් මම ඉතා ඉක්මණින්ම තේරුම් ගත්තේය. එම පිපිරුමේ දෝංකාරය අපගේ පපුවටම දැනුනේය. ඒත් සමඟම ආ දුම් සහ දූවිලි වලින් අපේ ඇස් තාවකාලිකව බොඳ වී ගියේ ය. රැංගෝ, අමෝරා ඇතුළු මේ කිසි කෙනෙක් ජිවිතේට මෙහෙම ශබ්ධයක් අසා නැත. අවංකව කියනවානම් මමවත් ජිවිතේට බෝම්බ ශබ්ධයක් අසා නැත. කන් අගුල් වැටීම නිසා පියවී සිහියට එන්න අප හැමෝටම මින්ත්තු කීපයක් ඉන්න සිදු විය. “ජර්මාණුවා...... උඹ එහෙනම් කිව්ව විදියට වැඩේ කරා..” මම සතුටින් කෑ ගැසුවේ ය. ජර්මාණුවා විසින් ගුහාව තුල අධි බලැති බෝම්බයක් පුපුරා හැර ඇති බව මට හොඳින් තේරුම් ගියේ ය. නමුත් ජර්මාණුවට මොකක් වෙන්න ඇතිද ? එකම දවසේ දෙන්නෙක්ම නැති කර ගන්න වුනා ද මට.? ===============
228
"මම හිතන්නේ, අර සුදු හම තියෙන එකා ඔක්කොම යක්කු ඉවරයක්ම කරන්න ඇති.” මම පැවසුවේ ය. “අපිට තව දුර යන්න තියනෙවා. මේ ආපු ගැම්මටම අපි තව ටිකක් දුර යමු.” රැංගෝ පැවුසුවේ ය. “මෙතන කාට හරි විවේක ගන්න ඕනද?” මම කට්ටියගෙන් ඇසුවේ ය. “නෑ.. අපි ආපු වැඩේ ඉවරයක් කරලම ඉමු රෝකිම්.” අමෝරා පැවසුවේ ය. “එහෙනම්... අපි දැන් පුළුවන් විදයට උඩට යමු...” කණා මැදිරි එලි ආධාරයෙන් අපි ඉර උදාවනතුරුම උඩට නැග්ගේ ය. එම අතර තුර අපි අතර කිසිදු කතා බහක් සිදු නොවුනේ ය. හිතාගත් නොහැකි සිදුවීමකට අපට මුහුණ දීමට සිදු වූ නිසා අප හැමෝම සිටියේ ලොකු කම්පණයකින් ය.
229
කොහොමින් හෝ අප පෙර කී ආශ්‍රමය අසලටම පැමිණියේ ය. එහි පිටතින් තිබූ ගල් කුළුණු ඉතා විශාල ඒවා විය. එය පෘථිවියේ ඇති ස්ටෝන් හෙජ් ඇති ගල් කණු මෙන් කීප ගුණයකින් විශාල ඒවා විය. ඒවැනි ගල් කුළුණු දෙකක් මැදින් එම ආරාමයට යන පාර වැටි තිබුණේය. ආශ්‍රමයට සැතපුමක් පමණ ඈතින් අප නතර වූයේ අපට යම් විවේකයක් සහ සැලැස්මක් අවශ්‍ය වූ නිසාවෙන් ය. මේ අවට පරිසරයක් බොහෝ සෙයින් වෙනස් බව මට තේරුම් ගියේ ය. අවට ඇති ශාක සහ පැලැටි පවා පෙර හමු වූ ඒවාට වඩා බොහෝ සේ වෙනස් විය. සමහර ශාක වල ලස්සන මල් පිපි තිබෙණු මා දුටුවෙමි. ඒ වගේම කුරුළු නාදය. මේ වෙනස අන් අයට වැටහි නොමැති බව ඔවුන් සිටි ඉඡ්ඡාබංගත්‍වයෙන් මට වැටුහුණෙමි. අප ඉතාම ප්‍රසංසණිය තණ බිමක ඇති වීෂාල ගසක් යට වැතීරී සිටියෙමු. නමුත් තාමත් අපි එකිනෙක් කිසිදු වැදගත් දෙයක් කතා කරේ නැත. දැනටමත් අප දෙදෙනෙකු නැති කර ගෙන හමාරය. ඊළඟ කෙනා තමා විය හැකි බව ඔවුන් කල්පනා කරනු ඇතැ යි මට සිතුණේය. පෙර තිබූ ධෛර‍්‍යය මහන්සියත් සමඟම දියාරු වී ගිහින් ඇති ස්වරූපයක් මට ද දැනුණේ ය. මා තුල වුණත් කෑ ගහලා අඬන්න තරම් වේදනාවක් සිත තුල හිරවී තිබූණේ ය.
230
“මටනම් එපාම වුනා පස්සෙන් ඇවිල්ලා. පොඩ්ඩක්වත් විවේක ගන්න තිබ්බනේ. එහෙනම් මම ඔයාලව අල්ලගන්නවනේ.. දැන්නම් මගේ කකුල් රිදෙනවා.” යැයි කියමින් යම් කිසිවෙකු මා ඉදිරිපිට ඉඳ ගත්තේ ය. “අඩෝ උඹ... අපි හිතුවේ උඹ අර පිපුරුමෙන් මැරුණා කියලා.” ඒ මා ඉදිරියේ ඉඳගත්තේ ජර්මාණුවයි. ඔහු දැක මලාණිකව සිටි සියළු දෙනා පුදුමයට පත් වී ඔහුව බිම පෙරළගෙන සිප ගත්තේ ය. නැතිවිය ගිය උද්යෝගය නැවත අපට ලැබුණේ ය. “උඹ පුදුම යකෙක්නේ , කොහොමද මැරිලා පණ ආවේ.” රැංගෝ ඇසුවේ ය. “මෙයා අහංනේ කොහොමද ඔයාට පණ අවේ කියලා. මේ අය හිතන්නේ මැරිලා පණ ආවා කියලා.” “උඹ කියපං, සැබෑ සටන් කරුවෝ කවදා හරි පණ ලබනවා කියාලා.”
231
මම එය එලසම ඔවුන්ට පැවසුවේ ය. එයින් තවත් ඔවුන් උද්යොගිමත් වූ බව පෙනි ගියේ ය. “දැක්කනේ ... පොඩි බොරුවකින් කට්ටිය උද්යොගිමත් කිරිම නරක දෙයක් නෙවෙයි.” “ඒ වුනාට, යුද්ධ කරන්න තරම් සුදුසු පිරිසක් නෙවෙයි අපි.” මම පැවසූවේ ය. “ඔයා ආපු නිසා ඇත්තටම කට්ටිය සතුටින් සහ ජවයකින් ඉන්නේ. ඇත්ත කියපං මොකක් ද එතන වුනේ.” මම ඇසුවේය. “මම එනකොට නැවේ තිබුණ ඩයිනමයිට් කීපයකුත් අරන් ආවේ. ඒකයි මම මගේ බෑගය කාටවත්ම අල්ලන්න දුන්නේ නැත්තේ. ඒ විතරක් නෙවෙයි මගේ ලඟ ඇමෝනියා, කළු වෙඩි බෙහෙත් සහ වෙඩි නූලුත් තිබුණා. මම කෙරේ ඔක්කොම පුපුරණ ද්‍රව්‍ය සුදානම් කරලා බෑග් එක තුලම ඒවා රඳවලා, ඒ උඩට අර මැරිච්ච උං ටික ගෙනත් දාපු එකයි. ඊට පස්සේ නූල ගොඩක් දිගට ඇදගෙන එලියට ගත්තා. උං ඇතුලට ආපු ගමන් පත්තු කරලා මම දිව්වා.”
232
“යකෝ උං ඔක්කොම තියලා උඹේ පස්සෙන් පැන්නුවනම් අපි ඉවරයි.” “හරි ... දැන් අපි ඊ ලඟට මොකද කරන්නේ.” “මේ ගැම්මෙන්ම යමු ද ඇතුලට” මම පැවසුවේ ය. මෙවර මාගේ උපදෙස් පරිදි සියළුම ආයුධ සහ පරිසරයට උචිත පරිදි වේස් ගෙන, අමතර මලු සඟවා එම ආරාමය දක්වා ගමන් ආරම්භ කළේ ය. ආරාමය අවට කිසිදු අනතුරක ලක්‍ෂණ පෙනෙන්ට නොතිබුන නමුත් අපි පෙරටත් වඩා සැළකිලිමත් වුනෙමු. එම ආරාමය පැරණි වතිකාණු ආරමයක් සේ බැළු බැල්මට දිස්වෙන නමුත් ලං වන විට එහි ඇති ගුප්ත හැඩතල කෙමෙන් කෙමෙන් දක්ණට ලැබේ. කිසිදු අනතුරක සේයාවක් නොමැති අතර පරිසරය සමාකාමී විය. එම නිසා අප ප්‍රධාන දොරටුව කරා බිය නැතුව ගමන් කළේ ය. “රෝකිම් ... මොකද අපි දැන් කරන්නේ. යමුද ඇතුලට. ” රැංගෝ ඇසුවේ ය. “ඉන්න මම ඉස්සර වෙන්නම්.” මම පැවසුවේ ය.
233
“එපා... අපිට ඔයාව ඕන. ඒ නිසා ඔයා යන්න එපා. .... හේයි, උඹ පලයන් මුළින්ම.” යනුවෙන් ටොංගෝ ඔහුගේ යාළුවාට පැවසුවේ ය. “ එහෙම බෑ, මේක මගේ මිෂන් එක. ඒ හින්දා මම ඇතුලට යන්නම ඕන මුලින්ම” “ඒක භායනකයි... ඔයා යන්න එපා.” එවර අමාරා කෑ ගැසුවේ ය. ඒ පාර නම් මටත් කේන්ති ගියේ ය. මේ කවුද මුලින්ම යන්නේ කියලා තෝරණ වෙලාවක් නොවන බව මා හොඳින් දනිමි. “යකෝ...කට පියාගෙන හිටුකෝ. මමයි උඹලගේ මහා එකා. මමයි යන්නේ කට පියාගෙන හිටපං.” මම ඉතා තදින් කෑ ගසා සියළු දෙනාටම අණ කළේ ය. ඉන්පසු මම එම විශාලදොර තල්ලු කලේ ය. දොර ඇරෙණවාත් සමඟ දොරේ කිරි කිරි නාදයෙන් ඇතුල දෝංකාර දී ගියේ ය. ඇතුලත ඉතා විශාල සහ පැරණි නටඹුන් සහිත විය. සෑහෙන්න කාළෙකින් කිසිවෙකු පැමිණ ඇති බවක්නම් දක්ණට තිබුණේ නැත. එම ප්‍රධාන ශාලාව මැඳින් දෙපස ඉතා විශාල-
234
පිලිම හයක් දෙපැත්තට තුන ගානේ තිබුණ අතර ඒ පිලිම වල සිටියේ එකිනෙකට වෙනස් ජිවින් වේ. එක් පුද්ගලයෙක් මනුෂ්‍ය ගැහැණියකට ඉතාම සමාන වූ අතර අංග ලක්ෂණ විවිධාකාර වූවේය. යමෙකු උරග ස්වරූපයක් ගත් අතර තවත් අයෙකු, තව අයෙක් රොබෝ කෙනෙකුට සමාන ස්වරූපයක් ද තිබුණේ ය. අනිත් පැත්තේ හිස්කබල පිටුපසට දික් වූ ඇස්ලොකු පුද්ගලයෙකු ද, මැදින් උසින් අඩු නමුත් ඉතාම ශක්තිමත් රූපකයකට හිමි රැවුල වවා ගත් පුද්ගලයෙක් ද, ඔහු අත යශ්ටියක්ද විය. අනිත් පුද්ගලයා අප කියවපු විද්‍යාප්‍රබන්ධ වල සිටින කෙට්ටු අත් පා ඇඟිලි දිග පිටසක්වල ජිවියෙකුගේ ආකාරය ගත් අතර මුහුණ සහ ඇඳ සිටි ආකාරය ඊජිප්තු පිරිමිඩවල ඇති රූප මෙන් විය. මෙලෙස අප කිසිදු හැලහොල්මණක් නැතිව විශාල ආරාමය තුල විපරමින් සහ පුදුමයෙන් ඉතාම විමසිල්ලෙන් ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තෙමූ. අප කිසි කෙනෙක් කිසිදු ශබ්ධයක් නැතුව හිමින්-
235
සැරේ ඉදිරියට ඇදුනෙමු. ඉදිරියෙන් විශාල අල්තාරයක් තිබුණ අතර ඊට පිටුපසින් විශාල පුටුවක් තිබෙණු දක්ණට ලැබුණේ ය. “අච්චර ලොකු පුටුවක මොකාද බං නිදාගන්නේ...” ජර්මාණුවා ඔහුගේ හඬ අවදිකළේ යි. “කට පියාගෙන් වර. ” මම ඔහුට කීවේ ය. අපි තවත් ඉදිරියට ඇදුනෙමු. කිසිදු ජිවියෙකු ගේ හැලහොල්මණක්වත් තිබුණේ නැත. ටික ටික හිතේ තිබුණ බය සහ චකිතය නැතී වී ගිය අතර අපි අල්තාරය වෙතටම ගියෙ මූ. ඇත්තටම එම අල්තාරය මනුෂයෙකුට වඩා උසින් පිහිටියේ ය. “ආන්‍යා, එවපු කොළු ගැටයා මෙයාද...?” ඉතාම ගැඹුරු සහ දෙදෙරුම් යන කට හඬක් මට මගේ භාෂාවෙන් පිටුපසින් ඇසුනේ ය. මම හැරී බැළුවේ ය. ඒ එක්කම අර විශාල දොර ලඟ යෂ්ඨියක් අතින් ගත් අඩි හයකට වඩා උස හිස සිට පහලටම අළු පාට ඇඳුමකින් වසා ගත් පුද්ගලයෙක් සිටගෙන සිටියේ ය. දොරෙන් පැමිණි හිරු එළිය නිසාත්, හුඩ් එකකින් හිස වසාගෙන සිටි නිසාත් ඔහුගේ මුහුණු පැහැදිලිව පෙනුනේ නැත. නමුත් ඔහු කතා කරේ මගේ භාෂාව වූ සිංහල භාෂාවෙන් විය.
236
කෙමෙන් අප වෙතට ආ ඔහුගේ මූණ මා හට දැක ගැනීමට හැකි විය. එය මනුෂ්‍ය මූණක් නොවු අතර ඇස් සහ මුඛය සිංහයෙකුට සමාණ ලක්‍ෂණ තිබුණේ ය. හිස පිටුපසින්, කණට පහලින්, බෙල්ල දෙපැත්තෙන් ඉදිරියට වලිගයක් මෙන් යමක් පහලට වැටි තිබුණේ ය.ශරීරය ශක්තිමත් බවත්, ඔහුගේ පාද ඇත්තටම මා දුටුවේ ඩයිනෝසරයෙකුගේ පාද ආකාරයෙනි. ඔහු ලංවත්ම අප තැතිගත් බව කිව යුතුමය. සටනක් සඳහා අප සියළුදෙනා සුදානම් වුයේ ය. පෙර සටන් කල යක්කුන්ට වඩා මූ නම් ගොඩක් දරුණු සහ සටන් කිරීමට අපහසු එකෙක් බව අප සියළු දෙනාටම තේරුම් ගියේ ය. “දරුවා.... ඔබ කාටත් මා සමඟ සටන් කළ නොහැක. ඒ නිසා සංසුන් වෙන්න.” ඔහු පැවසුවේ ය. “එන්න එපා ලඟට... උඹ කවුද මට සංසුන්වෙන්න කියන්න..” එවර කෑ ගැසුවේ රැංගෝ ය. “ එයා උඹට නෙවෙයි කතා කරේ. රෝකීම්ට කතා කරේ. උඹ කටවහන් හිටපං” ජරමාණුවා ඒත් සමඟ පැවසුවේ ය.
237
“උඹත් කට වහගෙන හිටපං. මම අහන්නේ උඹ කියන දේ නෙවෙයි. රෝකීම් කියන දේ.” රැංගෝ පැවසූවේ ය. “පොඩ්ඩක් ඉන්න.... ඔයාලට මේ උස රක්‍ෂයා වගේ එකා කියන දේ තේරෙණවාද ?” මම ජර්මාණුවාගෙන් සහ රැංගෝගෙන් ඇසුවේ ය. “ඔවු.. මෙයා ජර්මන් වලින් කතා කරන්නේ” “මෙයා මගේ රැහේ හඬින් කියවන්නේ.” දෙදෙනාම පැවසුවේ ය. “නෑ... මෙයා දැන් කතා කරේ මගේ මවු භාෂාවෙන්. සිංහලෙන්.” මම පැවසුවේ ය. “මම ඔය එක භාෂාවකින් වත් නෙවෙයෙි කතා කරන්නේ. මම අදහස් සංනිවේදනය කරනවා පමණයි.” ඔහු පැවසුවේ ය. “මේ භූමීය පූජණීය යි. මේ තුල කිසිකෙනෙකුට කිසිදු භෂාවක් අවශ්‍ය නොවේ.” ඔහු තව දුරටත් පැවසුවේ ය. “දැන් ඔය අයුධ පහලට දාලා සංසුන් වෙන්න, මට ඔයාලා එන බව ආන්‍යා කිව්වා”
“ඔයා.. ආන්‍යාව දන්නවද?” මම ඇසුවේ ය. “ඔවු... මම එයාව හොඳින් දන්නවා...එයත් ඔයාගේ ලෝකේ ඔයාගේ භාෂව කතා කරන කෙනෙක්.” “ඒ කියන්නේ... ඒ වයසක ගැහැණිය මගේ ලෝකෙන් මං වගේ ඇවිත් මෙහෙ අතරමං වුන කෙනෙක් ?” මම ඉතාම පුදුමයෙන් පෙරලා ප්‍රශ්ණ කරේ ය. “ඔවු.. එයා ඔයාගේ ලෝකේ.. නමුත් අතරමං වුන කෙනෙක් නෙවෙයි. ඇයත් මං වගේම තෝරාගත් තැනැත්තියක්.”“මට නම් මේ මුකුත් තෙරෙන් නෑ” මම පැවසුවේ ය. “ඉන්න මම තේරුම් කරලා දෙන්නම්. මේ මුළු විශ්වයේම ජීවය පවතින්නේ ඔබේ මනසට ග්‍රහණය කර ගත නොහැකි දෙයක් මත. එහි යම් වෙනසක් වේයිද, මුළු විශ්වයේම ජිවය විනාශ වී යනවා. ඔයාලගේ ලෝකේ බුද්ධිමත්තු ඒක ෆයින් ටියුනින් තර්කය ලෙස හඳුන්වන්නේ.” “ආ... මම ඒ ගැන කියවලා තියෙනවා.”
238
“හොඳයි එහෙනම්... දැන් එම දේ වෙනස් වීමට නියමිතයි. ඒකට හේතුව මං පෙන්වනන්නම්. එන්න මා එක්ක” යැයි කියමින් ඔහු අපට ඔහු පසු පස එන ලෙස අඬ ගසා අප පසු කර ඇතුලට ගියේ ය. ඉන් පසු අප ඔහු පසු පස ඔහුගේ ගමන් මඟ ගියෙමූ. ඔහු අල්තාරයට පිටුපසින් පිහිටි විශාල දොරක් විවර කර පහලට ඇති පඩි මඟින් පහලට ගමන් කළේය. අපත් ඔහු පසුපස ගමන් කළේ ය. සාමාන්‍යෙන් මෙවැනි තැන් අන්ධකාර විය යුතු නමුත් මේ තුල කිසිදු අන්ධකාරයක් නොතිබුණේය. ඇතුල අන්ධකාර නොවීමට අවට කිසිදු පහණක් හෝ වෙනයම් එළියක්ද නොතිබුණේය. අප ඔහු සමඟ බොහෝ දුරක් පහලට ගියේ ය. එවිට අලෝකය ඇති වීමට හේතුව අප දුටුවේ ය. එහි විශාල වශයෙන් රං පැහැති ලෝහ ලස්සනට පිළිවෙළකට දෙපස ගොඩ ගසා තිබුණේ ය.එමඟින් ඇති වූ දිස්නයෙන් මේ විශාල බිම් ශාලාවම ආලෝකමත් වී ඇති බව වැටහි ගියේ ය. රත්තරන් මඟින් කිසිදු ආලෝකයක් නිකුත් නොකරණ බැවින් මේ ඇත්තේ වෙනත් යම් කිසි ද්‍රව්‍යක් බව මට වැටහී ගියේ ය.
239
“ඔබ හිතුවා හරි, මේ තියෙන්නේ රත්තරං නෙවෙයි. මේ මූලද්‍රව්‍ය මඟින් තමයි අපි මේ සම්පූර්ණ විශ්වයේම සුසර කිරීම එකම මට්ටමක පවත්වා ගන්නේ.” ඔහු මා දෙස හැරි මා දෙස හොඳින් බලා පැවසුවේය. “ඔයාට මයින්ඩ් රිඩින් පුළුවන්ද?” “කටවත්ම සිතුවිලි කියවන්න බෑ. නමුත් මට හොඳට ඔයාව ඔයගේ ශරීර වෙනස්වීම කියවන්න පුළුවන්.” “එතකොට කොහෙද මේ අප ඉන්නේ..?” “ අර ශාලාව කෙරවල පේනවා නේද? එතනත් විශාල පුටුවක් තියනෙවා නේද?” “ඔවු මට පේනවා ඒකනම්. එච්චර විශාල පුටුවක කවුරු ඉඳගන්නද?”
240
“ එතන තමා මේ විශ්වයේ නිර්මාතෘ ඉඳගන්නේ” “”මොකක්.... ගෝඩ්... ඒ කියන්නේ දෙවි කෙනෙක්, මහා බහ්‍රමයෙක් කියලා කෙනෙක් ඉන්නවා. එතකොට ආගමික ග්‍රන්ත වල කියලා තියෙන්නේ ඇත්තක්.” මට කියවුනේ ය. “ අපේ දෙයියෝ තමා ඔතන ඇත්තේ, නැත්නම් කැලැ බාර දෙයියා වෙන්න ඕන” රැංගෝ මැඳින් පැන කියවන්න ගත්තේය. “ඔය කාගෙවත් දෙවි කෙනෙක් මෙතන නෑ. මේ හැමදේම ඉතා උසස් ජිවින් කොට්ඨාෂයක ව්‍යාපෘතියක එක් ප්‍රතිපලයක්. අර ඔබ එනකොට දැකපු පිළිමවල ඉන්නේ මේ ව්‍යාපෘතියට උපරිම සහය දීපු දක්ෂ බුද්ධිමතුන් ඒ වගේම රණකාමීන්.” “රණකාමීන්..?” “ඔවූ..... මේ ව්‍යාපෘතිය විනාශකරන්න එක්තරා පාර්ශවයක් ලොකු උත්සහයක් ගත්තා. ඔවුන් සමඟ සටන් වැදුනෙත් මේ අයමතමා.”
241
“මට මේ මුකුත් තෙරෙන්නේ නෑ ... කරුණාකර පැහැදිලි කරණවද? මම කොහොමද මෙහෙට ජර්මණියේ ඉඳන් අවේ” ජර්මාණුවත් ඉවසලා බැරිම තැන ඔහුගේ ප්‍රශ්ණයට උත්රයක් සොයා ගන්නා අරමුණින් හඬ අවදි කළේ ය. “මේ ළමයින්ට ප්‍රශ්ණ ගොඩක් තියෙනවා වගේ.... අපි ඒ හැමදේටම කලින් ප්‍රධානම දේ කතා කරමූකෝ. මොකද එකෙන් මේ හැම ප්‍රශ්ණයකටම උත්තර හම්භවෙනවා.” “ඔවූ... අපිට අපි ආපූ කරණයට උදවු කරන්න... ඇයි අපි මෙහෙට ආවේ...? ඇයි ගමේ මිනිස්සු අතුරුදන් වුනේ? ඇයි මේ හැමදේම...?” මම ඔහුගෙන් ඇසුවේ ය. “මම කතාව මුල ඉඳලම කියන්නම් ඉතාම සරලව.” ==============
242
243
"ආරම්භයේ එක්තරා උසස්ම කුලයේ ජිවින් විශේෂයක් වූ ආන්ද්‍රා වරුන්ට අවශ්‍ය වුනා තමන්ටම කියලා පාලනය කල හැකි විශ්වයක් නිර්මාණය කරන්න. එයට හේතුව වුනේ, යම් දවසක අන්තර් විශ්වීය යුද්ධයක් ඇති වුන දවසක අවකාශිය කාලය විනාශ නොවී තබා ගැනීමට ඔවුන්ට එම විශ්වය උපකාර කර ගැනීම සඳහායි. ඒ සඳහා ආන්ද්‍රා වරු, තවත් විශේෂ 6ක උදවු ගත්තා. ඒ අය තමා ඔබ ඔය පිලිම විදියට දැක්කෙ. කාලය කියන්නේ හරි අමුතුදෙයක්. ඒක තේරුම් ගන්න පුළුවන් විශේෂ මේ විශ්වයේම ඉන්නේ අතලොස්සයි. අනික විටිනාම දේත් කාලය යි. ඒක ඇන්ටයි-මැටර් (antimatter) වලටත් වඩා වටිනා දෙයක්. ඊලඟට වටිනාම දේ ආලෝකය යි. ආලොකය පාලනය කල හැකිනම් මේ මුළු විශ්වයේම ජීවය පාලනය කලහැකි යන මතය බොහෝ බුද්ධිමත් ජිවී විශේෂ තුල තියෙනවා.
හරි .... මම කතාවෙන් පිට යනවා. මම කිව්වානේ විශ්වයේ වටිනාම දේවල් දෙක ගැන. ආලොකය ගැන කියනවානම්. අලෝකය ඇති කරන්න පුළුවන් වුනාට දහනයේ හෝ න්‍යෂ්ටික වියලනයක ප්‍රථිලයක් විදියට, ඒක අලෝකය විදයටම ගබඩා කරගන්න බෑනේ... ඔය රත්තරන් පාටට තියෙන්නේ ඒ ගබඩා කර තියෙන ආලොකය යි. සුර්‍යයන් මිලියන ගාණක ආලෝකය ඔතන ගබඩා වෙලා තියෙනවා. එක් නිමේෂයකින් ඔයාලව අළු කරලා දාන්න පුළුවන් හැකියාවක් ඔය එක් ගඩොලකට තිබෙනවා. අලෝකයේ වේගය මත තමා කාලය තිරණය වෙන්නේ. අන්න එතනයි විශ්වයේ සුසර කිරීම පවතින්නේ.” “නෑ නෑ මම ඒක විශ්වාස කරන්නේ. එතකොට අපි කළුවර කාමරයකි හිටියොත් අපි වයසට යන්නේ නැද්ද? යනවානේ ... ” මාත් මගේ බක පණ්ඩිත කම එළියට දැම්මේ ය. “රෝ ඔයා තේරුම් අරන් නෑ. ආලෝකය මත නෙවෙයි. අලෝකයේ වේගය මත තමා කාලය තීරණය වෙන්නේ. මේක තේරුම් ගන්න ටිකක් ඔයාට අමාරුවෙයි. හරි.. අපි මුලින්ම ආපු වැඩේ ඉවරයක් කරලා ඉමුකෝ. මුලින්ම මම කියන දේ -
243
අහගන්න. දැන් මේ කාල අවකාශය හානිවෙලා තියෙන්නේ. ඒ නිසා සමාන්තර විශ්වයන් එකිනෙකට ගැටෙන්න පටන් අරන්. ඔයා ඒක ඉක්මණින්ම හැදුවේ නැත්නම් සියළුම විශ්වයන් එකිනෙක ගැටි කල්ප විනාශයක් සිදු වෙන්න ඉඩ තියෙනවා.” ඔහු අමෝරා වෙත අත දිගු කරමින් පැවසුවේ ය. “මම මොකක් කරාටද ?” අමෝරා තැති ගත්තේ ය. “මම කිව්වානේ කාලයත් ආලෝකයත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ ආලෝක ධාරාව එකිනෙකට ගැටෙන එක වලක්වන්න මම මේ දෙන පලිඟුව ගෙනහින් ග්වන්ධාරා මන්දිරයේ මුදුනේ තැන්පත් කළ යුතුයි. ඒක රෝමිං ඔයාට කරන්න සිද්ධවෙනවා. ඉන්පසු ආලෝකධාරාව නැවත පලිඟුව වෙත ගෙන ඒම ආමාරා කල යුතු වෙනවා.” “ඇයි මාවම...” ඇය ඇසුවේ කුතුහලයකින් ය. “ඔයා තුල විතරයි මෙතන කාල අවකාෂයන් දෙහෙක ජීවය තියෙන්නේ. ඔයාට විතරයි එම අලෝකය තුලට යන්න පුළුවන්. අමාරා....., ඔයා
245
තමා තෝරාගත් කෙනා. හැම ආලෝකධාරවකම එයටම අනන්‍ය ස්පන්ධනයක් තියෙනවා. ඒ ස්පන්ධනයන් දෙකම ඔබතුල තියෙනවා. ඒ නිසා ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්. රෝ.... ඔයා මැයව පරිස්සම් කරගෙන එතනට ගෙන යන්න වෙනවා. ඒක තමා ඔයාගේ රාජකාරිය.” ඔහු මා දෙස බලා ඉතාම බැරෑරුම් බැල්මක් හෙළුවේ යි. “දැනටම වෙනත් කාල පරාසයන් තුල සිටින ජීවින් වෙනත් වෙනත් විශ්වයන් වලට මාරුවෙලා. ඔවුන් මේ කිසිම දෙයක් දන්නේ නෑ. ඉතිම්... ඔවුන් හැසිරෙන්නේ ප්‍රචණ්ඩවයි. ඔබට මේ ජර්මාණුවා වගේ හොඳ අය මෙන්ම එනකොට මගදි හමුවුන ජාතියේ ප්‍රචණ්ඩකාරීන් වුවුද හමුවිය හැකි. ඒ හින්දා වගකීම ඔයාට ගන්නම වෙනවා.” “හරි දැන් කෝ පලිඟුව. කොහෙටද මේක හයි කරන්න ඕන.” “පලිඟුව මම දැන් දෙන්නම්. සටන් කරන්න අවශ්‍ය ආයුධත් දෙන්නම්. නමුත් එන්න මා සමඟ..” යැයි පවසමින් ඔහුව අපව කෙලවරේ තිබුණු කුඩා දොරකින් විශාල කාමරයටකට ගෙන ගියේ ය. එහි විවිධාකාර වූ ආයුධ තිබුනේ ය. නවීන අයුධ මෙන්ම කඩු දුනු ඊතල ද එහි තිබුනේ ය.
246
නමුත් තිබුණ පලියට හැම ආයුධයක්ම අපට පුහුණුවකින් තොරව භාවිතා කල නොහැකි බැවින් අපට හුරුපුරුදු ආයුධ අප තෝරාගත්තේ ය. අමාරා දුණු ඊතල සහ කුඩා පිහිකීපයක්ද මම ඉතා තියුණු කඩු දෙකක් සහ පිහිකීපයක් ද තව රැංගෝත් දෙපැත්ත කැපෙන කඩු දෙකක් සහ මුගුරක් අතට ගත්තේ ය. ජර්මාණුවා ඔහුට හුරුපුරුදු රයිෆල් පිස්තෝල සහ පතුරම් ගත්තේ ය. අප සැවෝම එහි තිබුණ සුදුසු යුධ ඇදුම් ද ඇඳ ගත්තේ ය. සුදුසු යුධ ඇදුමක් මටද ඇඳ ගැනීමට හැකි වූ අතර එය ඇඳීමෙන් සිතට යම් ආත්ම විශ්වාසයක් දැනුනේ ය. “මෙන්න මේකයි ඔයාලගේ පළිඟුව මේක ගන්න. දැන් ඔයාලා හැමෝම එන්න මා එක්ක. අපට වෙනත් විශ්වයක වෙනත් ග්‍රහලෝකයක මේ වගේම ආරාමයකට යන්න තියෙනවා.” අමුත්තා පැවසුවේ ය. “දැන් නම් මම එකෙන්ම ලැස්ති...” මම පැවසුවේ ය. “නරකද මොනා හරී කාලා ගියානම්.” ජර්මාණුවා පැවසුවේ ය. “ඉඳලා ඉඳලා .... මොකක් හරි මගුලක් කියලා තියෙන ගැම්මත් නැති කරා මූ..” මම පැවසූවේ ය.
247
කොහොම හරී අපට හමූ වූ අත්භූත ආගන්තුකයා අපව රැගෙන තවත් වීශාල සාලාවකට ඇතුල් වුනේ ය. එහි මැද විශාල පලිඟුවකට සවිකෙරු යන්ත්‍රයක් තිබුනේ ය. එය මතට රැගෙන ගිය අපට ඔහු පවසා සිටියේ වැරදිලා හරි අපි එකිනෙකා වෙන වෙන ලෝක වලට ගියොත් නැවත පැමිණ රැගෙන යනතුරු ආරක්‍ෂිතව සිටින ලෙසයි එයට පිළිතුරු දීමට පෙර එහී තිබූ ලීවරයක් ඇදීමෙන් මාගේ ඇස් නිලංකාර වී ගියේ ය. මට සිහිය එනවිට මා සිටියේ විශාල පිට්ටණියක බිම වැතිරීලාය. වටපිට බැළු විට හැමකෙනාම බිම වැටිසිටි අතර අර අමත්තා පමණක් මා දෙස බලා සිටියේ ය. “ඔයා ඇත්තටම කවුද?” මම ඇසුවේ ය. “දැන්ද ඒක අහන්න මතක් වුනේ. මම zසාරෝකාර්” යනුවෙන් පැවසුවේ ය. නමුත් එම නමේ ශබ්ධය ලිවීමට අකුරු පෘතුවියේ එක භාෂාවකවත් නැති බැවින් මම ඒ සඳහා zසාරෝකාර් යන නම භාවිතා කරමි. මොකද එය යම්තාක් දුරට එම ශබ්ධයට ගැලපුනේ ය. “මොන මගුල් නමක්ද ඒ ?”
248
“මම කියන දේ හොඳින් අහගන්න. තවදුරටත් අපේ භාෂාවන් එකිනෙකාට තේරුම් ගැනීමේ හැකියාවක් අපට නෑ. ඒ හින්දා ඔයා නායකත්‍වය අරගෙන හැමෝම මෙහෙයවන්න ඕන. මට පුළුවන් ඔයාගේ භාෂාව තේරුම් ගන්න ඒ හින්දා අපි දෙන්නට දෙන්නා විතරයි මෙතනින් එහාට අදහස් හුවමාරු කර ගන්න වෙන්නේ. ඉක්මණ් කරන්න... අපි ඉක්මණින්ම මෙතනින් යන්න ඕන අපේ වැඩේ ඉවරයක් කරන්න.” ඔහු ඉතාම අවධාරනයේන් පැවසුවේ ය. “ඔයාගේ රණ ඇඳුමට ඔයා මාර කඩවසම්....” ඒ අමෝරාගේ කඩ හඬ යි. මම ඇඳ සිටියේ පැරණි රෝමාණු ග්ලැඩියේටර් වර්ගයේ යුධ ඇඳුමක් විය. ඇත්තටම මම ඒ රෝමාණු සටන් විලාශයට බෙහෙවින් ඇළුම් කල නිසා විය හැක. “හැමෝම නැගිටින්න අපිට තියෙනවා කාල අවකාශයක් බේරාගන්න.” මම උජාරුවෙන් කෑ ගැසුවේ ය. ============
249
250
අපගේ වික්‍රමාණ්විතයේ ගමන ආරම්භ විය. අපගේ මග පෙන්වන්නා වුවේ පෙර හමුවූ ආගන්තුකයා විය. ඔහුගේ නම ලිවීමට නොහැකි නිසා මම ඒ සඳහා zසාරෝකාර්’ භාවිතා කරමි. එම නම ලිවීමට නොහැකි වුවත් එම ශබ්ධය මට හොඳින් හැසිරවිය හැකි බැවින් ඔහුට ආදේශ නමක් දැමීමට අපට අවශ්‍ය නොවුයේ ය. ගමන ඉදිරියෙන් මාත් zසාරෝකාර් ගමන් ගත් අතර රැංගෝ සිටියේ පසුපසින් ඉදිරියෙන් යන අප සඳහා ආරක්‍ෂාව සපයමින් වේ. එක්වරම zසාරෝකාර් නතර වී මටද නතර වන ලෙස සංඥ්ඥා කළේ ය. “මේ සත්‍වයන් මේ කාල අවකාශයට අයත් අය නෙවෙයි. ” ඔහු පැවසුවේ ය. “මොන් සත්තුන්ද ? මට පේන්න නම් මකුත් නෑනේ.” මම පැවසුවේ ය.
“ඔයා ඉන්නේ ත්‍රිමාණ විශ්වයක. නමුත් මේ ඉන්නේ පංචමාන විශ්වියක සත්‍වයෙක්. ඒකයි ඔයට පේන්නේ නැත්තේ.නමුත් එයාට ඔයව පේනවා. ඔයාට එයාව තේරෙනවා.” “මට මුකුත්ම පේන්නේ නෑ.” “ක්ලස් කූ ස් ස්ස ” ලෙස zසාරෝකාර් විසින් ශබ්ධ කළේ ය. එවිටම එකපාරට සැඟවී සිටි විශාල පක්‍ෂියෙක් මතු විය. ඌ මොනරෙකුට සමාන ලස්සන සත්‍වයෙක් විය. විශාල පිල් කළඹක්ද, හිසට ඉහලින් සහ පහලින් අලංකාර පෙඳ විශේෂයක් ඌ සතු විය. ඇත්තටම මාරම මාර ලස්සන සත්‍වයෙක් විය. එක් වරම ඌ මාව දැක්කේ ය. ඉන් පසු ඌ මා ලඟට හිමින් සැරේ පැමිණියේ ය. මම නොසෙල් වී සිටියේ ය. එම සත්‍වයාත් මාත් එකිනෙකා ගේ ඇස් දිහා බොහෝ වෙලාවක් බලා සිටියේ ය. පසුව ඌ ඔළුව නමා මට අචාර දක්වා නැවත නොපෙනි ගියේ ය. “zසාරෝකාර්, මොක්කද ඒ වුනේ.” “ඌටත් ඕන ඉක්මණින්ම ගෙදර යන්න. ඌ දැනගත්තා ඔයා තමා ඒ සඳහා උදව් කරන්නේ කියාලා. ඉතිම් ඌ උගේ නමස්කාරය ඔයට පුද කරා. යමු..... තවත් පරක්කු වෙන්න බෑ. ”
251
ඔහුගේ උපදෙස් පරිදි අපි තවත් ඉදිරියට ගියේ ය. එක් වරම අපි විශාල එළිමහන් පිට්ටනියක්ට වැටුනේ ය. එය ලස්සන තණ පිට්ටනියකි. ඉමක් කොණක් නොපෙනෙන ලස්සන තණ පිට්ටණියක් ය. මා එක්වරම අහස දෙස බැළුවේ ය. සාමාන්‍යෙන් අහස නිල් පාටට හුරු විය යුතු වුවත්. මෙහි අහස පුරාවට දේදුණු වර්ණ රේඛීයව ගමන් කරමින් තිබුණේ ය. එම වර්ණ පිළිවෙලකට නොතිබුන අතර එවා බොහෝසෙයින් ආපදාවට ලක්වී ඇති බවක් දුටුවේ ය “ඔයාට පේනවා නේද අහස..... ඕක තමා ඔයා ඉන්න කාල අවකාශය. ඒක දැනටමත් ගොඩක් කැඩිලා. ” “හරි ඉතිම් දැන් අපි කොහෙටද යන්නේ.” මම ඇසුවේ ය. ඒත් සමඟම ‘ රෝකිම්..... මොකක්ද අර එනවා පේන්නේ’ ජර්මාණුවා ඈත යමක් දෙස ඇඟිලි දිගුකර පෙන්නුවේ ය. “zසාරෝකාර්..... මොක්කද අර එන්නේ....?” “මට හුරුපුරුදු දෙයක් නම් නෙවෙයි. කෝකටත් අපි නැවත කැලේ ඇතුලට යමු.” ඔහුගේ යෝජනාවට අනුව අපි නැවත කැළේ ඇතුලට ගිහින් සැඟවගත්තේ ය.
252
සුළු මොහොතකින් එම යානය අප පසු කරගියේ ය. එහි කිසිදු ශබ්ධයක් නැතත් පසුව ශබ්ධය පැමිණිම මඟින් එය ශබ්ධයට වඩා වේගයෙන් යන යානයක බව මට පසක් විය. ඊටත් වඩා ඉමක් කොණක් නොපෙනෙන මේ පිටිටනිය දිගේ කොයිතරම් කාලයක් ගමන් කරන්නද යන ප්‍රශ්ණයද මගේ ඔළුවට ආවේ ය. කෙසේ හෝ zසාරෝකාර් ගේ මග පෙන්වීම මත අහසේ ආලෝකය පැමිණෙන දිශාව දක්වා අප කැලේ තුලින් ගමන් කලෙමු. නොනවත්වාම පැමිණි ගමන නිසා අප සියළුදෙනාම ඉතාමත් විඩාවට පත්ව සිටියෙමු. එම නිසා අප විඩා නිවාගැනීමටත් පෙරදා ගෙනාපු ආහාර ගැනීමටත් නතර වුනෙමු. zසාරෝකාර් ගේ භාෂාව ඇත්තටම මනුෂ්‍ය භාෂාවට වඩා වෙනස් නිසා මා සමඟ සිටි කාටවත්ම ඔහු සමඟ කතා කිරිමට නොහැකි විය. ඇත්තටම ඔහුගේ භාෂාව හරියට අප්‍රිකානු රැට්ල් ස්නේක් වර්ගයේ පොළඟෙක් උගේ වලිගය වනා ශබ්ධ කරන ආකාරයට යම්තම් සමාන වේ. මනුෂයෙකුට එවැනි සිරි සිරි ටක් ක්ලක් ශබ්ධ ඇති කල නොහැකි බැවින් අපට එම භාෂාව පුරුදු වීම පවා අපහසු වේ. කෙසේ හෝ ඔහු අප සමඟ පැමිණිම අපට ලොකු ශක්කියක් වූ බව කිය යුතු වේ.
253
“ඉමක් කොණක් පේන්නේ නැති පාරක් දිගේ ගිහින් කොහොමද අපි අවශ්‍ය තැනට යන්නේ.” මම zසාරෝකාර් ගෙන් ඇසුවේ ය. “අපිට යන්න යානයක් ඉක්මණින්ම ලැබෙයි. විශ්වාසය නැති කරගන්න එපා රෝකිම්.” යැයි ඔහු පැවසුවේ ය. ඉන් පසු මම වැඩිය ඔහු සමඟ ප්‍රශ්ණ කිරීමට නොගියේ අප අතර තිබුණ භාෂා පරතරය නිසා වේ. ඔහුට මගේ මවු භාෂාව තේරුම් ගියාට එයට පිළිතුරු දීමට බොහෝ අපහසු බවක් දැක් වූ නිසා වේ. zසාරෝකාර් කිව්වා වගේම මහා අමුතු දෙයක් සිදු විය. අප පසු කර කලින් ගිය යානය නැවතත් වේගයෙන් පැමිණ අප සිටි තැනට ඈතින් පිටිය මැදට වන්න කඩා වැටෙනු අප දුටුවේ ය. “අපේ වහනය එහෙනම් ආවා. එන්න අපි යමු. සැතපුම් කීපයක් දුරින් වැටුනේ.” යැයි zසාරෝකාර් පැවසුවේය. ඔහුගේ කීම අනුව අප එම යානය කඩා වැටුණු තැන දක්වා ගමන් කළෙමු. එම යානයේ -
254
උරග පෙනුමක් සහිත ජීවින් දෙදෙනෙක් පමණක් සිටි අතර, ඔවුන් දෙදෙනාම ඝට්ටණය නිසා සිහිසුන්ව සිටියේ ය. යානය අප සියළු දෙනාටම යෑමට හැකි අයුරින් ඉඩ කඩ තිබු අතර සිහිසුන්ව සිටින උරග ජිවින් දෙදෙනාට කුමක් කරන්නදැයි මා කල්පණා කළේ ය. “ඕක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි. මේ දෙන්නව එලියට ඇදල දාලා අපි යන්න ඕන. තවත් පරක්කු වෙන්න බෑ අපිට. ” යි zසාරෝකාර් පැවසුවේ ය. “එහෙම මෙයාලව මැරෙන්න දාල යන්න බෑ. ” මම පැවසුවේ ය. “මේ අහන්න රෝකිම්, අමෝරා ආලෝකය හැරෙව්වට පස්සේ මේ හැමදේම තිබුණ තැනටම යනවා. හැමදේම හීනයක්ම පමණක් වෙනවා. ඒ හින්දා මෙතන කිසිම ජිවිත හානියක් වෙන්නේ නෑ. ඔයාගේ මිය ගිස යාළුවා වුනත් නැවත එනවා.” ඔහුගේ එම වචන නිසා මම ඉතාම සැහැල්ලුවෙන් එම උරගයින් දෙදෙනා යනයෙන් ඉවත් කර ආරක්‍ෂිතව තැබුවේ ය. “ඔක්කොමත් හරි දැන් මේක පදවන්නේ කවුද?” ජර්මාණුවා ඇසුවේ ය.
255
“ඒක මම කරන්නම්” යැයි පවසමින් zසාරෝකාර් ඔහු යානය පණ ගැන්නුවේ ය. “රෝ... ඔයාගේ සොල්දාදුවන්ට කියන්න ඉඳගෙන පටි දාගන්න කියලා.. මේක ඉතාම වේගවත් ගමනක්.” යනුවෙන් zසාරෝකාර් පවසා, ඔහු යානය ඉහලට ගත්තේ ය. මා zසාරෝකාර් ගේ අසල අනේක් පස ඉදිරි ආසනයෙත්. අනිත් අය පිටුපස ඉදිරි අසනයෙත් ඉඳ ගත් අතර. ජර්මාණුවාත් මාත් හැර අන් සියළුදෙනාම ඔවුන්ගේ ප්‍රථම ගුවන් ගමන් අත්දැකීම නිසා ඉතාම කලබලයෙන් සිටියේ ය. කොහොමින් හරි අපි ඉතාම වේගයේන් ආලෝක කඳම්බ පැමිණෙන දෙසට ගමන් කළෙමු. මෙලෙස මිනිත්තු 20 පමණ වෙගයෙන් අප ගමන් කල අතර ඈතින් අප යා යුතු මන්දිරයේ ඉහල ආලෝකය කැඩි යන පළිඟුව සහිත කොත දුටුවේ ය. “මේ අහගන්න රෝ, අපි දැන් ලඟටම ඇවිත් ඉන්නේ..., ඔයා ඔය උඩ පේන පළිඟුව ගලවලා මම දුන්න පලිඟුව හයි කරන්න ඕන. ඊට කලින් ඔයා පහල තියෙන ලීවර තුන පහලට ඇදල ආලෝක ද්වාරය වසා දැමිය යුතු යි. එහෙම නැතුව ඔයාට
256
එතනට යන්න බෑ. ඔයා එතනට ගිය ගමන් අමාරා ආලෝකය නැවත පලිඟුව වෙත හැරවන්න ඕන. අර පහලට ඇදපු ලීවර තුනෙ න් ඒක කරන් බෑ. අමාරාට යන්න වෙනවා ආලෝක කඳම්බය එන උමග තුලට ඒකේ දෙපැත්තේ ඇති කඹ දෙකක් .... මැද්දේ හිටගෙන එ කඹ දෙක අත් දෙකෙන් ලඟට අදින්න ඕන. එතකොට ඒ ආලෝකය ඇයව පසු කරමින් ඇවිත් පළිඟුවේ වදිනවා. මතක තියාගන්න පළිඟුව හයි කරපු ගමන ඔයා එතනින් යන්න. ඒ ආලෝකයට ඔයාව විනාශ කරන්න පුළුවන්.” “ ඇයි ඒක ආලෝකය එන උමඟ ඇතුලෙන්ම විවෘත කරන්න හදලා තියෙන්නේ ?” මම ඇසුවේ ය. “වැරදි කෙනෙක් අතින් ආලෝකය වැරදි දිසාවකට විවෘත කරන්න බැරිවෙන්න එහෙම කරලා තියෙන්නේ. වැරදි කෙනෙක් ඒක ඇද්දොත් එන ආලෝකයේ සැරට එතනම තත්පරයක් යන්න කලින් විනාශ වෙලා යනවා. එතකොට එම ද්වාරය විවෘත වෙනකොටම ආයිත් වැහෙනවා.” “අන්තිම ප්‍රශ්ණය... ඔයාට හොඳටම විශ්වාසයිනේ අමෝරාට මුකුත්ම වෙන් නෑ
257
කියලා.?” මට එපමණයි අහන්න පුළුවන් වුනේ. එයට උත්තර දීමට ප්‍රථම යමක් යානයේ වැදි එය පාලනය කරගත නොහැකිව කැරකි කැරකි ගිනි ගනිමින් බිමට වැටෙනු මා දුටුවේ ය. එම අවසාන අවස්ථාවේ මට මගේ ලෝකයේ හමුවූ අමාරා ත් මේ දැන් මා ආදරය කරන අමෝරාත් මා සමඟ සිනාසෙමින් ලඟට එන අයුරු දුටුවේ ය. මේක මට තවත් මරණාසන්න අත්දැකීමක් වනවා නොඅනුමාණය. ===============
258
259
යම් නුහුරු භාෂාවකින් යමෙකු මා අමතනවාත් මගේ මූණ හරහා වතුර පාරක් වදිනවාත් මට දැනුනේ ය. ඉතාමත් අමාරැවෙන් වතුර බිඳු අතරන් මා ඇස් ඇර බැළුවේ ය. මා ඉදිරියේ විකෘර්ති වී ගිය මූණක් සහිත අඩි හතක් පමණ උස මිනිස් ශරීරයට හුරු සත්‍වයෙක් මා දෙස දෑස් විලිස්සමින් බලා සිටියේ ය. ඔහුගේ අතේ විශාල යගධාවක් ද තිබුණේ ය. මම හිමින් සැරේ ඔළුව ඔසවා වට පිටි බැළුවේ ය. මම සිටියේ යම් කිසි ශාලාවක් තුල කණුවකට ගැටගසාය. මම හිටියේ බිම ඉඳගෙන වූ අතර මා අවටම මගේ සගයන් සහ zසාරෝකාර් ගැට ගසා සිටියේ ය. මා ඉදිරියේ සිටින්නේ නොත්‍රෝස් නම් ජිවී විශේෂයක් බවත් ඔවුන්ගේ වෑයම කාල අවකාශය ඔවුන්ට අවශ්‍ය ලෙස පාලන බලය අතට ගැනීම බවත් මා පසුව තේරුම් ගත්තේ ඔවුන්ගේ හැසීරීම සහ ක්‍රියාකලාප තුලින් වේ.
මා ලඟ තිබූ පළිඟුව ඔවුන් අරගෙන ඇති බව මට දැනුනේ ය. එ් වගේම ඔවුන් කාල දොරටුව විවෘත කිරීමට උත්සහ කර ඔවුන්ගේ කීප දෙනෙක් මරාගෙන ඇති බවද ඔවුන්ගේ හැසිරීමෙන් මට තේරුම් ගියේ ය. “කියපං කවුද තොපේ දොරටුව අරින්න යන්නේ.... උඹ ද?” මගේ ඉදිරිපිට සිටි විකුර්තිකයා ඇසුවේය. අප සිටින්නේ තවත් එවැනිම ආරාමයක් බැවින් මෙහිදීද අපට ඕනෑම භාෂාවක් තේරුම් ගැනීමේ හැකියාව තිබුණේ ය. “මොන දොරක්ද ?” මම ඇසුවේ ය. ඒසමඟම මම කන හරහා යන සැර පහරකින් නැවතත් සිහිනැතිවී ගියේ ය. ඉන්පසු මට සිහිය එනවිට මා සිටියේ මා සිටියේ zසාරෝකාර් සමඟ හිරකූඩුවක් තුල විය. මා ලඟට පැමිණී zසාරෝකාර්, “රෝ... ඔයා අමෝරාව බේරාගන්න ඕන. ඇයට තමා කාල අවකාශය යතා තත්‍වයට ගන්න පුළුවන්. ” “කෝ ... දැන් අමාරා... ??” “එයාව අරන් ගියා... ඔයා දැන්ම යන්න ඕන ඔයාගේ අයුධ එලියේ ඇති. දැන්ම යන්න.”
260
ඒත් සමඟම කුපිත වූ මා... “මමයි යකෝ දොරටුව අරින එකා... මාව ගෙනියපං..” කියා ගිරිය යටින් කූඩුවේන් එපිට සිටින අයකෙුට ඇසේන ලෙස කෑ ගැසුවේ ය. ඒත් සමඟම කලබල වූ එකෙක් පැමිණ දොරේ අගුල අරිනවාත් සමඟම මම ඌව විසිවෙලා යන්න පයින් ගැසුවේ ය. එක පාරට එලියට පැනපු මා එලියේ තිබුණු මගේ අයුධ වෙත දිව ගියේ ය. එත් සමඟ ක්‍ෂණිකයෙන් ක්‍රියාත්මක වූ මගෙන් පහර කා වැටුන නොත්‍රාස් ජිවියා අයුුධය අතට ගෙන මා වෙත පනින්න උත්සහ කරනවාත් සමඟම zසාරෝකාර් වේගයෙන් උගේ පිටුපසට පැන බණ්ඩක්කා කරලක් සේ බෙල්ල කඩා දැමුවේ ය. දෙදෙනාම එක හා සමාන උස නිසා එය ඔහුට පහසු වුවත්, ඔහු එතරම්ම ශක්තිමත් යැයි මම කිසිවිටෙකත් සිතුවේ නැත. මම ඉතාම වේගයෙන් අමෝරා සහ පිරිස සොයා දිව ගියේ ය. ඔවුන් සිටියේ දොරටුව අසලම විය. මා එතනට ලං වන විටත් අමාරාගේ යාළුවෙක් ව ඔවුන් විසින් මරා දමා අවසන් ව තිබුණේ ය. ඇය අමෝරා සමඟ ලඟින්ම සිටි ප්‍රියකරු පෙනුමකින් යුත් අයෙක් වුවාය. දොරටුව විවෘත කිරීම සඳහා ඊලඟට අමෝරා සුදානම් කර ඇති බව මා ඈත තියාම දුටුවේ ය.
261
ඇය තව කෙනෙක් මිය යෑමට පෙර ඉදිරිපත් වී ඇති බව මම පසුව තේරුම් ගත්තෙමි. “ඕක නවත්තපං දැන්ම.....,” යැයි කෑ ගසමින් අතට දිග පිහි දෙකකුත් ගෙන මම සටන ට අවතීර්ණ විය. මට සටන් කිරීමට සිදු වූයේ මට වඩා උස සහ ඇඟපත විශාල ජීවින් පිරිසක් බව කිව යතු වේ. වේගයෙන් මා වෙත පැමිණි කෙනා ගේ දෙපා ලඟට රූට ගොස් මුලින්ම උගේ බත් කෙන්ඩ සහ කකුල් දෙක යටින් ගෙස් කළව පිටුපස කපා දැම්මේ ය. එමඟින් බිම දණ ගැස්සුන පසු පිටුපසින් හිස ගසා දැම්මේය. ඒත සමඟ තව කීප දෙනෙක්ම මා වෙත පැමිණියේ ය. ඔවුන්ගේ උස සහ ශරීර ප්‍රමාණය නිසා ඔවුන්ගේ පහර දීමක් මට වැදුනොත් දරා ගැනීමට නොහැකි වන බව මා හොඳාකරාව දැන සිටියේ ය. එම නිසා මම හැමවිටම වේගයෙන් ඔවුන්ගේ දෙපා මුලට රූටා ගොස් නාඩි දණ්ඩ, බත් කේන්ඩ, දණහිස් පිටුපස වැනි ස්ථාන කපා දැම්මේ ය. එමඟින් බිම පතිත වෙනවාත් සමඟ හිසගසා දැමීම මාගේ යුධ උපාය විය. පැමිණ කීප දෙනෙකුම මම එලෙස මරා දැමූ අතර එක් වර පැමිණ එකෙකුගේ කකුලට පනිනවාත් සමඟ ගැසූ පා පහරින් මා විසි වී ගියේ ය. එමඟින් මා හොඳටම අඩපණ විය.
262
එය මට දරාගැනීමට අපහසු පහරක් විය. මා වැටි සිටි තැනට කඩුව කරකවමින් පැමිණ, ඌ එක වරම කඩුව ඔසවා මා මරා දැමීමට සුදානම් වූයේ ය. නමුත් ඒ සමඟ කොහෙන්දෝ පැමිණි කඩුපහර කීපයක් කකුලට වැදි ඌ පහතට වැටෙනවාත් සමඟම තව කඩුපහරකින් ඌගේ හිස ගැලවී විසී වී ගියේ ය. රුධිරය විසිවෙන් ශරීරය මා වෙත කඩා වැටුණේ ය. ඒ සිදු වුනේ කුමක්දැයි මට එම අවස්ථාවේ නොවැටහුණේ මාව එම මළ සිරුරට යට වූ බැවිනි. මළ සිරුර පැත්තකට විසි කර ඇස් පිහදා බැළු දෙයින් මා පුදුම විය. මෙවර සටන් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි අමෝරායි. තනි කඩුවක් අත දරාගෙන ඇය සටන් කරන අයුරු ඉතාම විශ්මය ජනක වුවේ ය. තමා ලඟට පැමිණෙන සමහර ජීවින් ට විසිවෙලා යන්න පයින් ගසන ඇය විටෙක තම කකුලේ පස්පෝරු තලයෙන් සතුරාගේ දණහිස නැමෙන්න පහර දී දණ ගස්සා තම අත ඇති කඩුවෙන් හිස දෙබෑ වෙන්න පහර දෙයි. ඇය කෙතරම් වේගවත් වුවාද යැයි කියනවනම්, තමා වෙත සෘජව ආ ජීවියෙකු වෙත ඉතාම වේගයෙන් ගොස් උඩ පැන අත් දෙකෙන්ම කඩුව පහලට අල්ලා ඔසවා පපුව දෙබෑ-
263
වී යන අයුරින් පහර දුන්නේ ය. ඇය තනියම සිටි සියළු දෙනාම මරා දැමූ අතර අවසානයේ ඉතිරි වි සිටියේ ඔවුන්ගේ නායකයා පමණ යි. ඌ උගේ අත ඇති විශාල යගදාවක් මෙන් ඇති ආයුධය ගෙන ඇය වෙත පැමිනියේ ය. “උඹලා නොදියුනු ජාතියක් කියලා හිතලා අපි කරගත්තේ මෝඩ කමක්. අපිට ඕන වුනේ උඹලා කපලා කොටලා මරලා සතුටුවෙලාම ගේට්ටුව ඇර ගන්න. කමක් නෑ මම කොහොමත් මේකීව මරලා තමා නතර වෙන්නේ.” යැයි කෑ ගසමින් ඌ පැමිණියේ ය. ඌගේ පහර අමෝරා ඇයගේ කඩුවෙන් වළැක්වුද එ් පහරේ ජවයට ඇය විසි වී වැටුනේ ය. ඒ අතරේ මම නැවත නැගිට්ටේ ය. මගේ දකුණු උර ඇටය පැන ඇති බව එවිට මට වැටහී ගියේ ය. වමතින් දිග පිහියක් අතට ගත් මා සටන සඳහා අවතිර්ණ වුයේ ය. “අඩෝ......හිවලා, තොට ලැජ්ජ නැද්ද ගෑණුන්ට ගහන්න....” මම කෑ ගැසුවේ ය. ඒත් සමඟ ඌ මා දෙස හැරි බැළුවේ ය. “නියමයි.... උඹව මම මෙකි ඉස්සරහම මරලා ඊට පස්සේ මම තොපි ඔක්කොම මරණවා.”
264
“එව්වා හඳේ... වරෙන් ඩෝ... ” “රෝකිම්..... මේ අහන්න, ඌ වමත් හුරු එකෙ ක්. ගහන්න දීලා ඇතුලට ගිහින් ඉළ කූඩුවේ අඩියෙන් ඇතුලටම...” අමෝරා මට කෑ ගසා පැවසුවේ ඉතාම හොඳ සටන් උපායකි. ඇය කී ලෙසම මම මගේ කඩුව පහලට සිටින සේ අල්ලා සිටියේ ය. හෙල්ලෙන්නෙවත් නැතුව උගේ යගදාපාර මාගේ ඔළුවටම එනතුරු මම ඉවසීමෙන් සිටියේ ය. පහර දෙනවාත් සමඟම ක්‍රියාත්මක වූ මම ඌගේ මැණික් කටුව කපාගෙන අත යටින් උගේ ලඟටම ගියේ ය. එසේ ලං වූ විගසම මම උගේ දණහිස කපා දැම්මේ ය. ඒත් සමඟම කකුල් දෙකේම පිටුපස මාංශපේෂි කපා දමා වම් පැත්තෙන් කිහිල්ලට අඩියක් පමණ පහලින් උගේ අවසාන ඉල ඇටය අසලින් මගේ කඩුව උගේ හදවතටම බැස්සුවේ ය. එමඟින් ඒ තර්ජනයත් අවසන් විය. ඉන් පසු මගේ උර හිස නැවත හරිගස්සාගෙන ගැටගසා සිටි අපගේ අනිත් අය මුදා ගත්තේ ය. සියළු දෙනාම ඉතාම වික්‍ෂිප්තව අමෝරා දෙස බලාසිටියේ ය. “කොහෙන්ද හත්තිලව්වේ එහෙම සටන් කරන්න ඉගෙන ගත්තේ.” ජර්මානුවා ඇසුවේ ය.
265
එයට පිලිතුරු නොදී වැටි මිය ගොස් සිටි ඇයගේ යාළුවා දෙසට ලං වී අඬන්න පටන් ගත්තේ ය. මා ඇයට ලං වී. “අපි ආව වඩේ ඉවරයක් කරමු. එතකොට මේ හැමදේම නැවත යථාතත්‍වයට පත් වේවී.” යැයි පැවසුවේ ය. ඉන් පසු ඇය නැගිට “කෝ දැන් ඔයාගේ පළිඟුව?” ඇය ඇසුවේ ය. “ආ මෙන්න... මම ඒක අරන් අවා.” එතන පැමිණි zසාරෝකාර් පැවසුවේ ය. “ඔයා මේක ගිහින් හයි කරන්න අතන, මම යන්නම් උමග ඇතුලට. හයිකරපු ගමන් ඔයා එතනින් අයින් වෙන්න.” ලැබුන උපදෙස් පරිදි මම පලිඟුවද රැගෙන එය හයි කළ යුතු ස්තානය වෙත පැමිණියේ ය. මේ වන විටත් පහල ලීවර මඟින් කාල අවකාශය නවතා තිබූ අතර අප සිටි ආරාමයට එය බලපෑවේ නැත. මම ඉක්මණින එහි සවිකර තිබූ කාල අවකාශ පළිඟුව ඉවත් කර එතනින් අපසූ දිව ගියේ ය. “දැන් හරී.. ඉක්මණින් ලණු දෙක ඇදලා ආලෝක කඳම්බය මෙහෙට හරවන්න. ” මම දුවන ගමන් කෑ ගැසුවේ ය.
266
ඇය එත් සමඟ ඇගේ ශක්තිමත් අත් දෙකෙන් එය අදින්න උත්සාහකරන අයුරු දුටුවේ ය. ඒත් සමගම මට මතක් වුනේ ඇයට මින් පසු කුමක් වෙයිද කියා ය. මම නැවතත් කෑ ගසා එය නැවැත්තු වේ ය. ඉන් පසු මම zසාරෝකාර් වෙත ලං වී “කියනවා මට, මම කොහොමද විස්වාස කරන්නේ මෙකෙන් අම්හාරට අනතුරක් වෙන්නෑ කියලා.” මම ඇසුවේ ය “මෙ අහනන් රෝකීම්.... ඔයා ඒක දැනගත යුතු නෑ.” “නෑ මට දැන ගන්නම ඕන. එයාට අනතුරක් වෙනවනම් මම මෙක කරන්න දෙනනෑ.” “නෑ එයාට අනතුරක් වෙන්නෑ....” “කොහොමද මම ඒක විස්වාස කරන්නේ.” “මාව විස්වාස කරන්න.” “එහෙම මට විස්සාස කරන්න බෑ. එයාට මොනා හරි වුනොත් ජිවීත කාළේ ම මට ඉන්න වෙන්නෙ දුක් වෙවී. ඒ හින්දා මම මේක කරන්න දෙනනෑ.”
267
“මේ අහනවා රොකීම්..... ඔයාගේ අමෝරා ඔයාගේ පුතාව කුසේ දරාගෙන ඉන්නේ. එයා නිකම්ම ගැහැනියක් නෙවෙයි...එයා දැන් අම්මා කෙනෙක්. ” “එහෙනම් මම කොහොමද මිනිහෝ මේක කරන්න දෙන්නේ.” ඒ දේ අහපු ගමන් මට තවත් කේන්ති ගියෙ ය. “නෑ මම මේක කොහොමත් දැන් කරන්න දෙන් නෑ.” “මේ අහනවා රෝකීම්... අපිට වැඩි වෙලාවක් නෑ ඉක්මණිනම කාල අවකාශය හරි ගැස්සුවෙ නැත්නම්, උඹේ අමෝරා විතරක් නෙවෙයි, උඹේ ලෝකේ ඉන්න අමාරාත් විනාශ වෙනවා. උඹේ දරුවා නිසා ඇයට කිසිම දෙයක් වෙන්නේ නෑ. වෙන දෙයක් වෙන්නේ උඹට... . කෙල්ලේ උඹට නැවත උඹේ යාළුවා දකින්න ඕන්නම් දැන්ම ඕක හරවපං.” ඒ පාර ඔහු කේන්තියෙන් කෑ ගැසුවේ ය. ඔහුගේ උපදෙස් අසා අමාරා ලණු දෙක දෙපසට ඇදිමට සුදානම් වූයේ ය. “දැන් හැමෝම ඈත් වෙන්න. ආලෝකයට අපිව පිළිස්සෙන්නත් පුළුවන්.”
268
මම අවසාන වරට ඇයගේ ඇස් දෙක දෙස බැළුවේ ය. ඇය ඉතාමත් ජවසම්පන්න සුන්දර කාන්තාවක් වුවාය. මොකක් දෝ හේතුවක් නිසා මේ මම ඇය දකින අන්තිම අවස්තාව දැයි මට සැක හිතුණේ ය. ඒ ගැන කල්පණා කිරිමටත් ප්‍රථම ඇය එම ලණු දෙක ඇද ආලෝක කඳම්බය පළිඟුව දෙසට යොමු කළේ ය. ================
269
270
කොපමණ වේලාවක් මම සිහි නැතුව සිටියාද, යන්න පිළිබඳ ව කිසිදු හැඟිමක් නැති නමුත් මම හිටියේ තණ පඳුරු ගොඩක් මතු පිට බව මට වැටහී ගියේ ය. මගේ හිස යම්තාක් දුරට කකියන බව සහ අත් පා වේදනා දෙන බවත් මට ඉක්මණින්ම තේරුම් ගියේ ය. මම සිටියේ තණ පඳුරක් මත වැතිර බව සහ තවමත් මම සිටින්නේ පෙර සිටි මිටියාවතේම බව මට වැටහුණේ ය. නමුත් මම මේ සමාන්තර විශ්වයට පැමිණි පළමු දිනයේ ඇඳ සිටි ඇඳුම් මා අද ඇඳ සිටියේ ය. යම්තාක් දුරට හිසේ තිබු බර ගිතිය අඩුවන තුරු මා එළසම තණ පඳුර මතට වී සිටියේ ය. ඉන් පසු අමාරුවෙන් නැගිට ගත් මා අහස දෙස මද වෙලාවක් බලා සිටියේ ය. “ඕ...... අන්තිමේ මට මේ ලෝකයෙම ඉන්න වුනා.” යැයි හූල්ලමින් පැවසුවේ ය.
මට අමෝරා සොයා ගැනීමට අවශ්‍ය විය. වාසනාවකට මා සිටියේ ඉහල මිටියාවතේ හෝ පෙර සිටි ආරාමයේ නොවේ. මා සිටියේ මා සිටි ගම්මාණයේම අසලක වූ මූකලමක් අස්සේය. මුලින්ම මා මගේ ලෝකය වන පෘථිවිය සිට වැටුණේ ද මෙතනට විය යුතු බව මට සිතුණේ ය. පසෙකින් විශාල ගල් බැම්ම දැක මම ඒ දෙසට හෙමින් සීරුවේ අඩිය තබමින් ඉදිරියට ගියේ ය. වැඩි දුරක් නොයාම මට ගම්මානය අසලට යා ගත හැකී විය. අතුරඳන්ව සිටි සියළු දෙනා නැවත පැමිණ සිටින බව මා දැක්කෙ ඈත තබාමය. ඉදිරියට හෙමින් සැරේ ඇදෙමින් යන විට, මගේ ඉදිරියට ගමේ සිටි කාන්තාවක් මුණ ගැසුණේ යි. නමුත් ඇය මා ගැන තැකීමක් නොකල අතර ඉදිරියටම ගියේ ය. මා ඇයගේ නම කියා කතා කළද ඇය මා දෙස හැරි බැළුවේ වත් නැත. ගම්මානය මැදට ගොස් එහි සිටින අයට මම කතා කරද කිසිම කෙනෙක් මා සමඟ කතා කරේවත් අඩුම තරමේ මම කියන දේ ඇහුණ බව වත් ඇඟෙවුවේ නැත. මම වහා මුඒ හූරා සොයා ඔහු සිටි කුඩාරමට ගියේ ය. ඔහු සිටියේ ගමේ වැඩි හිටි අය කීප දෙනෙක් සමඟ ලොකු කතාවක බව පෙණුනේ ය.
271
“මෙතන ඉන්න එකෙක්ටවත් මාව ඇහනෙවද ?” කියා මම කෑ ගැසුවේ ය. නමුත් කිසි කෙනෙකුටවත් ඇහුණ බවක්නම් මට පෙනුනේ නැත. ඒත් සමඟම මට ටොංටෝ ගේ කට හඬ කුඩාරමට පිටින් ඇසුනේ ය. “ටොංටෝ, උඹ ජීවතුන් අතර” යනුවෙන් කෑ ගසාගෙන ඉදිරියට ගියත් ඔහු මා නොදැක්කා සේ මා පසු කර වෙනතක ගියේ ය. කාලය ඉතා වේගයෙන් ගමන් කරන බව මට තේරුනේ මේ වෙලාවේ ය. හිටි හැටියේ ගම්මාණය යම් උත්සවයකට සුදානම් වන අයුරු මට පෙනුනේ ය. “මේ එකම දවස නෙවෙයි... මේ දවස් කීපයකට පසු සිදු වීමක්. කොහොමද එහෙම වුනේ ? මම කාලය අවුල් කරවත් ද?” මම ගැඹුරු කල්පනාවක වැටුනේ ය. ඊටත් වඩා මාත් එක්ක එකට සිටි යාළුවාටවත් මව නොපෙනෙන එක ලොකුම ප්‍රශණයක් විය. සුළු වේලාවකින් මනමාළයා දෝලාවකින් පැමිණියේ ය. ඔහුගේ අතේ ඔහු විසින් දඩයම් කරපු සත්‍වෙයකුගේ හිසක් ඉතාම උජාරුවට තබා -
272
තිබුණේ ය. දඩයම් කිරිමට අපහසු සතෙක් උෘ ඒ සතා විශාල දත් සහිත බළලෙකුට සමාන සතෙක් විය. එවැනි සතේකු දඩයම් කිරීම විවාහයට පෙර පිරිමියෙක් විසින් සිදු කල යුතුම දෙයක් වේ. සුළු වෙලාවකින් මනමාලී තවත් පිරිසක් පිරිවරාගෙන් ඈතින් එනවා මම දුටුවේ ය. ඇය වෙනත් ගෝත්‍රයක කාන්තාවක් විය. ඒත් සමඟම මනමාලයා මා අසලින් ගියේ ය. “හත් දෙයියනේ මේ රැංගෝ නේ.” මම පුදුමයෙනුත් පුදුමයට පත් වුනේමි. රැංගෝ මේ විවාහ කර ගන්නේ කවුද? ඇයව දකින තුරු මා සිටියේ නොවිසිල්ලෙනි. සුළු වේලාවකින් මනමාලියද දෝලාවකින් රැගෙන ආවේය. ඇය ලංවත්ම මා දුටු දෙයින් දරා ගත නොහැකී කම්පාවකට මම පත් වුනෙමි. ඒ වෙන කවුරුත් නොවේ මගේ පෙම්වතිය, මගේ දරුවගේ මව වූ ඇය, අමෝරා ය. ඇය මොන හිතකින් මොහුව කසාද බඳිනවද ? ඇයි මේ හැම කෙනෙක්ටම මාව අමතක, මාව ඇහෙන්නේ නැත්තේ. ඇයි කාටවත්ම මාව ඇහෙන්නේ නැත්තේ? “අමෝරා...... අමෝරා.....” ඇයට යම්තාක් දුරට මගේ කට හඬ ඇසි ගැස්සි වට පිට බැළුවේ ය. -
273
නැත්නම් මම එහෙම බැළුවා යැයි හිතින් මවා ගත්තා විය යුතු ය. මොකද මම දන්නේ මගේ සිහිය මඳ පිස්සෙක් බවට පත් වූ බව පමණකි. “උඹලට මාව මතක නැද්ද බොලවූ...... මම ආවේ වෙන ලෝකයකින්.... තොපිත් එක්ක මම සෑහෙන්න කාලයක් හිටියා. මතක නැද්ද යකුනේ මාව..” මම එහේ මෙහේ දුවමින් කෑ ගසමින් පිස්සෙක් වගේ හැසුරුණේ ය. මම එහි සිටි මගේ මිතුරා වූ ටොංටෝ ලඟට දිව ගියේ ය. ඔහුගේ උරහිසෙන් අල්ලා සොලවමින්, “උඹටවත් මව ඇහෙනවද ? ..... මතක ද මම උඹලා ඔක්කොම අර මහා ගිරිදඹ නැගලා උඹලා ඔක්කොම එක්කං පරිසමෙන් පහලට එක්ක ආවා” නමුත් කිසිම ප්‍රතිචාරයක් ඔහු තුල තිබුනේ නැත. බැරිම තැන එදා මම නැග්ග මේ මහා ගිරිදඹ නැගලා පෙන්වනවාමයි සිතා එම කන්ද දෙසටම මම ගියේ ය. පසුපස හැරි බැළු මම දුටුවේ සියලු දෙනා මා දෙස බලා සිටින අයුරුයි. අමෝරා සිටියේ රැංගෝ සමඟ ඔහුගේ අතින් අල්ලාගෙන ය. නමුත් මෙම අවස්ථාව පෙර කී විවාහ උත්සව අවස්ථාව නොවූ අතර මෙය විවාහයෙන් පසු අවස්ථාවක් බව මට හොඳින්ම පෙනුනේ ඇය ගැබ් ගත් කාන්තාවක් බවට පත්ව සිටි නිසා වේ.
274
කොහොම නමුත් මට ඉහලටම නැගීමට අත්‍යාවශ්‍යම වුවේ ය. එම නිසා මම ඉහලට නැගිමට පටන් ගත්තේ ය. හිතේ තිබූ කේනිතිය දුක වැඩි කමට මම ඉහලට නැග්ගේ ය. බොහෝ දුරක් ඉහලට නැග මම පහල බැළු අවස්ථාවේ දීම මගේ කකුල ලිස්සා පහලට ඇඳ වැටුනේ ය. පහලට වැටෙන අවස්ථාවේ මම දුටුවේ අමෝරා මාගේ මළ සිරුර පුළුස්සන අයුරු සහ ඇය හඬමින් සිටන බවත් ය. තවත් පහලට වැටෙන විට ආන්‍යා මා දෙස බලා සිටිනු දුටුවේ ය. “මේ අවසානය නෙවෙයී මේඝ..... මේ තමා ආරම්භය.” ඇය මා හට පැවසුවේ ය. ඒත් සමඟ මා ඉහළ අහස දුටු අතර අහසේ හී ඉතා ඉහලින් ගුවන් යානයක් යනවා මම දුටුවෙමි. අවසානයේ මට මතක මම පොළවේ වදින හඬ සහ එම වේදනාව පමණි. මේ සියල්ල පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් කල නොහැකි අතර, මෙය තාරකා භෞතික විද්‍යාවට අනුව කාල විස්තාරණය විය හැක. නමුත් එය පැහැදිලි කිරීමට තරම් දැනුමක් මා සතු නොවේ. මා මුලින්ම දුටු අමාරා ත්, පසුව මා සමඟ ආදරෙන් බැඳුනු අමෝරාත් දෙදෙනාම
275
එක වගේ වෙන්නත්. කෙනෙකු මට අකමැති වෙන්නත් අනෙකා මට කැමති වෙන්නත් හේතුව යානාදි කරුණු වලට උත්තර මා ලඟ නැත. මම දන්නේ එක දෙයයි. මේ සියල්ල එක්කෝ හීනයක් එහෙම නැත්නම් මට ඇත්තටම පිස්සු. එක්කෝ මම මැරෙන්න පන අදිනවා වෙන්නත් පුළුවන්. ඒ පිච්චුවේ මාව. ================
276
278
“අඩෝ ..... නැගිටපං..... යොහානිත් ඇවිත් ඉන්නේ උඹව බලන්න.” ඒ වගීෂ ගේ කට හඬත් සමඟ හෙමින් සිරුවේ මම ඇස් ඇරියෙමි. මම සිටියේ ඉස්පිරිතාලේක ඇඳක් මතය. ඒ අවිස්සාවේල්ල මහා රෝහල බව මම මොහොතකින් අවබෝධ කරගත්තේ ය. “වගී..... මොකෝ බං මට වුනේ.” මම ඇසුවේ ය. “හා .... හා..... ඇති ඇති පොඩ්ඩක් විවේක ගන්න දෙන්න” යොහානි ටිකක් සැරෙන් පැවසුවේ ය. “මං කොහොද මෙතනට ආවේ...” මම ඇසුවේ ය. “ඊට කලින් කියපං උඹ කොහොමද අතුරඳන් වුනේ කියලා.” වගීෂ ඇසුවේ ය.
“ඒක ටිකක් ලොකු කතාවක් බං. ඊට කලින් කියපං මම කොහොමද මෙහෙට අවේ කියලා.” “යොහාන් තමා බං මටත් කිව්වේ.... උඹ එකපාරට අතුරඳන් වෙලා හිටියා සතියක් විතර, අපි හෙව්වා හැමතැනම. මම නම් හිතුවෙම උඹව මොකෙක් හරි උස්සලා කියලා.” “මොනවා....සතියයි....! මම එහේ මාස ගාණක් හිටියනේ.” මම එකපාර පුදුම වූ නමුත් ක්‍ෂණයකින් එයට හේතුව වෙන්න ඇත්තේ අර වැටුනු පාර ඔළුව වැදි වෙනත් ලොක්යක සිටිනවා ලෙස දැකපු මනෝරූප නිසා විය හැකි යැයි නිගමණය කළේය. “තොට දෝදුද බං...” වගීෂ ඇසුවේය. “හරි.... ඒ මගුල් වැඩක නෑ... කියපං බලන්න මම මෙතනට අවේ කොහොමද කියලා.” මම ඇසුවේ ය. “පොලිසියෙන් තමා ඔයාව හොයාගෙන තියෙන්නේ. ඔයා අමු හෙළුවෙන් වැටිලා ඉඳලා තියෙනවා සීතාවක පාක් එකේ.” යොහානි පැවසුවේ ය. “කවද්ද?” “ඊයේ හවස.”
279
“මම ගෙදරින් ගියේ ආර නාකිච්චි කිව්ව ඇල්ල හොයාගෙන නේ... මම මේ ඔය කියන සීතාවක පාක් අස්සේ රිංගන්න ගියේ නෑ.” මම දෙදෙනාටම පැවසුවේ ය. “ඒ මගුල් වැඩක් නෑ. අපි ගෙදර ගිහින් ඒ ගැන කාතා කරමු. ගෙදර අය එනවා ඔයාව ටිකට කපලා ගෙනියන්න.” යොහානි පැවසුවේ ය. “යමංකෝ මට උඹලට කියන්න ලොකු විස්තරයක් තියෙනවා. ඒක උඹලා ජිවිතේට විස්වාස කරන එකක් නෑ. මේ හැමදේම මචං පටන් ගත්තේ අර අමාරා කෙල්ල දැකපු දවසේ ඉඳලා. උඹලා දෙන්නට ඒ සීන් එක මතකයිනේ.” ඉතිං කොහොම හරි මගේ ටිකටුත් කපාගෙන අපි ගෙදරටම ආවෙමු. අම්මා තාත්තා අහන ප්‍රශ්ණ වලටනම් මට උත්තර තිබුණේම නෑ. මට කිසි දෙයක් මතක නෑ’ කියලා මම පුළුවන් තරම් ශේප් මම වෙලා සිටියෙමි. නමුත් මම සිදු වූ සියළුදේම යොහානිටත් වගීෂටත් අකුරක් නෑර පැවසුවෙමි. ඒක අහලා යොහානි බර කල්පනාවකට වැටුණු අතර මේඝ ඇස උඩ දමා මා දෙස බලා සිට, -
280
“උඹට මෙහෙ එක නැති වුනත්... එහෙ එක හරි සෙට් වුනානේ” අවසානයේ පැවසුවේ ය. “ආ... මේක අල්ලගන්න.” කියමින් එක පාරටම යොහානි මගේ කාමරයේ තිබු ටෙනිස් බෝලයකින් දමලා ගැසුවේ ය. ඒත් එක්කම මටවත් හිතාගන්න බැරි වේගයකින් මගේ අත් ක්‍රියාත්මක වී එම බෝලය අල්ලා ගත්තේ ය. “ඒ කියන්නේ මේ ඔක්කොම ඇත්ත....” යොහානිට කියවුනේ ය. “ඒ....උඹ කොහොමද ඒක අල්ල ගත්තේ. උඹට අතට දෙන බෝලේ අල්ල ගන්න බැරි එකා.” මේඝ ඇසුවේය. “තොපි මගුලක් කතා කරනවා. මේකි එව්ව බෝලේ වැදුනනම් මම මැරෙණවා. මම කිව්ව ඔක්කොම ඇත්ත. බොරුනම් Scharnhorst කියන නැව ගැන හොයලා බලන්න.” මම එහෙම කියනවාත් සමඟම යොහානි මගේ පරිඝණකය අසල වාඩි වී එය හොයන්න පටන් ගත්තේ ය.
281
“හරි.... හොයාගත්තා.... මේ නැව අතුරුඳන් වෙලා තියෙන්නේ 1943 දෙසැම්බර් 26. ඒක බැට්ල්ශිප් එකක්. බ්‍රිතාන්‍යන් විසින් මේක ගිල්ලුවා කියලා තමා තියෙන්නේ.” “නෑ.. එ්ක බොරැවක්. ඕක අතුරුඳන්වනා විතරයි. ගිල්ලුවේ නෑ. අනික ඒක බැට්ල්ශිප් එකක් නෙවෙයි. ඒක හෙවි කෘසර් (Heavy Cruiser ) එකක්. ඒ මගුල් නෙවෙයි...ඔයා කොහොමද මගේ computer එකේ පාස්වර්ඩ් එක දන්නේ.” මම පුදුමයෙන් ඇසුවෙමි. “ඒ වුනාට මේකේ තියනෙ විදියට 2000 අවුරුද්දෙ දි ඒකේ නටඹුන් මුහුදෙන් හොයාගෙන. අනික මම උඹලා දෙන්නගෙම පාස්වර්ඩ් දන්නවා.” ඇය හීන් හිනාවක් පාමිණ් අපට පැවසුවේය. අපි තුන්දෙනා බොහෝ වෙලාවක් එලෙස කතා කර කර සිටියෙමු. අප හිනාවෙන වා දැක මගේ පියා ද කාමරයට ඔළුව දමා සතුටින් ආපහුහු ගියේ ය. මගේ අතුරඳන් වීම මත ඔහු ඉඳ ඇත්තේ දැඩි පීඩනයක සහ දුකකින් බව මට ඔහුගේ මූණෙන් තේරුම් ගියේ ය. දැන් මම නැවතත් මගේ සුපුරුදු ජිවිතයට හැඩ ගැසෙන්න සුදානම් විය යුතු වෙමි. සියලල අමතක කර
282
අධ්‍යපණයට මුල් තැන දිය යුතු බවට මා තීරණය කළෙමි. “යොහානි.... මේඝ.... දැන් ඇති බං මේ ගැන කතා කරා. තවත් මේ නානියා ස්ටෝරි එක දිගට ගෙනියන්න මම කැමති නෑ. දැන් දිගටම මම මගේ පරණ සුපුරුදු ජිවිතේම විතරයි. ආයිත් මේ දේවල් වල අගක් මුලක් හොයන් යන්න අවශ්‍ය නෑ. අනික මම හිතනවා මම පරණ මේඝ නෙවෙයි කියලා.” මම පැවසුවෙමි. නානියා යනු ඉතා ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයක් බව මම ඔබට කිව යුතු වෙමි. “සුපිරී.. කොල්ලා ....., මම උඹව විස්වාස කරනවා.” එලෙස පැවසුවේ යොහානි වේ. ----------
283
මේ වෙච්ච හැමදෙයක්ම අමතක කරලා දාලා අළුත් ජිවිතයක් සඳහා මම උදේම නැගිට මූණ සෝදගෙන තුවායක් ඇඳගෙන, ඉතාම ප්‍රසංන විලාශයෙන් කුස්සියට ගියේ අම්මා හදන තේ එක බීම සඳහා ය. නමුත් එක් වරම තාත්තා කවදාවත් නොසිතු ප්‍රශ්ණයක් මගෙන් ඇසුවේ ය. “මේඝ.... සම්පූර්ණ ඇඟම වෙනස් වෙලානේ... මොනාද කරේ පහුගිය ටිකේ?” එවිට මම මගේ ඔළුව නවා මගේ බඩත් පපුවත් අත් දෙකත් දිහා බැළුවේ ය. ඇත්තටම අංගෝරා හි ලැබුණ පුහුණුව නිසා ලැබුණ ශක්තිමත් සහ වේගවත් ශරීරය මට එලෙසම පිහිටා තිබුණේ ය. “ආ.... පහුගිය ටිකේම මම ඩිප්ස් ගැහුවා හැමදාම උදේට. වගීෂ යා මට පල් එක දැම්මා ඇඟ නිකම් ලඳ වගේ කියලා.” මම එලෙස පවසා එතනින්ම එම කතාව අවසන් කළෙමි. ඉන්පසු මට වට පිටාවේ පොඩ්ඩක් ඇවිදලා ටවුම පැත්තේ එහෙම ගිහින් එන්න සිතා එළියට බැස්සේ ය. ඊට පෙර වගීෂට කෝල් කර මම ටවුමට එන්න -
284
කිව්වේ ය. මම ඉතා ඉක්මණින්ම ටවුමට ආ අතර වගීෂ තවම මග එන බව මට දැනුම් දුන්නේ ය. ඔහු අද ටවුමට එන්නේ බස් එකේ බැවින් මම දැරණියගල බස් නැවතුම වෙත ගියෙ මි. එහි බොහෝ වේලාවක් සිටින්න සිදු වේදැයි සැකයකුත් මගේ හිතට ආවේ, සාමාන්‍යෙන් වගීෂ නිතරම පරක්කු වෙලා පැමිණෙන කෙනෙක් නිසා ය. එතනදි ටවුමට ඇවිත් හිටපු යොහානිව, නැවත ගෙදර යාම සඳහා බස් එකක් එනතුරු සිටිනවා මම දුටුවේ ය. ඇය දුර තියා මා දැක මූණ පුම්බගෙන සිටියේ ය. “ඔයා අද ටවුම් එනවා කියලා මට කිව්වේ නෑනේ.” යොහානි ටිකක් අප්සෙට් මූඩ් එකෙන් මගෙන් ඇසුවේ ය. “එන්න නෙවෙයි හිටියේ... ගේ අස්සෙම ඉන්නත් බෑනේ. ඔක්කොම අමතක වෙන්නත් එක්ක කියලා තමා මේ පොඩ්ඩක් ටවුමට ආවේ.” මම යාන්තම් ඇයව ශේප් කරගන්න ඔනෑවට එලෙස පැවසුවෙමි. නමුත් එම උත්තරයෙන් ඇය සෑහීමකට පත් වූ බවක පෙනෙන්නට නොතිබූණේ ය.
285
“හරි කමක් නෑ, දැන් ඔයාට අර කෙල්ලව එහෙම මතක් වෙන්නැද්ද?” “කොයි කෙල්ලද?” “අමාරා සහ අමෝරා එහෙම.” “මට නම් මතක් වෙනවා අමෝරව. ඒ වෙලාවට හිතට එන්නේ මාර දුකක්. මේ හැමදේම හීනයක් කියලා හිතල මම හිත හදාගන්නවා බං.” “මට උඹව තේරෙනවා කොල්ලෝ.... අන්න බස් එකක් නම් ආවා. මේක කීයට යයිද දන්නෑ ?” එදින බස් අඩුවක් පැවතුන බැවින් එන බස් එකමයි අපහු හරවලා යන්න තිබුණේ. ඒ ආපු බස් එක අප ඉදිරියේ නැවැත්තු වේය. එයින් වගීෂ බැස අප දෙදෙනා දෙසට ආවේ ය. “ආ .... උඹලා මට හොරෙන් කොහේ හරි යන්න නේද හදන්නේ ?” යොහානි ටිකක් සැරෙන් අපෙන් අසුවේ ය.
286
“නෑ බං... මේ මේඝ මට එන්න කිව්වා ඌට හිත හදාගන්න එක්ක ඇවිදින්න යමු කියලා.” “හරි උඹලා අද කොහෙද යන්නේ... මාත් එනවා.” යොහානි පැවසුවේ ය. “දැන් 10.30 නේ.... අපි සීතාවක පාක් යමු. මට ඒක බලන්න ඕන.” මම අමාරැවෙන් දෙදෙනාව කැමති කරවගෙන අවිස්සාවෙල්ල බලා යන බස් එකට ඉක්මණින්ම නැග්ගෙමි. එක එක විකාර කියවමින් අපි අවිස්සාවේල්ල බලා ආවෙමු. එතනින් අපි ත්‍රීවීලර් එකක් ගෙන සීතාවක පාක් එක වෙත ගියෙමු. මා වැටි සිටියා යැයි කියන තැන යොහානි මට පෙන්නූවේ ය. මම වැටි සිටියේ අමුම අමු හෙළුවෙන් බව කියමින් යොහානි මට විහිළු ද කළේය. මේ අතර, ඉදිරියෙන් අප දන්නා කියන දෙදෙනෙකු අප සිටින පැත්තට එනවා මා දුටුවෙමි. එ වෙන කවුරුත් නෙවෙයි. අමාරා සහ ඇගේ නැට්ට වගේ මිතුරිය අනුෂිය. “අමාරා නංගි... කොහෙද මේ නැට්ටත් එක්ක යන්නේ?” මම කෑ ගසා ඇසුවේ ය. ඒ පාර වගීෂත් යොහානිත් ඒ දෙස බැළුවේ ය.
287
“උඹට නම් මේ ආත්මෙදී මේකිගෙන් ගැලවීමක් නෑ වගේ... යන යන තැන මේකිත් ඉන්නවානේ.” වගීෂයා පැවසුවේ ය. මම ‘නැට්ට’ ලෙස අනූෂිව ආමණත්‍රණය කල නිසා ඉතාම කෝපයට පත් අනුෂි අමාරාව ඇදගෙන මා වෙත එනු මම දැක්කේ ය. ඇය පැමිණියේ මොනවාදෝ කියවමින් මට බැන බැන ය. ලඟටම පැමිණි පසු ඇය රවාගෙන මා දෙස බලා සිටියේ ය. මේ වගේ අවස්ථා වලට ඉස්සර මම කුළැටි වූ අතර අද මම එලෙස නොවි ඇගේ මූණ දෙස බලා සිටියේ ය. එලෙස අනූෂි දෙස බලාගෙනම මම අමාරාට කතා කරේය. “ඉතිම් නංඟි... කොහොමද ජිවිතේ? නිවාඩු ඉවර වෙන්නත් ලඟයි නේද?”. “ඔවු අයියේ.... ලබන සතියේ මම ගෙදර යනවා. අයියට මොකද වුනේ...?” “ඒක පට්ට දිග කතාවක්. මම ඒ ගැන සයි-ෆයි නව කතාවකින්ම එළිදක්වන්නම් කෝ.”
288
“උඹට නම් මේ ආත්මෙදී මේකිගෙන් ගැලවීමක් නෑ වගේ... යන යන තැන මේකිත් ඉන්නවානේ.” වගීෂයා පැවසුවේ ය. මම ‘නැට්ට’ ලෙස අනූෂිව ආමණත්‍රණය කල නිසා ඉතාම කෝපයට පත් අනුෂි අමාරාව ඇදගෙන මා වෙත එනු මම දැක්කේ ය. ඇය පැමිණියේ මොනවාදෝ කියවමින් මට බැන බැන ය. ලඟටම පැමිණි පසු ඇය රවාගෙන මා දෙස බලා සිටියේ ය. මේ වගේ අවස්ථා වලට ඉස්සර මම කුළැටි වූ අතර අද මම එලෙස නොවි ඇගේ මූණ දෙස බලා සිටියේ ය. එලෙස අනූෂි දෙස බලාගෙනම මම අමාරාට කතා කරේය. “ඉතිම් නංඟි... කොහොමද ජිවිතේ? නිවාඩු ඉවර වෙන්නත් ලඟයි නේද?”. “ඔවු අයියේ.... ලබන සතියේ මම ගෙදර යනවා. අයියට මොකද වුනේ...?” “ඒක පට්ට දිග කතාවක්. මම ඒ ගැන සයි-ෆයි නව කතාවකින්ම එළිදක්වන්නම් කෝ.”
288
“උඹට නම් මේ ආත්මෙදී මේකිගෙන් ගැලවීමක් නෑ වගේ... යන යන තැන මේකිත් ඉන්නවානේ.” වගීෂයා පැවසුවේ ය. මම ‘නැට්ට’ ලෙස අනූෂිව ආමණත්‍රණය කල නිසා ඉතාම කෝපයට පත් අනුෂි අමාරාව ඇදගෙන මා වෙත එනු මම දැක්කේ ය. ඇය පැමිණියේ මොනවාදෝ කියවමින් මට බැන බැන ය. ලඟටම පැමිණි පසු ඇය රවාගෙන මා දෙස බලා සිටියේ ය. මේ වගේ අවස්ථා වලට ඉස්සර මම කුළැටි වූ අතර අද මම එලෙස නොවි ඇගේ මූණ දෙස බලා සිටියේ ය. එලෙස අනූෂි දෙස බලාගෙනම මම අමාරාට කතා කරේය. “ඉතිම් නංඟි... කොහොමද ජිවිතේ? නිවාඩු ඉවර වෙන්නත් ලඟයි නේද?”. “ඔවු අයියේ.... ලබන සතියේ මම ගෙදර යනවා. අයියට මොකද වුනේ...?” “ඒක පට්ට දිග කතාවක්. මම ඒ ගැන සයි-ෆයි නව කතාවකින්ම එළිදක්වන්නම් කෝ.”
288
“ආයිත් එහෙම වැටෙන්න යන්න එපා කෙල්ලෝ ඉස්සරා.” ඇය ඇස් කොණින් බලා මට පල් එකටත් එක්ක පැවසුවේ ය. මේ සිදු වීම අතර තුරේ යම් කිසි චණඩි පිරිසක් අපට එහා පැත්තේ සිටි කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි කරදර කරනු දුටුවේ ය. මම අමාරා කියපු දේට උත්තර දෙනවා වෙනුවට අර චණ්ඩි තුන්දෙනා අමතා.... “තුන් දෙනෙක් එක්ක එක කොල්ලෙක්ට එකාගේ කෙල්ල ඉස්සරහා අඩම් තේට්ටම් කරන එක හරි නෑ නේද අයියා....? ” “ඇයි මල්ලි උඹට මොකක් ද වෙන්න ඕන.” “වෙන්න නම් ඕන ඉතිම් ඔය අහිංසකයට යන්න අරින එක.”ය “යන්න අරින්න නේ... හිටපං මම අරින හැටි පෙන්වන්න.”කියමින් එකෙක් මා වෙතට වේගයෙන් අවේ ය. එවිට ඔහුට පහර දීම සඳහා වගීෂයා ඉස්සර වුනත්. යොහානි ඔහුව අතින් අල්ලා නතර කරනු මම දුටුවෙමි.
289
ලඟටම පැමිණි එම මැරයා, “ඇයි උඹට උඹේ වැඩක් බලාගන්න බැරිද?” යැයි පවසමින් අත දිග හැර මගේ කම්මුල වෙත පහරක් එල්ල කළේ ය. එම පහර මා වෙත පතිත වීමට පෙර, මම එදා මුල් වතාවට රැංගෝට පහර දුන් ආකාරයටම මගේ දකුණු පාදය අංශ 45 කට පිටතින් තබා උකුල හරවමින් ඔහුගේ නිකට හරහා යන්න මගේ දකුණු මිටෙන් පහර දුන්නේ ය. එම පහර කෑ එම චණ්ඩියා එතනම සිහිසුන්ව වැටුනේ ය. “අඩෝ... අන්න අරු අපේ එකාට ගැහුවා.” යැයි කෑ ගසමින් අනිත් එකාවද කැටුව මා වෙත පහර දීම සඳහා ආවේ ය. නමුත් ඔවුන් මා වෙත ලංවීමට ප්‍රථම මම ඔවුන් වෙත ලංවී ඉදිරියෙන් ම ආ කෙනාගේ උදරයට මගේ වම් පාදයෙන් විසි වී යන පහරක් ගැසූවේ ය. ඉන් පසු අනේකාගේ පහර වළකාලමින් මම ඔහුව මගේ අත් දෙකෙන් ඉහලට ඔසවා පොළවේ ගැසුවේ ය. එය මම අංගෝරාවෙදී පුහුණු වූ ක්‍රමයක් විය. කෙසේ හෝ මගෙන් ගුටි කෑ චණ්ඩි “හරි අපි පස්සේ බලා ගමු!” යැයි පවසමින් සිහිසුන් එකාවද නැගිටවා ගෙන එතනින් පිටත් විය.
290
ලඟටම පැමිණි එම මැරයා, “ඇයි උඹට උඹේ වැඩක් බලාගන්න බැරිද?” යැයි පවසමින් අත දිග හැර මගේ කම්මුල වෙත පහරක් එල්ල කළේ ය. එම පහර මා වෙත පතිත වීමට පෙර, මම එදා මුල් වතාවට රැංගෝට පහර දුන් ආකාරයටම මගේ දකුණු පාදය අංශ 45 කට පිටතින් තබා උකුල හරවමින් ඔහුගේ නිකට හරහා යන්න මගේ දකුණු මිටෙන් පහර දුන්නේ ය. එම පහර කෑ එම චණ්ඩියා එතනම සිහිසුන්ව වැටුනේ ය. “අඩෝ... අන්න අරු අපේ එකාට ගැහුවා.” යැයි කෑ ගසමින් අනිත් එකාවද කැටුව මා වෙත පහර දීම සඳහා ආවේ ය. නමුත් ඔවුන් මා වෙත ලංවීමට ප්‍රථම මම ඔවුන් වෙත ලංවී ඉදිරියෙන් ම ආ කෙනාගේ උදරයට මගේ වම් පාදයෙන් විසි වී යන පහරක් ගැසූවේ ය. ඉන් පසු අනේකාගේ පහර වළකාලමින් මම ඔහුව මගේ අත් දෙකෙන් ඉහලට ඔසවා පොළවේ ගැසුවේ ය. එය මම අංගෝරාවෙදී පුහුණු වූ ක්‍රමයක් විය. කෙසේ හෝ මගෙන් ගුටි කෑ චණ්ඩි “හරි අපි පස්සේ බලා ගමු!” යැයි පවසමින් සිහිසුන් එකාවද නැගිටවා ගෙන එතනින් පිටත් විය.
290
“අඩෝ....උඹ මාරයිනේ...” වගීෂ යා පැවසුවේ ය. මේ අතර අමාරා මා දෙස අමුතු විදියට බලා සිටිනවා මම හොරැහින් දුටුවේ ය. “දැන් මෙතන වැඩි වෙලා ඉන්න එක හරි නෑ. අපි මෙතනින් යමු.” යොහානි කීවේ ය. “අයියේ අර පොත ලිවුවොත්, මටත් ඕන කියවන්න.” යැයි පවසමින් අමාරා ත් එතනින් පිටව ගියේ ය. “මාඝ .. දැන් උඹ උඹේ පොත ලියපං... ඊලඟ පොත ලියන්නේ මම. ඒක උඹේ කතාවට වඩා ගොඩක් වෙනස් එකක් වේවී.” යැයි ගුප්ත ස්වරයකින් සහ ගුප්ත සිනාවක් මුහුණේ පාමින් යොහානි මට පැවසුවේ ය. මාඝ..? යනු ආන්‍යා මුල් වරට මා ආමාන්ත්‍රණය කෙරු නමයි. මම සුලු මොහොතකට ගල් වුනා කීවොත් නිවැරදි. නිමි.
291